Saturday, April 11, 2020

මහා රාවණ ප්‍රතිමාව



මෙය වඩාත් විශාල වූ ප්‍රතිමාවක් නොවේ. අඩි තුන හතරක් පමණ උස කළුගලින් නෙලූ හිස් දහයක් සහ අත් විස්සක් ඇති මෙම ප්‍රතිමාව 1818 කැරැල්ල අවස්ථාවේ මෙම මහා රාවණ පිළිමයේ ආරක්ෂකයා වූයේ කිව්ලේගෙදර මොහොට්ටාලයි. මෙම රාවණ පිළිමය තැන්පත් කර තිබුණේ මාරගල කන්දෙයි. නමුත් යුද්ධයට පෙර මෙය භූගත දේවාලයක තැන්පත් විය. ප්‍රතිමාව ඇද සිටින්නේ වෙස් ඇදුමයි. එහි ප්‍රධාන මුහුණේ සේම අනික්වායේ මුව දෙපසින් එළියට නෙරා ආ දත් බැගින් වේ. මෙහි දෙපා එතරම් උස් නොවේ. නමුත් මෙය සත්‍ය රාවණ රජුගේ රූපය නොවේ. මන්ද රාවණ රජු යනු කුරු මුව දෙපසින් දත් නෙරා ආ මුහුණු 10ක් සහ අත් 20ක් ඇති අයෙකු නොවේ. කෙසේ හෝ මෙම පිළිමය කිව්ලේගෙදර මොහොට්ටාලගේ ආරක්ෂාව යටතේ තිබූ අතර එය ආරක්ෂා කිරීමට නොහැකිනම් වස් වදින්නේ යැයි විශ්වාසයක්ද පැවතුණි.



කිවුලේගෙදර ඇතුළු පක්ෂපාති පිරිස සිතා සිටියේ අහසින් යා හැකි කුඩා යානාවක් තනා එයින් සුද්දන්ට පහර දීමටයි. මෙය මන්ත්‍රයකින් පණගැන්විය හැකි යැයි විශ්වාසයක්ද විය. මෙයට මූලිකත්වය ගෙන කටයුතු කළේ වඩුගේපිටිය පරම්පරාවේ වඩු නායක තුමා වූ නැකැත් ඇදුරායි. මේ අතර දළදා වහන්සේව වාරියපොළ ශ්‍රී සුමංගල හිමිට භාර වූ අතර හගුරන්කෙත නිදන් වදුල රකින පුංචි රාලගේ ද සහයෝගයෙන් කුඩා දළදා ප්‍රදර්ශනයක් හගුරන්කෙත වියලුව ග්‍රාමයේ කිරිවෙහෙර රජමහ විහාරයේ පැවැත්විණි. *මෙසේ හෙළයින් විසින් පැවැත් වූ අවසන් දළදා පූජාව කිවුලේගෙදර ගම් පළාතේ සිදුවිය.* අදත් කිරිවෙහෙර රජමහ විහාරයේ චෛත්‍යයේ දේවතා කොටුවෙහි කිවුලේගෙදර මොහොට්ටාලගේ රූපය තිබේ. පුංචි අලුත් බණ්ඩාර දේවාලයද කිවුලේගෙදර තිබේ. එය ගම්බාර දෙවියන්ගේ දේවාලය ලෙසට හැදින්වේ.



ඉංග්‍රීසින් ඇසුරින් සිංහලේ රජ වෙන්නට සිතූ අය අතරේ එක්නැළිගොඩ දිසාවේ හා මොල්ලිගොඩ මහා අදිකාරම් ආදීන් ද වූහ. අංගම්පොර ශූරයෙක් වූ මොල්ලිගොඩ, මාරගල භූගත දේවාලය හා එහි ඇති රාවණ ප්‍රතිමාව ගැන සුද්දන්ට ඔත්තු දුන්නේ තමාගේම අභිලාෂයන් සපුරා ගැනීමටයි. මොල්ලිගොඩ සිතුවේ ප්‍රතිමාව ලබාගත් පසු එය තමා අතට ගෙන අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කොට රජ වෙන්නටයි.



නමුත් සුද්දන් මේ ප්‍රතිමාව පැහැර ගැනීමට සුද්දන් විසින් මුක්කරු, කරන්නම්, මඩක්කල ආදී මලයාලම් ගුරුකම් දන්නා අය යවා පැහැරනීමට උත්සහා කළේය. 18 කුලයේ සටන් ශාස්ත්‍ර දැන සිටියේ මලයාලින් සිටි කේරළයේ අයත් ශ්‍රී ලංකාවේ පිරිසකුත් පමණි. අන්තිමේදී ඔවුන් මලයාලම් මන්ත්‍ර ගුරුකම්වලින් ගල්දොර බිද හරින්නට ඔවුන්ට හැකි විය. හෙණ කුණාටු සහිත අනෝරා වැසි වැටෙද්දි සුද්දෝ මෙසේ රාවණ ප්‍රතිමාව පැහැරගෙන ගියහ. එහි කුමන අගයක් ඇත්දැයි ඔවුන් දැන සිටියේ නැත. එහි යම්කිසි බලයක් ඇති බැවින් එය සිංහලයන්ට අයිතිව තිබෙන තුරා තමන්ට ජය ගත නොහැකි බව සුද්දන්ගේ සිත් තුළට කා වැදී තිබුණි. පිළිමය මොල්ලිගොඩට භාර දෙනවා වෙනුවට ඉංග්‍රීසින් එය ඉන්දියාවට ගෙන ගියේය. පසුව එතැනින් එය එංගලන්තයට ගෙන ගියේය. දනුත් එය ඇත්තේ ලන්ඩනයේ බ්ලැන්කෙස්ටර් කෞතුකාගාරයේ ඉන්දියාවේ කොටසේය.


කිවුලේගෙදර ඇතුලු පිරිසගේ බල බිදුනේ රාවණ ප්‍රතිමාව සුද්දන් පැහැරගෙන ගිය පසුයි. මාර්ෂල් ලෝ නීතිය ක්‍රියාත්මක වූ අතරේ ජෙනරාල් මැක්ඩොනල්ඩ්, වෙල්ලස්සම(වෙල් ලක්ෂයම) අමු සොහොනක් බවට පත් කළේය.



*ප්‍රතිමාවකට ඇත්තෙන්ම බලය ලබා දීමට එය ගලින් හෝ දැවයෙන් ඉදිකළ යුතුය. 1818දී කිවුලේගෙදර ඇතුළු පිරිස රාවණ අභිශේක පූජාව තබා සුද්දන් පලවා හැරීමට සිතා සිටියේය. මෙය ඌවේ මිනිසුන්ගේ රාවණ අභිෂේක පූජාව විය.*



*"ඕම් රාවණ සිද්ධිං සිද්ධි බල වරං*
*ඕම් ලංකාධිපති රාවණ නමෝ නමෝ නමඃ"*


*ආදී ලෙස රාවණ අෂ්ඨක කියා සිද්ධි බල යන්ත්‍රයට පුද පූජා පවත්වා සතුරන්ට අසු නොවෙන්නට හෙණරාජ තෛලය පලන්දා, සදුන් තිලක තියා යුද්ධයට යාමට සිටියත් ඉංග්‍රීසින් ඉක්මන් විය.*


_2009දී තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට පෙර නැවතත් දැවයෙන් මෙම මහා රාවණ ප්‍රතිමාව ඉදිකර බලගන්වා නිසි ලෙස රාවණ අභිෂේක පූජාව පවත්වා තිබේ. මෙයට යුධහමුදාපතිවරු සහ තවත් නායකයින් සහභාගී වූ බව නොරහසකි._



නමුත් ගලින් කරන ලද ප්‍රතිමාව එංගලන්තයේ තිබෙන තුරු එම රටට ශාන්තියක්නම් අත්වන්නෙ නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලවතා හෙවත් හිරු නොබසින අධිරාජ්‍යයේ අවසානයට හේතුව මෙයයි. සක්විති රාවණ අධිරාජ්‍යයේ බලය ඉදිරියේ එංගලන්තය යනු වැහැරුණු බලු නකුටෙක්‍ ය.

No comments:

Post a Comment