Friday, April 10, 2020

ලංකාවෙ ඉපැරණි ධජය(රාවණ ධජය)


මීට ඈත ඉතිහාසයේ අපේ ජාතික ධජයට ඉහලින් ඉර හඳ දෙක සටහන් කර තිබුණා..සිංහයා සිටියේ කකුල් දෙකෙන් සිටගෙනය..ඉස්සරහ දකුණු අතේ අසිපතත්,වම් අතේ පළිහකුත් දරා සිටින ලෙසයි මෙම ධජය නිර්මාණය කර තිබුණේ..


මෙම ජාතික කොඩියේ ⁣අර්ථය නම්,ඉර හඳෙන් සංකේතවත් කර තිබෙනුයේ අපේ ජාතියේ ආරම්භය ගැනයි.එසේත් නොමැතිනම් අපේ ජාතියේ උප්පත්ති කතාව පිළිඹිබු කිරීමයි..මෙහි තේරුම අපි ඉරෙන් හඳෙන් පැවත එන ජාතියක් යන්නයි.අද පවා ගෙයි උළුවස්ස දෙපස ඉර හඳ සංකේතවත් කරන්නේ මේ උප්පත්ති කතාවයි..


සිංහයා පාද දෙකෙන් තැබීමට හේතුව අපේ ජාතිය දෙපයින් හිටගත් ජාතියක් බවට අර්ථ දැක්වීමටයි..දකුණු අතේ අසිපතින් රණකාමීත්වයත්,වම් අතේ පළිහෙන් ජාතියේ සුරක්ෂිත බාවයත් පෙන්නුම් කෙරේ..හෙළයන් සිවු හෙළයන්,සිවු හෙළයන් සී හෙළයන්,සී හෙළයන් සිංහලයන් බවට පත්වි අප අද ජාතියක් වශයෙන් කුලමල,පක්ෂ පාට වලට බෙදී හැම අතින්ම අද අපේ ජාතියේ බෙදීමක් පමණයි දක්නට ලැබෙන්නේ..



1818 නිදහස් අරගලයේදීද රාවණ ධජයට ප්‍රමුඛස්ථානයක හිමි විය..මන්දාරම් පුවතේ 143 වන පිටුවේ මෙසේ සඳහන් වේ "රාවණ කොඩිය රැගෙන හේවා හැට සේනාව හා සිහසුන් කොඩිය රැගෙන දුම්බර සේනාව අනතුරුව වූහ.." සටන්වලට යාමට පෙර මහා රාවණ රජුගේ අවසරය ලබා ගැනීම මේ රටේ හෙළයන් අනාදිමත් කලක සිට සිදුකරන්නකි..

මීළඟ කොටස-1818 නිදහස් අරගලය හා රාවණ
ධජය

No comments:

Post a Comment