Saturday, April 11, 2020

නාකි වරු



අද මං කතා කරන්න යන දේ ටිකක් අමුතු දෙයක්. ඒ තමා නාකි වරු ගැන.කව්ද මේ නාකි, ගොඩක් අය කියයි වයසක අයටනෙ නාකි කියන්නෙ කියල. නෑ. ඒත් වයසක අයට නාකි කියන්න හේතුවක් තියෙනව. නාකි වෙනව කියන්නෙ එක්තරා මානසික උසස් වීමක්, ඒ තනතුර ලබා ගන්න සියලු දෙනා වයසයි. ඒ නිසා වයසක අයට නාකි කියනවා.


මොකක්ද නාකි කියන මානසික උසස් භාවය. රාවණ ගෲප් එකේ ඉන්න කවුරුත් කුණ්ඩලිණීය ගැන නොදන්නව වෙන්න බෑනෙ. කුණ්ඩලිණී චක්‍ර 7යි. මේ චක්‍ර 7ම අවදි කිරීම නාකි වීමයි. මේ චක්‍ර වලට අමතරව විශ්වය දක්වා විහිදුනු චක්‍ර තියෙනව. ඒවත් අවදි කරපු ඍෂි වරු අධිනාකි කියල හදුන්වනව. අපි හැමෝම දන්න පුලස්ථි ඍෂි, විශ්‍රව මුණි නාකිවරු.ඒ වගේම රාවණ කියන්නෙ මං කලින් කියපු අධිනාකි තනතුරක් ඉතාම ළාබල වයසකින් ලබා ගත් කෙනෙක්. ඒ පෙර පිං බලය හා සංසාර පුරුද්ද මත ලබා ගත් දෙයක්. නාකි කියන ඒ තනතුර ඉතා අසීරුවෙන් කල් අරන් තමා ලබා ගන්න පුලුවන්. ඉතින් ආදි ඍෂිවරු නාකි භාවයට පත් වෙන විට වයසයි, අපි දන්නව එදා මිනිස්සුන්ට වර්ථමානයට වඩා ආයුෂ තිබ්බ බව. ඉතින් සාමාන්‍ය ජනතාව ඒ අයට නාකි වරු කීම වර්ථමානය දක්වා කටින් කට වයසක උදවියට කියන්න අරන්.


නාකි වීම කියන්නෙ බුදු වීමට පෙර ලබා තිබිය යුතුම දෙයක්. ඒත් අපි කොහෙවත් අහල තියේද සිදුහත් කුමාරයා කුණ්ඩලිණී වැඩූ බවක්, නෑනෙ. ඒත් බෝසථාණන් වහන්සේ පෙර ආත්ම වලදී කුණ්ඩලිණී වැඩුව. ඒ මොකද? හිතන්න බුදුන් ආයු සංස්කාරය අතහැරියෙ අවුරුදු 80න්, කුණ්ඩලිණී වඩන්න ගොඩ කාලයක් යනව කියල කලින් මං කිව්ව. එහෙනම් බුදු වෙන ආත්ම භවයේ කුණ්ඩලිණී වඩන්න හිටිය නම් බුදුවෙන්න ලැබෙන්නෙ නෑ. අපි අහල තියෙනව සිදුහත් කුමාරයා ඉපදුන හැටියෙ නෙලුම් මල් 7ක් උඩ පියමැන්න කියල. මං ඒකෙ සත්‍ය අසත්‍ය දන්නෙ නෑ. ඒත් ඒ සත් පියුමන් මත පිය නැගීමෙන් අර්ථ දැක්වෙන්නෙ එතුම උපතින්ම කුණ්ඩලිණී ශක්තිය රැගෙන ආ බවයි. ඔන්න ඔහොමයි අපි අද නිතරම වයසක අය හඳුන්වන නාකි කියන නම හැදුනෙ. අදින් පස්සෙ නාකි කියන නමේ තේරුම දන්න අය නාකි කියන නම වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ කියල හිතනව. නොදන්න අයටත් ඒ ගැන කියා දෙන්න.

ශ්‍රි ලංකා ඉතිහාසයේ චිත්‍ර කලාවේ නොමැකෙන කළු පැල්ලම



එදා 1967 වර්ෂය ශ්‍රි ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් එක් කරන ලද දිනයකි..අප ඉතිහාසය තුළ කලාවේ, චිත්‍ර කලාවේ තිබූ විශිෂ්ඨ බවට කළු පැල්ලමක් එක් කරන ලද වර්ෂයකි. අප ප්‍රෞඪ ඉතිහාසය ලෝකයට මනාව පෙන්වූ කලා සිතුවමක් ලෙස සීගිරි බිති සිතුවම් පෙන්වා දිය හැකිය..නමුත් 1967 වර්ෂයේ ඔක්තොම්බර් 15 වෙනිදා ඒ ඉතිහාසය වෙනස් වන්නට විය.. කිසියම් පුද්ගලයෙකු විසින් සිගීරි බිතිසිතුවම් විනාශ කර ඒවාට තාර අලේප කර තිබුනි.. නමුත් එය කවුරුන් විසින් කුමන හේතුවක් මත කළාද යන්න අදටත් අභිරහසකි..සිගිරිය ඒ වන විටත් යුනේස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබුනි.. සිතුවම් වලට සිදු වී තිබු විනාසය අතිමහත්ය.. අපේ රටේ පුරාවිද්‍යා අංශයේ නොමැකෙන මතකය වූ සෙනරත් පරණවිතාන මහතා ඒ වන විටත් එම ස්ථානය ට ළගා වී සිදු විනාශය පිළිබදව සොයා බලා කටයුතු කරන්නට විය.. මෙය වහා පිළිසකර කළ යුතු විය, නමුත් එයට අවශ්‍ය දැනුම හා තාක්ෂණික ශිල්පය ඇති කිසිවෙක් ලංකාව තුළ එකල නොසිටියේ ය..


පරණවිතාන මහතාට කළ හැකිව තිබුනේ විදෙස් රටක සහය පැතීම පමණි.. ඒ අනුව එකළ සිතුවම් පිළිබදව සිටි විශිෂ්ඨ ආචාර්යවරයෙකු වූ ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට කැද විය.. ඔහු නොපමාව ශ්‍රී ලංකාවට පැමිණියේ මේ බිතිසිතුවම් පිළිබදව ලෝව පුරා ඇති කීර්තිය නිසාවෙනි. ඔහු තම රාජකාරි කටයුතු ආරම්භ කරුවේ ය..එකල මේ සිදු වීම භාරව සිටියේ ආචාර්ය. ඒ.සි ගොඩකුඹුර මහතායි. ආචාර්ය ලූසියානෝ ගේ සහය සදහා රාජා ද සිල්වා මහතා සහ ඔහුගේ තාක්ෂණික ශිල්පින් පිරිසද ආවේය. 1967 නොවැම්බර් 04දින තම සේවය උපරිමයෙන් ඉටු කල ලූසියානෝ මරාන්සි මහතා තම රාජකාරිය අවසන් කොට ඉතිරි වැඩ කටයුතු රාජා ද ඩයස් මහතාට භාර දී දිවයිනෙන් පිටත් වී ගියේ ය..මා මාතෘකාවේ සදහන් කල ඉතිහාසයෙන් කටු ගෑ දැමූ පුද්ගලයා ලූසියානෝ මරන්සි මහතා ය.. අද අපට ඔහුව මතක නැත, සිගිරි බිති සිතුවම් දෙස බලා සතුටු වන අප ඒ සිතුවම් අද ඒ තත්ත්වයට ගෙන එමට කැප වුනු පුද්ගලයන් පිළිබදව කතා කරන්නේ නැත.. මන්ද අප ඉතිහාසය සෑම විටම පෙන්වන්නේ ශුද්ධ වූ බවක් නිසාය.. අප ඉතිහාසයේ කළු පැල්ලම් අතු ගා දමාය.. ඒවාගෙන් අපට ඉගෙනීමට දෙයක් නැති කර අවසන්ය..


ආවාර්ය ලූසියානෝ මරන්සිගේ දායකත්වය අප ඉතිහාසයෙන් අතු ගා දමා අප එය කළ බවට ලෝකයාට පෙන්වීමට ගත් උත්සහයන් ද ඇති බව පැවැසිය යුතුය.. ඔහුගේ ආගමනයෙන් පසු සිගිරියේ සැගවී තිබූ තවත් සිතුවම් සොයා ගැනීමට හැකි වි තිබේ.. අද ඔවුන්ගේ කැපවීම මත 5 සියවස දක්වා ඇදී යන මේ සිතුවම් අප තවමත් රස විදින්නෙමු..

සූර්යා



සූර්යා යනු භෞතික ලෝකයේ පවැත්ම රදා පවතිනා ශක්ති ප්‍රබවයයි. මුලු මහත් ජීවීන්ම යැපෙන්නේ ඒ සූර්ය ශක්තිය මතය. කවුරුන් කෙසේ ලෞකික වශයෙන් බලවත් වූවත් ඔහුට සූර්යාගේ ශක්තිය පරාදය කල නොහැක. සමස්ත ජීවීන්ගේ පැවැත්ම තීරණය වන්නේ සූර්ය ශක්තිය මතය. අනාදිමත් කාලයක පටන් අපේ මුතුන් මිත්තෝ ඒ පිලිබද දැන සිටියහ. එසේම ඔවුන් සූර්ය ශක්තිය මගින් බොහෝ වැඩ ලබාගත්හ. තමාගේ එදිනෙදා ශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔවුන් සූර්යා යොදාගත්හ. එමෙන්ම තමාට උදව් උපකාර කරන සූර්යාට සැලකීමටද ඔවුන් අමතක නොකලහ. ඔවුන් සූර්යා දෙවියන් වෙනුවෙන් දෙවොල් නිර්මානය කලහ. මෙම සූර්ය දෙවොල් සංකල්පය ලෝකය පුරා ව්‍යාප්ත වූයේ සූර්යාගේ වැදගත්කම ඔවුන් දැනසිටි බැවිනි. අද ලෝකය පුරා හිරු දෙවියන් නමස්කාර කිරීම සදහා ඉදිවූ දෙවොල් වල නටඹුන් දැකිය හැක. ලොව පුරා ප්‍රසිද්ධ යැයි සම්මත ශිෂ්ඨාචාරයන් ඒ සූර්ය නමස්කාරය සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එහෙත් ඒ සූර්ය නමස්කාරය කවුරුන් විසින් කොහිදී අරඹන ලද්දක්දැයි බොහෝ දෙනෙකු නොදන්නේය. සූර්ය වන්දනාවේ නිර්මාපකයන් වූයේ අනාදිමත් කාලයක පටන් සූර්ය වන්දනාවට යොමු වූ එමෙන්ම සූර්ය ශක්තියෙන් අප්‍රමාණ වැඩ ලබාගත්තාවූ හෙලදිව ජීවත් වූ සූර්ය වංශිකයෝය.


මේ සූර්ය වන්දනාව හෙලදිවට මහා භාරතයෙන් පැමිනි දෙයක් යැයි ඇතැම් උගතුන් කියයි. නමුත් සත්‍ය වශයෙන්ම වී ඇත්තේ හෙලදිව තිබූ සූර්ය වන්දනාව ඉන්දියානුවන් විසින් අනුකරණය කිරීමය. මෙම සූර්ය වන්දනාව එදා පටන් අද දක්වා නොකඩවා අනුගමනය කිරීමට හෙලදිව ජනයා පුරුදු වී තිබේ. සාමාන්‍යයෙන් සූර්ය වන්දනාව සිදු කරන්නේ උදෑසන හා සවස් කාලයේදීය. එම දෛනික සූර්ය වන්දනාව හෙලදිවින් ඈත් වුවද සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමනය නිමිති කරගෙන වසරකට එක්වරක් සූර්ය මංගල්‍යයක් පැවැත්වීම හෙලදිව ජනයා අමතක නොකරේය. මෙම සූර්ය මංගලය් සාමාන්‍යයෙන් පවත්වන්නේ අප්‍රේල් 13,14 වැනි දිනයන්හීදීය.සිව් හෙලයට සූර්යා මුදුන්වන මේ දින සූර්ය නමස්කාරයට සුදුසු බව ‍තෝරගත්තේ පුලස්ති සෘෂිවරයා බව "සූර්‍ය නමස්කාරය" නැමැති පැරණි පුස්කොල පොතේ සදහන්ය.කලියුග වර්ෂ විසිහයදහස් එකසීයේදී රාජ්‍යත්වයට පත් මහා සම්මත මනු ඔහුගේ අගනුවර කරගත්තේ මන්නාරමයි. මහා සම්මත මනු රජුගේ අගනුවර වූ මෙම මන්නාරම් නුවරට හරි ඉහලින් අස්විද නැකතින් සිව්හෙළයට හිරුරැස් වැටෙන අවස්ථාව එවකට සිව්හෙළයේ සූර්ය මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කර ඇත. ශාස්තපති ධනේෂ් කොඩිප්පිලි මහතාගේ හෙළන්කා කෘතියේ සඳහන් කර ඇති ගනනය කිරීම් වලට අනුව වර්ෂ 2012දී අප සමරනු ලබන්නේ 30212 වන සිව්හෙළ සූර්ය මංගල්‍යයයි.අතීතයේ හෙලදිව ජීවත් වූ රාවණා වැනි රජවරුන් දෛනික සූර්‍ය නමස්කාරයේ යෙදී ඇති අතර ගෝතම බුද්ධ කාලය වනවිටත් හෙලදිව සිටි ජනයා සූර්‍ය වන්දනාව බොහෝ ජනප්‍රිය අන්දමින් සිදු කර ඇත.



එදා මුතුන් මිත්තන් සූර්‍ය වන්දනාව සදහා ඉදිකල හිරු දෙවිල් අදටත් හෙලදිව අප්‍රකටව හා ආරක්ශා සහිතව සැගවී පවතින බව දන්නෝ දනිති.සෝමසිරි විජයවර්ධන මහතාගේජෝතිෂ්‍ය අත්පොත නම් කෘතියේ සඳහන් පරිදි සූර්ය දේව වන්දනාව කළ හෙළයෝ සූර්ය දෙවියන් පා තබන ස්ථාන යැයි සලකූ ස්ථාන වල දෙවොල ඉදිකර විශාල පාද ලාංඡන පිහිටුවා වන්දනාමාන කර ඇත. එහි සඳහන් පරිදි හෙළයන්ගේ මෙවැනි පුදබිම් දෙකක සමන්තකූටය සහ දෙවුන්දර. එදා හෙළයන්ගේ සූර්ය වන්දනාව අදටද ශීපාදස්ථානයට වන්දනාවේ යන බැතිමතුන් විසින් සිදුකරනු අපට දැකගත හැකිය. තවද දෙවුන්දර මුහුදු තීරයේ ගල්ගණේකන්ද නම් ගලෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල එදා දෙවුන්දර හිරුගල් දෙවොල යැයි විශ්වාස කළ හැකිය.



මෙම සූර්යා සහා සූර්‍ය වන්දනාව පිලිබදව අපට බෞද්ධ මූලාශ්‍රයන්ද සොයා ගත හැක. මෝර පිරිතේ දැක්වෙන අන්දමට බෝසතානෝද පෙර භවයක සූර්‍ය වන්දනාවේ යෙදුනු බව දැක්වේ.



“උදෙතයං චක්ඛුමා එකරාජා - හරිස්සවණ්ණො
පඨවිජ්‍ය භාසො - තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිජ්‍ය භාසං - තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං”


සිද්ධාර්ථ බෝධිසත්වයන් මවු කුස පිළිසිඳගත් සමයේදී ද සූර්ය වංශිකයකු වූ සුදොවුන් රජු වප් මඟුල් උත්සව පැවැත්වූ බවද ඒ ඇසළ උත්සව සමය බව ද කියැවේ. එසේම අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ, මහා වග්ගයෙහි එන සත්ත සූරියග්ගමන සූත්‍රයෙහි සම්මත අරුත් සලකා බැලූ කල සූර්යාගේ බලපෑම මගින් පෘතුවිතලයේ අවසාන කාලයද තීරණය වන බව විස්තර කර ඇත. තවද සූර්ය පිරිතේද රාහු හා සූර්ය දෙවිදු අතර වන ගැ‍ටුමක් පිලිබ්දවද විස්තර කර ඇති අතර ත්‍රිපිටකයේ ඇතැම් ස්ථානවල සූර්ය නමින් හැදින්වූ පුද්ගලයන්ද සිටි බව පැහැදිලි වේ.



කෙසේ වෙතත් ජෛතිශ්‍යයට අනුව සූර්යා "රවි" ලෙස හදුන්වයි. එදා ජීවත් වූ සූර්යාගෙන් නිකුත්වන කිරණ ශක්තීන් පිලිබදවද මනා වැටහීමක් තිබූ අය විය. යක්ශ ගෝතිකයන්ගේ භාෂාවේ රකුන් සැර නමින් අක්ෂරයක් තිබී ඇත. එහි සැර ලෙස රශ්මිය හෙවත් කිරණය දක්වන අතර රකුන් ලෙස සූර්යා දක්වා ඇති බවද සූර්යාගෙන් නිකුත්වන කිරණ සතරක් පිලිබදවද යක්ශ ගෝත්‍රික භාෂාව හා රවි ශෛලාශ වංශ කථාව කෘතියේ පෙන්වා දී ඇත.



(1)කේටකී රකුන් සැර අක්ෂරය
(2)උජාලි රකුන් සැර අක්ෂරය
(3)කාවලී රකුන් සැර අක්ෂරය
(4)කාවරී රකුන් සැර අක්ෂරය


ගුපත විද්‍යාවේදී බල උත්පාදනය සදහා ද තේජස ගුණය ආශිර්වාදය සදහාද මේ රකුන් සැර අක්ශරය භාවිතා කර ඇති අතර වරින් වර මේ කිරණ ශක්තීන්ගේ බලපෑම හේතු කරගෙන ස්වභාවය තුල ඇති වෙන වෙනස්කම් හා මිනිසාට මෙය කවරාකාරයෙන් බලපානවාද යන්න අධ්‍යනය කිරීමත් මෙයින් සිදු වී ඇති බව තව දුරටත් විස්තර වේ.


සූර්යාගේ ශක්තිය පිලිබදව දැන සිටි එදා මුතුන් මිත්තන් සූර්ය වන්දනාව කිරීමේ අරමුණු හා එයින් ලැබෙන ඵල පිලිබදව මනාවට දැන සිටින්නට ඇත.සුපුරුදු ලෙසින් සූර්ය වන්දනාව හෙලදිවින් සොරාගත් ඉන්දියානුවන් එයට අඩුම කුඩුම එකතු කර එම වන්දනා ක්‍රමය තමන් නිර්මාණය කරන ලද්දක් බව ලෝකයා හමුවේ තබන ලදී. මීට වසර 2300කට පමණ පෙර මහා භාරතයේ පහල වූ සතාංජලී නම් මහා යෝගිවරයා විසින් සම්පාදිත යෝග සූත්‍ර නැමැති ග්‍රන්ථය මගින් යෝග ක්‍රමයන් සමග මේ සූර්‍ය නමස්කාරයත් පසුකාලීන ලෝකය පුරා ජනප්‍රිය විය.


සූර්ය නමස්කාරය සදහා ඉරියව් දොලසක් ඇති අතර ඒ සදහා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨයන් නමින් පාඨ දොලසක් භාවිතා කරයි. ඒ පාඨ දොලස මෙසේ දැක්විය හැක.



ඕම් මිත‍්‍රාය නමහඃ
ඕම් රාවයේ නමහඃ
ඕම් සූර්යාය නමහඃ
ඕම් භානවේ නමහඃ
ඕම් ඛගාය නමහඃ
ඕම් පුෂ්නෛහ් නමහඃ
ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ
ඕම් මරිචයේ නමහඃ
ඕම් ආදිත්‍යාය නමහඃ
ඕම් සාවිත‍්‍රයේ නමහඃ
ඕම් අර්ක්‍යාය නමහඃ
ඕම් භාෂ්කරාය නමහඃ



සූර්ය නමස්කාරය සදහා විවිධ මන්ත්‍ර ක්‍රමද භාවිතා කෙරේ. "ඕං හර හර සර්වකාලී සුරු නීප්‍රවේදනී අෂ්ට ගුරු හරනී උං උං උරනි ඕං ඕං කාලී විං විං වීන ධාරණී යං යං..................." අදී වශයෙන් දැක්වෙන්නේ එසේ වූ බලගතු සූර්ය නමස්කාරයක සුලු කොටසකි. මීට අමතරව මන්ත්‍ර සාස්ත්‍රය තුල සූර්ය දපනය වැනි සූර්යා උපකාර කරගෙන සිදුකරන වශීකර්මයන්ද බොහෝ ඇත. කෙසේ ගත්තද සූර්යා වැදගත් ශක්ති ප්‍රබවයක් බව මේවායින් පැහැදිලි කරගත හැක.



සූර්ය නමස්කාරය පිලිබදව වෙදසරහි ඵලවූ ලිපියක් මගින් මේ සූර්ය නමස්කාරය ශරීර සෞඛ්‍ය කෙරෙහි කෙබදු බලපෑමක් කරන්නේද යන්න පැහැදිලි කරන ලදී. එය මෙසේ දැක්විය හැක.සූර්ය නමස්කාරය යනු සූර්ය දෙවියන් වෙනුවෙන් සිදුකරන වන්දනා ක‍්‍රමයක් ලෙස ද අර්ථ ගැන්වෙන අතර එය යෝග අභ්‍යාසයක් ලෙස පුරුදු පුහුණු වීම තුළින් කායික මානසික සුවය ල`ගාකරගත හැක. එනම් සූර්ය නමස්කාරය ආසන හා ප‍්‍රාණායාම යන දෙයාකාරයෙන් එනම් ශාරිරික ක‍්‍රියාකාරකම් හා ශ්වසන ක‍්‍රියාකාරකම් වලින් සමන්විත පරිපූණ_ ක‍්‍රියාකාරකම් මාලාවකි. ප‍්‍රාණායාම හෙවත් ශ්වසන ව්‍යායාම මගින් ශරිර අභ්‍යන්තරයට ගනු ලබන ඔක්සිජන් මගින් ශ්වසන පද්ධතියේ හා රුධිර සංසරන පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය වැඩි කරයි. ඒ තුළින් රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය මනාලෙස සිදු කෙරේ. පටක වලට ඔක්සිජනීකෘත රුධිරය මනාලෙස ලැබිමෙන් ඒවායේ මනා පැවැත්මක් ඇතිකෙරේ. එසේම ආසන පුරුදු පුහුණු කිරීම තුළින් ශරිරයේ ශක්ති දහනය ක‍්‍රමවත් ව සිදුවීමෙන් ශරිරයේ තැන්පත් ව ඇත්තාවු මේද කොටස් දහනයෙන් ශක්තිය නිෂ්පාදනය කෙරේ. එතුළින් ශරිර පටක වල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම පාලනය වේ.


සූර්ය නමස්කාරය බොහෝ විට සිදුකරන්නේ උදෑසන සූර්යයා වෙනුවෙන් වන නමුත් සන්ධ්‍යාවේ වුව ද සිදු කිරීම වරදක් නොවේ. ඉතා පහසුවෙන් සිදුකළ හැකි පහත දැක්වෙන ආකාරයේ සරළ පියවර කිහිපයකින් යුතු මෙම අභ්‍යාසය දිනකට විනාඩි 20 - 30 කාලයක් සිදු කිරීම ප‍්‍රමාණවත් ය. අතුරු ආබාධ ඇති නො කරන්නාවූ සූර්ය නමස්කාර යෝග අභ්‍යාසයේ යෙදුම මගින් අම්ල පිත්ත (බඬේ දැවිල්ල*, අතිස්ථෞල්‍ය හෙවත් අධික තරබාරු බව, රස නො දැනීම, මතක ශක්තිය අඩු වීම, අරුචිය, සන්ධි ප‍්‍රදාහය හෙවත් සන්ධි ඉදිමීම, උණ්ඩුකපුච්ඡු ප‍්‍රදාහය, ඇදුම, තට්ටය පැදීම, කොන්දේ වේදනාව, කුරුලෑ, පීනස, ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත ආබාධ, මල බද්ධය, කැස්ස හා උගුරේ ආබාධ, දියවැඩියාව, පාචනය, කණ_ ආබාධ, මීමැස්මොර, මුඛ දුර්ගන්ධය, හිසරදය, හෘද රෝග, අධික රුධිර පීඩනය, රුධිර පීඩනය අඩුවීම, හර්නියා, මානසික රෝග, ලිංගයේ අප‍්‍රාණිකත්වය, ආහාර අජීර්ණය, සෙම්ප‍්‍රතිශ්‍යාව, නින්ද නො යාම, සෙංගමාලය, වකුගඩු ආබාධ,පාදවල වේදනාව, අක්මාව ආශ‍්‍රිත ආබාධ, ඉරුවාරදය, මාංශ පේෂින්ගේ වේදනාව, ස්නායු රෝග, අංශභාග රෝගය, ආමවාත ජ්වර හෙවත් උණ, දත් කැක්කුම, සෙම්ගෙඩි, ලිංගික බෙලහීනතාව, වන්ධ්‍යාභාවය, අමාශගත හා ගර්භාෂගත පිලිකා ආදි වශයෙන් වූ විශාල රෝග සංඛ්‍යාවකට පිළියම් යෙදිය හැකි ය. බොහෝ විට ඒ පිළිබ`ද ව සැක සංකා මතු විය හැකි වුව ද නවීන වෛද්‍ය විද්‍යාත්මක පරියේෂණයන් තුළින් ද උක්ත කරුණු කාරණා බොහෝමයක් විද්‍යාත්මක ව සනාථ කොට ඇත. එබැවින් බටහිර ලෝකය අද ඉතා සීඝ‍්‍රයෙන් මෙම අභ්‍යාස වෙත නැඹුරුවෙමින් සිටි. මෙහි දී ප‍්‍රධාන වශයෙන් රූපලාවන්‍ය ක්‍ෂෙත‍්‍රය තුළට මෙම යෝග අභ්‍යාස අන්තර්ග‍්‍රහනය කර ගැනීමේ ප‍්‍රවණතාවක් දක්වයි. එයට හේතුව වන්නේ වර්තමාන සමාජය තම බාහිර පෙනුම එනම් තම රූ සපුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.



සූර්ය නමස්කාරය පහත දැක්වෙන පියවරයන්ගෙන් යුක්ත වේ.


රූප සටහන්හි දැක්වෙන පියවර අනුගමන කරමින් සූර්ය නමස්කාර ව්‍යායාමයන්හි යෙදීමෙන් ශරිරයේ බර සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැක. එනම්, ස්වායු ක‍්‍රියාකාරකම් ශරිරයේ අධික ලෙස තැන්පත් ව ඇති මේදය දහනය කිරීම මගින් ඊඵෂ අගය එනම් ඊදාහ ඵ්ිි ෂබාැං නම් දර්ශකය නිසි පරිදි පවතවාගෙන යා හැකි බව පර්යේෂණාත්මක ව තහවුරු කර අත. එමගින් දඉැිසඑහ හෙවත් අධික තරබාරුව නැති කර ශරිරයේ මනා හැඩයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ.


