Saturday, April 11, 2020
අනුරාධපුර රන්මසු උයන
රන්මසු උයන යන්නෙහි අරුත වන්නේ මිල කල නොහැකි ඉතා වටිනාකමින් යුත් උයන යන්නයි.මෙම ජල පොකුණ භාවිතා කරන ලද්දෙ වෙසමුණි මහ රජතුමා විසිණි.මෙම පොකුණේ නෙළා ඇති ඇත් පන්තිය අයත් වනුයේ ප්‍රාග් ඓතිහාසික යුගයටයේ ඉදිකිරීමක් ලෙසට වන අතර පරිසරයට කිසිදු හානියක් සිදු නොකොට පරිසර හිතකාමී අයුරින් ජලය මෙම ඇතුන්ගේ ශරීරය තුලින් ගලාගෙන යන ආකාරයට මෙම ඇත් පන්තිය නෙලා තිබේ.මෙහි දක්නට ලැබෙන සියුම් රේඛා සියල්ලම පාහේ අතීතයේ ජලය ගලා ඒමේ ක්‍රමවේදයක් ලෙසට භාවිතා කර තිබේ..
පසුකාලීනව ප්‍රතිසංස්කරණය කිරීමේදී මෙහි මුල් සැලැස්ම සම්පූර්ණයෙන් වෙනස් කර ඉදිකර තිබේ..එනම් වර්තමානයේ ඇත් පන්ති තුලින් ගලා එන ජලය පොකුණට යාම අවහිර වනසේ ඉදිකර තිබේ..මෙම පොකුණට ඉහලින් දක්නට ලැබෙන කුටිය භාවිතා කර තිබෙන්නේ සම්භාහන ක්‍රියාවලියක් සදහාය.එනම් බෙහෙත් ඖෂධ ඇඟ ගල්වා ගැනීම සඳහා විවේකී සුවයෙන් නීරෝගී කයක් ලබාගැනීම උදෙසා මෙම කුටිය භාවිතා කර තිබේ..මෙහි ඇති අනෙක් සුවිශේෂි කරුණ නම් මෙහි සියලු ඉදිකිරීම් කිරිගරුඬ පාෂාණය මූලික කරගනිමින් සිදුකර තිබීමයි..පොකුණේ තිබෙන ජලය හා ඖෂධ වට්ටෝරු මිශ්‍ර කර මෙම පොකුණ භාවිතයට ගෙන තිබේ..මෙම ඖෂධ වල ශක්තිය ශරීරය තුලට ලබාගැනීම සඳහා මෙම කිරිගරුඩ පාෂාණ ඉතාමත් ප්‍රයොජනවත් වී තිබේ..එනම් සූර්ය ශක්තිය කිරිගරුඬ පාෂාන තුලට ඇද ගැනීමේ ඇති හැකියාවයි.
මෙම රන්මසු උයනේ පළමු යුගය ලෙස ඇත් පන්තිය සහිත පිහිටි ගල සහිත පොකුණද,දෙවන යුගය ලෙස කඩා වැටුණු පොකුණ ප්‍රතිසංස්කරණය කල යක්ෂ ගෝත්‍රයේ සිට දේවානම්පියතිස්ස රජ යුගය දක්වාද,තෙවන යුගය ලෙස ගඩොල් භාවිතා කර නැවත මෙම පොකුණ වෙනස් කිරීම් කල යුගය දක්වාද වේ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment