Saturday, April 11, 2020
හෙළ තාක්ෂණය-04 වන කොටස (ආකාශ මාළිගය)
මං මේ ලිපියෙදි නම් තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයක් කියලා දෙන්නෙ නෑ. නමුත්... මං බලාපොරොත්තු වෙනවා මෙච්චරකල් රහසක් වෙලා තිබ්බ සීගිරියේ තාක්ෂණය ඔබට පෙන්වා දෙන්න...ඔබ දැනටමත් දන්නවා ආලකමන්දාව, ආකාශ මාළිගය, ගිරිබලකොටුව වගේ නම් වලින් හඳුන්වන්නේ සීගිරිය කියලා. මේ සීගිරිය නම හැදුන විදිය ගත්තොත්, ඔබ දන්නවා 'සිව' යනු හිරුයි. ගිරිය යනු පර්වතයක්.(වැඩි විස්තර පහළින්) ඒ අනුව අතීතයේ මිනිසුන් සූර්‍යයාට නමස්කාර කිරීමට ගිය ස්ථානය සිවගිරිය ලෙස හැඳින්වුණි. පසු කලෙක මෙම සිවගිරිය සීගිරිය බවට පත් විය. ආකාශ මාළිගය හැඳෙන්නෙ කුවේර සඳහා. ඒ පුලස්ථි ඍෂි තුමාගෙ අණ යටතේ. නමුත් පුලස්ථි ඍෂි තුමා හැරෙන්නට වෙන කවුරුත් දැනන් හිටියේ නෑ මේක *ඇත්තටම* හැදුණේ කුවේරට නෙමේ කියලා. කුවේරට හිමිවුණේ පිටත පිහිටි, එනම් මුදුනේ පිහිටි මහල් 3ක මාළිගය පමණයි. පිටත මාළිගයක් තියෙනවා කියන්නෙ ඇතුළෙනුත් මාළිගයක් තියෙන්න එපායැ! පර්වතයක් ඇතුලේ කොහොමද මාළිගයක් තියෙන්නෙ? සීගිරිය කියන්නෙ පර්වතයක් නෙමේ ඒක ගිරියක්, ඒ කියන්නෙ ගොඩ කාලෙකට කලින් පුපුරලා ගිහින් නිෂ්ක්‍රිය වුණු ස්ථානයක්. ඒ කියන්නෙ ගිරියක් ඇතුලේ කුහරයක් තියෙනවා. මේක දැනගෙන හිටියා පුලස්ථි ඍෂි තුමා. ඔහු මයදානවයන් කැඳවලා කිව්වා බාහිරින් තට්ටු 3ක මාළිගයකුත් අභ්‍යන්තරයෙන් මාළිගයකුත් අවශ්‍ය බව. මයදානවයන් පුදුමයෙන් ඇහුවා පර්වතයක් ඇතුලේ මාළිගයක් හදන්නෙ කොහොමද කියලා... එතකොට තමා පුලස්ථි ඍෂිතුමා මයදානවයන්ට රහස හෙළි කලේ.
පසුව මයදානවයන් ගිරි මාළිගයේ සැලැස්ම විශ්මිත ලෙස සකස් කලා. බාහිර මාළිගය තට්ටු 3කිනුත්, අභ්‍යන්තර මාළිගය තට්ටු 7ක් වන ලෙසත් සකස් කළා. නමුත් මෙහිදී එක ප්‍රශ්නයක් මතුවුණා ඒ තමා කුහරය ඇතුළට ගෙනියන භාණ්ඩ උඩට ප්‍රවාහනය කිරීම. මේක කරන්න විදියක් තිබ්බෙ නෑ මොකද කුහරය ඇතුළට යන්ත්‍ර ගෙනියන්න හැකියාවක් තිබ්බෙ නෑ. ඒ නිසා මයදානවයන් ජන්තුව කැදෙව්වා. ජන්තුට ප්‍රශ්නය කිව්වාම ජන්තු බටදඬු කැලේට දිව ගියා. ගිහින් ධ්‍යාන සුවයෙන් ටික වෙලාවක් හිටියා. ඔන්න ජන්තුට ආවා අදහසක්. ඔහු උණ පඳුරකින් උණ බටයක් අරගෙන පුරුක් ටික පළුඳු කරලා අවශ්‍ය විදියට සකසා ගත්තා. පසුව කුඩා උණපතුරක් අරන් එම උණ බටයේ කෙළවරට ඇතුල් කරලා ඒක ජලයේ ගිල්වුවා. ජන්තු හිතුවා වගේම වතුරේ ගිල්ලද්දි කුඩා උණ පතුර උඩට ආවා. ජන්තු ගියා මයදානවයන් හමුවෙන්නට. ගිහින්...
ජන්තු : මයදානවයනි, අප ගිරිය සම්පුර්ණයෙන් ජලයෙන් පිරවිය යුතුයි.
මය : ඒ කුමටද? අනික එසේ කරන්නෙ කොහොමද ?
ජන්තු : අපිට ගිරිය ජලයෙන් පිරිවීම සඳහා උමං යොදාගත හැකියි. අපි ඇතුලට යමු. ඉතුරු ටික විස්තර කරන්නම්.
දෙදෙනා ගිරිය අභ්‍යන්තරයට ගියා...
මය : හොඳයි ජන්තු, දැන් පැහැදිලි කරන්න ඔබේ උපාය.
ජන්තු : මයතුමනි, අපි මෙය සම්පුර්ණයෙන් ජලයෙන් පිරවූවිට දැව ජලයේ පාවෙනවා එම නිසා එම ඉපිලීමේ තාක්ෂණය භාවිතා කර අපට උඩට භාණ්ඩ ප්‍රවාහනය කළ හැකියි.
මෙය කියූ විට මයදානවයන් සිනාසී මෙසේ පැවසුවා.
මය : හහ් හා... ජන්තු දැව නම් ජලයේ පාවේවී නමුත් ඔබ කොහොමද ගල්කණු ජලයේ පා කරන්නෙ.
ජන්තු : එයටත් මා සතුව උපායක් පවතිනවා මයතුමනි. මෙම ගල්කණුවල අප විශේෂයෙන් සකස් කරන ලද මයුරදණ්ඩ දැව කඳන් බදිනවා. එවිට ඒවාද අපිට ජලයේ පාකළ හැකියි.
මය : හහ් හහ් හා... අගෙයි මිත්‍රයා බොහොම අගෙයි.
මෙය තමා අදටත් රහසක්ව පවතින ලොව 8වෙනි පුදුමයේ රහස. ඔවුන් මේ පිළිබඳව පුලස්ථි ඍෂි තුමාට පැවසුවා. පුලස්ථි ඍෂි තුමා ඔවුන්ව තවත් දිරිගන්වා මාළිගය සෑදීම ආරම්භ කරන ලෙස පැවසුවා. පුරහඳ පායන දිනයට පසු දිනයේ ප්‍රථම හිරු කිරණ පොළොවට වැටෙන විට මාළිගය සෑදීම ආරම්භ වුණා. යක්ඛ, නාග, දේව සහ රාක්ෂ සිව්හෙළයින් ගිරි මාළිගය සෑදීමට එක් වුණා. මුළු සිංහලේම එකම අරමුණකට යොමුවුණා. නමුත් මේ බොහෝ දෙනා දැන සිටියේ පිටත මාළිගය ගැන පමණයි. සියල්ලන්ම බාහිර මාළිගය සාශන අවස්ථාවේ ජන්තු පමණක් පෙනෙන්න හිටියේ නෑ. ඔහු සිටියේ උමගක් කටිමින්. ඔහු උමඟ සාදා කුහරය ජලයෙන් පිරෙව්වා.
මේ අතරේ...
මය : අප මේ සඳහා තවත් විශේෂඥයන්ගේ උපකාර ලබා ගත යුතුයි.
පුලස්ථි ඍෂි : අප ඒ සඳහා විශ්වයේ සහය ලබා ගනිමු. ශිරාලියේ සිටින අපගේ ඥාතීන් මේ සඳහා කැමති කරවා ගැනීම මං කරන්නම්.
නමුත් ඔවුන් භෞතිකව ගෙන්වාගත නොහැකි. ඔවුන්ගේ දැනුම පමණක් ගෙන්වා ගන්නම්.
පසුව...
වැඩබිමෙන් දිය අගලටත් ඉන් සීගිරිය මුදුනටත් භාණ්ඩ රැගෙන යා හැකි අතර ඒ සඳහා පීඩනය ලබා දිය යුතු ආකාරය පුලස්ථි ඍෂිට පැහැදිලි කරමිනුයි ජන්තු හිටියේ... ජන්තු දිය අගල පතුලෙත්, දිය අගලත් සිව ගිරියත් අතර ස්ථාන දෙකකිනුත්, සිවගිරිය පතුලේ ඉඳන් මුදුනට ස්ථාන දෙකකිනුත් ආදී වශයෙන් දොරටු 5ක් ඉදි කලා.
භාණ්ඩ ප්‍රවාහනය කෙරුණේ මෙහෙමයි,
දිය අගලේ ඉදන් සිවගිරිය මුදුනටම ජලය පුරවලා දොරටු 5ම වැහුවා. ඊටපස්සෙ දිය අගලේ ඉදන් භාණ්ඩ ප්‍රවාහනයේදී පිළිවෙලින් දොරවල් විවෘත කර වසා දැමුවා. ඒ ඒ කොටසින් භාණ්ඩ අනෙක් ස්ථානයට ගියේ එම හේතුවෙනුයි. (අපැහැදිලි නම් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ප්‍රශ්න ගෲපය තුළදී.)
"අගෙයි අගෙයි ජන්තූ... ඉතාම ඥානාන්විතයෙක් නොවෑ... ම්... ඔබ නම් හැබෑම දක්ෂයෙක්... යක් රැහේ උනේ නිකම්ම නෙමෙනේ."
තවද කර්කටක යන්ත්‍ර සහ තවත් බොහෝ තාක්ෂණික උපකරණ සමඟ මාළිගය දැඩි ආරක්ෂාවක් සහිතව නිමවුණා.
මෙය තමා අද ඉංජිනේරුවන් විශ්මයට පත්කළ හෙළ තාක්ෂණය... මෙය ආකාශයේ ඉදිකළ මාළිගාවක් ලෙස ජනයාට පෙනීමට තරම් කෙතරම් අලංකාර වන්නට ඇතිදැයි ඔබම හිතලා බලන්න. ලංකාපුරයට හනුමන් ආව වෙලෙ හනුමන් ලංකාපුරය වර්ණනා කරන ආකාරය ඔබට මතකද? හිතලා බලන්න උඩ කියපු තාක්ෂණික මූලධර්ම ටික ගැන තවත්... මෙයයි අපේ හෙළ ආඩම්බරය... තවමත් මකර සෙන්පති ආරක්ෂා කරන්නෙ මෙම ආඩම්බරයයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment