Saturday, April 11, 2020
ස්වස්ථිකය
ස්වස්ථිකය හුදෙක් එක් සලකුණක්ම පමණක් නොවේ. එය යම්කිසි දර්ශනයක් පිළිඹිබු කරන සංකේතයක්. මෙය සාදා තියෙන්නෙ මන්දාකිණියක හැඩයට.(අන්තර්ජාලයෙන් මන්දාකිණියක රූපයක් අරන් ඒක උඩින් ස්වස්ථිකයක් තමා බලන්න) එය මීට වසර 10000කට පමණ පෙර සිටම භාවිතා වන්නක්. එය එක් අරමුණකට පමණක් භාවිතා වන්නක් නොවේ. නීරෝගීකම, විශ්ව ශක්තිය ලබා ගැනීම ආදී විවිධ වූ දේ අඩංගු අතර ඊටවඩා දෙයක් ස්වස්ථිකය තුළ අඩංගු වේ. එහි බලය අසීමිත එකකි. මං කිව්වා ඒකෙන් දර්ශනයක් පෙන්නුම් කරනවා කියලා. මොකක්ද ඒ දර්ශනය? එකක් නෙමේ දෙකක් තියෙනවා. පළවෙනි එක බුදුන්වහන්සේ කියා දුන් ලෝකෝත්තර දර්ශනය. දෙවෙනි එක රාවණයන් පෙන්නා දුන් ලෞකික දර්ශනය.
ඒත් කොහොමද එක සලකුණකින් දර්ශන දෙකක් සංකේතවත් කරන්නෙ? සංකේතත් දෙකක් තියෙනවා. එක් ස්වස්ථිකයක් වාමාවර්තව භ්‍රමණය වෙනවා. එයින් ලෝකෝත්තර දර්ශනය හෙවත් සසර ගමන අවසන් කිරීම ගැන සඳහන් වෙනවා. මෙම වාමාවර්තව භ්‍රමණය වූ ස්වස්ථිකය මහායාන බුදුපිළිමවල අතේ හෝ පපු ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. එතකොට දක්ෂිණාවර්තව භ්‍රමණය වූ ස්වස්ථිකයෙන් ලෞකික දර්ශනය හෙවත් සසර ගමන දිගු කරන එම ගමනට අවශ්‍ය තාක්ෂණය ලබා දීම සංකේතවත් වෙනවා.
මේක නිකරුණේ පැළදීම වැරැද්දක්. දඩුවම් ලැබිය හැකි වරදක්. කවුද දඩුවම් දෙන්නෙ? විශ්වය! විහිලුවක් කියලා හිතෙනවද? නෑ නෑ... හොදම උදාහරණයක් තමා ඇඩොල්ෆ් හිට්ලර්... ඔහු රාවණ තාක්ෂණය සොරකන් කර ස්වස්ථිකයද වැරදි අයුරෙන් භාවිතා කළා. ස්වස්ථිකය පිටුපස සිට ඔහු කලේ නිකරුණේ ලේ වැගිරීම් පමණයි. එයට දඩුවම ඔහුට විශ්වය මගින්ම ලබා දුන්නා. ඔබ ස්වස්ථිකයක් පැලඳ ඉන්නවනම් හරිහමන් විස්තරයක් නොදැන, දැම්ම ඒක ගලවලා දාන්න... ප්‍රථමයෙන්ම එය පැළදීමට ඔබ සුදුස්සෙක් විය යුතුයි. නිර්මාංශී විය යුතුයි. පන්සිල් රැකිය යුතුයි. ස්වස්ථිකය ජීවම් කර සිද්ධි කළ යුතුයි නිසි ආකාරයට... ප්‍රධානම දේ දර්ශනය විශ්වාස කළ යුතුයි. ඔබ මේ සියල්ල සිදු කරන ස්වස්ථිකයක් පැළඳ සිටින අයෙක් නම් විශ්වයේ ආශිර්වාදය ඔබ සමඟයි. රාවණ අප්පච්චිගේ ආශිර්වාදය ඔබ සමඟයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment