Friday, April 10, 2020

කව්ද මේ අසුර

අද මං කතා කරන්න අසුර හෙවත් යක්ඛ ප්‍රජාව නිර්මාණය උන හැටි. එච්චර දිග වෙන එකක් නෑ හොදේ.

කවුරුත් දන්නව මේක යක්කුන්ගෙ හෙළය කියල. ඒත් යක්කු කියන්නෙ කව්ද දන්නෙ කීයෙන් කී දෙනාද, කාගෙන් හරි යක්කු, යක්ඛ ගෝත්‍රික කියන්නෙ කව්ද ඇහුවොත් කියයි "උල් දත් තියෙන, ඇඟ පතින් විශාල, ගස් ගල් කඩන්න හයිය හත්තිය තියෙන, නපුරු, දුෂ්ට පිරිසක්" කියල. ඒත් එහෙම නෑ කිව්වොත් ඔයාල විශ්වාස කරනවද?


ආතීතයේ මිනිස්සු හිතන් හිටිය ලෝකය මැව්වෙ දෙවියො කියල, එයාල අහසින් වැටුන කියල හිතන් හිටිය( වේද ග්‍රන්ථ වල තියේනෙ මිනිසුන් වර්ග 4 ගැන බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ශස්තීය, ක්ෂුද්‍ර කියල එයා බිහි උනේ බ්‍රහ්මයාගෙ එක එක ස්ථාන වලින් කියලනෙ ඔවුන් හිතන් හිටියෙ) ඉතින් එහෙම හිතන් හිටපු මිනිස්සු කිව්ව අපිව දෙවියන් විසින් මවපු නිසා අපි දේව ගෝත්‍රික කියල, ඉස්සර අපේ හෙළයෙ මිනිස්සු එහෙම කියපු පළියට දේවල් විශ්වාස කරේ නෑ. ඔව්න් විමර්ශනශීලීව කටයුතු කරා. ඔව්න් බවුන් වැඩුව. ආධ්‍යාත්මික තල වලට එළඹුනා. මිනිසාගේ ආරම්භය, අවසානය බුදුන් තරම් ගැඹුරට ඒ ආකාරයටම නොවුනත් හේතුවක් ඇතුව මේ දේවල් සිද්ද වෙන බව වටහා ගත්ත, අධිකව භාවනාව සිදු කල ඔවුන් මේ පංචස්ඛණ්දයෙන් මනෝකාය ඉවත් කරා සම්බන්දය එලෙසම තියාගෙන, මනෝකාය විශ්වයට මුදාහැරිය. ඒකෙන් ඔවුන් තේරුම් ගත්ත ඔවුන්ව මවන ලද්දෙ දෙවියන් නොවන වග. මනෝකාය ශරීරයෙන් ඉවත් කරපු නිසා මනුස්සයෙකුත් නෙවේ, ඒත් ශරීරය සමඟ සම්බන්ද නිසා දෙවියෙකුත් නෙවේ,(ඒ ආධ්‍යාත්මික තල වලට පැමිනි අය ඍෂි කියල හදුන්වනව) ඉතින් ඔවුන්ව දෙවියන් මවපු නැති නිසා අපි සුරයන් නොවේ, අපි අසුර කියල ඔවුන් විශ්වාස කරා. අන්න එහෙමයි අසුර හෙවත් යක්ඛ ගෝත්‍රය නිර්මාණය උනේ. නැත්තන් අසුරයො කියන්නෙ මිනිස්සු හිතන යකා නෙවේ. මං කිව්වෙ අසුර ගෝත්‍රය ගැන විතර විතරයි, මොකද ඕගොල්ලො හිතන් ඉන්න යක්කුත් ඉන්නව පව් කරල සතර අපාය වල ඉන්න. උනුත් ඉතින් හඳුන්වන්නෙ යක්කු කියලනෙ.


අන්න එහෙමයි මේ අසුරයො අනිත් යක්කුන්ට වඩා වෙනස් වෙන්නෙ. අපි පැවත එන්නෙ එහෙවු අභිමානවත් යක්ඛ ගෝත්‍රයකින්. අපි වගේම අපිට ලැබිල තියෙන පුන්‍යභූමියත් විශේෂයි. ලංකාව පෘථිවියේ හරි මැද කියල දන්නවද? කවුරු හරි කෙනෙක් කියයි කොහොමද එහෙම වෙන්නෙ ග්‍රිනීච් රේඛාව ලංකාවට පහලින්නෙ තියෙන්නෙ කියල. ඔව් ග්‍රිනීච් රේඛාව නම් තියෙන්නෙ ලංකාවට පහලින් තමා. ඒත් ඒ ඇදේට ඉන්න පිරිසක් ඇදේටම ඇඳපු රේඛාවක්. පෘථිවිය අංශක 23.5 ඇලයි. ඔය ඇදේ ඇරියොත් ලංකාව පෘථිවියේ හරිමැදයි. (ලක්ගල කඳු මුදුන ස්වභාවික පිරමීඩය) ඉතින් ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය එයයි, කවද හරි මේ ලෝකය හිම වලින් වැහිල විනාශ වෙලා ගි‍යත් ලංකාපුරය සුරක්ෂිතයි. ඒ බව අතීත මුතුන් මිත්තො දැනන් හිටිය, විද්‍යාව තාක්ෂණය අදට වඩා දියුණුව පැවතුනා එකල මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික බලයත් සමඟ. අද මිනිස්සු ආධ්‍යාත්මිකව පිරිහිලා. හිත් කිළිටි වෙලා, පරිසරයත් කිළිටි කරනව. නැවත පරණ ඒ සුවිශේෂී යුගයක ආරම්භයක් දකින්න ලෝකය සුද්ද වෙමින් පවතින්නෙ අද. සැලකිලිමත්ව ඒ අතීත හෙලයන්ගෙ පරම්පරාව වශයෙන් අපේ යුතුකම අපි ඉටු කරමු. එතකොට ඉබේම අපිට අනාගථ ඒ සුවිශේෂී යුගයෙ උරුමක්කාරයො වෙන්න පුලුවන්. රටට දැයට බරක් නොවී මේ ටික කාලය පරිස්සමින් ගෙදර ඉමු. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment