Friday, April 10, 2020

රාමාගෙ හී පහරට කලින්...

හොඳයි, මං අද කියන්න යන්නෙ මං කියවපු කතාවක්. මේ කතාවේ ඇත්ත නැත්ත ඔබට සිතෙන ආකාරයට සිතාගත හැක.(මොකද සමහරු රාවණ නැවත නැගිටින බව විශ්වාස කරනවා. තවත් සමහරු නැගිටින්නෙ නැහැ කියලා දැඩිව විශ්වාස කරනවා. මං මධ්‍යස්ථව ඉන්න කෙනෙක්. ඔබට කැමති නම් මේ කතාව විශ්වාස කරන්න. අකමැති නම් විශ්වාස නොකරන්න. නැත්තං මං වගේ මධ්‍යස්ථව ඉන්න.) කොහොම වුණත් මං කැමති රාවණයන් නැගිටිනකන් නොසිට තමාට කරන්න තියෙන කාර්‍යය අදම ඉටු කරනවට. මොකද කොහොම වුණත් ඉස්සරහට එන්නෙ රාවණ යුගයක්. එහි රාවණයන් සිටින්නත් නොසිටින්නටත් හැකියාවක් තියෙනවා. එම නිසා බුද්ධියෙන් සිතා වැඩ කරන්න. වැළලී ගිය තාක්ෂණය නැවත සොයා ගන්න කියන එකයි මගේ අවවාදය...


හරි, මේ කතාව මං නෙමේ කියන්නෙ. ඒක කියන්නෙ සුසන්ත සත්‍යා යෝගීතුමා...(කවුද කියලා බලන්න ඕනේ නම් අන්තර්ජාලයේ සොයා බලන්න.) මේ කතාව කියලා තිබ්බේ මව්බිම පත්තරේ, ටිකක් තේරෙනවා අඩුයි. ඒ නිසා මං මේක තේරෙන සිංහලෙන් කියන්නම්...


ඔබ දන්නවා නීලකුම්බීලා දේව මාතාව ගැන. ඔව් ඔව් යුද්ධයට යන්න කලින් මේඝනාධ 'අග්නිහෝම' යාගය පැවැත්වුයේ මෙම දේවතාවියටයි. නීලකුම්බීලා දේව මාතාව කියන්නෙ භද්‍ර කාලී මැණියන් හටයි. ඒ වගේම ඔබ දන්නවා මේ ගෙවෙන්නෙ භද්‍ර කල්පය... යෝගීතුමා පවසන ආකාරයට භද්‍ර කල්පයේ දැන් මේ ගෙවන කාලයේ නැවත විශාල පිබිදීමක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ?



නීලකුම්බීලා දේව මාතාවගේ බලය ලබාගන්න පාර්ශව දෙකක් මේ වෙද්දි තරඟ වදිනවා. ඒ හෙළ පාර්ශවය සහ රාමා සීතා පාර්ශවයයි. ඔව් අපේ අසල්වැසි මිතුරු ඉන්දියාව(මෝධි ලංකාවට ඇවිත් රාවණ බලය ගන්නෙ අහවල් කෙංගෙඩියකට කියලද හිතන්නෙ?). ඒ අතරේ අපේ උන්? උන්ට රාවණ කියන්නෙ බොරුවක්. ඇත්තටම දුකයි.



හරි අපි කතාවට යමුකෝ. නිසි වෙලාව ආවාම දේවමාතාවට මංගල්‍යයක් පැවැත්විය යුතුයි. ඒ කතාව මං ටිකක් පැත්තකින් තියන්නම්. ඊට වඩා වැදගත් කතාවක් කියන්න ඕනේ. (මංගල්‍යය ගැන මතකේ තබා ගන්න.)


මෙහෙමයි, රාවණයන් මේ වෙලේ ඉන්නෙ නිද්‍රා යෝගයට සම වැදිලා. මේ නිද්‍රා යෝගය කියන්නෙ ඉතා ගැඹුරු යෝගයක්. මේක කොටස් දෙකකින් යුක්තයි. ඒ කය සහ ආත්මය වශයෙන්. මේකෙදි වෙන්නෙ කයෙන් ආත්මය ඉවත්වී යාම. එතකොට කොටස් දෙකක් තියෙනවා. ඒ ප්‍රාණය නිරුද්ධ කය සහ ප්‍රාණය සහිත ආත්මයයි. මෙන්න මේ විදියට තමා කායිකව අමරණීයත්වයට පත්වුණේ. සහ ආධ්‍යාත්මිකව අමරණීයත්වයට පත්වුණේ. එතකොට ඇයි රාවණයන් මේ යෝගයට සම වැදුණේ?
රාමාගේ හී පහරින් රාවණයන් සිහිනැතිවෙන බව රාවණයන් කල්තියා තම ආධ්‍යාත්මික බලයෙන් දැන සිටියා. මේ සඳහා රාවණයන් කල් තියාම උපායක් යෙදුවා. මොකද ඒ වෙන්න තිබ්බ දේ නවත්තන්න බැරි දෙයක්. ඒක නියමයක්. ඒ වගේම යෙදූ උපාය රාමා විශ්වාස කරන එකක් වෙන්න ඕනේ, ඒ කියන්නෙ රාවණ යෝගයකට සම වැදුණා කියලා රාමා දැනගන්න බෑ. ඒකට සුදුසුම උපාය වුණේ නිද්‍රා යෝගයයි. මේක රාවණයන් තනියම කළේ නෑ. ඒකට ශිව දෙවියන්ගේ සහ නීලකුම්බීලා දේව මාතාවගේ ආශිර්වාදය සහ කැමැත්ත හිමි වුණා. ඒ වගේම ශිව සහ නීලකුම්බීලා දේව මාතාවගේ පොරොන්දුවකුත් සමඟයි...



අවධානය යොමු කළ යුතු වන්නේ භද්‍ර කල්පයේ මෙම කාලය තුළදී දේව මාතාව යළි බලවත් වූයේ ඇයිද කියන එකටයි. එහෙම වෙන්නෙ යුගාන්තර බලවත්වීම මත. ඒ කියන්නෙ නිද්‍රා යෝගයට පත්වූ මහා රාවණ රජුව නැවත බලගැන්වීමේ කාර්‍යයයි. ඔව් යක් රැජිණිය නැවත බලවත් වෙනවා රාවණයන් අවධි කිරීමට සහ පොරොන්දුව ඉටු කිරීමට. මං කිව්වා අර මංගල්‍යය ගැන මතක තියාගන්න කියලා. මෙතනදි තමා ඒක අවශ්‍ය වෙන්නෙ. ඔබ දන්නවා හන්තාන කඳු වැටිය. මට(unknown) තේරුණ විදියට මේ හන්තාන කඳු වැටියට තමා නීලකුම්බීලා දේව මාතාවගේ බලය මධ්‍යගත වෙන්නෙ. ඒ නිසා එම ස්ථානයේ නීලකුම්බීලා දේව ප්‍රතිමාවක් නෙළා එය එතන තාවකාලිකව තැන්පත් කළ යුතුයි. එසේම අනාගතයේ එතන දේවාලයක් ඉදිවිය යුතුයි. හන්තාන කඳු වැටිය තුළ මෙම දේව ප්‍රතිමාව තාවකාලිකව තැන්පත් කර නීලකුම්බීලා දේව මාතාවට නේත්‍රා මංගල්‍යය පැවැත්විය යුතුයි. මෙයට රාවණ විශ්වාස කරන්නන් පැමිණිය යුතුයි. සිව්හෙළයම එතනට එකමුතුව රැස් විය යුතුයි. යෝගී තුමන්ට අනුව රාවණයන්ගේ නැවත පැමිණීම එහෙමත් නැත්තං නැවත ඉපදීම සිද්ධ වෙන්නේ මෙසේයි...






No comments:

Post a Comment