රාවණා
Ravana Article List
Saturday, April 11, 2020
නාකි වරු
අද මං කතා කරන්න යන දේ ටිකක් අමුතු දෙයක්. ඒ තමා නාකි වරු ගැන.කව්ද මේ නාකි, ගොඩක් අය කියයි වයසක අයටනෙ නාකි කියන්නෙ කියල. නෑ. ඒත් වයසක අයට නාකි කියන්න හේතුවක් තියෙනව. නාකි වෙනව කියන්නෙ එක්තරා මානසික උසස් වීමක්, ඒ තනතුර ලබා ගන්න සියලු දෙනා වයසයි. ඒ නිසා වයසක අයට නාකි කියනවා.
මොකක්ද නාකි කියන මානසික උසස් භාවය. රාවණ ගෲප් එකේ ඉන්න කවුරුත් කුණ්ඩලිණීය ගැන නොදන්නව වෙන්න බෑනෙ. කුණ්ඩලිණී චක්‍ර 7යි. මේ චක්‍ර 7ම අවදි කිරීම නාකි වීමයි. මේ චක්‍ර වලට අමතරව විශ්වය දක්වා විහිදුනු චක්‍ර තියෙනව. ඒවත් අවදි කරපු ඍෂි වරු අධිනාකි කියල හදුන්වනව. අපි හැමෝම දන්න පුලස්ථි ඍෂි, විශ්‍රව මුණි නාකිවරු.ඒ වගේම රාවණ කියන්නෙ මං කලින් කියපු අධිනාකි තනතුරක් ඉතාම ළාබල වයසකින් ලබා ගත් කෙනෙක්. ඒ පෙර පිං බලය හා සංසාර පුරුද්ද මත ලබා ගත් දෙයක්. නාකි කියන ඒ තනතුර ඉතා අසීරුවෙන් කල් අරන් තමා ලබා ගන්න පුලුවන්. ඉතින් ආදි ඍෂිවරු නාකි භාවයට පත් වෙන විට වයසයි, අපි දන්නව එදා මිනිස්සුන්ට වර්ථමානයට වඩා ආයුෂ තිබ්බ බව. ඉතින් සාමාන්‍ය ජනතාව ඒ අයට නාකි වරු කීම වර්ථමානය දක්වා කටින් කට වයසක උදවියට කියන්න අරන්.
නාකි වීම කියන්නෙ බුදු වීමට පෙර ලබා තිබිය යුතුම දෙයක්. ඒත් අපි කොහෙවත් අහල තියේද සිදුහත් කුමාරයා කුණ්ඩලිණී වැඩූ බවක්, නෑනෙ. ඒත් බෝසථාණන් වහන්සේ පෙර ආත්ම වලදී කුණ්ඩලිණී වැඩුව. ඒ මොකද? හිතන්න බුදුන් ආයු සංස්කාරය අතහැරියෙ අවුරුදු 80න්, කුණ්ඩලිණී වඩන්න ගොඩ කාලයක් යනව කියල කලින් මං කිව්ව. එහෙනම් බුදු වෙන ආත්ම භවයේ කුණ්ඩලිණී වඩන්න හිටිය නම් බුදුවෙන්න ලැබෙන්නෙ නෑ. අපි අහල තියෙනව සිදුහත් කුමාරයා ඉපදුන හැටියෙ නෙලුම් මල් 7ක් උඩ පියමැන්න කියල. මං ඒකෙ සත්‍ය අසත්‍ය දන්නෙ නෑ. ඒත් ඒ සත් පියුමන් මත පිය නැගීමෙන් අර්ථ දැක්වෙන්නෙ එතුම උපතින්ම කුණ්ඩලිණී ශක්තිය රැගෙන ආ බවයි. ඔන්න ඔහොමයි අපි අද නිතරම වයසක අය හඳුන්වන නාකි කියන නම හැදුනෙ. අදින් පස්සෙ නාකි කියන නමේ තේරුම දන්න අය නාකි කියන නම වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ කියල හිතනව. නොදන්න අයටත් ඒ ගැන කියා දෙන්න.
Subscribe to:
Posts (Atom)