Saturday, April 11, 2020
වෛමානික ශාස්ත්‍රය
නම ඇහුව ගමන් දන්නවනෙ මොකක්ද කියලා... දන්නෙ නැති අයට කියලා දෙන්නම්... මේක පොතක්. මුල් කතෘ භාරද්වාජ් ඍෂි තුමා. මේකෙ තියෙන්නෙ විමාන ගැන. විමාන කිව්වට පෙරදිග තිබුණු විමානවල යාන්ත්රක ක්‍රියාකාරිත්වය ගැන තමා මේකෙ සඳහන් වෙන්නෙ. විමාන කිව්වේ? විමානයක් කියන්නෙ අතීතයේ තිබුණු ගුවන් යානාවලට කියපු නමක්... " යකාගෙ හැරියටනෙ විමානේ " මේවා හැදුණේ නිකන්ම නෙමේ... විමානයක් හදාගන්න විදිය අග ඉදන් මුලටම මේකේ පැහැදිලිව තියෙනවා. විමානයක් හදනවා කියන එක තනි කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමේ. තනියෙන් කරනවනම් ඔහු විශ්ව කර්ම විය යුතුයි. මං මේක දැකලා තියෙනවද? නෑ. හැබැයි මට ඉංග්‍රිසි පරිවර්තනය හම්බුනා. ඒ වගේම මං ඒක සිංහලට හැරෙව්වා. පළවෙනි පාරට පරිවර්තනය කළේ මම වෙන්නත් ඇති, අනේ මන්දා හරියටම දන්නෙ නෑ. මං කිව්වා ඉස්සෙල්ලම මේක තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ. මට බෑ. ඔබටත් බෑ. ඒත් අපිට පුලුවන්... මොකද අපි සිංහල... එකමුතුයි... සිංහලයගෙ එකමුතුකම තිබ්බ තැන විශ්වයේ කාටවත් ඔවුන්ව නවත්තන්න බැරි වුණා... ඒ වගෙව් තමා අපි එකතු වුණොත් අනිවාර්යයෙන් වැඩි කල් නොයා අපේ මේ සිංහල අහසේ විමානයක් ගමන් කරයි... මං ඒක(වෛමානික ශාස්ත්‍රය) ඔබට ලබාදෙන්නම් ඔබට වුවමනාව තියෙනවනම්... එකේ භාෂාව පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු රළු භාෂාවක් තියෙන්නෙ. ඒත් අවශ්‍ය කෙනාට ඒක එක පාරින් තේරෙයි. ඒ වගේම තව දෙයක්. අවසන් කාරණාව, මේක තව කාටවත් දෙන්න එපා. මොකද වැරදි කෙනෙක් අතට ගියොත් ඒක අපිට පාඩුවක්. දන්නවනෙ ඇමරිකාව මේ වෙනකොටත් ඕක පාවිච්චි කරලා විමානයක් හදලා තියෙන්නෙ. ඔවුන්ට ඒක ගුවන්ගත කරන්න විතරයි බැරි. මොකද යන්තරේ තිබ්බට වැඩක් නෑනෙ මන්තරෙත් ඕනේ...
ඉල්ලුම වැඩිවීම මත පමණක් මෙය ලබාදෙන බව කරුණාවෙන් සලකන්න. (එක්කෙනෙක් දෙන්නෙක් ඉල්ලුවට දෙන්නෙ නෑ. ) මොකද ඕනම දෙයක් කරන්න කැමැත්ත තියෙන්න ඕනේ බලෙන් මේක දෙන්න මට ඕනෙ නෑ. මීළඟ ලිපියෙන් හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment