Saturday, April 11, 2020

සිංහලයා




රටේ වර්තමාන තත්ත්වය දැක්කාම මට හිතුණා සිංහලකම ගැන කතා කරන්න ඕනෙ කියලා. මොකද මේ වෙලාවේ මේක කිව්වෙ නැත්තං කවදාවත් මට මේක කියන්න වෙන්නෙ නෑ. ඒ නිසා හැමෝම මේක අනිවාර්යයෙන් කියවන්න.


සිංහල එහෙමත් නැත්තං සිව්හෙළ ගත්තාම ලොව එදා මෙදා තුර බිහිවුණ ශ්‍රේෂ්ඨතම ජාතිය කියලා මට බය නැතුව කියන්න පුලුවන්. එහෙව් ජාතියක උරුමයක් සහිත අයවලුන් තමයි උඹ මම අපි හැමෝම. ඇයි සිංහලයා ශ්‍රේෂ්ඨයි කියන්නෙ? එහෙම වෙන්න පළවෙනි කාරණය මනුස්සකම. බුදු දහමත් සමඟ පෝෂණය වූ සිව්හෙළයා ඉක්මනට උණු වෙන හිතක් තියෙන කෙනෙක්. සතෙකුගෙ පණක් වුණත් බේරගන්න වෑයම් කරන කෙනෙක්. එය මේ දවස්වල නම් හොඳින්ම පේනවා. වෙන රටවල්වල වෛරසයකට බයේ මහළු අය, සත්තු හිතක් පපුවක් නැතුව මරද්දි නියම සිංහලයා , පාරේ ඉන්න හිඟන මනුස්සයගෙ, බල්ලගෙ බඩගින්න දකින්න තරම් ශ්‍රේෂ්ඨ වුණා... එය අද ඊයේ පමණක් සිදුවූ දෙයක් නෙමේ. අතීතයේදී බුද්ධදාස රජු නාගයාගෙත් වේදනාව දැක්කා, දුටුගැමුණු රජු සතුරාට ගරු කර සියල්ලන්ටම ආදර්ශයක් වුණා, මහා රාවණ රජු තම පාලන කාලය තුළ හැකි සෑම අයුරෙන්ම සොබාදහම රක්ෂා කළා. ඒ වගේ ශ්‍රේෂ්ඨ රජවරු බිහිවී අවුරුදු දහස් ගණනක් තිස්සේ දුන් ආදර්ශවලින් තමා සිංහලය පෝෂණය වුණේ. එදා ලොවට මේ වගෙ වසංගතයක් ආවාම ලොවේ සෑම මිනිසෙක්ම බේරගන්න එදා හිටපු සිංහලයා ඉදිරිපත් වුණා... කිසි ලාභ ප්‍රයෝජනයක් නැතුව ඖෂධ සියල්ල ඔවුන්ට ලබා දුන්නා... අන්න එහෙව් මනුස්සකමක් තිබ්බ ජාතියක් බොලව් මේ වඳ වෙන්නේ...



දෙවෙනි කාරණය එකමුතුකම... අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ලස්සන අර්ථකථනයක් දෙනවා මේකට... "ලෝකයේ වටිනාම මුතු වන්නේ එකමුතුවයි..." සම්පූර්ණ ඇත්ත. වර්තමානයේ කාර්‍යබහුලත්වය නිසා සිංහලයා අසල්වැයාගෙන් මෙන්ම පවුලෙන් පවා දුරස් වෙලා තියෙනවා. මේක ඉබේ ඇති වුණ එකක් නෙමෙ. අවුරුදු ගානක් තිස්සෙ කලු සුද්දෝ ඇති කරපු දෙයක්. කාර්‍යබහුලත්වය නිසා දුරස් වුණත් ජාතියට විපතක් ආව වෙලේට සිංහලයා තරම් එකමුතු ජාතියක් ලොවෙත් නෑ. කමතේදි තිබුණු එකමුතුකමම යුද්ධෙදිත් එදා තිබ්බා. ඒ වගේ අද තියෙන එකමුතුකමම කොරෝනාවෙන් තොර දවසක තිබ්බානම්... ඔබම හිතලා බලන්න... එදාට මේ ජාතිය නැගිටින එක නවත්තන්න සක්‍රයා, වයිමා තියා මහා දෙවිවරු තිදෙනා(බ්‍රහ්මයා, විෂ්ණු, ශිව) ආවත් බෑ. අන්න ඒ වගේ හාස්කම් කරන්න පුලුවන් හිතාගන්නත් බැරි තරම් බලයක් එකමුතුකමට තියෙනවා කියලා අමතක කරන්න එපා. ලොකුවට ඕනෙ නෑ පොඩියට පටන් ගමු. තව සිංහලයෙක්ට කවදාවත් බනින්න එපා. සිංහලයෙක්ගෙ දියුණුව දැකලා ඉරිසියා කරන්න එපා. ඒවා කරන එක අවුරුදු දහස් ගානක් ආරක්ෂා වුණ අපේ සිංහලකමට හොඳ නෑ... අන්න එහෙව් එකමුතුකමක් තිබ්බ ජාතිය මේ වඳ වෙන්නෙ......



