Saturday, April 11, 2020

හෙළ තාක්ෂණය-05 වන කොටස (කාල තරණය)




කාලය... මේක හරි අපූරූ දෙයක්. ඒත් ඒකට යන්න කලින් කියන්න ඕනේ මේකෙදී මං කොටස් දෙකක් කතා කරනවා. එක : බටහිර ලෝකයේ කාලතරණ විද්‍යාව... දෙක : හෙළයන්ගේ කාලතරණ විද්‍යාව ගැන. මං ඔය මුලින් කිව්ව බටහිර කාල තරණය ගැන නම් වැඩිය දන්නෙ නෑ. ඒත් නොදන්නෙමත් නෑ...



ඔවුන්ගේ භෞතික විද්‍යාව ගත්තොත් ඒක හැමවෙලේම පෙනෙන භෞතිකය මත පදනම් වෙලා තිබුණු දෙයක්... ඒ කියන්නේ ඔවුන් දෙයක් විශ්වාස කරන්නෙ ඇස් දෙකෙන් දැක්කොත් විතරයි... අන්න එහෙම පදනම් වුණු කාල තරණ විද්‍යාව ගැන මං දන්න සොච්චම කියන්නම්... ප්‍රධාන වශයෙන් ඔවුන්ට කාලය හරහා යන්න විදි කිහිපයක් තියෙනවා. ඒ තමා කාල යන්තයක්, වෝර්ම්හෝල් එකක් හෝ කළු කුහරයක් යන ක්‍රමයි. බටහිර මිනිස්සු හිතන් හිටියේ කාලය කියන්නෙ වෙනස් වෙන්නෙ නැති සන්තතික දෙයක් කියලා. ඊටපස්සෙ එහෙට ආවා අයින්ස්ටයින් ඔහු කියලා දුන්නා කාලය කියන්නෙ නිකන් අපේ ජීවිතේ වගේ මායාවක් කියලා. ඒ කියන්නෙ ඒක අපිට සාපේක්ෂව වෙනස් වෙන දෙයක්. සාපේක්ෂ කියද්දී මතක් වුණේ... මේකෙදි අපිට වැදගත් වෙනවා සාපේක්ෂතාවාදය...



මොකක්ද ඒ සාපේක්ෂතාවාදය කියන්නෙ? එහෙම ඇහුවොත් ඒකට උත්තර දෙන්න දවසකට වඩා කාලයක් යනවා. ඒත් මේක අපිට ඕනේ වෙන නිසා මං මේක තේරෙන භාසාවෙන් කියන්නම්. මෙහෙමයි, "විශ්වයේ නියත එකම දේ රික්තයේදී ආලෝකයේ වේගය පමණයි, අනෙක් සියළු දේ තවත් දෙයකට සාපේක්ෂව ත්වරණය වෙනවා" කියන එක තමා සාපේක්ෂතාවාදයේ මූලධර්මය. ඒ වගේ තමා කාලය කියන එකත්. ඒකත් මිනිසාට සාපේක්ෂව ත්වරණය වෙන දෙයක්. ඒත් තේරුණෙ නැද්ද? එහෙනම් මෙහෙම හිතන්න. අපි කොලේක චිත්‍රයක් අදිනවා ඒකට තියෙන්නෙ දිගයි පළලයි විතරයි. ඒ කියන්නෙ ඒක ද්වීමානයි. අපි ගත්තොත් පෙට්ටියක්, ඒකට දිගයි, පළලයි ඒ වගේම උසකුත් තියෙනවා. ඒ කියන්නෙ ඒ පෙට්ටිය ත්‍රිමාණයි. එතකොට කාලය අයිති වෙන්නෙ ඔය කියන ඒවයින්... එකකටවත් නෙමේ. ඒක තියෙන්නෙ හතරවෙනි මානයේ. ඒ කියන්නෙ ඔය කාලයේ වේගය අඩු වැඩි වෙනවා අපි ගමන් කරන වේගය මත. ඒ මොකක්ද ඒ හරුපේ? අපි මොන වගේ වේගෙකින්ද ගමන් කරන්නෙ? වෙනස් කරන්න ඕනේ නම් ගමන් කරන්න ඕනේ නම් අපි යන්න ඕනෙ වේගය මොකක්ද? මෙහෙමයි, ඔබ මේ කාරණය දැනටමත් දන්නවා. ඒත් මං මුල ඉදලම කියන්නම්කො...


හිතන්න ඔබේ යහළුවෙක් ඉන්නවා. ඔහු ඔබේම වයසේ අයෙක්. ඔබ දෙදෙනාටම වයස 20ක් කියලා උපකල්පනය කරමු. ඔබ වයස විස්සෙදි ආලෝකයේ වේගයට සමාන වේගයක් තියෙන යානයක නැගලා පෘථිවිය වටේ අවුරුද්දක් ගමන් කරනවා. ගමන් කරලා ආයේ පෘථිවියට එනවා. එනකොට මොකක්ද වෙලා තියෙන්නෙ..? ඔබ පෘථිවිය වටේ අවුරුද්ද ආලෝක වේගයෙන් ගමන් කළා. එතකොට ඔබට දැන් වයස 21යි. ඒත්... ඔබේ යාලුවා ඔබට වඩා වයසට යනවා. ඒ කියන්නෙ, ඔබට වයස 21 වුණාට යාළුවාට වයස අවුරුදු 30ක් විතර වෙන්න පුලුවන්. ඒක කොහොමද වුණේ? ඒක වුණේ අර මං කිව්ව එක නිසා, අපි ගමන් කරන වේගයට අනුව කාලය ගමන් කරන වේගයත් සාපේක්ෂව අඩු වැඩි වෙන නිසා. මේක තවත් පැහැදිලි කලොත්..., ඔබ ආලෝකයේ වේගයෙන් 99.99%ක වේගයෙන් ගියොත් ඔබට තත්පරයක් ගතවෙන්න තත්පර 10ක් විතර යනවා. ඔබ ආලෝකයේ වේගයෙන් 99.999%ක වේගයෙන් ගියොත් ඔබට තත්පරයක් ගතවෙන්න තත්පර 100ක් විතර යනවා. එතකොට ඔබ ආලෝකයේ වේගයෙන්ම ගමන් කළොත් මොනා වෙයිද?



විශ්වාස කරන්න එතකොට කාලය නවතිනවා.. ඔබ කාලයට වඩා වැඩි වේගයකින් ගියොත්... ඒ ගැන හිතලම බලන්න. ඕක තමා කාල යන්ත්‍රයක මූලධර්මය. හැබැයි ඉතිං ඒක ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක් මොකද අලෝකයේ වේගයෙන් ගමන් කරද්දි ඒකට හරියන්න අපේ ශරීරයත් හැඩගස්සන්න ඕනේ එහෙමත් නැත්තං ඒක දරාගන්න පුලුවන් වෙන විදියට සුදුසු ඇදුමක් සකස් කරන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රමයෙන් නම් ඉතිං කාලයේ ඉස්සරහට ගමන් කරන්න පුලුවන් ඒත් ආයේ පස්සට ඒමක් නම් නෑ සහෝදර සහෝදරියනි...


බටහිර විද්‍යාවට අනුව යන්න පුලුවන් තව ක්‍රමයක් තමා වෝර්ම්හෝල් කියන්නෙ. ඒකෙන් කාලය හරහා ලක්ෂ දෙකක් අතර ගමන් කරන්න පුලුවන් කියන එකයි මතය. ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ තාම කවුරුත් ඒකක් දැකලා නැති එක... දැක්කත් මේක ඉතා කුඩා කාලෙකින් නැතිවෙලා යනවා කියලා තමයි කියවෙන්නෙ. ඒකත් ඉතිං කරන්න අමාරු වැඩක් නෙමෙ බැරි වැඩක්නෙ. ඔවුන්ට අනුව ඊළඟ ක්‍රමය තමයි කළු කුහර. මෙකේ මූලධර්මය වෙන්නේ කළු කුහරයක් වටේට අධි වේගයකින් භ්‍රමණය වෙන යානාවක් කාලය හරහා යනවා කියන එක. ස්ටීවන් හෝකින්ස් කියන විදියට කළු කුහරයට ඈතින් ඉන්න අය අත්දකින කාලය ගලායෑමෙන් බාගයක් වෙනකල් වගේම කාලය මන්දගාමී වෙන්න ඕනලු මේ ක්‍රමයට. ඒ නිසා ඒකත් කරන්න අමාරු වැඩක් නෙමේ බැරි වැඩක් දැනට.


දැන් තමා මං කතා කරන්න කැමති විදිය එන්නෙ. හෙළ විද්‍යාවට අනුව කාලය හරහා යාම... වැඩිකතා ඕනේ නෑ අපේ විද්‍යාවට අනුව මං දන්න කාලය හරහා යන්න පුලුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමා කුණ්ඩලීනීය...



කුණ්ඩලීනීය කියන්න අද හෙට කතා කරලා ඉවර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මේක ඕන ඕන විදියට අවධි කරගන්න පුලුවන් එකකුත් නෙමෙයි. මං දැක්කා ගොඩක් අය මේක කරන විදිය කියලා දෙනවා. මං ඒ අයගෙන් අහන්න කැමති එයාලා කුණ්ඩලීනීය අවධි කරගෙනද ඒක කියලා දෙන්නෙ කියලා? දෙයක් තමන් නොකර ඒ දෙය අනුන්ට කරනවා කියන එක වරදක් අනිවාර්යයෙන්ම. මොකද ඒ කරන කෙනාට මොකක් හරි වෙලා ඒක වැරදුණොත් ඒකෙ වගකීම කියලා දුන්න කෙනාට භාර ගන්න වෙනවා. මෙච්චර දේවල් කියලා දුන්න මේ ගෲප් එකේ ඒක කියලා දුන්නෙ නැත්තේ ඒකයි. මොකද මං කුණ්ඩලීනීය අවධි කරන්න තරම් සමත්වුණ කෙනෙක් නෙමේ තාම... දන්නෙ නැතුව නම් නෙමෙයි.



හරි මට ඒක කියන්න ඕනිම වුණා ඒකයි කිව්වේ. ඒත් ඒක අපේ මාතෘකාවට අදාළ නෑ. කුණ්ඩලීනීය ගැන දන්නෙ නැත්තන් දැන්ම අපේ බ්ලොග් එකට ගිහින් ඒක කියවලා එන්න. කුණ්ඩලීනීයේ තියෙනවා අඥා කියලා චක්‍රයක්. එකෙන් අපිට තුන් කල් දකින නුවණ සහ අපේ සහ අන් අයගේ අතීතය හෝ අනාගතය දැකීමේ හැකියාව. ඊට අමතරව කාලය හරහා ගමන් කිරීමත් මේ අසිරිමත් කුණ්ඩලීනීයට කළ හැකියි. ඔබ මේ වන විටත් බලලා ඇති අකාලසන්ධ්‍යා නොහොත් කාලයේ තීර්ථ යාත්‍රකයා කිය ටෙලිසිතුවම. අන්න එකෙත් තියෙන්නෙ කුණ්ඩලීනීය භාවිතා කරලා කාලය හරහා ගමන් කරන්නෙක් ගැන.


දෙවෙනි කාරණය තමයි සූක්ෂම දේහ සංචරණය කියන එක. තේරෙන සිංහලෙන් කිව්වොත් ASTRAL PROJECTION එක. මේකෙන් කොහොමද කාලය හරහා යන්නෙ...? ගොඩක් අය කරන්න කැමති දෙයක් තමයි මේක. නමුත් කරන්න බයයි. (සමහරවිට ඉදිරියේදී කරන විදිය කියලා දෙන්න පුලුවන් වෙයි... දැන්ම නම් බෑ) මේකෙදි වෙන්නෙ අපේ විඥානයෙන් කොටසක් ශරීරයෙන් ගලවලා අපිට ඕනම දෙයක් කරන එක... මං කිව්වේ *ඕනම දෙයක් කියලා...* ඒකට කාලය හරහා ගමන් කිරීමත් අයිතියි. අපිට පුලුවන් මේ සූක්ෂම දේහ සංචරණය මගින් කාලය හරහා ගමන් කිරීම. තේරෙන භාෂාවෙන් කිව්වොත් ශරීරයෙන් එළියයට අපේ මනෝකාය අරගෙන අපිට කරන්න තියෙන්නෙ අපිට යාමට අවශ්‍ය තැන සිතීම පමණයි. එය අතීතයද අනාගතයද යන්න කිසිම ප්‍රශ්නයක් නැත. තව ගොඩක් රසවත් දේවල් තියෙනවා මේ සූක්ෂම දේහ සංචරණය ගැන නම්... ඒත් මට කියන්න අවශ්‍ය කාලය හරහා යන එක ගැන විතරයි.
ඒ වගේම අන්තිම කාරණය කාල දොරටු. මේක මං අහලා තියෙන දෙයක් විතරයි. නමුත් විශ්වය හරහා ගමන් කල හැකි තරු දොරටු වගේම කාලය හරහා ගමන් කළ හැකි කාල දොරටුත් පවතින බවයි මතය.



අන්තිමට තව එක දෙයක් කියන්න ඕනෙ... මං මේ ගෲප් එකේ කිව්වා රාවණයන්ගේ නැවත ඉපදීම සිද්ධ වෙන විධි බොහෝමයක්. දැනුත් කියන්න යන්නෙ ඒවයින් එකක් තමයි. ඒ තමා රාවණයන් කාලය හරහා පැමිණෙනවා කියන එක... රාවණයන්ගෙ අමරණීයත්වය අවිශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් අන්න එයාට මේක හොඳ ආරංචියක්... තවත් අලුත් තාක්ෂණයක් එක්ක හමුවෙමු ඉක්මණින්...

No comments:

Post a Comment