පළමු කොටස (භාවනාව-ආරම්භය)
පාඩම පටන් ගන්න කලින් කියන්න ඕනේ... මං විශ්‍රාම ගන්න හිතුවා.සමහරක් ඉතිං අභියෝග කරනවනෙ ඒකයි මේක කියලා දීලම යන්න හිතුවේ. මේ මං කියලා දෙන අවසාන පාඩමයි... ගොඩක් දේවල් කියලා දෙන්න හිටියේ... ඒත්... සමහරක් අයට හදිස්සිනෙ ඔක්කොන්ටම කලින් භාවනා කරන්න ඕනිනෙ. එහෙනම් භාවනා කරලා ඉතුරු ටිකත් තනියෙන්ම හොයාගන්නකො. මේකෙන් පස්සෙ මගේ වැඩ ඉවරයි. එක අතකට ඒකත් හොඳයි.මට මගේ වැඩක් තනියෙන් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන්... එහෙනම් අපි යමු අන්තිම ලිපි පෙළේ ආරම්භයට...
භාවනාව කියන්නෙ යම්කිසි පුද්ගලයෙක් කිසියම් ආධ්‍යාත්මික තලයකට යන්න පාවිච්චි කරන නිෂ්චිත ක්‍රමයක්... ආධ්‍යාත්මික වෙන එකෙන් අපිට මොනාද කරන්න පුලුවන්? ආධ්‍යාත්මික වීම මගින් බොහෝ දේවල් කරන්න පුලුවන්. විශ්ව දැනුම, විශ්ව රහස් යන සියල්ලම අපට ලබාගත හැකයි මේ භාවනාව හොඳින් ප්‍රගුණ කළහොත්... ඒ වගේම ඉහළ ආධ්‍යාත්මික තලවල සිටින්නන් සමඟ සන්නිවේදනය කිරීමටත්, විශ්මිත ආධ්‍යාත්මික බලයක් අත් විදින්නටත් ඔබ හැකියාව ලැබෙනවා. ඒ වගේම ලෞකික පැත්තෙන් ඍෂි, නාකි යන උසස් තලවලටද ලෝකෝත්තර පැත්තෙන් රහත් යන උසස් තලවලටද භාවනාව මගින් එළඹිය හැකි බව මං පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ ආධ්‍යාත්මිකත්වයට එළඹීමට එක් දෙයක් අපට බෙහෙවින් උපකාරී වෙනවා. මේ කොටසින් කතා කරන්නෙ ඒක ගැන. ඒ තමා සීලය...
සිල් රැකීම.
ඔබ දන්නවා දැනටමත් එදා සිටි හෙළයා ගැන... ඔහු නිර්මාංශී , සතුන්ට හිංසා නොකරන , පරිසරයට ආදරය කරපු ගෞරව කරපු අයෙක් වගේම සීලය ද ආරක්ෂා කළ අයෙක්. මෙසේ සිල් රැකීම මගින් භාවනාවක් කිරීම ඉතා පහසු දෙයක් බවට පත් කරන්න පුලුවන්. එය බටහිර ජාතීන් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා තමයි ඔවුන්ට හෙළයන්ට වගේ ඉහළ ආධ්‍යාත්මික තලවලට එළඹීමට නොහැකිවන්නේ. උදාහරණයක් විදියට ඔවුන් මස් මාංශ අනුභව කරමින් භාවනා කිරීමට උත්සාහ කරනවා. එය නොගැලපෙන දෙයක්. එයින් යම්තාක් දුර යාමට හැකි වුවත් සම්පූර්ණ ප්‍රතිඵල අත්කරගත නොහැකියි. ඒ වගේ තමා සීලය රකින්න රකින්න අපිට ඉහළ ආධ්‍යාත්මික තත්ත්වයන්ට යාම පහසු වෙනවා. ඔබ දන්නවා භාවනාව වඩද්දි වැදගත් වෙන දෙයක් තමයි සිහිය කියන්නෙ... සිහිය කියන්නෙ මොකක්ද? අපි හැමෝටම සිතක් තියෙනවා. මේ සිත පාලනය කරන එක තමයි අමාරුම වැඩේ. මේ සිත පාලනය කරලා එක් අරමුණකට පමණක් සිත ගෙන ඒමට තමයි සිහිය කියන්නෙ. සිත පාලනය කිරීමට එහෙමත් නැත්තං සිහිය ලබාගැනීම සීලය රැකීම මගින් පහසු කරවනවා. සිත එකඟ කරගන්නත් විධි තියෙනවා ඒකට එක එක විධි තියෙනවා. ප්‍රසිද්ධම විධි තමා මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව කියන්නෙ. ඊට අමතරව තව ක්‍රම තියෙනවා ඉරියාපථ සතිපට්ටාන භාවනා වගේ ඒවා. ඒ ගැන පස්සෙ කියලා දෙන්නම්. මට කියන්න ඕනෙ වුණේ සීලය ආරක්ෂා කිරීම මඟින් සිහිය(සතිය) තබාගැනීම පහසුවෙනවා කියලා. කොහොමද ඒක වෙන්නෙ? සීලය දිගින් දිගටම රැකීම මගින් යහපත් සිතුවිලි, යහපත් ආකල්ප වගේ දේවල් අපි තුළ ගොඩනැගෙනවා. එතකොට අපිතුළ තිබ්බ අයහපත් දේවල් අක්‍රිය වෙලා යනවා. එතකොට අපේ සිත තුළ සිතුවිලි හට ගැනීම නවතිනවා. ඒ නිසා අපිට සිහිය රඳවා ගැනීම පහසු කාර්‍යයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍ය සිතක් තුළ දවසකට සිතිවිලි 50000ත් 70000ත් අතර ප්‍රමාණයක් හට ගන්නවා. ඉතිං තේරෙනවනෙ මේක පාලනය කරන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ දන්නවා බුදු රාජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සිතක් එක්තැන් නොවන්නෙ සිතක් තුළ පවතින පංච නීවරණ ධර්ම(කාමච්චන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා) නිසා බව. සිල් රැකීම මඟින් මෙම කෙලෙස් ධර්ම යටපත් වෙනවා. ඒ නිසා මේක වඩාත් පහසු කාර්‍යයක් බවට සිල් රැකීම නිසා පත්වෙනවා. තවද සිල් රකින්නන්ට දේව ආශිර්වාදය වගේම දෙවියන්ගෙ පිහිට ලැබෙනවා. මේක සාමාන්‍ය පුද්ගලයෙක්ට(සිල් රකින්නෙ නැති කෙනෙක්ට) ලැබෙන්නෙ නෑ. මොකද සාමාන්‍ය මිනිස්සුන්ගේ ශරීරයෙන් ගන්ධයක් පිටවෙනවා. ඒ දුර්ගන්ධය නිසා දෙවියන් මිනිස් ලොවට පැමිණීමට අකමැති බව බුද්ධ දේශනාවල තිබෙනවා ඔබ අසා ඇති. ඉතිං මෙසේ කාලයක් සිල් රැකීම නිසා මිනිස් ශරීරයෙන් පිටවන ඒ දුර්ගන්ධය නැති වී යනවා. එතකොට දේව බැල්ම ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒක තමා කියන්නෙ " සිල් රකින්නාගේ සුවඳ දෙව්ලොව දක්වා පැතිරෙනවා " කියලා...
හරි එහෙනම් අද ඉදලා සිල් රකින්න ගන්න ඉස්සරහට ඉතුරු ටික කියලා දෙන්නම්. ආහ්... තව එකක්.. මේ ලෝකේ භාවනා ක්‍රම බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා භාවනාව ක්‍රම අනුව ප්‍රධාන කොටස් 3කට බෙදනවා.
1. සමත භාවනා
2. විදර්ශනා භාවනා
3. කුණ්ඩලීනී භාවනා
වශයෙන්... මං ඔය ඔක්කොම කියලා දෙන්නෙ නෑ. ඔය ඔක්කොම දන්නෙත් නෑ. මං කියලා දෙන්න යන්නෙ කුණ්ඩලීනීයට අදාළ කොටස් විතරයි අඩුපාඩු නැතුව. ඒත් කවදහරි උඹලට භාවනාව වැරදුනොත් ඒකට වගකීම පෞද්ගලිකව මං ගන්නෙ නෑ(ඒත් විශ්වයෙන් ඒ වගකීම මගේ පිටින් යවනවා. ඒ කියන්නෙ උඹලට කොතනකහරි වැරදුනොත් ඒ පව මගේ කර පිටින් යනවා😅) මං පුලුවන් තරම් මට පුලුවන් උපරිමෙන් මං ඉගෙන ගත්ත දේ දෙන්නම්, *නමුත් භාවනාවට අදාල දේවල් විතරයි මින් පස්සෙ.
No comments:
Post a Comment