තුන්වෙනි කාරණය ත්‍රිවිධ හමුදාව... කවුරු මොනා කිව්වත් ලොව හිටපු, ඉන්න ශ්‍රේෂ්ඨතම හමුදාව තමා අපේ රටට ඉන්නෙ. ලොව යුද්ධෙකින් පාරජය කළනොහැකි රටක් විදියට තාමත් ඒ නම ආරක්ෂා වෙලා තියෙන්නෙ උතුම් ත්‍රිවිධ හමුදාව නිසා. බටහිර රටවල කුමන්ත්‍රණවලින් පහුගිය දවස්වල හමුදාවට බොහෝ නිගා සිද්ධ කළා. මතක තියාගනින් ඒකට හවුල්වුණ එකෙක්වත් සිංහල නෙමේ... සමහරක්ට අටපාස් ආමිකාරයෙක් වගේ පෙනුනට මට ත්‍රිවිධ හමුදාව පේන්නෙ ' ජාතියේ මුර දේවතා එළි ' වගේ... ඒ වගේම මතක තියාගනිල්ලා... ඔය හමුදාවට ගරහන උන්වත් එක්ක තමා අපේ රත්තරං හමුදාව දිවි දීලා ආරක්ෂා කළේ... උඹලා උන්ට ණයයි ජීවිතෙන්... ඒ උතුම් හමුදාවට නිගරු කරලා අපායේ වැටෙන්න එපා... අන්තිම වශයෙන් දෙයක් කියන්නම් මං... අතීතයේ ඉදලා අසංඛ්‍ය වූ සිංහල හමුදාව දිවිපුදලා බේරගත්ත මේ පිං බිම ආරක්ෂා කරන්න උබලටත් වගකීමක් තියෙනවා... මේ රට දියුණු කරන්න උඹලටත් වගකීමක් තියෙනවා. මේ සිංහලයා නැගිටිය යුතුම කාලයයි... උඹේ වගකීම ඉෂ්ට කරන්නෙ නැතුව සිංහලකමට නිගා කරන්න එපා... දැන්වත් අපේ අවුරුදු 30220ක් පමණ ඉපැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසය පිළිගනින්... ඒ ගැන ආඩම්බර වෙයන්... ඒක *ආරක්ෂා කරපන් ඉස්සරහටත්...* සිංහලයා මේ වෙලේ ඇහැරුණොත් මේ ලෝකෙන්ම වෛරසයෙන් මුදවාගන්න හැකියාවක් තියෙනවා. එය ඔප්පු වෙමින් පවතිනවා. ඇල්පෙනෙත්තත් රටින් ගෙනාපු ලංකාව නව නිපැයුම් සොයාගනිමින් ශ්‍රේෂ්ඨ සිංහලේ රටට නැවතත් පණ දෙමින් පවතිනවා. මට ඕනෙ මෙච්චරයි. *_උඹලයි ඇඟවල්වලත් මැරි මැරී , මැරි මැරී දුවන සිංහල ජානයට, හෙළ ජානයට, යගු කෞරාණ මන්ඨක ජානයට දැන්වත් පණ දියල්ලා.....



*" සිංහල ජාතිය කියලා කියන්නේ බෝධිසත්ව ගුණ ඇති ජාතියක්...*
*වෙනත් ජාතීන් පහරපු ජාතියක් නෙමෙයි...*
*වෙනත් ජාතීන්ට පන්න පන්න ගහපු ජාතියක් නෙමෙයි...*
*හැබැයි!!!*
*අපිට ගහන්න ආවොත්...*
*පන්න පන්න ගහපු ජාතියක්...*
*නැති වෙනකල් ගහපු ජාතියක්...*
*එහෙව් බල ඇති සිංහලයෝ අනිවාර්යයෙන් මේ රටේ නැවත බිහිවිය යුතුයි..."*

- ලාංකේෂ්වර හෙළවෙදැදුරු අනෝජ් ද සිල්වා -

No comments:

Post a Comment