මෙම යෝග අභ්‍යාසයන්හි රූප සටහන්හි පෙන්වා ඇති දෙවන, තෙවන, සිවුවන, සත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන පියවරයන් මගින් උදර මාංශපේශීන් හා ඉන පිටුපස මාංශපේශීන් ආතතියට ලක්වේ. එමගින් උදරයේ සහ ඉ`ගටිය ප‍්‍රදේශයේ මස්පිඩු එල්ලා වැටීම පාලනය වේ. එසේම දෙවන, සයවන, සත්වන. අටවන හා එකලොස්වන පියවරයන් මගින් බෙල්ලේ මාංශපේශීන්ට ව්‍යායාම සිදුවන අතර එමගින් බෙල්ලේ මාංශපේශීන් ශක්තිමත් වේ. දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන පියවරයන් මගින් බාහුවල මාංශපේශීන් වල එල්ලා වැටීමේ ස්වභාවය පාලනය කෙරේ. වයස්ගත වීමත් සමග බොහෝ විට උඩ බාහුවේ මාංශපේශීන්ගේ ශක්තිමත් භාවය අඩුවීම නිසා ඇතිවන මෙම තත්වයට සූර්ය නමස්කාරය මනා පිළියමකි. එසේම දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකලොස්වන පියවරයන් මගින් පාද වල මාංශපේශීින් සදහා ව්‍යායාම සපයන අතර මෙමගින් විශේෂයෙන් කලවා මාංශපේශි හා කෙණ්ඩා ශක්තිමත් වීම සිදුවේ. එබැවින් සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම සදහා මෙම සූර්ය නමස්කාරය ආසන වලින් මනා රුකුලක් ලැබේ.


එසේම සූර්ය නමස්කාරය ප‍්‍රාණායාම ලෙස හදුන්වන ශ්වසන ව්‍යායාම කාණ්ඩයන්ද සමන්විත වේ. මෙම ශ්වසන ව්‍යායාම මගින්ද උදර හා බෙල්ලේ මාංශපේශීින් ශක්තිමත් වීම සිදුවේ. තවද පපු ප‍්‍රදේශයට ව්‍යායාම සිදු වීමද වේ. ගායකයන් හා සංගීතඥයන් ස්වර අභ්‍යාස වලට මෙන්ම මෙම යෝග අභ්‍යාසයන්ට ද දැඩි උනන්දුවක් දක්වන්නේ එය ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීමට රුකුලක් වන බැවිනි. විශේෂයෙන්ම ශ්වසන ව්‍යායාම මගින් රුධිරය පවිත‍්‍ර කිරීම සිදුවන නිසා එය චම_යට බලපායි. එසේම අහාර ජීර්ණය හා අවශොෂනය නිසි පරිදි සිදුවීම තුළින් පෝෂ්‍ය පදාර්ථ නිසි ආකාරව ලැබිමද ඡුවි වණ_යට එනම් (ිනසබ ජදපචකැංසදබ* ප‍්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට මෙය ඉතා වැදගත් වේ. රූපලාවන්‍ය ගැන කථා කිරීමේදී මානසික සුවතාව ඉතා වැදගත් වේ. මානසික පීඩනය රෝග රැුසකට මුල්වන අතර එමගින් පුද්ගල පෞරුෂයටද හානි පමුණුවයි. මානසික පීඩනය, හිසකෙස් යාම, තට්ටය පෑදීම. මුහුණේ කුරුලෑ ඒම, කඵ පැල්ලම් ඇතිවීම, ඇස්යට කඵවීම, මුහුණේ මාංශපේශීන් එල්ලා වැටීම ආදී වූ රුව අවලස්සන කරන්නා වූ කරුණු කාරණා වලට මග පාදයි. යෝග ව්‍යායාම මගින් ඇති කරන මානසික ඒකාග‍්‍රතාව තුලින් ඉහත තත්වයන්ට පිළියම් සැපයේ. තවද මෙම අභ්‍යාස වල නිරත වීමේදී ආහාර අරුචිය නැතිවන අතර ආහාර මනා ලෙස පරිපචනය වන නිසා පෝෂ්‍ය පදාර්ථ පටක වලට නිසිපරිදි ලැබේ. ඒ තුලින් ඒවායේ මනා පැවැත්මක් ඇතිවන අතර වයසට යාම නම් වන මිනිසා විසින් පාලනය කිරීමට ඉමහත් වෑයමක් දරන්නා වූ ස්වාභාවික සංසිද්ධිය බොහෝ දුරට පාලනය කිරීමේ හා ප‍්‍රමාද කිරීමේ හැකියාව ලැබේ. එමගින් සෑම මනුෂ්‍යයකුම දැඩි ඇල්මක් දක්වන තාරුණ්‍යයේ රූප කාය හා මානසික ශක්තිය නිරෝගිව දිගු කලක් පවත්වා ගැනීමට හැකිවීම දායාදයක් ලෙස සැලකිය හැකිය.



එසේ හෙයින් රෝග නිවාරනයත්, නිරෝගී භාවය සුරැකීමත්, තුලින් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කිරීම සදහා තම දෛනික චර්යාවන් අතරට සූර්ය නමස්කාර යෝග ව්‍යායාම පුරුදු පුහුණුකර පවත්වාගෙන යාම පෙර අපර දිග ජාති, ආගම් කුළ හා සංස්කෘතිකමය බාධාවන්ගෙන් තොරවුත් කාලීන වූත් යෝග්‍යතාවක් ලෙස හදුන්වාදිය හැකි ය.


තවත් වැදගත් දෙයක් මතක් කල යුතුය. 13/11/2012 දින විශේෂ සිදුවීමක්ද සූර්යා ඇසුරු කරගෙන අත්විදීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබිනි. එම අභ්‍යාසය එදින සිදු කල අන්දම මෙසේ කෙටියෙන් විස්තර කල හැක.එදින මධ්‍යන 12 පසුවී විනාඩි 12ට(ප.ව.12:12) හිරු එලිය වැටෙන ස්ථානයකය ගොස් සිත එකගතාවයකට පත් කර දෑස් පියාගෙන නැගෙනහිර දිශාව බලා සිරිමහ බෝධීන්වහන්සේගේ අඩවියට අයත් අනුරාදපුර කොට්ටියාරම දෙවොලේ බෝධී මූලයේ ධ්‍යාන ගතව වැඩ සිටින මිහිදු බෝධිසත්ව සූර්ය දිව්‍යරාජයන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායැයි කියා සිතීමෙන්,අධිෂ්ඨාන කිරීමෙන්,මෙනෙහි කිරීමෙන් යම් ශක්තියක් අත්විදීමට හැකිවිය. මේ අභ්‍යාසය දැනුදු ඔබට සූර්ය නමස්කාරයට සමගාමීව සිදු කර බැලීමට හැකි බව කිව යුතුය. එය සූර්ය ශක්තිය හරහා අත්විදිය හැකි තවත් එක් අත්දැකීමක් වනු ඇත.


මේ අනුව සලකා බලන කල සූර්ය වන්දනාව යහපත් පුරුද්දක් මෙන්ම හොද මානසික හා කායික ව්‍යායාමයක් බව පැහැදිලිය. අතීතයේ හෙල ජනයා භාවිතා කල මේ සූර්ය වන්දනාව අපෙන් ඈත් වී තිබුනද වර්ථමානයේ බොහෝ දෙනා සූර්ය වන්දනාව සිදු කිරීම නැවත ආරම්බ කර ඇත. මේ සදහා ලොකු වියදමක් හෝ විශාල කාලයක් ගත නොවන අතර නිසා සූර්ය වන්දනාව දෛනික ජීවිතයට එකතු කරගන්නේනම් විශාල පි‍ටුවහලක් වනු ඇත. සූර්ය වන්දනාව ගැන කරුණු රාශියක් ඇතත් මෙසේ දක්වා ඇත්තේ ඉන් ස්වල්පයක් පමණි.

රාවණ අධිරාජයා



ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරයන්හි ඉමහත් කීර්තියට හා සම්භාවනාවට පත් හෙළ විරුවෙක්‌ වූ රාවණ අධිරාජයා පිළිබඳව දශකයෙන් දශකය, සියවසින් සියවස, විවිධ මතිමතාන්තර පළවීම පුදුමයට කරුණක්‌ නොවේ. රාවණයින් පිළිබඳව එවැනි උද්ඝෝෂණ, එවැනි මතිමතාන්තර පළනොවන්නේ නම් එය පුදුමයට කරුණකි. නමුත් රාවණයෝ මිත්‍යාවට බරවීම බුද්ධිමත් සැමදෙන විමසා බැලිය යුතු කරුණකි.


හිස්‌ දහයක්‌ අත් විස්‌සක්‌, ඇස්‌ විස්‌සක්‌, දත් 320 ක්‌ වශයෙන් රාවණ රූපය වර්ණනා කිරීම අද බොහෝ දෙනෙක්‌ කතා කරන මිත්‍යාවට හේතු භූත වූ බැව් අප පර්යේෂණවලින් තහවුරු වූ බැව් පළමුව කිව යුතුය. (The Cultured Heritage of King Rawana)



මිථ්‍යාව



ලෝකයේ පහළවන අන් සතුන්ට වඩා වෙනස්‌ යම් සත්ත්වයෙක්‌ සිටී නම් ඔහු හෝ ඇය මිථ්‍යාවට හසුවෙනු සැක නැත. මහා විෂ්ණු දෙවිඳුට එක්‌ හිසක්‌ සහ අත් හතරක්‌ පෙන්වා ඇත. එමෙන්ම ගණ දෙවිඳුට අත් හතරක්‌ අලි මුහුණක්‌, විශාල උදරයක්‌ ද ඔහුගේ වාහනය ලෙස මී පැටියෙක්‌ ද පෙන්වා ඇත. ස්‌කන්ධ දෙවි මුහුණු සයකින් හා අත් දොළොසකින් ද චිත්‍රයට නංවා ඇත. රාවණ චරිතය ඊටත් වඩා ඉහළින් වර්ණනා කළ චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් රාවණට හිස්‌ දහයක්‌ හා අත් විස්‌සක්‌ දී චිත්‍ර ගත කර ඇත. අතීතයේ ලේඛකයන් හා කවීන් ද රාවණා චරිතය අතිශයෝක්‌තියෙන් (EXAGGARATION) වර්ණනා කිරීම නිසා ධීර වීර රාවණයෝ ඇතැමෙකුගේ සැකයටත්, අවිශ්වාසයටත්, පාත්‍රවීම නිසා මිථ්‍යාවක්‌ ලෙස සැලකීමට සමහරු පුරුදු වූහ. (රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය. (එ)



මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ. එබැවින් සිය සැළලිහිණි සංදේශයේ එක්‌ පැදියකින් රාවණ රජතුමා පිළිබඳ සිහිගැන්වීමක්‌ කර ඇත.



තුන් ලෝ තමා නතුකළ රවුළු සොහොයු රූ
තුන්කල් බලා රමිඳුට ඉටු මිතු රූ
තුන් වේ ඇඳුරු පුලතිසි කුල මණ මිතු රූ
තුන් විටකම වඳු එසිරිඳු පා තඹු රූ


තොටගමුවේ සිරි රහල් සඟ රජ මා හිමිපාණෝ වීභීෂණට නමස්‌කාරය කරමින් රාවණයින්ගේ ගුණ වැනූ අන්දම සැළලිහිණි සංදේශයේ 92 වැනි පද්‍යයෙන් මෙසේ පෙනී යයි.



මෑත යුගයේ සිටි මහා ඉතිහාසඥයෙක්‌ වූ මහාචාර්ය හාන්දු පැල්පොල පුඤ්ඤරතන නාහිමිපාණෝ ද රාවණ රජු ගැන භක්‌තියක්‌ තිබුණු ඉතිහාසඥයෙකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්‌වා පැවති රාවණ කොඩිය කොත්මලේ කොඩිය ලෙස රාජ සම්මත කළේ කීර්ති ශ්‍රී රාජසිංහ
- (1747 - 1781) රජතුමාය. (මන්දාරම් පුවත)


මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අපවත්වී වදාළ අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසේකර හිමිපාණෝ දැනට දශක කීපයකට පෙර රාවණ රජුගේ නොදිරන දේහය නුවරඑළිය කඳුකරයේ ඇති බැව් පුවත්පත් ලිපියකින් හෙළිදරව් කළහ. එයට ප්‍රතිචාර ලෙස "රාවණ කෙප්පය" මැයෙන් මහාචාර්ය පරණවිතාන මහතා එම ලිපියට විරෝධය පළකර ඇත. කතළුව අටදානවත්ත වලව්වේ රාජකීය පණ්‌ඩිත දොන් කොන්ස්‌ටන් ඔබේසේකර නමැති මේ ලියුම්කරුගේ ඥාතියා රාවණ රජු ගැන මෙසේ කියා ඇත.


රාවණ               ඇත්තා
හෙළ දැයේ      මී මුත්තා
දස බලය            ඇත්තා
ලොවේ මහ වික්‌ මැත්තා



(අමුද්‍රිත කවි එකතුව - 62 වැනි පද්‍යය) අපවත් වී වදාළ බද්දේගම විමලවංශ අනුනායක හිමිපාණෝ සිළුමිණ 1991 නොවැම්බර් 17 පත්‍රයට සපයා ඇත දීර්ඝ ලිsපියේ එක්‌ කොටසක්‌ ද මෙම ලිපියට ඇතුළත් කරන්නේ යක්‍ෂයන් කවුරුන්දැයි අවබෝධ කර ගැනීම පිණිසයි.



"දම්පියා අටුවාව ආදී පොත් යක්‍ෂ ජනතාව හඳුන්වා දී ඇත්තේ හෙළ යන නමිනි. දම්පියා අටුවාවේ පැහැදිලිවම කියන්නේ මෙරට ආදි ජනතාව හෙළයන් බවය. යක්‍ෂ, නාග දෙපිරිසම කතා කළේ හෙළ බසිනි. කුවේර නමින් සිටියේ යක්‍ෂ නායකයෙකි". රාවණ රජුගේ වැඩිමහල් සොයුරු කුවේර ගැන දම්පියා අටුවාව පිළිගනී නම්, කුවේරගේ මලණුවන් වූ රාවණ පිළිනොගන්නේ ඇයි? යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ ගෝත්‍රිකයන් මිනිස්‌ පිරිසකි. ඔවුන් මේ රටේ උරුමක්‌කාරයෝය.


ශ්‍රී ලංකාවේ හිටපු ඇමැතිවරයෙක්‌ වූද කථානායකවරයෙක්‌ වූ ද ගරු වි.ජ.මු. ලොකුබණ්‌ඩාර අධිනීතිඥතුමා රාවණ ගැන මෙසේ පවසා ඇත. "රාවණ කියන්නේ ඉතා හොඳ පූජනීය කෙනෙක්‌. එසේ මෙසේ කෙනෙක්‌ නොවේ. "අර්ක ප්‍රකාශ" වැනි වෛද්‍ය ග්‍රන්ථ එතුමා රචනා කළා. "ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත්‍ර" වැනි ග්‍රන්ථ එතුමා රචනා කළා. අපි සැබැවින් ද ආර්යයෝ මුටසීව රජතුමා ත්‍රී මූර්තියට සැලකුවේ.
- (හැන්සාඩ් - 1981 ජූලි 24 - පී. 1284)



හෙළ හවුලේ නායක ගුරු දෙවි කුමාරණතුංග මුනිදාස සූරීන් රාවණ චරිතය බහුමානයෙන් විමර්ශනයට ලක්‌කළ අග්‍රගණයේ පඬුවෙකි. අලවි ඉසි සැබිහෙළයෝ ද, කුමරතුඟු ගෝල බාලයන් වූ මහා කවි රැපියල් තෙන්නකෝන්, මහානාම දිසානායක, ජයන්ත වීරසේකර, අරිසෙන් අහුබුදු ආදී විද්වතුන්ගේ සම්භාවනාවට රාවණ රජතුමා ලක්‌ වූ බැව් අපි දනිමු.



රාවණාගේ පරපුර


මහා බ්‍රහ්මයාගේ පුත් පුලස්‌ථි සෘෂිවරයා රාවණ පරපුරේ ආදී පුරුෂයා ලෙස රාමායණය ඇතුළු මූලාශ්‍ර රැසක සඳහන්ව ඇත. මෙම පිරිස යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ හෙළයන් සම්මිශ්‍රණය වූ පරපුරක්‌ ලෙස සිතිය හැක. එම කාලයේ ලක්‌දිව - සිංහලේ කුලභේදයක්‌ නොතිබුණු බවට අපමණ සාක්‍ෂි ඇත. මෙහි ඉහත සඳහන් සිව් කුලයටම සමාන පිළිගැනීමක්‌ තිබිණි. සතර වරම් දෙව් සංකල්පය ඊට නිදසුනකි.



උතුරු දේශයට අධිපති වූයේ යක්‍ෂ ගෝත්‍රික වෛශ්‍රවණය. යක්‍ෂ, නාග, දේව, පිසාච ගෝත්‍රිකයන් ලක්‌දිව විසූ බැව් මහාවංශයට සිය වසකට පෙර ලියන ලද දීපවංශයේ සඳහන්වේ.



(ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය - පිටු( 09)


උත්තරංච දිසං රාජා
සෝ යක්‌ඛාධිපති යසෝ
වෙස්‌සවන්ණෝ මහාරාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු


කුම්භාණ්‌ඩ හෙවත් දකුණට අධිපති දේව ගෝත්‍රික වරුළයට වන්දනා කිරීම(


දක්‌ඛංච දිසං රාජා
කුම්භාණ්‌ඩාධිපති යසෝ
විරුළ හෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු



ගන්ධබ්බ ගෝත්‍රයට අයත් ධෘතරාශ්ට්‍ර නැගෙනහිරට අධිපතියාය.


පූරි මංච දිසං රාජා
ගණ්‌ධබ්භාධිපති යසෝ
ධත රට්‌බෝ දේව රාජානඃ
ඉදං පුඤ්ඤාණු මෝද තු


පශ්චිම දිසාවේ අධිපති ධුරය හිමිවූයේ විරූපාක්‍ෂයන්ටය. ඔහු නාග ගෝත්‍රිකයෙකි.


පංච මංච දිසං රාජා
සෝ නාගාධිපති යසෝ
විරූපක්‌ඛෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු



දහම් එළිය - පිටු 216, 217 කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමි)



මහා බ්‍රහ්මයාට දරුවන් 13 කි. එයින් තිදෙනෙක්‌ ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. එනම් මරිචි, මනු සහ පුලස්‌ථිය. මරිචිගේ පුත්‍රයා කසිපර්ය. කසිපර්ගේ දරුවන් වූයේ ඉන්ද්‍ර, වරුණ සහ සූර්යයාය. සූර්යයාගේ පුත්‍රයා සමය.මනුට ප්‍රජාපතී නම් පුතෙකි. ප්‍රජාපතීට අග්නි, වායු සහ සෝමබන්දු නම් පුතුන් තිදෙනෙකි. පුලස්‌ථිගේ බිරිඳ දේව වංශික දේවවරුණීය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌ගේ පුත්‍රයා කුවේර හෙවත් විශ්‍රවස්‌මුණිය. විශ්‍රවස්‌මුණිගේ දෙටු පුත්‍රයා ද කුවේරය.



ලෝකයේ අට දිශාව පාලනය කළේ මෙම පිරිසය. කුවේර ලෝකයේ උතුරු දෙසද, යම දකුණු දෙසද, වරුණ බස්‌නාහිර ද, චන්ද්‍ර ගිණිකොන ද, සූර්ය ඊසාන දෙස ද ආරක්‍ෂකයන් වූහ. (Rawana The Great - p.14)


කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිව් දෙනෙක්‌ සමඟ විවාහ වී ඇත. එනම් පුශ්පෝත්කටා, කාලයී, සුමාලින් යක්‌ රජුගේ දියණියන් වූ කේකසී (කේසනි) දේව වංශික කුමරියක්‌ වූ පුලස්‌තිගේ බිරිඳ ද දේව වර්ණ නමින් යුත් කුමරියක්‌ වීම විමසා බැලිය යුත්තකි. මෙම විවාහ සම්බන්ධතා නාම විවිධ මූලාශ්‍රවල පරස්‌පර විරෝධී බැව් කිව යුතුය. විශ්‍රවස්‌මුණි හෙවත් කුවේරගේ පළමු බිරිඳ වූ පුෂ්පොත්කටා කුමරියට දරුවන් පස්‌ දෙනකි. එනම් කර්ණ, මහෝදරී, මරච, ප්‍රපාට්‌නි සහ කුම්භිනාසිය. තෙවැනි බිරිය කාලි, තිරිසර, දූෂනන්, විද්සුන් සහ සිවුක යන දරු සිව්දෙන ලැබුවාය. තෙවැනි බිරිය ව කෙකසී රාවණ, කුම්බකරණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය. කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි රජුට ඉලවිලා නමින් බිරිඳක්‌ද සිටි බැව් ඇතැම් මූලාශ්‍රවල සඳහන් විය. විභීෂණ නාග ගෝත්‍රික මාලනී කුමරියගේ පුත්‍රයා යෑයි ආරියදාස සෙනෙවිරත්න සූරීන් කියයි.



(ශ්‍රී ලංකා රාවණ රාජධානිය - පි.)



රාවණයින්ගේ මෑණියන් වූ කේසිණි අයත්වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ.



හේටි සහ ප්‍රහේටි නමින් පුතුන් දෙදෙනෙක්‌ යක්‍ෂව සිටියහ. කාලගේ සොයුරියවූ පායාසි විවාහ වුණේ හේටි සමගය. විද්යුත්කේස විවාහවුණේ සාලා සමගය. සුකේසන් ඔවුන්ගේ පුත්‍රයාය. සුකේසන් දේවවතී සමග විවාහයෙන් පුතුන් තිදෙනෙක්‌ ලැබූ අතර, ඔවුන් මාල්‍යවන්, සුමාලීන් හා මාලී වූහ. සුමාලි කේතුමතී හා විවාහයෙන් ප්‍රහත, දණ්‌ඩක, දුර්මුඛ, කයිකේසී, පුශ්පොත්කටා සහ කුම්බිනාසී වූහ. රාවණ මෑණියන් වූ කයිකසී සුමාලි දියණියයි. විශ්‍රවස්‌මුණිගේ තවත් බිරිඳක්‌ වූ පුශ්පෝක්‌කටා ද සුමාලි රජුගේ දියණියකි. මාලි වාසුතා සමග විවාහ වූ අතර නීල, අනිල, හර, සම්බපති ආදීන් දූ පුතුන් වූහ. විශ්‍රවස්‌මුණි - කයීකසී පුත් රාවණ විවාහ වුණේ විශ්ව කීර්තියට පත් ගෘහ නිර්මාණ ශිල්පී මයදානවගේ දියණිය වූ මන්දෝදරී සමගය. එම විවාහ දිනයේ මනාලියට දායාද වශයෙන් මයදානවගේ මහ බලැති ත්‍රීශූලය රාවණාට දායාද කළේය. ඓතිහාසික සීගිරිය මාළිගා බල කොටුවේ වාස්‌තු විද්‍යාඥයාද මයදානව බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ ඇත.


මේ අනුව විමසා බලන කළ රාවණගේ පරපුර ලංකාවේ පමණක්‌ නොව මුළු මහා භාරතයේ ද පීරු රාජ්‍යයේ සහ ග්‍රීසියේ ද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත්‍ර නම් ශ්‍රී ලංකාවේ අපමණ ඇත. මහා භාරතයේ ද, ගී්‍රසියේ ද ඇත. රවුළු ගේ, හේවා රවුළු ගේ, රවුළු හේවාගේ රාවණගේ ආදී නම් වාසගම් දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ දැකිය හැක. රාවණ යනු අදත් අප අතර පවතින මහා බලවේගයක්‌ ඇති මහා පුරුෂයෙකුගේ ශ්‍රී නාමයකි. දශරථ රජු ඉන්දීය රාජාවලියේ ප්‍රබල වීරයෙකි. රාවණ රජතුමා දශරථ රජුගේ සමකාලිකයෙක්‌ වන අතර මිසරයේ ශත අප්රා රජුගේ ද චීනයේ චාහොව් රජුගේ ද සමකාලීනයෙක්‌ බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ ඇම්. ඩබ්. සිරිසෝම මහතා පවසා ඇත. (සිළුමිණ 1991 ජූනි 16)

රාවණ රජතුමා ලාංකිකයෙක්‌ නොව ඉන්දියානුවෙක්‌ යෑයි ද, රාවණගේ ප්‍රදේශය ඉන්දියා මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ලංකා නමැති ගම යෑයි එච්. ඩී. සන්කිලියා පවසා ඇත. (Rawana's Lanka not Sri Lanka - The Sunday Times
of Sri Lanka - 1988. 06. 28) නමුත් රාවණගේ රට වත්මන් ශ්‍රී ලංකා හෙවත් සිංහලේ බව, රබීන්ද්‍රනාත් තාගෝර්, සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන්, බී. ඇල්. බෂාම්, ආර්. සී. චිල්ඩර්ස්‌, මොනියර් විලියම්ස්‌, ඇම්. වින්ටර්නිව්ස්‌, සර් පොන්නම්බලම් අරුණාචලම්, ගුරුදෙවි කුමාරණතුංග මුනිදාස, රැපියල් තෙනනකෝන්, ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ, අරිසෙන් අහුබුදු ආදීන් පිළිගෙන ඇත. රාමායනය ලිවීමට දශරථ ජාතකය මූලාශ්‍ර වී ඇතැයි එක්‌ මහාචාර්යවරයෙක්‌ පවසා තිබේ. ජාතක කථා පොත ලිවීමට වසර දස දහස්‌ ගණනාවකට පෙර රාමායණය ලිය වී ඇති බැව් ඔහුට මතක්‌ කළ යුතුය. ලංකාවට නම් තිහක්‌ පමණ ඇති බැව් පැරණි මූලාශ්‍ර අනුව පෙනේ. නමුත් "ලංකා" නාමය හා සිංහලේ ඒ අතර වඩාත් වැදගත් වනු ඇත.

ලංකා නාමය යෙදී ඇත්තේ "ලක්‌ගල" ප්‍රධාන ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ සූර්ය උදාව ප්‍රමුඛ අනිත් ග්‍රහ තරු ගැනීමට ඉතා පහසු ස්‌ථානය ලග්ගල වූ බැවින් ලක්‌ගල නාමය මුල්කොට "ලංකා" නාමය බිහිවී ඇතැයි "රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය" කියයි.

පුලතිසි රුසිවරුයා ලැග සිටිය         ගල
යක්‌ විරුවන් ගරුත්වෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන      ගල
ලක්‌ගල වාසනාවන් මේ තෙදැති     බල
- (ප්‍රාග් ඓතිහාසික උරුමය පි. 113)


ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්‌දිව බෙහෙවින් කුරුඳු වගාව ජනප්‍රිය වී තිබුණ හෙයින් "සිංහලේ" යන නම ලැබී ඇතැයි ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ කියයි.
- (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 19)


සිංහලයෝ ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් නොව ඔවුන්ගේ ප්‍රභවය මේ රටේම සිදුවූ රටේ නම වන සංස්‌කෘත භාෂාවෙන් කුරුඳුවලට නම වූ සිංහල - සීහල (පාලි), හෙළ (සිංහල) නමලත් ජාතියට අයත් වූහ. පුරාණයේ කවියන් විසින් මන්ද මාරුතය සහ මුසුවන, මුසු වී පැතිරෙන කුරුඳු ශාකවල සුවඳ වණනු ලැබුයේ ලංකාද්වීපය සම්බන්ධ කොට බැව් අපේ රටේ අද්විතීය මහා පඬුවෙක්‌ වූ ජේම්ස්‌ ද අල්විස්‌ මුදලිතුමා Cinnamon නමැති ශාස්‌ත්‍රීය ලේඛනයේ සටහන් කර ඇත. (Journal of the Royal Asiatic Society - p. 574 - mo 12 - 1860)


සකු බසින් කුරුඳු හැඳින්වෙන්නේ "සිංහල" යනුවෙන් බැව් සාරස්‌වතී නිගණ්‌ඩුවේ සහ අනිකුත් වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වී ඇත. මේ අනුව විමසා බලන විට රාවණයන් ද සිංහලයෙක්‌ - හෙළයෙක්‌ මිස අන්‍ය ජාතිකයෙක්‌ නොවන බැව් තහවුරු වේ. තම්බපණ්‌න නාමය ද කුරුඳු දලුවලින් පැමිණි නාමයකි. (තඹවර්ණ දලු) විදේශීය වෙළෙඳපොළේ ඉහළම තැන තිබුණේ ලංකාවේ කුරුඳුවලට සහ මැණික්‌වලටය. (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 50)


රාමායන ඇන්ඩ් ලංකා ග්‍රන්ථයේ රාම මහෙන්ද්‍රාගිරි සහ ත්‍රිකුටයට ආසන්න සුවේල ගිරි අතර යොදුන් සියයක්‌ දිග පාලමක්‌ බැඳි බවත්, මේ පාලම මන්නාරමේ සිට රාමේශ්වරම් දක්‌වා තිබෙන ආදම්ගේ පාලම නොවන බවත් පරම සිව අයියර් ප්‍රකාශ කරයි. (පිටුව - 111) ඊට හේතුව ලෙස ඔහු කියා තිබෙන්නේ එම ප්‍රදේශයේ කඳු නැතිවීමයි. නමුත් එම ප්‍රශ්නයේදී පරම සිව අයියර්ට වැරදුන බැව් කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ස්‌ටැන්ලි ගාඩ්නර් නම් විද්‍යාඥයාගේ සොයා ගැනීම්වලින් පෙනී යයි.


මාතලේ සිට වැලිගම දක්‌වා හිරිගල් කඳු හා ගල්පර තිබුණ බැව් සඳහන් කරන ගාඩ්නර් දඹුල්ලට ආසන්නව අඩි 700 ක්‌ පමණ උස්‌ හිරිගල් කන්දක්‌ දුටු බැව් පවසා ඇත. (J.S. GARDNER - Fauna and Geography Of
Maldives and Laccadives Archipelago - p. 19) යාපනය අර්ධද්වීපය සහ ඒ අවට දූපත් එදා හිරිගල් කඳු බවත් ඒවායේ පාෂාණ භූත තත්ත්වය තමන්ට දකින්න ලැබුණ බවත් පවසන ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමෙන් සම්බන්ධව තිබුණ බවත්, ඈත අතීතයේ ලංකාව මාලදිවයින් සහ මැඩගස්‌කරය දක්‌වා පැතිරී ඇති බැව් ස්‌ටැන්ලි ගාඩ්නර් අවසන් වශයෙන් පවසා ඇත. (එම)


රාවණ යුගයේ ගුවන් යානා



රාවණ යුගයේ ගුවන් යානා රැසක්‌ අප රට තුළ තිබුණු බවට සාක්‍ෂි ඇත. විමන් නම් විශාල ගුවන් යානා ද බිමන් නමින් GLIDER වර්ගයේ කුඩා ගුවන් යානා ද, පාපැදි ගුවන් යානා ද, වායු පා යානාද, කන්දක සිට තවත් කන්දකට ගමන් කරන BLOCK ගුවන් යානා අප රට තුළ තිබී ඇත. (ශ්‍රී ල. රාජධානිය - පි. 108)



එදා මෙදා ගුවන් යානාවල වෙනස නම් මොගලිනික යුගයේ ගුවන් යානා සුළං හා සූර්ය බල ශක්‌තියෙන් ක්‍රියා කිරීමෙන් වන්නේ ගුවන් යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රියා කිරීමත්ය. අප රටේ සෙල්ලිපි කිහිපයක එම ගුවන් යානාවල චිත්‍ර දැක ගත හැක. දූතක නම් වූ එම ගුවන් යානා නියමුවන්ගේ ප්‍රධාන ලෙන් ලිපිවල කොටා ඇත. (රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය පි. 09)


බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩනැගීමට උපදෙස්‌ දුන්නේ, ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් මස සොයාගෙන ඇත. වසර 5500 ක ඉතිහාසයක්‌ ඇති බැබිලෝනියාව ද කඩුව අතින් ගත් සිංහ රුව ලාංඡනයෙන් යුක්‌තව ඇත. සිංහ ශරීරය පියාපත් දෙක සහ මිනිස්‌ මුහුණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන් යානය නිසාය. (සූරිය ගුණසේකර සාකච්ඡාව - දිවයින 2010. 08. 04) මෙම පුරාණ ගුවන් යානා රැසක චිත්‍ර "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ මා දැක ඇත.


සෙල්ලිපි


ජබල්පූර් හි ලංකා නම් කුඩා ගමක්‌ ඇත. එහි රාවණ දෙවොලක්‌ ඇත. එය ලංකාවෙන් සංක්‍රමණය වූ යක්‍ෂ ගොත්‍රිකයන් විසූ තැනක්‌ විය හැක. (රාවන්) රාවණගේ සෙල්ලිපි රැසක්‌ අද දක්‌වා නිරුපද්‍රිතව ඇත. එමෙන්ම රාවණගේ සෙල්ලිපි සියයක්‌ පමණ හරිහැටි කියවා නැත. රිටිගල සෙල්ලිපි රැසක්‌ කියවා නැත. සිව්මහ දමිළයන් හෙළ දිව පාලනය කළ යුගයේ 431 - 459 පස්‌මහ දමිළයන් රට පාලනය කළ යුගයේ ද, කාලිංග මාඝ (1213 - 1232) රට පාලනය කළ 440 - 454 යුගයේ ද, රාවණ සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ විනාශ කර ඇත. දැනට ඉතුරුව තිබෙන සෙල්ලිපි කීපයක්‌ මෙම විමර්ශන පත්‍රිකාවට එක්‌ කරමි.


රාවණගේ ශාස්‌ත්‍රීය සේවය



මහ රිසි පුලතිසිගේ මුණුපුරු වූ රාවණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්තයෙකි. සාම වේදය නමින් හඳුන්වන චතුර්වේදයේ එක්‌ කොටසක්‌ ලියා තැබීමෙන් රාවණගේ පාණ්‌ඩිත්වය මැනවින් පැහැදිලි වේ. ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත ලිවීමෙන් පමණක්‌ නොව එය රඟ දැක්‌වීමෙන් රාවණායෝ මහ කවියෙක්‌ මෙන්ම නර්තන විශාරදයෙක්‌ බැව් මුළු ලොවටම පෙන්වා ඇත. අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, මඩ්ඩිසතන්ත්‍ර ආදී ග්‍රන්ථ ලිවීමෙන් හෝ වෛද්‍ය විද්‍යාවේ පරතෙරටම පැමිණියෙක්‌ ලෙස කිව යුතුය. ඔහු විනෝදය සඳහා ගිනි පෑගීම කළේය. ගිනි පෑගීමේ ශාස්‌ත්‍රය උපදෙස්‌ හා මන්ත්‍ර යන්ත්‍ර ඇතුළත් "අග්නි තන්ත්‍ර" ග්‍රන්ථය. රන්පත්වල ලියා තැබූ බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ සඳහන් වේ.



රාවණ හත්ථ "නමැති වීණාව ඔහුගේ නිර්මාණයකි. දැනට එම වීණාව උතුර සහ දකුණු ඉන්දියානු සංගීතඥයෝ භාවිත කරති. ජල තරංගය ද ඔහුගේ නිර්මාණයකි. මෙපමණ ප්‍රබල චරිතයකින් හෙබි රාවණයෝ 'කෙප්පයක්‌" ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට පෙනුනේ මහ විහාරය ශ්‍රී ලංකාවේ මෞලිතික යුගයේ ශිෂ්ටාචාරය ගැන නිහඬ අවතක්‌සේරුවක්‌ කළ නිසා විය හැක.



ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණ ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු බැව් අපි දනිමු. අපේ රටට නිදහස ලැබිමට පෙර යක්‍ෂ ගෝත්‍රික ප්‍රජාව හැඳින් වූයේ යකුන් DEVILS වශයෙනි. ආදීවාසීන් හැඳින් වූයේ "වැද්දන්" වශයෙනි.



එයට ප්‍රධාන හේතුව නම් විදේශීය මිෂනාරී අධ්‍යාපනයයි. සිංහල උගතුන් ද මුදලි මුහන්දිරම් තනතුරු රැකගනිමින් විදේශීය ගුරු උපදේශවලට හිස නැමූහ. ඒ අතර අපේ අතීතය, ශිෂ්ටාචාරය පිළිබඳ දැඩි ආදර භක්‌තියෙන් කටයුතු කළේ වාසල මුදලි ඡේම්ස්‌ ද අල්විස්‌ මන්ත්‍රීතුමා, මහ මුදලි ලුවී ද සොයිසා මැතිතුමා, මුහන්දිරම් කේ. එච්. ද සිල්වා, විජය ශ්‍රී වර්ධන මැතිතුමා, අධිනීතිඥ ඩොනල්ඩ් ඔබේසේකර මැතිතුමා සහ ජී. පී. මලලසේකර මහාචාර්යතුමා ඇතුළු කිහිප දෙනකි. අවසන් වශයෙන් කිව යුත්තේ රාවණ යනු රාක්‍ෂ - යක්‍ෂ ගෝත්‍රික මහත් වූ බලයක්‌ ඇති මිනිසෙකි.

මහා සම්මත මනු රජතුමා



.එතුමා තමයො ලෝකයේ පලවෙනුවටම මහා සම්මතයෙන් පත් කරගනු ලබන පලමු රජතුමා..එතුමා අවුරුදු අසංඛෙයියක් රජකරනවා .ඒ බව වන්නි රාජාවලියේ සදහන්වෙනවා..අසංඛෙයියක් කියන්නේ එකයි බින්දු 140කට.එතරම විශාල පරමානයක්..වන්නි රාජාවලියේම සදහන් වෙන්වා එකල හැම දෙයකටම පරම ආයුශ අවුරුදු අසංඛෙයියක් බව..අරිසෙන් අහුබුදු ශූරීන්ගේ යටගිය වංශය කෘතියේ මෙහෙම සදහන් වෙනව .


මනුලොවෙ මුල්වරට
තෝරාගැනුනු එලෙසට
රජවූයෙන් ඔහුට
නමද මනු නිසිවුනා අරුතට.
මිනිස්ලොව මුල් වරට මහා සම්මතයෙන් පත් කරගත්ත් පලමු රජු මහා සම්මත මනු රජුවේ..තවද

පැරකුම්බා සිරිතේ මෙලෙස සදහන්.


අතුරු කපැ පෙර උපන් බඹපුත්
විවස්වත් මනු රජකුලෙන් පත
ඔකාවස්පුතු බානු මන්දතු
පසේනදි සුදසුන් බගී රත



අන්තක් කල්පයේ පූර්වයේ පහල වන මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෙකු සේ සලකන සූර්‍ය වංශික පලමු රජු මහා සම්මත මනු රජු වේ...මනු රාජ පෙලපතේ මනු රජවරු 14කු රජ වනවා..මහා සම්මත මනු රජතුමාගේ නම ස්වයංභුව ඔහු තමයි පලමු රජු.ඉන්පසුව ස්වාරෝවිෂ,ඖත්තමි,තාමස,රෛවත ,චක්ශුස ,වෛවස්වත ,සාවර්ණ ,දස්සසාවර්ණ ,බ්‍රහ්මසාවර්ණ ,ධර්මසාවර්ණ ,රෞද්‍ර සාවර්ණ ,භෞත්‍ය වේ..මනු රජ කෙනෙකුගේ රාජ්‍ය කාලය මන්වන්තරයක් වේ ...එනම් වසර හතලිස්තුන් ලක්ශ විසිදහසකි...එහෙත් ඔහුන්ගේ පරම ආයුශ ඊට වඩා වැඩිවේ..වන්නි රාජාවලියේ සදහන්වෙන්ව මහාසම්මත මනු රජතුමා අවුරුදු අසංඛෙයියක් රජ කරනවා කියා....
අද මං කතා කරන්න යන දේ ටිකක් අමුතු දෙයක්. ඒ තමා නාකි වරු ගැන ⭐කව්ද මේ නාකි, ගොඩක් අය කියයි වයසක අයටනෙ නාකි කියන්නෙ කියල. නෑ. ඒත් වයසක අයට නාකි කියන්න හේතුවක් තියෙනව. නාකි වෙනව කියන්නෙ එක්තරා මානසික උසස් වීමක්, ඒ තනතුර ලබා ගන්න සියලු දෙනා වයසයි. ඒ නිසා වයසක අයට නාකි කියනවා. ⭐මොකක්ද නාකි කියන මානසික උසස් භාවය. රාවණ ගෲප් එකේ ඉන්න කවුරුත් කුණ්ඩලිණීය ගැන නොදන්නව වෙන්න බෑනෙ. කුණ්ඩලිණී චක්‍ර 7යි. මේ චක්‍ර 7ම අවදි කිරීම නාකි වීමයි. මේ චක්‍ර වලට අමතරව විශ්වය දක්වා විහිදුනු චක්‍ර තියෙනව. ඒවත් අවදි කරපු ඍෂි වරු අධිනාකි කියල හදුන්වනව. අපි හැමෝම දන්න පුලස්ථි ඍෂි, විශ්‍රව මුණි නාකිවරු.ඒ වගේම රාවණ කියන්නෙ මං කලින් කියපු අධිනාකි තනතුරක් ඉතාම ළාබල වයසකින් ලබා ගත් කෙනෙක්. ඒ පෙර පිං බලය හා සංසාර පුරුද්ද මත ලබා ගත් දෙයක්. නාකි කියන ඒ තනතුර ඉතා අසීරුවෙන් කල් අරන් තමා ලබා ගන්න පුලුවන්. ඉතින් ආදි ඍෂිවරු නාකි භාවයට පත් වෙන විට වයසයි, අපි දන්නව එදා මිනිස්සුන්ට වර්ථමානයට වඩා ආයුෂ තිබ්බ බව. ඉතින් සාමාන්‍ය ජනතාව ඒ අයට නාකි වරු කීම වර්ථමානය දක්වා කටින් කට වයසක උදවියට කියන්න අරන්. ⭐ නාකි වීම කියන්නෙ බුදු වීමට පෙර ලබා තිබිය යුතුම දෙයක්. ඒත් අපි කොහෙවත් අහල තියේද සිදුහත් කුමාරයා කුණ්ඩලිණී වැඩූ බවක්, නෑනෙ. ඒත් බෝසථාණන් වහන්සේ පෙර ආත්ම වලදී කුණ්ඩලිණී වැඩුව. ඒ මොකද? හිතන්න බුදුන් ආයු සංස්කාරය අතහැරියෙ අවුරුදු 80න්, කුණ්ඩලිණී වඩන්න ගොඩ කාලයක් යනව කියල කලින් මං කිව්ව. එහෙනම් බුදු වෙන ආත්ම භවයේ කුණ්ඩලිණී වඩන්න හිටිය නම් බුදුවෙන්න ලැබෙන්නෙ නෑ. අපි අහල තියෙනව සිදුහත් කුමාරයා ඉපදුන හැටියෙ නෙලුම් මල් 7ක් උඩ පියමැන්න කියල. මං ඒකෙ සත්‍ය අසත්‍ය දන්නෙ නෑ. ඒත් ඒ සත් පියුමන් මත පිය නැගීමෙන් අර්ථ දැක්වෙන්නෙ එතුම උපතින්ම කුණ්ඩලිණී ශක්තිය රැගෙන ආ බවයි. ඔන්න ඔහොමයි අපි අද නිතරම වයසක අය හඳුන්වන නාකි කියන නම හැදුනෙ. අදින් පස්සෙ නාකි කියන නමේ තේරුම දන්න අය නාකි කියන නම වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ කියල හිතනව. නොදන්න අයටත් ඒ ගැන කියා දෙන්න. 🇱🇰🔥 රාවණ 🔥🇱🇰

Area 51 හිඅබිරහස...



මීට පෙර දාර්ශනිකයෝ අපි area 51 ගැන පල කරන ලද ලිපිය ද පහල ලින්ක් එකෙන් බලන්න. මෙම ලිපිය බුදු දහම සමග පිටසක්වල ජීවය අතර සම්බන්ධය පිළිබඳ තොරතුරු ඇතුලත් වේ.කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේචක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වීතිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හ
ැකි රහසක්ද ඇත.



ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස්වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණඑක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදාකඳවුර".මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත්ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතරඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන්බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්දවෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..


මෙම කඳවුරටඑහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණවේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින්දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යනනාමයයි. (Area 51).ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝමාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්වරහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධකේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙයඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.


මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින්සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑමශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළනොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..


මෙකී රහස්කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක්ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බවසැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමිකදිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලාගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබටවැදගත්ම රහස වන්නේ මෙයයි...



"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැරග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහාපඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින්බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති...".මේකියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි"ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දුවූ පළමු අවස්ථාවයි )


බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....


"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය.නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන්උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍රදේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි.උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන්දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.



තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද"බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම්දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.එසේ නම් "තථාගත" නාමය මෙ සක්වාතළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ"නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහුඋන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.


දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.



බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේදමෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත්වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුකවිනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.


දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..



"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේරනම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)


"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"



"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීමපිණිස ද පවත්නේය"



වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..



"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟාගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලයසහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයාරජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂමිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනයපුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළුකාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...


මේඅනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැතිබවයි...!!!!


එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්"සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....


මහාචාර්ය ස්ටීවන්හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහුයම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකවහමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...


"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැනයමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකමමිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණයනොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම වියයුතුය...."


"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක්පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේඅල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත්වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??


එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...
ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?
"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමදමිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූසංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාමවාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්"දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙසපොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධයකුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන්නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත්කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදීවැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි..
එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින්අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත්කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින්නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේපෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත්විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!



මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනසඅනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයටක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාමවාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවයසැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාරගමනයි....
එසේ නම් " සාර සංඛෙ‍ය කල්පලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසිකපරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්"නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම්දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය"වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )



ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍රබැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩානොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියනගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවීවිශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණනතව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාසබ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තරසඳහා මෙතන click කරන්න)


එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවිතළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒතැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙසඅමතති....