Saturday, April 11, 2020

මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්




මහා රාවණයන්ට හිටියා පුත් කුමරෙකුයි, එක දූ කුමරියකුයි. දූ කුමරිය තමා කවුරුත් දන්න සොහේළි නොහොත් සීතා. පුත් කුමරු තමා ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාධ. ලංකාවේ ගොඩක් කට්ටිය කියනවා ධර්මාශෝකයන් තමයි දක්ෂතම හා ශ්‍රේෂ්ඨතම රණශූරයා කියලා... නෑ එතෙක් මෙතෙක් ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම රණශූරයා වන්නෙ මේඝනාදයි. නමුත් මේ කාරණයත් හොදින් සිහිතබා ගන්න මහා රාවණයන් යුධපිටියට ගියහොත් තම පුත් මේඝනාදද අසරණ බව.



හොදයි කවුද මේ මේඝනාදයන්? දන්න තොරතුරුවලට වඩා නොදන්න තොරතුරු බොහොයි. මා දන්න තොරතුරු මා කියන්නම්...
මංදෝදරී බිසවට හා රාවණ මහරජුට දාව උපන් රාවණ අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු වන්නෙ මේ මේඝනාධ නොහොත් ඉන්ද්‍රජිත් කුමරුයි. ඉපදුණු මොහොතේ හඩපු ශබ්දය අකුණු හඩ පරයා ගිය බැවින් මොහුට මේඝනාධ ලෙස නම් තැබිණි. දෙව්ලොව අතිදක්ෂ සෙන්පතියකු වු ඉන්ද්‍ර පරාද කර ලංකාවට සිරකරුවෙකු ලෙස ගෙනා බැවින් විශ්මයට පත් මහා බ්‍රහ්ම මේඝනාධයන්ට 'ඉන්ද්‍ර ජය ගත් කුමරු' යන අර්ථය ඇතිව 'ඉන්ද්‍රජිත්' යන නාමය ලබා දුණි.


මේඝනාධ මහා රාවණයන්ට හාත්පසින්ම වෙනස් වූ අයෙකි. යුද්ධයට ඉතා ප්‍රියකල මේඝනාධයන් බ්‍රහ්මන්ධ අස්ත්‍ර, වයිශ්නව අස්ත්‍ර හා පශුපට අස්ත්‍ර යන ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල එකම රණශූරයා ලෙසද තම ගුරු වු ශුක්‍රගෙ හා මහාබ්‍රහ්ම, ශිව හා විශ්ණු යන අයගෙ සියලුම වර්ගයේ දිව්‍යායුධද අත්පත් කරගත් බව කියවේ.



ඉන්ද්‍ර දෙවියන්ව මේඝනාධ විසින් අල්ලාගත් පසු ඔහුව නිදහස් කරගැනීමට පැමිණි මහා බ්‍රහ්මයා විසින් ඔහුට මහා බලවත් ආයුධ ලබා දෙන ලදී. සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව සිටි මේඝනාධයන් වන්දනා මාන කලේ නීලකුම්බල වනයට අධිපති නීලකුම්බීලා දේව මාතාවටයි. (කාලි මාතාව) එක් දවසක් මහා රාවණයන් යුද්ධයක් අවසන් කර මේඝනාධ සොයන විට සිංහහමක් පොරවාගෙන යාච්ඥා කරන මේඝනාධ දුටුවේය. මේ ගැන පවසන විට උශාන මහා ඍෂි පැවසූයේ මේඝනාධයන් මහා බලැති සප්තවිධ යාගය කර ඇති බවයි. (අග්නිෂ්ටොම, අශ්වමේධ, බහු, සුවර්ණක, රාජසුය, ගෝමේය, වෛණාව හා මණේෂ්වර)



මෙම යාගයෙ ප්‍රතිඵල ලෙස මේඝනාධයන්ට,



• අහසින් යන රථයක් - සහස්ග්‍රැති
• අන්දකාරය මවා සටන් ජයගත හැකි ක්‍රම
• නොනිමෙන හී ඇති හියොවුරක්
• පරාජය කල නොහැකි දුන්නක්
• අසීමිත සතුරන් සංඛ්‍යාවක් සතුරන් නැසිය හැකි ආයුධයක් ලැබුණි.



මෙම ක්‍රියා නිසා මේඝනාධයන් රාවණයන්ගෙ උදහසට ලක් වී සිටියේ ය. මෙහි වාසිය ලැබුණේ විභීෂණටයි.කෙසේ වෙතත් හනුමන් ලංකාවට ඇතුල් වූ විට ඔහු අල්ලා ගැනීමට කිසිදු සෙන්පතියෙකුට නොහැකි විය. මේඝනාධ තම 'බුමස්තරය' යවා ඔහු අල්ලා ගත්තේය. ඉන්ද්‍රජිත් මෙම යුද්ධයේදි භාවිතා කල තවත් ආයුධයක් වන්නෙ 'නාගපෂයයි'. මෙය නාග විෂවලින් සාදන ලද්දකි. මෙය වහනය වූ විට අංශභාගය සෑදේ. මෙයින් කිහිප වරක්ම රාම හා ලක්ෂ්මනව අඩපණ කරන ලදී. අදටත් මෙම ආයුධය බෝනියොවල ගෝත්‍රිකයන් භාවිතා කරයි.



මේඝනාධයන්ගේ හමුදාව ඉතාමත් සුවිශේෂී ය. ඉන්ද්‍රව පරාද කිරීමට ඔහු යොදාගත්තේ එම හමුදාවෙන් 5000ක් පමණි. අංගම්හරඹ, පොර සටන්, කඩු සටන්, අශ්වාරෝහනය, පොලු සටන්, ගුප්ත ශාස්ත්‍රය මේ සේනාව සතු විය. එසේම මෙය මහා රාවණ රජුගෙ සේනාවෙ එක් කොටසකි. එසේම ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාධයන් රාම රාවණ සටනට පිවිසියේ තම සහෝදරයින් සහ කුම්භකරණ සෙන්පති මියගිය පසුවයි...
ඔහු රාම ලක්ෂ්මන සමග දවස් තුනක් තනිව සටන් කලේ ය.



පළමු දිනය

පළමු දිනයේ ඉතා වේගයෙන් සටන් කල ඔහු සුශ්වරීගෙ සේනා සමූල ඝාතනය කළේය. ඉන්පසු රාම හා ලක්ෂ්මනට හැංගි නොසිට එළියට එන්න කියා මොවුන්ව නාගපාෂයෙන් බැන්දේය.



දෙවෙනි දිනය



රාම හා ලක්ෂ්මන ජීවත්වන බව දැනගෙන එදිනදී එක් අයෙකු හෝ මරණ බව දිවුරුම් දුණි. මොහු විදුලියක වේගයෙන් ගොස් ලක්ෂ්මනට ඉදිරියෙන් හා පසුපසින් ප්‍රහාර එල්ල කලහ. මෙයට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සුසේනට(රාජ්‍ය වෛද්‍ය) රාවණයන් අණ කරන ලදී. නමුත් ඔහු මෙයට පැකිලුනත් රාමාගෙ වදන් අසා ඔහුව සුව කලේය. (වෛද්‍යවරයාට මිතුරන් නෑ සතුරන් නෑ ) මෙයට අවශ්‍ය බෙහෙත් ඉන්දියාවෙන් ගෙනා බව කීවත් පුලස්ථි ඍෂිවරයාගෙ ඔසු උයනෙන් මෙය ලබා ගන්නට ඇත.



තෙවෙනි දිනය



මේ දෙදෙනා ජීවත් වන බව දැන ගත් මේඝනාධ 'අග්නිහෝම' යාගය පැවැත්වීමට ගියේ ය. මේ බව දැනගත් විභීෂණ තවත් සේනාවක්ද, ලක්ෂ්මනද සමග නිරායුධව තනිව සිටි ඉන්ද්‍රජිත් ලගට ගියේය. මෙම සටනේදි මේඝනාධයන් තම අතවූ පූජා භාණ්ඩවලින් පහර දී ලක්ෂ්මනව සිහිසුන් කලේය. නමුත් ඉන්ද්‍රජිත් ආයුධ ගැනීමට යන විට නැගිටි ලක්ෂ්මන ඔහුගෙ හිස කදෙන් වෙන් කළේය. මෙයින් මහා රාවණයන් දැඩි ලෙස කම්පණයට පත් වී සිහිසුන් වූ බව රාමායණයේ සදහන්‍ ය.ඉන්පසුය යුද්ධය ද නිමා වුණේ...


කුමන කාරණයක් වුවත් තම රාජ්‍ය වෙනුවෙන් නිර්භීතව සටන් කළ දක්ෂතම හා ශ්‍රේෂ්ඨතම රණශූරයා ලෙස ඔහු ඉතිහාසයට එක් වුණි. ඔහුගේ බිරිද වූ සුලෝචනා දේවිය තම පුත්‍රයන් වූ රවිශෛලාෂ හා කේවේසස්ථි අතහැර තම ස්වාමියාගෙ දැවෙන චිතකයට පැන සති පුජාව පවත්වා ඔහු කෙතරම් උතුම්ද යන්න ඔප්පු කළේය.


ඉතිං ඔබම හිතලා බලන්න යුද්ධ නීතීවලට අනුව සටන් කලානම් දිනුම කා අතේද වග, සහ තවම සටන අපි දිනුම් නැත. ඒ ඇයිද යත් අපි තවමත් යටත් ජාතියකි. එසේම කිසිදු එකමුතුභාවයක්ද නැත. අපිට යුද්ධයක් අවසන් කිරීමට තිබේ. එනම් ජාතියක් වශයෙන් එකමුතු වී කාටවත් යටත් නොවී ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය බිහි කිරීමට අප සැමගෙම කර මත ඇත්තේ වගකීමකි. හොදින් සිහි තබා ගන්න අපි තවමත් සිටින්නෙ යුද්ධයෙන් පසුබට වී මිසක් යුද්ධයෙන් පරාජය වී නොවේ .



ලොව යුද්ධයකින් පරාජය කළනොහැකි ජාතින් තුනෙන් එකක් අපි.... හොදින් මතක තියාගන්න ඉවරයි කිව්වට ඉවර නෑ තව තියෙනවා.


No comments:

Post a Comment