Friday, April 10, 2020
1818 නිදහස් අරගලය සහ රාවණ පිළිමය
1818 නිදහස් අරගලයේ මූලිකත්වය ගෙන කටයුතු කල අය අතරින් කිවුලේගෙදර මොහොට්ටාල තුමා ප්‍රමුඛස්ථානයක් උසුලන පුද්ගලයෙකි..කිවුලේගෙදර මොහොට්ටාල තුමා රාවණා යුගය දැඩිව ඇදහූ සහ මහා රාවණයන් වන්දනාමාන කල එක් ප්‍රධාන පුද්ගලක් විය..
නියම රණකාමිකයෙකුට අදාල එඩිතරත්වය මෙන්ම වාග් ශෛලියත් එතුමා හට නියමාකාරව පිහිටා තිබුණි..ඊටත් අමතරව එතුමා සතුව මේ සියලුම දේටත් වඩා ඉතා ප්‍රබල රහසක් පැවතුණි.එනම් සදා අපරාජිත මහා රාවණයන්ගේ මහා බලසම්පන්න ප්‍රතිමාව සහ දේවාලය පිළිබදව සියළු රහස් දැන සිටියේ කිවුලේ ගෙදර මොහොට්ටාල තුමා විසිනි..
1818 සටන සිංහලයින්ගේ ජය වෙනුවෙන් හැරවීමේ ප්‍රධාන භාර දූර කටයුත්ත තම උර මත ගෙන කටයුතු කලේ කිවුලේගෙදර මොහොට්ටාල විසිනි..සටන්වලට යාමට ප්‍රථම මෙතුමා මෙම බලගතු රාවණ පිළිමය සහ දේවාලය පිදීම සිරිතක් කරගෙන සිටියා..අදටත් මොනරාගල දිස්ත්‍රික්කයේ එක් රහසිගත ස්ථානයක මෙම ස්ථානය දැක ගත හැකියි.
ඒ අනුව සුද්දන් විසින් කිවුලේ ගෙදර මොහෙට්ටාල පුදපූජා පවත්වන ස්ථානයේ ඔත්තු බැලීමට වෙනම සේනාවක් යොදවන ලදි..ඔවුන් කිවුලේගෙදර මොහොට්ටාල තුමා පුදපූජා පවත්වන ස්ථානය රහසිගතව විමසා සුද්දන් හට ඔත්තු සැපයීම කරනු ලැබීය..
ඒ අවසරයෙන් සුද්දන් විසින් රහසිගත සේනා යොදවා රහසිගත දේවාලයත් රාවණ පිළිමයත් පැහැරගැනීම උදෙසා නියෝගයක් දෙන ලදි..පසුව එතුමන් දේවාල භූමියට පැමිණෙන විට සැඟවී සිට අල්ලා ගැනීමයි සුද්දන්ගෙ සැලසුම වී තිබුනේ..නමුත් කිසිවෙකුටවත් කිවුලේගෙදර මොහොට්ටාල සිරභාරයට ගැනීමට නොහැකි විය..
කිවුලේගෙදර මොහොට්ටාල තුමන් එතුමන්ගේ සටන් උපක්‍රම භාවිතයෙන් සුද්දන් හට හසු නොවී දිවි ගලවා ගන්නා ලදි..නමුදු ඔවුන් රාවණ දේවාලයේ තිබූ රාවණ ප්‍රතිමාව ඒ අවසරයෙන් පැහැරගැනීම සිදුකලේය....අදටද අපට උරුම මෙම රාවණ ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු ඔබට දැකගත හැකි වේ..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment