Friday, March 27, 2020

Something Happened!!!

See You Soon With Newest Article Set

Wednesday, March 25, 2020

හෙළ තාක්ෂණය - Part 3



ප්‍රාණයාම



ප්‍රාණයාම කියන්නෙ කෙටියෙන් කිව්වොත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමයට කුණ්ඩලීනීය පවා අවධි කරවීමේ ශක්තියක් ගැබ්වී පවතිනවා. අප අවට පරිසරයේ විශ්ව ශක්තියෙ එක් එක් ආකාර තියෙනවා. ඒ කියන්නෙ ගස්වැල්වල තියෙනවා එක ශක්ති ආකාරයක්. ග්‍රහලෝකවල තියෙනවා තව ආකාරයක්. අවකාශයේ තියෙනවා තව ආකාරයක්. ඒ වගේම මේ වායුගෝලයෙත් විශ්ව ශක්තිය ගබඩා වෙලා තියෙනවා. අපි ගන්න හුස්මත් සමඟ එම විශ්ව ශක්තිය අපේ තුළට ඇතුල් වෙනවා. මේක තමා ප්‍රාණ ශක්තිය කියන්නෙ. ඒ වගේම අපේ ඇග ඇතුලෙත් ශක්තියක් තියෙනවා. ඒක අපේ ශරීරයේ තියෙන චක්‍රවල ගබඩා වෙලා තියෙන්නෙ. ඒකට තමා කුණ්ඩලීනී ශක්තිය කියන්නෙ. මේ ශක්තිය ගැන දැනටමත් දන්නවා ඇතිනෙ ඒ නිසා වැඩි වැල්වටාරම් නැතුව කතාවට යමු... අපේ ශරීරයේ සුශුම්නාව තුළිනුත් ඊට දෙපසිනුත් ශක්ති රැහැන් 2ක් පවතිනවා. සුශුම්නාව තුළින් යන ශක්ති කදම්භය සුශුම්නා නාඩිය ලෙසත්, වමෙන් තියෙන ශක්ති කදම්භය ඉඩා නාඩිය ලෙසත් දකුණෙන් තියෙන ශක්ති කදම්භය පිංගල නාඩිය ලෙසත් හැඳින්වේ. මෙම ඉඩා සහ පිංගල නාඩි කොදුනාරටිය දිගේ හිස දක්වා ගොස් වම දකුණ මාරු වී නාස්පුඩුවලින් එළියට එනවා. මෙම ඉඩා නාඩිය චන්ද්‍ර නාඩි ලෙසද හඳුන්වන අතර එයින් සෞම්‍ය ගුණ සහ ශීත ස්වභවයන්ට සම්බන්ධයි. ඒ වගේම පිංගල නාඩිය තේජස් ගුණ සහ උණුසුමට සම්බන්ධයි.



ප්‍රාණ ශක්තිය ශරීරයට ඇතුළු වෙන රිද්මය පාලනය කර අපිට අපේ ඇගේ තියෙන ශක්තීන් අවධිකරගන්න පුලුවන්. ඒ සඳහා හුස්ම පාලන අභ්‍යාස භාවිතා කරනවා. මෙන්න මේ හුස්ම පාලන ක්‍රම වේදයට තමයි ප්‍රාණයාමය කියන්නෙ. හුස්ම ගන්නෙ නැතුව හිටියොත් මැරෙයිද? නෑ එහෙම වෙන්නෙ නෑ. හුස්ම හිරවුණොත් තමයි මැරෙන්නෙ. හුස්ම ගන්නේ නැතුව ඉදලා අපිට අපේ ඇඟ ඇතුලේ ශක්තියක් ගබඩා කරගන්න පුලුවන්. ඒක කුණ්ඩලීනීය අවධි කරන්නට යොදාගන්න පුලුවන් විදිත් තියෙනවා... කොහොමහරි මට කියන්න ඕනෙ වුණේ මේ හුස්ම පාලනයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. මං කලින් දැම්ම පිටසක්වල ජීවීන් පිළිබඳ ලිපිය මතකද? ඒකෙදි මට දෙයක් කියන්න අමතක වුණා ඒ තමා ඔවුන්ගේ ආයුකාලය ඉතා වැඩි. හුස්ම පාලනය කරලා තමා ඔවුන් ඒක කරන්නෙත්. ඒ කියන්නෙ මෙහෙමයි ඔබ දන්නවා ඉබ්බගෙ ආයු කාලය ඉතා අධිකයි, ඒ වගේම හාවෙක් ගත්තොත් ඌගෙ ආයු කාලය අල්පයි. ඒ ඇයි? මොකද ඉබ්බා හුස්ම ගන්නෙ හෙමින්, හාවා හුස්ම වේගයෙන් ගන්නවා. අන්න ඒ හේතුව නිසා තමාඒ දේ වෙන්නෙ. අපිට මේ හුස්ම පාලනය කරලා නිරෝගිමත් වීම, දීර්ඝායුෂ ලැබීම සහ විවිධ අධිමානසික ශක්තීන්ට ලඟා වෙන්න පුලුවන්.



මං කියලා දෙන්නම් මේ ප්‍රාණයාමය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් විදියක්. ඊට කලින් කියන්න ඕනේ මේ ප්‍රාණයාම කරන්න ඕනේ කාලයක් තියෙනවා. ඒ තමයි අළුයම සිට දහවල් 11 දක්වා සහ සවස 4 සිට සවස 7 දක්වා වූ කාලය තුළයි. ඒ වගේම මේ ප්‍රාණයාම සිද්ධ කරන්න කලින් හොඳට පිරිසිදු වෙලා ඉන්න ඕනෙ. වැසිකිළි කැසිකිළි යාම් කරලා ඉන්න ඕනේ. හරි එතනින් පස්සෙ අපි යමු කාරණාවට...




දුර සිටින රෝගියෙක් ප්‍රාණයාම ශක්තියෙන් සුව කිරීම.


මෙහෙමයි, මං කිව්වා ප්‍රාණයාම කියන්නෙ හුස්ම පාලන අභ්‍යාසයක්. ඒකට තියෙනවා ක්‍රම වේදයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ අභ්‍යාසය කරන්න ඕනේ අනුපාතයකට අනුව. තව දුරටත් පැහැදිලි කළොත් අපි අභ්‍යාසය බෙදනවා කොටස් 3කට. ඒ තමයි හුස්ම ගැනීම(ආශ්වාසය), හුස්ම රඳවා ගැනීම සහ හුස්ම පිටකිරීම(ප්‍රාශ්වාසය). මේ තුන සිද්ධ වෙන්න ඕනේ 1:4:2 අනුපාතයට. ඉස්සෙල්ලම තත්පර 5කින් අපි හුස්ම උඩට ගන්නවා. තත්පර 20ක් ඒ හුස්ම පපුවේ තියන් ඉන්නවා. තත්පර 10ක් ඇතුළත තමා මේ හුස්ම පිට කරන්න ඕනේ. අනුපාතයට සමාන වෙන්නෙ එහෙමයි.(1:4:2 = 5:20:10) මේක තමා මූලධර්මය. නමුත් ඒක වෙන්න ඕනේ මේ විදියට...



ඉස්සෙල්ලම නාස්පුඩු 2න්ම තත්. 5ක් හුස්ම අරන් තත්. 20ක් ඒක පපුව ඇතුලේ තියාගෙන තත්. 10ක් ඇතුළේ පිට කරන්න ඕනේ. ඊටපස්සෙ දකුණු නාස් පුඩුව වහන්න. වම් නාස්පුඩුවෙන් එම කාර්‍යයම නැවත කරන්න. ඊළඟට වම් නාස්පුඩුව වහලා දකුණෙන් ඒක කරනවා. එහෙම්ම දකුණු නස් පුඩුවෙන් තත්.5ක් අරන් තත්.20ක් තියාගෙන තත්.10කින් ඒක *වම් නාස්පුඩුවෙන්* පිට කරනවා. එතනින්ම ඒ කියන්නෙ වම් නාස්පුඩුවෙන් තත්.5ක් අරගෙන තත්. 20ක් තියාගෙන *දකුණු නාස්පුඩුවෙන්* තත්.10ක් පිටකරනවා. ඔන්න ඕක එක වටයක්. මේක පුලුවන් තරම් වටගානක් කරන්න ඕනේ. එක පාර කරන්න බෑ ඉතිං, කරලා කරලා පුරුදු වෙන්න ඕනේ.
දැන්, රෝගියාව කලින් දැනුවත් කරලා වේලාවක් යොදාගන්න ඕනේ. ඔහුට කියන්න පහනක් පත්තු කරලා මෙහෙම හිතන්න කියලා... "අහවල් පුද්ගලයා(ප්‍රාණයාමය කරන්නාගෙ නම) සිද්ධ කරන යෝගයේ බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවවේවා. ඔහු තුළ ගැබ්වන ශක්තිය මා තුළට පැමිණේවා..." . එච්චරයි. කරලම බලන්නකො ප්‍රතිඵලය. මේක කරන්න බය වෙන්න එපා කරලා බලන්න. ඔබ හොඳින් මෙය පුහුණු වුවොත් නොදැනීම ඔබ තුළ කුණ්ඩලීනීය පවා අවධි වේවී...



ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරුවෙයි. මොකද ඔවුන්ට මේක ඔප්පු කරන්න පෙනෙන සාධක එපැයි.(බටහිර විද්‍යාවට අනුව) නමුත් අන්න එයාලා මතක තියාගන්න මේක අයිති වෙන්නෙ හෙළයන්ගේ විද්‍යාවේ නොපෙනන භෞතිකයට කියලා. දැනුමෙන් පිරිපුන් හෙළයක් නැවත මේ සිංහලේ භූමය තුළ බිහි වේවා...

Tuesday, March 24, 2020

පිටසක්වල




විශ්වය කියන්නේ අපිට කියන්න බැරි තරම් විශාල අවකාශයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ විශ්වයේ අපි තනිවෙලා නෑ කියලා මං වගකීමෙන් කියනවා. නමුත්, මතක තියාගන්න ඕනම දේක හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකක් තියෙනවා. ඒවගේ හොඳ සක්වල ජීවීනුත් ඉන්නවා නරක සක්වල ජීවීනුත් ඉන්නවා. අපි මේවයින් හොඳ නරක තේරුම් කරගෙන ඔවුන් සමඟ ගණුදෙනු කළ යුතුයි.



මං මාතෘකාවට යන්නම්කො... ඉස්සෙල්ලම දැනගන්න මේ විශ්වයේ සක්වල ජීවීන් ප්‍රධාන වර්ග 5ක් ඉන්නවා. එනම්, ප්ලේඩියන්ස්, ඇල්ෆා සෙන්චෝරියන්, ඇක්ටෝරියන්ස්, ලයිරන්ස් සහ හෙලෝසියන්ස් වෙයි. ඇල්ෆා සෙන්චෝරියන් ගත්තොත් මෙයාලා අයිති වෙන්නෙ අර මං කිව්ව ගණුදෙනු කරන්න හොඳ නැති නපුරු කාණ්ඩයට. මෙයාලා ගොඩක් ව්‍යාප්තවෙලා ඉන්නෙ සාගර පත්ලේ. ඒ වගේම ඔවුන්ගේ තාක්ෂණය අපිට වඩා ගොඩක් දියුණුයි. ඔවුන් ගැන හොඳ අදහසක් ගන්න නම් පැසිපික් රිම් චිත්‍රපටය බලන්න.


තවත් ජීවීන් කොට්ටාසයක් වන්නේ ප්ලේඩියන්ස්වරුයි. ඔබ පිටසක්වල සමඟ සබදතා පැවැත්වුවහොත් එය ප්ලේඩියන්ස්වරු සමඟ පමණක් බව සිහි තබා ගන්න. මොකද මොවුන් තමා මං අර කිව්ව හොඳ ජීවීන් කොට්ටාසය. මොවුන් මිනිසාගෙ හැඩරුවට සමාන අතර මිනිසාට වඩා බුද්ධිමත් ජීවින් වර්ගයකි. මොවුන් සිටින්නෙ ටයිගෙටා නම් තාරකා රාශිය (පෘථිවියට ආලෝක වර්ෂ 400ක් පමණ එපිටින්) තුළ ඇති ඒරා නම් ග්‍රහලොවේය. එය ඔවුන්ගේ නිජ බිමයි. මේ ඒරා නම් ග්‍රහලොව වියළි ග්‍රහලොවක් වන අතර, එහි ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෝවුන්ව නෝර්ඩියැක් සක්වල ජීවීන් ලෙසද හඳුන්වනවා. මෙම ප්ලේඩියන්ස්වරුන්ට විශ්වයේ ඕනෑම තැනක ජීවත් වීමට හැකියාව තිබෙනවා. එසේම මොවුන්ට විවිධ වූ කාල අවකාශ තුළද ජීවත් විය හැකියි. එසේම මොවුන් මානසික ශක්‍තියෙන් ඉතා ඉහළ ස්ථානයක සිටින නිසා මොවුන් මානසික ශක්තිය හඹා යෑමට රුචිකත්වයක් දක්වනවා. මොවුන් මිනිසුන් සමඟ සිටිමින් මිනිසුන්ගේ යහපත උදේසා කටයුතු කරන කාරුණික ජීවීන් කොට්ටාසයක්. ඒ වගේම තමයි මොවුන්ගේ සිත් ඉතා පිරිසිදු හැඟීම්වලින් පිරී තියෙනවා. ආදරය, කරුණාව, ප්‍රීතීය සහ සමකාමී බවින් මොවුන් සමෘද්ධිමත් වන අතර රන්වන් කෙස් කළඹක් සහ කඩවසම් පෙනුමකට හිමිකම් කියනවා. මොවුන් පිටතින් මිනිසුන්ට සමාන බවක් දැක්වුවත් අභ්‍යන්තරයෙන් හාත්පසින්ම මොවුන් මිනිසාට වඩා වෙනස්... මොවුන්ගේ පෙනහළු දාරිතාවය මිනිසාට වඩා ඉහලයි. ඒ ඔක්සිජන් කාර්‍යක්ෂමව ගෙන යාම පිණිසයි. මොවුන්ගේ රුධිරයේද තඹ අඩංගුවී තිබෙනවා. ඇස් අභ්‍යන්තර ඇසිපියන් වලින් ආරක්ෂා කරන අතර මොවුන්ට පාරජම්බුල කිරණ දැකිය හැකිය. මොළය බොහෝ සෙයින් මිනිස් මොළයට සමානය. මොළයේ අස්ථි ඉතා ඝනකම්ය. මොවුන්ගේ මොළයට ටෙලිපති සහ ටෙලිකෙනටික් කුසලතාවයන් තියෙනවා. පිරිමි ජීවීන් මීටර 2ක් උස අතර ගැහැණු ජීවීන් මීටර 1.7ක් උසයි. මොවුන්ට දහඩිය දමන්නෙ නැත. මොවුන්ගේ ශරීරය විසින්ම තෙතමනය උරාගනු ලබනවා. එසේම හෘදය මිනිත්තුවකට 242වතාවක් ස්ඵන්දනය වනවා. රුධිර පීඩනය ඉතා අධිකයි. සෛලවල biconvex ආකාරයක් ගනී.


මීට අමතරව ඉන්න ජීවීන් තමා ඇක්ටෝරියන්ස් , හෙලෝසියන්ස් , ලයිරන්ස් කිය්න්නෙ. ඊටත් අමතරව (ප්‍රධාන කාණ්ඩ 5ට අමතරව) ඇර්ක්ටූරියන්ස්, ඇල්ටයිරියන්ස්, ඇම්පිබියන්ස්, එල්ස්, ඇන්ටාක්ටිකන්, ඇට්ලන්ස්, අශ්තාර් කොමාන්ඩ්, බර්නේරියන්ස්, බරෝවර්ස්, සීටියන්ස්, චැමෝලියෝන්, ඩල්ස්, ඩුවෝර්ෆ්ස්, එවා බෝර්ග්ස්, ගිස්සාන්, ග්‍රීන්ස්, ග්‍රෙයිල්ස්, ඉගුආ-නොයිඩ්ස්, අයිකෙල්ස්, ජැනෝසියන්, කොරෙන්ඩියන්, මාර්ටින්ස් සහ මිබ්ස් කියන්නෙ. මේ දැන් කිව්ව ජීවීන් බොහෝමයක් පෘථිවියෙත් ජීවත් වූ බව සොයාගෙන තිබෙනවා.



හොඳයි කවුරුත් දන්නවා ඇති රාවණ රජු පිටසක්වල ලෝක 10ක් යටත් කරගත්ත එක ගැන. ඒත් කොහොමද එහෙම අලෝක වර්ෂ ගානක් ගෙවාගෙන ගමනක් යන්නෙ? ඔබ දන්නවත් ඇති අපි අභ්‍යාවකාශය හරහා ගමනක් ගියොත් ආලෝකවර්ෂ ගානක වේගයකින් අපි වයසට යන එක නවතිනවා එහෙමත් නැත්තං අපි ඒ යන ගමන කාලය හරහා යාමක් වගේ. තව පැහැදිලි කලොත් මෙහෙමයි , හිතන්න ඔබ අවුරුදු 15දී වේගවත් යානයක නැගලා පෘථිවියෙන් පිටත් වෙනවා. ඔබ අවුරුද්දක කාලයක් මෙහෙම ගිහින් ආයෙ පෘථිවියට ආවොත්, ඔබ අවු.15දී ඔබේම වයසේ හිටපු යාලුවෙක්ට වයස දැන් 25ක් 30ක් වෙන්න පුලුවන්. නමුත් ඔබට තවම අවුරුදු 16යි. හිතන්න මේක අභ්‍යාවකාශය හරහා යාමෙන් සිද්ධ වෙන්න පුලුවන් දෙයක්. එතකොට රාවණයන් කොහොමද විශ්වය තරණය කළේ? එහෙම කළේ තරු දොරටු හරහා. මෙම තරු දොරටුවකින් ඇතුළු වී විශ්වයේ ඕනෑම තැනකින් මතු වෙන්න පුලුවන්. අපි බලමු මොකක්ද මේ තරු දොරටු කියලා හරියටම...



තරු දොරටුවක් කියන්නෙ විශ්වය සමග කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ගයක්. තරු දොරටුවෙන් විශ්වය එක්ක සම්බන්ධ වෙන්න ආකාර දෙකක් තියෙනවා. එනම්,



  1. තරුදොරටුව ඉදිරිපිට ධ්‍යානගත වෙමින් වින්න්‍යානය තුලින් සම්බන්ධ වීම.
  2. භෞතික ශරීරය රැගෙන විශ්වය හරහා ගමන් කිරීම.


මෙම ක්‍රම 2ටම සම්බන්ධ විය හැකි තරු දොරටු සිංහලේ රට තුළ තවමත් පවතිනවා. ලොව වැඩිම තරු දොරටු සංඛ්‍යාවක් ඇත්තේ අපේ මාතෘ භූමිය තුළයි. මාතලේ ඇති තරු දොරටුව, සීගිරියේ ඇති තරු දොරටුව, උණවටුනේ ඇති තරු දොරටුව, ඌවේ ඇති තරු දොරටුව හා රන්මසු උයනේ ඇති තරු දොරටුව මෙය තහවුරු කරයි. මෙයි බොහෝමයක් තනා ඇත්තෙ භෞතික ශරීරය යාම්ඊම් කළහැකි ලෙසයි. මෙම අත්දැකීම ලබා ගැනීමට අවශ්‍ය නම් අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයට දකුණු පසින් ඇති රන්මසු උයනේ තවමත් සක්‍රිය මට්ටමේ ඇති තරු දොරටුවක් දැක ගත හැක. එකවර 5 දෙනෙකුට විශ්වය හරහා සම්බන්ධ විය හැකි බව මෙම දොරටුව දොරටුව ඉදිරිපස ඇති ආසන 5 සනාථ කරයි. මෙම ආසන 5, මහා රාවණ රජු, ඵුලස්ති රිශිවරයා, විශ්‍රව මුණිතුමා, මේඝනාද සහ කාලනේමි භාවිතා කළ බව කියවේ.



මෙම තරු දොරටු සක්‍රිය බව දැනගන්නෙ කොහොමද ?



අදටත් රන්මසු උයනේ තරුදොරටුව අසලට ගිය විට එම පරිසරයේ වෙනස්කම් කිහිපයක් දැකිය හැක. එනම්, එම පරිසරයේ ගස්කොළන්වල කොළ අනිත් ගස්වල කොළවලට වඩා සාපේක්ෂව කුඩාය. එසේම ඔබ පාවහන් ගලවා මෙයට ඇතුළු වුවහොත් එම පොළවේ උණුසුම අනෙක් ස්ථානවල උණුසුමට වඩා වෙනස් බව දැනේ. තවද EMF උපකරණය මේ බව සනාථ කරයි. EMF යනු අප අවට ඇති පෘථිවි විද්‍යුත් ක්ෂේත්‍රය මැනීමට ඇති උපකරණයකි. EMF උපකරණය අනුරාධපුරයේ රන්මසු උයනේ ඇති සක්වල චක්‍රය හෙවත් තරු දොරටුව අසලට ගෙන ගිය විට අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරනවා.


සැලකිය යුතුයි :- ඔබට නිදහසේ චිත්තඒකාග්‍රතාව ඇතිකරගත හැකිනම් අදටත් විශ්වයේ බොහෝ ශබ්ද එතැනදී(රන්මසු උයනේ තරු දොරටුව අසලදී) ශ්‍රවණය කළ හැක. නමුත් නිවැරදි කරුණු, දැනුමක් නොමැතිව පිටසක්වල සම්බන්ධතා පැවැත්වීමට යාම කිසිසේත්ම නොකළ යුතුය.



මං කලිනුත් කිව්වා රාවණ ලෝක දහසයක් යටත් කරගත් බව... මං මේ කියන්න යන්නෙ *යුද්ධයක්* ගැන. රාවණයන් සහ පිටසක්වලයන් අතර වුණු...

"ආයුබෝවන්...
ආආආයු..බෝ..වන්.. පුලස්ථි... ඍෂි.. තුමනි.."

"ඔබ එවූ සංඥා අපැහැදිලියි..."

"සං..ග්‍රා...මයකට.. සූසූ..දානම්..වන්..න"

"සංග්‍රාමයක්...? කා සමඟද..?"

"ඇ..ල්..ෆා.. සෙන්.. චූරිය...න්.. වරු... සමඟ..."


ඔව් ඔබ දන්නවාද රාවණයන් ඔවුන් සමඟ යුද්ධ කළා ඒ වගේම ජය ගත්තා. ම්ලේච්ඡ ඇල්ෆා සෙන්චෝරියන්වරුන්ගේ තාක්ෂණය අද අපිට හිතාගන්නත් බෑ. ඔවුන්ගේ ආයුකාලයත් ඉතා අධිකයි. නමුත් රාවණයන්ගේ තාක්ෂණයද ඔවුන්ට නොදෙවෙනි නෑ. ඔවුන් සමඟ යුද්ධ කර ජය ගත්තේ ඒ නිසයි. මෙවැනි යුද්ධයක් ඉදිරියටත් එන බව අනාවැකි කරුවන් සහ බොහෝ පිරිස් පවසනවා. එය සිද්ධ වීමට ඇත්තේ 2021-2023 අතර කාල පරාසයේයි. පෘථිවියද මෙයට ඍජුවම බලපැම් කරනවා. අනුනාකිවරුන්ගේ ආගමනයද සිද්ධවන්නේ මේ තුළින්... කවුද මේ අනුනාකින්...? ඔවුන් තමා මේ පෘථිවිය මත ජීවත් වූ ආදිතම පිටසක්වලයන්... ඔවුන් සෑදී තිබෙන්නෙ මිනිස් ජාන සහ පිටසක්වල ජාන මිශ්‍රවීමෙන්... එතරම් දියුණු තාක්ෂණයක් ආදී මිනිසාට එක්වරම ලැබුණේ මොවුන් නිසා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. අනුනාකින් ගැන කතාවෙද්දි තවත් අවධානය යොමුවූ දෙයක් තමා ඉලුමිනාටිවරු කියන්නෙ. මේ ළඟදිත් මෙයට බලාපන දේවල් සමහරක් සිද්ද වුණා, කතා වුණා. එතකොට කවුද මේ ඉලුමිනාටින්...? ඉලුමිනාටි යන්නෙන් ඉංග්‍රීසි බසින් අර්ථවත් වන්නෙ Enlightened යන්නයි. එයට අනුව සාමාන්‍ය මිනිසාට වඩා ශක්තියෙන් වැඩි, බුද්ධියෙන් හා මානසික බලය අතරින් ඉහළ සිටින්නන් ඉලුමිනාටිවරු ලෙස හැදින්වේ. නමුත් මානසික බලයෙන් ඉහළ සිටියට මොවුන් අවිහිංසාවාදීන් නොවේ. මානසික බලයෙන් ඉහළ කොටස් යහපත් සේම අයහපත් අයද සිටිනවා. මනස දියුණු කලොත් ඒක හොඳට වගේම නරකටත් යොදාගන්න පුලුවන්. උදාහරණ ලෙස බලවත් මිනිසාට හානිකරන දරුණු පිටසක්වලයන් සිටී. උරගරූපී සහ අළුපැහැති සක්වල ජීවීන් මෙම දරුණු ඉලුමිනාටින්ට උදාහරණ වේ.

මෙම ඉලුමිනාටින්ට එරෙහිව ප්ලේඩියන්ස්වරු සටන් කර තියෙනවා. එසේම ඔවුන් මිනිසුන් ශිෂ්ටාචාර ගත කරලා තියෙනවා. මෙතෙක් වෙලා හැදින්වූ අනුනාකිවරුන්ද මොවුන්ගෙන් පැවැතෙන්නන් විය හැක. මොකද මොවුන් මිනිසාට බොහෝ සෙයින් සමාන නිසා මිනිසුන් සමඟ එක්වී තම වර්ගයා බෝ කිරීමට හැකියාවක් තිබිය හැක.


මොවුන්ගේ තාක්ෂණයන්ද ලබාගෙන රාවණයන් එම තාක්ෂණයන්හීද කෙළ පැමිණියා. කුඩාකාලයේම කුණ්ඩලීනීයේද කෙළ පැමිණි එතුමන්, මහා බ්‍රහ්මයා, විෂ්ණු සහ ශිව යටත් කළ එතුමන්ට පිටසක්වල සමඟ සටන් කරන එක මහදෙයක් නෙමෙයි. මෙහෙම එකකුත් තියෙනවා. පිටසක්වල වැනි දියුණු ජීවීන් සමඟද යුද්ධ කල මෙතුමා රාමා වැනි නිට්ටෑවෙක් සමඟ සටන් කරන්නෙ කුමටද? එය වාල්මිකී ගෙතූ කතාවක් පමණක්ද? ඒ ගැනත් හිතන්න කියන ගමන් කියන්න ඕනේ, උබත් අනිවාර්යයෙන් පැවතෙන්නෙ අන්න ඒ දසිස් රාවණ ලෙයින්. සිව්හෙළේම එක්සත් කළ, විශ්වයම තම අණසකට යටත් කරගත් ඒ රාවණ පරම්පරාවට උඹ හිමිකම් කියනවා... ඇයි? මොකද උඹ ඒ යටගියාව හොයන එකෙක්... සිංහලයට බනිද්දි උඹේ ලේ කකියනවා නේද අන්න ඒකයි මං කියන්නෙ උඹත් රාවණ පරම්පරාවේ කියලා. මේ මං කිව්වේ විශ්ව ගවේශණයේ මූලධර්මවලිනුත් අංශු මාත්‍රයක් පමණයි... ඉතුරු හැංගුණු රහස් සෙවීම ඔබට ද භාරයි...

Sunday, March 22, 2020

හෙළ තාක්ෂණය - Part 2



අන්තරීක්ෂ ශක්තිය



හොඳයි මොකක්ද මේ අමුතු ශක්තිය? නෑ නෑ අමුතු දෙයක් නෙමෙයි මේ කියන්නෙ විශ්ව ශක්තිය ගැන. සිංහලෙන් කිව්වොත් cosmic power එක ගැන. මේ අන්තරීක්ෂ කියන වචනය සංස්කෘත භාෂාවෙන් බිඳී එන්නක්. එනම් න'අන්තලික්කේන කියන වචනයයි. හොඳයි මොකක්ද මේ ශක්තිය? මෙහෙමයි මේක විශ්වීය පරිසරයේ ගැබ් වී තිබෙන ශක්තියක්. මේක අපිට ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍යයි. නමුත් මේ ශක්තිය සෘජුවම අපේ ශරීරයට ලබා ගන්න බෑ. ආහාරවලින් හෝ නින්දෙන් තමා මේ ශක්තිය මිනිස් ශරීරයට ලැබෙන්නෙ. වැඩියෙන් ලබාගැනීමටනම් භාවනාව, යෝගී ක්‍රම වැනි විවිධ ක්‍රම භාවිතා කෙරේ. මෙම විශ්ව ශක්තියෙන් අසීමිත ලෙස ප්‍රයෝජන ගත් පුද්ගලයා වන්නෙ මහා රාවණ රජුයි. මේ අන්තරීක්ෂ ශක්තිය ඍජුවම අවශෝෂණය කරගත හැකි ජීවියා වන්නෙ ශාක ජීවියායි. අන්තරීක්ෂ ශක්තිය ගැන වර්ගපූර්ණිකාවේ දීර්ඝ ලෙස විස්තර කර තිබේ. තවද තිලක් කන්දේගම මහතා පවසන ආකාරයට,



ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ *ලෝකවිදු* සම්මා සම්බුදු රජාණන්වහන්සේ ය.(අවිවාදාත්මකයි) මෙම ශක්තීන් පිළිබඳව විශාලම දැනුම් සම්භාරයක් තිබී ඇත්තේ බුදුන් වහන්සේටය. කෙසේදයත් බුද්ධත්වයට පත්වීමද සිදුවන්නේ යම්කිසි විද්‍යාවකට අනුවය. එනම්, බුද්ධත්වයට පත්වන්නට අවශ්‍ය ශක්තියද විශ්වයෙන් ලබා ගත යුතුය. එම නිසා අන්තරීක්ෂ ශක්තිය අවශෝෂණය කරගැනීමට නම් අනිවාර්යයෙන් ශාක ජීවියෙක්ද අත්‍යාවශ්‍ය වේ.



මනසට අධිපති චන්ද්‍රයාගෙන් නිකුත්වන ධාලිස්ස කිරණය වැඩිම බල සහිත වේලාව වන පසලොස්වක දිනට බ්‍රහ්ම මූර්තිය හෙවත් හිරුගේ සංසුන්ම වේලාව සමඟ එකතු වුනොත්...



අන්න ඒ වෙලාවට ශාක ජීවියා ආසන්නයේ සිටින මනසින් උසස් ජීවියා(මිනිසා) අනිවාර්යයෙන් *සම්මාසම්බුද්ධත්වයට* පත් වෙනවා.



පේනවනෙ මෙන්න විද්‍යාව... ගවේෂණය කරන්න පැති... ඒත් ඉතිං මෙහෙම කිව්වා කියලා හිතන්න එපා හැමකෙනාටම සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න පුලුවන් කියලා. එහෙම නෙමේ ඒ විෂය ගොඩක් දියුණුයි. මට කියන්න අවශ්‍ය වුණේ අන්තරීක්ෂ ශක්තිය භාවිතා කරන්න පුළුවන් බලවත්ම ආකාරය ගැනයි.



හරි ඒ කතාව දැනට ඇති මොකද අපේ මාතෘකාව ඒක නෙමේනෙ. අන්තරීක්ෂ ශක්තිය අපිට ප්‍රායෝගිකවත් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න පුලුවන්. වැඩි කතා නැතුව මං යන්නම් කෙළින්ම මාතෘකාවට...



අන්තරීක්ෂ ශක්තිය එකතු කර ගන්න පුලුවන් ප්‍රධානම ආකාරය තමයි පිරමීඩය. එහෙමත් නැත්තං චෛත්‍ය... මේ අන්තරීක්ෂ ශක්තිය පිරමීඩයක් මැදට මධ්‍යගත කරලා එම එකතු වෙන අන්තරීක්ෂ ශක්තියෙන් බොහෝ දේවල් කළ හැකියි. මං කියලා දෙන්නම් ඒ මොකක්ද , කොහොමද ඒක කරන්නෙ කියලා... අපි ඒක බලලා වැඩි විස්තර කතා කරමු.



ප්‍රථමයෙන්ම ඔබ ඝනකම කඩදාසිවලින් පිරමීඩයක් සාදාගත යුතුයි. මෙම පිරමීඩය ස්වර්ණමය අනුපාතයට(GOLDEN RATIO) අනුව සකස් කළ හොත් ඔබට උපරිම ප්‍රයෝජන මෙම ක්‍රමයෙන් ලබා ගත හැකිය.(දිගටම කියවන් යන්න තව ටිකකින් කියන්නම් ස්වර්ණමය අනුපාතය කියන්නෙ මොකක්ද කියලා) සාදාගත් පිරමීඩය මැද , එම පිරමීඩයේ උස 1/3ක් වන පරිදි විවිධ තබන්න. එනම්, රේසර් තලයක් තැබුවහොත් එය ඉබේ මුවහත් වේ. එළකිරි නරක් නොවේ. පොල්කිරි ඉබේ පොල් තෙල් බවට පත්වේ. ප්‍රතිඵල උපරිම කරවන මිනුම හෙවත් ස්වර්ණමය අනුපාතය වන්නේ, පිරමීඩයේ මැද උස මෙන් 1.47ක් බැගින් වන පරිදි පිරමීඩයේ ඇළදාර 4ත් , 1.57ක් වනපරිදි වූ පිරමීඩ පතුලේ දාරවල දිගත්වූ පිරමීඩ හැඩයයි. ත්‍රිකෝණ හතර වෙන වෙනම ගෙන බැලු විට එකී ත්‍රිකෝණයේ උස පාදස්ථයෙන් හරි අඩක් ගෙන බෙදූ විට 1.618කට ආසන්න බවද පෙනෙනු ඇත. ස්වර්ණමය අනුපාතය යනු මෙයයි.



පෘථිවියේ අරය හා සඳේ අරය ගෙන එය ස්වර්ණමය අනුපාතයට සකසා ගීසාහි පිරමීඩය සිංහ දේශයේ සිට පැමිණි සිංහ මිනිසුන් විසින් සකසා ඇත.




මෙය ගැලීලියෝ ගැලීලි මෑත ඉතිහාසයේදී මිනිසෙකුගේ ශරීරය උදාහරණයට ගෙන ඔප්පු කර ඇත. එනම්, මිනිසෙකුගේ උස ඔහුගේ නාභියේ සිට පාදාන්තයට ඇති උසෙන් බෙදූ විටත්, නාභියේ සිට පාදාන්තයට ඇති උස කේෂාන්තයේ සිට නාභියට ඇති උසෙන් බෙදූ විට ලැබෙන බව ගැලීලියෝ පවසා ඇත.

ආකලන ශ්‍රේණියක (0,1,1,2,3,5,8,13,21,34,55,89,...) ඉහළ පද ඉහළ පද ඕනෑම එකක් ඊට කලින් පදයෙන් බෙදූ විටද ආසන්නව මෙම ස්වර්ණමය අනුපාතය(1.618) ලැබේ. දැනට ප්‍රසිද්ධ හා වැඩිම ආදායම් ලබන සමාගම්වල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ මෙම ආකලන ශ්‍රේණියේ ස්වර්ණමය අනුපාතයට අනුවය. (උදා:- APPLE, TOYOTA, ...)


මෙම ස්වර්ණමය අනුපාතය යොදාගන්නා තවත් අවස්ථාවක් වන්නේ රථ වාහන නිපදවීමේදීය.(මෝටරථයේ සිට ගුවන්‍ යානා දක්වා) ගුවන් යානයක් නිපදවීමේදී යානය නිපදවන ද්‍රව්‍ය වායු ප්‍රතිරෝධය දැරිය හැකි තරම් ශක්තිමත් සේම බරින් ද අඩු විය යුතුය.



මං පොඩි උදාහරණ ටිකක් අරන් පෙන්නුවේ ස්වර්ණමය අනුපාතය ගැන... ඒ වගේම මං කියලා දුන්න පරීක්ෂණයත් වැදගත් ආකාරයට ප්‍රයෝජනයට ගන්න. එය තව තවත් වැඩි දියුණු කරන්න. එතනින් නවතින්න එපා. අන්තරීක්ෂ ශක්තිය කියන්නෙ ඔබ නිකමටවත් හිතන්නෙ නැති තරම් බොහොම බලවත් දෙයක්... එකෙන් රාවණයන් තරම් ප්‍රයෝජන ගත් තවත් අයෙකු නැති තරම්. අලුත් දෙයක් හිතන්න අලුත් දෙයක් කරන්න. මේ ඔබව හෙළයට අවශ්‍යම කාලයයි...

හෙළ තාක්ෂණය - Part 1


හැඳින්වීම


හෙළයාගේ තාක්ෂණය අදටත් ලොවට සොයාගන්න බැරි බොහෝ අභිරහස් ඉතුරු කරලා කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින් තියෙන්නෙ. හෙළ තාක්ෂණයේ බොහෝ දේ මේ වෙනකොටත් බටහිර රටවල්වලින් හාර හාර හොයනවා මේ මොහොත වෙනකොටත්. මේ අසිරිමත් තාක්ෂණය ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් මං කියන්නම් ඒ තාක්ෂණයට උදාහරණ කිහිපයක්.


එකක් තමා බ්ලැක්නයිට් කියලා නාසා ආයතනය හඳුන්වන චන්ද්‍රිකාව. මේකට ළං වෙන්න තාම අද තියෙන තාක්ෂණයට බැරි වෙලා තියෙනවා. මොකද මේක තියෙන්නෙ වේරම්භ වාතයේ. අද තියෙන යානාවලට වේරම්භ වාතයේ ගමන් කරන්න බෑ. මොකක්ද මේ වේරම්භ වාතය? වේරම්භ වාතය කියන්නෙ අඩි 36000ත් 40000ත් අතර ඇති වායුගෝලය. මේ වායුගෝලීය කොටසේ එක් පැත්තකට සමාන්‍ය වායුගෝලයේ මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර අනෙක් අතට(විරුද්ධ දිශාවට) ගමන් කළ හැක්කෙ සමාන්‍ය වායුගෝලයේ මෙන් අඩක වේගයකින් පමණි. මේක එදා හෙළයා හොඳින් අවබෝධ කරගෙන තිබුණා.

තව උදාහරණයක් තමා සීගිරිය. සීගිරිය කියන්නෙ කෙටි හැඳින්වීමක් කරලා ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙමෙයි. කෙටියෙන් මෙහෙම කියන්නම්. අලංකාර බාහිර මාළිගයකිනුත්, තට්ටු 7ක අභ්‍යන්තර මාළිගයකිනුත් , විශ්මිත ජල නිර්මාණවලිනුත් සපිරුණු ස්ථානයක් තමයි සීගිරිය ලෙස හැඳින්වෙන්නෙ.


තව එක උදාහරණයක් මං දක්වන්නම්. ඒ තමා කෘතිම වැසි ඇති කිරීම. මේක විහිලුවක් නෙමෙයි. පහුගිය දවස්වල කතාවකුත් ගියානෙ හෙළවෙදැදුරු අනෝජ් ද සිල්වා මහතා වැසි වස්සලා ඇමරිකාව යට කරන්න යනවා කියලා. ඒක මාධ්‍ය ආයතනයකින් ගොතපු බොරුවක්. නමුත් සියල්ලම නෙමෙයි. එහෙම වැසි වස්සන්න පුලුවන්. යට කරන්න තරම් නෙමෙයි, කෘෂිකර්යට අවශ්‍ය තරම්. මේකත් එක්තරා වූ හෙළ තාක්ෂණයක්...


මීට අමතරව අකුණු සන්නායක, දහනයට ඔක්සිජන් අවශ්‍ය බව, මිනිසාට සෑදෙන ලෙඩ රෝගවලට අනාගතයේ සෑදෙන්න තිබෙන ලෙඩ රෝගවලට බෙහෙත් ඖෂධ, සූර්‍ය ශක්තියෙන් මිනිසෙකු ශක්තිමත් කරන ආකාරය, නිල ශාස්ත්‍රය, සූර්‍ය ශක්තිය භාවිතා කර එක් කන්නයකින් පමණක් මුළු රටටම පුරා අවුරුද්දක් බත සැපයිය හැකි තාක්ෂණයක් මේ රටේ තිබුණා.


බටහිර රටවල්වල තාක්ෂණය පදනම් වෙලා තියෙන්නෙ පෙනෙන භෞතිකය සහ පෙනෙන රසායනිකය ආශ්‍රයෙන් පමණයි. නමුත් හෙළ විද්‍යාව පදනම් වී තිබෙන්නෙ පෙනෙන භෞතිකය සහ නොපෙනෙන භෞතිකය, පෙනෙන රසායනිකය සහ නොපෙනෙන රසායනිකය ආශ්‍රයෙනි. හෙළ විද්‍යාව බටහිර විද්‍යාවට වඩා දියුණු වන්නට ප්‍රධාන හේතුවක් ලෙස මෙය පෙන්වා දිය හැක. බටහිර රටවල් නොපිළිගන්නා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව, ශබ්ද විද්‍යාව වැනි නොපෙනෙ භෞතිකය සහ නොපෙනෙන රසායනිකය මත පදනම් වූ විද්‍යාවන් බොහෝමයක් හෙළ දේව අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉගැන්වීම් කරනු ලැබුවා.


මං මේ ලිපි පෙලෙන් හෙළ තාක්ෂණයන් සුළු වශයෙන් කියලා දෙනවා. එදිනෙදා ජීවිතයේදී භාවිතා කළ හැකි ඒවා. නමුත් එයින් එහාට ඔබ යායුතුයි. එම තාක්ෂණයන් භාවිතා කරලා අලුත් දේවල් ඔබ නිෂ්පාදනය කළ යුතුයි. මේ තාක්ෂණය ඔබට ලබා දෙන්නෙ ඒ අරමුණ මත පමණි. නමුත් සියල්ලම ලබා දෙන්නෙ නෑ කියන එකත් කියන්න කැමති. ඒ වගේම මේ ලිපිය ලියන මොහොත වෙනකොට මං හිතලා නෑ මේ ලිපි පෙළ දාන්නෙ කවදා කොයි වෙලේටද කියලා. ඒකත් ළඟදීම ගේන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්...

රූමස්සල අහසේ සැරි සරන පිටසක්වළ යානා


අයිතිය මුල් අයිතිකරු සතුවේ. මෙය දැනුම සඳහා උපුටාගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.


මුහුද, අහස, වනාන්තරය, කඳුයාය වෙරළ තීරය දෙවනත් කරමින් කාන්තාවක් මහා හයියෙන් විලාප‍දෙන්නට වූවාය. ඒ රූමස්සල වනයේ හදිසියේ මිය ගිය තරුණ කාන්තාවගේ හඬයි. එය ඈත අතීතයේ සිදුවුවද එය අදටද ඇසෙන බව රූමස්සල වැසියෝ කියති.රූමස්සල කියූ සැණෙන් මතකයට නැග එන්නේ ඉපැරණි කතා පුවතකි. එනම් රාම-රාවණා යුද්ධය ගැනය. හනුමන්තලා රාවණාලා හා රාමා-සිතාලා ගැනය. තවත් පිරිසකගේ මතකයට එන්නේ විද්වත් ආතර් සී. ක්ලාක් වැනි විද්වතුන් මතු කළ විද්වත් තොරතුරු පද්ධතීන් ගැනය. 

ඒත් පරිසරවේදීන් දිගින් දිගටම ලියන්නේ මෙහි ඇතැයි කියන ජෛව විවිධත්වයන්, කොරල්පර වැනි ස්වාභාවික සම්පත් ගැන හා නමට පමණක් ගැසට් කොට ඇති අභය භූමියක් ගැනය. මේ සියල්ලටම වඩා වෙනස් ලෙස සිතන උදවිය ද සිටිති. ඒ කොටස වන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් ය. ඔවුන් පවසන ආකාරයට පෘතුගීසින් පළමුව ගොඩබැස්සේ මේ බිමිකඩටය. පසු කලෙක ලන්දේසීන් මෙම භුමියේ තවත් කොටු දෙකක් නිර්මාණය කිරීමට පිඹුරුපත් සකස් කළද ඉංග්‍රීසින් විසින් ලන්දේසින් පන්නා දමා බලය ගත් නිසා මෙහි තවත් කොටුවක් ඉදිවූයේ නැත. වර්තමානයේ රූමස්සල ගැන පොත් ලියන්නෝ පට්ට ගසන්නේ මේ අතීත පුවත් හා කතන්දරයන්ය. මේවා ගැන බලන කියන පිටස්තර උදවියද පාසල් ළමයිද මේ කියන දේවල් බලන්නට ඉගෙන ගන්නට අධ්‍යාපන චාරිකා සකස්කර ගනිති. ඒ නිවාඩු කාලයේ ය.සැබැවින්ම රූමස්සල ඓතිහාසික, විද්‍යාත්මක දත්ත ගබඩාවකි. ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර ඇති ආකාරයට ලෝකයේ කිනම් රටකින් හෝ යවනු ලැබූ චන්ද්‍රිකාවක් කිනම් හේතුවක් නිසා හෝ අක්‍රිය වූයේ නම් ඒ සියල්ලම පාවී විත් රැඳී ඇත්තේ මේ රූමස්සල ගුවන් ගැබේය. මේ වන විටත් එවන් චන්ද්‍රිකා රැසක් මෙහි රැඳී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්ව්න් ආරියද‌ාස මහතා සඳහන් කරයි. 


ලංකාවට පැමිණි ආතර් සී. ක්ලාක් මහතා මේ පියසේ නැවතී කලක් ජීවත් වූයේ ද මෙහි ඇති මේ ජීවගුණය විද්‍යාත්මක වටිනාකම් හා නව විද්වත් සොයාගැනීම්වලට මේ බිම්කඩ අපූරු තෝතැන්නක් වූ නිසාය. එපමණක් නොව ලෝකයේ ඇති හොඳම වෙරළ දෙ‌‌‌ාළහෙන් එකක් ලෙස මේ රූමස්සල එහා අන්තයේ වැල්ලේ දේවාල වෙරළ එද‌ා පත්වී තිබූ බවද සඳහන් කළ යුතුය. මේ ඓතිහාසික සිදුවීම්වල රැඳී තිබූ පියසටහන් අනාගත පරපුරට ද‌ායාද කරන්නට කිසිවකු මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. එපමණක් නොව මේ වන විට රූමස්සල සොබාදමින් පණ ලැබූ ගහ කොළ සතා සීපාවා පවා අපට අහිමි වී තිබේ. ලෝකයේ දුර්ලභම කොරල්පරය විනාශය වෙත වේගයෙන් ගමන් කරමින් තිබේ.කළුනික පවා තිබුණේ යැයි කියූ මේ මහා රූස්ස කැලේ අද ඇත්තේ අතරින් පතර ඇති මලානික ගස් කොළන්ය. 


සත්තකින්ම, අද ඇත්තේ එද‌ා පොතපතින් ජනකතාවලින් අප ඇසූ රූමස්සල නොව, නවීන රූමස්සලක්ය. නවීන ලෝකයේ ඉදිරියෙන් අද සිටින්නේ සංචාරක ව්‍යාපාරය. රජයේ ඉදිරි සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතාවක් ලබා දී ඇත්තේද මේ සංචාරක ව්‍යාපාරයටය. එයිනුත් විදේශිකයින්ගේ වඩාත් නැඹුරුව ඇත්තේ පාරිසරික සංචාරක ඉසව්වන් වෙතය.ගාල්ල නගරය දියුණු කරන්නට යන්නේ ද ඒ අවට දියුණු කරන්නට යන්නේද මේ සංචාරක කර්මාන්තය අරමුණු කොටගෙනය. ඒ යන ගමනේ හොඳම ඉලක්කය කරගත යුතුව ඇත්තේ මේ රූමස්සල බව අවිවාදිතය. රජය, පළාත් සභාව හෝ සංචාරක මණ්ඩලය තවමත් ඇස ගසා නැත්තේ ඇයිද යන්න ගැටලුවකි.මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? මේ සොබාදහමේ අපූරු මැවීමක් වන රූමස්සල අද බලවන්තයන්ගේ යටත් බිමක් බවට පත්ව ඇති බවය.මෙහි ඇති බිමිකඩහි සොඳුරුම ඉසව්ව වන්නේද වෙරළ ආසන්න භූමියයි. එහි අයිතිය මේ වන විටත් ඇත්තේ වරාය අධිකාරියටය. මේ බිමේ ඇති සුවිශේෂී කොටසක් වන්නේ සුදුවැල්ල නම් වූ ඉසව්වය. එය සුන්දර වෙරළකින් හා මනා සෙවණැති අපූරු වන රොදකින් යුක්තය. පෘතුගීසින් පළමු වරට පැමිණ ඇත්තේද මෙම ස්ථානයට බව සැලකේ. මනාසේ ස්භාවිකව පිහිටා ඇති වෙරළ හා නොගැඹුරු මුහුද ඉතා සුරක්ෂිත නාන තටාකයකි. දිනපතා මෙහි පහස ලබා ගැන්මට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගණන මෙතෙකැයි කිව නොහැක. එහෙත් අද මෙම ස්ථානය බලහත්කාර අත්පත්කර ගැනීම් සහ පවත්වාගෙන යන අවන්හල මා‍ෆියාවක් බවට පත්ව තිබේ. මේ සඳහා කිසිදු ආයතනයකින් බලපත්‍රයක් ලබා ගෙන නැත. මෙහි එන සංචාරකයන් පවා ඔවුහු විශාල වශයෙන් ගසා කති. නීතියක් නැත අවනීතියක් දැකිය හැකිය.කුඩා බීම බෝතල් දෙකක් හා බියර් බෝතලයක විකුණුම් මිල රුපියල් 1500කි. මෙතැන නාන්නට හෝ විවේක‍යක් ගන්නට හෝ එන ස්වදේශිකයකුට මෙහි වැඩි වෙලාවක් ඉන්නට ඉඩක් නැත. අද මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වයට මෙය හොඳම උද‌ාහරණයකි. වෙරළ සම්පූර්ණයෙන්ම මෙම කල්ලියේ (ගැන්සිය කල්ලිය) අණසකට යටත් වී ඇත. විදේශිකයින් සඳහා බංකු ඇඳවල් සකස් කරගෙන ගසාකන්නේ නියමිත පරිදි අනුමත හෝටල් සංකීර්ණයක් ලෙසය. මහ ගස් කොළන් කපා දමා ඇත. නමට පමණක් ‘පරිසරය රැකගනිමුයි’ කියා බෝඩ් ගසා ඇති නමුත් එයට මඳක් ඈතින් වන මැද රහසේ ගොඩනගාගෙන ඇති මහා කසළ කන්දකි. වගකියයුත්තන් කවුරුන්දැයි සොයා ගන්නට ද නැතත් එවැනි ස්ථාන දෙකක් කැලය මැද නිර්මාණය කර ගෙන ඇත්තේ සැමට රහසෙනි. 


කවද‌ා හෝ මේ කන්දට ගිනි ඇවිළී ගියහොත් මුළු රූමස්වල කෑලැවම ගිනි රකුසා විසින් බිලිගනු නියතය. මෙවන් කසළ එකතුවක් මෙයට ඔබ්බෙන් ඇති පුංචි වැල්ල ප්‍රදේශයේද දක්නට ඇත. මේ පුංචිවැල්ල ද අනවසර අයකු විසින් මෙයට පෙර සුදුවැල්ල මෙන් සිය අණසකට යටත් කරගෙන ‍වෙරළ මාෆියාවක් පවත්වා ගෙන ගොස් තිබිණ. මේ සම්බන්ධයෙන් ඇති වූ විරෝධය නිසා වරාය අධිකාරිය විසින් නඩු කියා එම කොටසෙහි අයිතිය නැවත අධිකාරිය වෙත පවරාගෙන තිබේ. එසේ නඩු කියා ලබා ගත් මේ බිම්කඩ සහිත නාන වෙරළ උද්‍යානය නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හැක. නිසි වැඩපිළිවෙළක් නිර්මාණය කර නැත. හබරාදුව ප්‍රාදේශීය සභාව මෙහි පාලනය ගෙන ගියද එහි ප්‍රමිතියක් නැත.මෙම ඉඩම් වරාය අධිකාරියට අයිති ඒවාය. අප එහි යන විටත් සුදු වැල්ලට හැරෙන ස්ථානයේ මුර කුටියක ආරක්ෂකයින් දෙදෙනකු සිටිනු දක්නට ලැබිණ. ඒ දෙදෙනා වරාය අධිකාරියේ ආරක්ෂකයන් දෙදෙනෙකු බව පැවසූ අතර වරාය අධිකාරිය සතු කොටස්වල අනවසර ඉදිකිරීම කරනවා දැයි විමසිලිවන්ත වීම සඳහා ඔවුන් මෙම ස්ථානයේ රඳවා තිබේ.එහෙත් වෙනද‌ා මෙන් නොව ලෝක උරුම ගාලු කොටුව නරඹන්නට එන පිරිස්වලට වඩා වැඩි දෙස්-විදෙස් පිරිස් දිනපතා මෙහි එන බව ගම් වැසියෝ පවසති.මෙමගින්, ඍජු හා වක්‍ර රැකියා මගින් හොඳ ආද‌ායම් ලබන බව පෙනී යයි. මෙහි දැනටමත් රථ ගාල් ස්ථාපිතව තිබේ. ගැටලුව බවට පත්ව ඇත්තේ රජයේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයක් ‍නොමැතිව ඉතා අවිධිමත් ලෙසින් මේ සියල්ල සිදුවීමය.රූමස්සල පාරිසරික හා සංචාරක පාරාදීසයක් ඇති කිරීමට හැකි ස්ථානයකි. එහෙත් අවාසනාව බවට පත්ව ඇත්තේ මේ වන තෙක් රජය හෝ සංචාරක මණ්ඩලය හෝ මේ ස්වාභාවික භෞතික සම්පතින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට සැලසුම් නොකිරීමය. රූමස්සල හොඳ සංචාරක පුරයක් කරන්න හැකි ඉක්මනින් රජය මැදිහත් විය යුතුය. නැති නම් සිදුවන්නේ අයාලේ යන සංචාරක පුරයක් බවට රූමස්සල පත්වීමය. රූමස්සල පරිසර වැදගත්කම් සහ සංචාරක ආකර්ෂණය ඉහළ යන ලෙස මෙම ප්‍රදේශය නවීකරණය කිරීම සැමගේ වගකීම බවය. ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ අලුත් ම කොරල් වර්ග දෙකක් අප විසින් ම අපේ රටෙන් සොයා ගැනීම මෙම අමරණීය සිහිවටනයයි. 


මෙම කොරල් වර්ග පොඩබේසියා ලංකෙන්සිස් (PODABACIA LANKAENSIS) හා පොරයිටිස් ඩිසිල්වෙරි (PORITES DESILVERI) ලෙසින් නම් කොට ඇත. දකුණේ ඇති ඉහළ ඝනත්වයක් හා සෞඛ්‍ය සම්පන්න බවින් වැඩි මිරිස්ස කොරල්පරයේ දර්ශනයක් හික්කඩුව-මිරිස්ස රූමස්සල කොරල්පරවලින් සොයා ගැනුණු මෙම විශේෂිත කොරල් වර්ග දෙක තවමත් නිල වශයෙන් නම් කොට නැති නමුදු, එය විශේෂ වර්ග දෙකක් ලෙසට පිළිගෙන ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය පී.බී. ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේය.දස වසරකට අධික කාලයක් තිස්සේ මාලදිවයින, කෙන්යාව, ටැන්සානියාව, ජපානය, නවසීලන්තය, ඕස්​ෙ‌ට්‍ර්ලියාව හා ස්වීඩනය යන රටවල සාගර විද්‍යාව පිළිබඳ පර්​ෙ‌ය්ෂණයන් හි නියැළී සිටි ඔහු මිරිස්ස නිජබිම කරගත් රුහුණු පුත‍්‍රයෙකි. අලුතින් ඉදිකෙරෙන හම්බන්තොට වරාය පිළිබඳ මුහුදු ශක්‍යතා වාර්තාව සකස් කළේ ද ආචාර්ය ප‍්‍රදීප් කුමාර ය. මේ සප්ත මහා සාගරය මහා සම්පත්වලින් පිරුණ නිධානයක් බඳුය. භෞතික මෙන් ජෛව විවිධත්වයෙන් යුත් ජීව සම්පත්වලින් ද අනූන ය. එමෙන් ම මේ ලෝකය අතිසුන්දරය. මෙයට දශක තුනකට ප‍්‍රථම ලොව ප‍්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් සහ මයික් විල්සන් වැන්නෝ අපේ රටේ මුහුදු පතුලේ අසිරිසිරිය දැක ගත්හ. ඔවුන් දුටුවේ ද මේ අසිරියෙන් බිඳක් යැයි ඔවුහුම පැවසූහ. සාගර හා මුහුදු විද්‍යාඥයෝ කොරල්පර ජලයේ ඇති නිවර්තන වැසි වනාන්තර ලෙස හඳුන්වති. ලොව මත්ස්‍ය සම්පතෙන් සියයට 25ක ළමා කාලය ගෙවෙනුයේ මේ කොරල්පර ආශ‍්‍රිතවය.මත්ස්‍ය සම්පතේ ගොදුරු බිම් හා තිඹිරිගෙවල් වන්නේ ද මේ කොරල්පරය. ලංකාවේ අප තවමත් මේ මහා කොරල් සම්පතෙහි සැබෑ අගය හඳුනාගෙන නැතැයි කීම වඩාත් නිවැරදිය. කොරල්පර නිසා යම්තාක් දුරකට සංචාරක ව්‍යාපාරය සඳහා ද‌ායකත්වයක් ලැබුණ ද මේ සම්පත ජාතික සම්පතක් ලෙස රැක ගැනීමට අද‌ාළ අංශ අසමත් වීම කනගාටුද‌ායකය. 


ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කොරල්පර වර්ග ගණන තුනක් බව ආචාර්ය ටර්නි අප සමඟ පැවැසීය.ඒවා නම් ධාර පර, බාර්පර නොහොත් බාධක පර හා අතෝර පරය. ධාරපර ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ නොගැඹුරු දියේ දක්නට ඇත. හික්කඩුව බොනවිස්ටාව සහ මිරිස්ස ආදී ප‍්‍රදේශ මේ අතර සුවිශේෂය. බාර්පර නොහොත් බාධක පර ඇත්තේ ගැඹුරු මුහුදෙහිය.මේවා බොහෝවිට නැගෙනහිර මුහුදු තීරයේ පාසිකුඩා, කල්පිටිය සහ නිලාවැලි වැනි ප‍්‍රදේශවල දී දැකගත හැකි ය. අතෝර පරයන් ඇත්තේ මාලයක් ලෙසට ය. ඒවා ලංකාවේ තවමත් දැකගැනීමට ලැබී නැතැයි පවසන ටර්නි මහතා ඒවා මාලදිවයින වැනි දූපත් අවට මුහුදේ ඇතැයි පවසයි.ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනයට යොද‌ාගත හැකි හොඳම දෙයක් තමා මේ ජීව කොරල්පර ප‍්‍රදර්ශනය කිරීම. එහෙත් අවාසනාවකට දෝ මේ සියල්ල ටිකෙන් ටික අපට නැතිවෙමින් යනවා. ස්වාභාවික හේතු මෙන් ම මානව ක්‍රියාකාරකම් ද එයට හේතුවක්. ඩයිනමයිට් දැමීම, අපද්‍රව්‍ය සාගරයට දැමීම සහ කෘමිනාශක භාවිතය ආදිය මේ කොරල්පර විනාශයට එක එල්ලේ බලපානවා.දකුණු දිග මුහුදු තීරයේ ඇති බොහෝ කොරල්පර විනාශ වී යන බවත්, සමහර ඒවා මැරීගෙන යන බවත් අපේ අලුත් ම ගවේෂණ දත්තවලින් හෙළි වෙනවා. 
ලංකාවේ හොඳම ජීව කොරල්පර ඇතත් නැගෙනහිර මුහුදු තීරයේ එයින් පසු අපට එද‌ා දැක ගත හැකි හොඳම කොරල්පර වූයේ හික්කඩුව හා ලෝ ප‍්‍රකට උණවටුන, රූමස්සල බොනවිස්ටා කොරල් පර.එද‌ා උණවටුන කොරල්පරය ජෛව විවිධත්වය අතින් හරිම ඉහළයි. දුර්ලභ කොරල් හා ජීවීන්ගෙන් පිරිලා තිබුණා. හික්කඩුවත් එහෙමයි. නමුත් මේ වන විට ඒ කොරල්පරවල ඇති ජීවී ගතිය මැරීයමින් පවතිනවා. මින් රූමස්සල තත්ත්වය හරිම කනගාටුද‌ායකයි.2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කරන ලද මී‍ටර 120ක් උස කන්දක් වූ හෙක්ටයාර 170 රූමස්සල සතුව හෙක්ටයාර 20ක රක්ෂිත වනාන්තරයකින් සමන්විතයි.රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි පරිසර සම්පතක් බවත් මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා මෙම කඳු වැටිය හඳුන්වා ඇත. ලොව වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ද රූමස්සලයි. ඔහු 1956 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ ප්‍රථම නිවස ඉදිකොට ගෙන ඇත්තේද උණවටුන ප්‍රදේශයේයි. එහෙත් මේ කන්දේ ආරම්භය ගැන නම් ජනප්‍රවාදයේ නම් කතා ‍බොහෝම වෙනස්ය.එහි ප්‍රසිද්ධම කතාව වන්නේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ සඳහන් පරිදි රාමගේ සොහොයුරු ලක්‍ෂමනයන් රාමගේ හී පහරකින් විපතට පත්වූ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එවකට සිට ඍෂිවරයෙක් හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබූ අතර සටන ගැන සිතමින් හිමාලය බලාගිය හනුමන්ට ගෙන ඒමට කියූ ඖෂධවල නම්, අතරමගදී අමතක වී තිබිණ.මේ නිසා හිමාලයෙන් කොටසක්ම උස්සා ගෙන ආ හනුමන්තාගේ ඇගිලි දෙකක් අතරින් ඒ ගෙනා ආ හිමාල කොටසින් වැටුණු කොටස රූමස්සල බව පැවසේ. එයින් වැටුනු අනිත්‍ කොටස උනා වැටුණු ස්ථානය දැන් උණවටුන බව වේ. එම කතාව සිහියට නගන්නටම ඉදි කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නමැති වානරයා එක් අතකින් යගද‌ාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරුයි. සත්තකින්ම තවත් කතාව වන්නේ ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇති අතර ඇය සොයමින් පැමිණි රාම රජු රාවණා රජු සමඟ යුද කොට ඇයව බේරා‍ ගෙන ඇත්තේ, රූමස්සල කන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුළක් ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව ‘රාම ඉස්සූ ගල’ යන අරුතෙන් රාමස්සගල, රූමස්ගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි. අතීතයේ මෙහි යෝගී ඍෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී. 


එහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයත් කාගේත් සිත් ඇදගන්නා සුළු ස්ථානයකි. එහි චෛතය මලුව වෙත නැගී බැලූ වි‍ට පෙනෙන දර්ශනය ඉතාම සිත්ගන්නා සුලුයි.හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත් පැළෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳු වැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි. කලාපයට, වියළි කලාපයට මෙන්ම ශුෂ්ක කලාපයට ද අයත් ශාක ප්‍රජාවන්ගේ නිවහනකි. අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින් ප්‍රකටව පැවති මෙහි 1991 වන විට බෙහෙත් පැළෑටි 150ක් පමණ තිබී ඇත. එයින් බෙහෙත් පැළෑටි 141 ක්ම රූමස්සලට ආවේණිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුණු ඒවාය. බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කෝන්තාලම් ආදිය මෙහි ඇති දුර්ලබ බෙහෙත් පැළෑටි කිහිපයකි.ලෙඩ රෝග 108 කට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදෙන ගොපලු ගුළිය නමැති වටිනා ඖෂධයේ ප්‍රධාන ලෙස යොද‌ාගන්නේ කෝන්තාලම් ගසේ ගෙඩියයි. කෝන්තාලම් ගස් දෙකක් අදටත් උණවටුන වැල්ලේ දේවාල භූමියේ දැකිය හැකිය. මෙහි තිබුණු බෙහෙත් පැළෑටි බොහොමයක් වඳ වී ඇති අතර. සුදුහඳුන්, යක් කපු, ගම්මාලු, ඇත්දෙමට, බුලු, හල්, දුම්මැල්ල, කලු බෝවිටියා එවැනි වඳ වී ගිය බෙහෙත් පැළෑටි සමහරකි. මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72ක් වාසය කරන ලද බව සොයා ගෙන තිබේ. එලෙසම මෙහි ජීවත් වෙනවායි සලකන සමනල වර්ග ගණන 84කි. රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල්පරය දැක ගත හැකිය. 1796 දී පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගීසි බසින් බොනවිස්ටාව ලෙස නම් කළ මෙහි සිංහල තේරුම සොඳුරු දසුන යන්නයි. 


අප මුලින්ම සඳහන් කළ පරිදි, මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල්පරයක් ලෙස සමුද්‍ර ජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 71%ක් සජීවී කොරල්පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල්පර 35ක් ඇති බව සොයාගෙන ඇත. හික්කඩුව කොරල්පරයේ සජීවී බව 39%කි. මෙයින් මසුන් 491ක් සොයා ගෙන ඇති අතර දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320ක් වෙන බව සඳහන් වේ. එලෙසම ලොව වඳ වී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 72 කින් 36 ක්ම මෙහිදී සොයාගත හැකිය. මෙවැනි කොරල්පර දැකිය හැකි වන්නේ නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණක් බව පැවසේ. වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලක් බව පැවසේ. පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන්ගේ බිරිඳ විසින් රූමස්වල පාඨශාලාවක් ඉදිකළ අතර වර්තමානයේ එය බොනවිස්ටා පාසල ලෙස හඳුන්වන අතර මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මූලික අධ්‍යාපනය ලබා තිබුණේ එතැනිනි. ඇය විසින්ම මුලින්ම ඉදිකරන ලද ‍ගොඩනැගිල්ල අද පාසලේ විදුහල්පතිතුමාගේ කාර්යාලය බවට පත්ව ඇත. ඊට අමතරව බොනවිස්ටා කනිෂ්ඨ පාසලක්ද දැන් පිහිටවා ඇත. ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුද‌ා විසින් සතුරු නැව් ගල්පරවල හප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත. වසර 1875 දී ලන්දේසින් ඉදිකළ මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත. ඒ එය ඉදිකළ ඩබ්. බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය.පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය තවත් වැඩිදියුණු කළහ. මෙම ව්‍යාජ පහන් කණුවෙන් නිකුත් කළ ආලෝක ධාරා ඔස්සේ පැමිණෙන සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒ අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් කිරීමට මෙය නිර්මාණය කරන්නට ඇති බව සඳහන් වේ.එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොඳින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පවසයි. සාම චෛතය වෙත එන අතරමගින් හැරී ගිය කිලෝමීටරයකට වැඩිදුරක් ගිය විට මේ පැරණි පහන් කණුව දකින්නට හැකිය

හෙළයේ යුධ කලාව - Part 10


අවසානය


හෙළ අසුර අධිරාජ්‍යය බිහිකරන්න රවුළු නම් රාවණ රජු ගත් උත්සාහය අපමණයි. මෙතෙක් කල් ඔබ සමඟ එතුමාගෙ යුධ බලය සහ රාම සමඟ යුද්ධයේදී සිදුවූ දේවල් පිළිබඳව කතාකළා. තවදුරටත් *මා දන්න සියල්ලම* ඔබට සාරාංශ කර දක්වන්නම් මෙලෙස, (ඒත් මං දන්නෙත් බොහොම ටිකයි...)

අවි ආයුධ


  • න්‍යෂ්ටික අවි 10ක් හෝ 11ක්
  • බෝම්බ වර්ග 24ක්
  • මිසයිල වර්ග 11ක්
  • ආටිලරි
  • කාල තුවක්කු
  • දුනු ඊතල
  • කඩු විශේෂයෙන් *චන්ද්‍රහාස අසිපත*
  • අංගම් ආයුධ සියල්ලම(සුළු ඒවායේ සිට මරණය පමණක් ගෙන ආ ආයුධ දක්වා)

ගුවන් සටන් ශක්තිය

  • දඬමොණර බලකාය
  • සහස්ග්‍රැතිය
  • මකර සේනා

ජල සටන් ශක්තිය

  • තවමත් හඳුනා නොගත් සත්ත්ව විශේෂවල සහය

ගොඩබිම් සටන් ශක්තිය

  • අසංඛ්‍ය වූ අසුර සේනාව
  • ගොඩබිමේ ගමන් කරන හඳුනා නොගත් යුධ වාහන
  • බෝදිලිමන් හමුදාව
  • ගවර හමුදාව
  • නිට්ටෑ හමුදාව
  • ගජසිංහ හමුදාව
  • චරපුරුෂ සේවය{ප්‍රධානියා - බෝධි(අර්ධමානවයෙක්) }
  • තවත් අර්ධමානව හමුදාවන් සහ සත්ත්ව හමුදාවන්
  • පැය 72ක් ඇතුළත මැරුණු රෝගියෙක්ට පණ දිය හැකි වෛද්‍යවරු

මේ මං දන්න ටික විතරයි... තව කොව්චර තාක්ෂණයක් තියෙන්න ඇතිද පිටසක්වළ ලෝක සහ දෙව් බඹුන් පවා යටත් කරගන්න. මේ හැම දෙයක්ම කළේ හෙළයා තමන්ගේ මොළෙන්. මේවා කලින් තිබ්බ දේවල් නෙමේ මේවා අලුතෙන් හදපුවා. ඉතිං අපි පුස්කොළ පොත් ටික කවුරුහරි ගේනකන් බලන් එපා. අපිට ඕනෙ දැනුම මේ අවකාශයේ තියෙනවා. අපි ඉල්ලුවොත් ඒක අපිට විශ්වයෙන් ලබා දෙනවා. හොඳට මතක තියාගන්න... උබලා සිංහල... මේක සිංහලේ රට... අපිට මේ ලෝකේ තියෙන්නෙ මේ රට විතරයි... මෙච්චරකල් අපේ ජාතියේ වීරයෝ තමන්ගේ පණ පුදලා ආරක්ෂා කළා මේ සිංහලේ භූමිය... මේ පස සාරවත් වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ ලෙයින්... උබ ඒ පිං බිමට කෙළ පාරක් හරි ගැහුවොත් උඹ සිංහලයෙක් නෙමේ, කුණු දැම්මොත් උබට සිංහලයෙක් නෙමේ... ජාතිය වඳ වෙනවා මට මේක ආයේ ආයෙ කියන්න බෑ , ඒ ලැයිස්තුවේ උඩින්ම ඉන්නෙ අපි... ඒ අස්සෙ පුංචි පවුල රත්තරංලු (රෙද්ද තමා)
මේ ලෝකේ යුද්ධෙකින් පරාජය කළ නොහැකි ජාතීන් 3යි තිබ්බේ... ඒකෙත් උඩින්ම ඉන්නෙ අපි... එහෙම කියලා අපිට ඇමරිකාවට ගහන්න පුලුවන් , රාවණව නැගිට්ටලා ඇමරිකාවට ගහන්නෙ වගේ ගොන් කතා කිය කිය සමාජ ජාල වල ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා. මොකද වෙන රටක් එක්ක යුද්ධයක් කරනවා කියන්නෙ ඔය උබලා හිතන තරම් ලේසි දෙයක් නෙමේ(ඉන්දියාවේ ෆිල්ම් වගේ නෙමේ) ... ඒකට උපක්‍රම තියෙනවා. මං කියන්නෙ ගොන්වැඩ කර කර ඉන්නෙ නැතුව අලුත් දෙයක් හිතපල්ලා... තමන් කැමති විෂයය ගැන හදාරපල්ලා... මේ ලෝකෙ අපිට ඉතුරු වෙලා තියෙන එකම පිංබිම අපි රැක ගන්න ඕනේ. ඒකට යුද්ධ කරන්න උනත් අපි ලෑස්ති වෙන්න ඕනෙ. අපිට පුලුවන් විදියට ඒකට දායක වෙන්න ඕනේ. අන්තිමට දෙයක් කියන්නම්... ගොඩක් සිංහලයන් ඉතිහාසය විශ්වාස කරන්නෙ නෑ. ඒ ගැන හිතන්න එපා. උඹ ඒ තාක්ෂණය ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපන්. *උඹේ ඇඟ ඇතුලේ මැරි මැරී මැරි මැරී දුවන සිංහල ජානයට දැන්වත් පණ දියන්...* අපිට _පුලුවන් අඩිතාලම හදන්න විතරයි._

හෙළයේ යුධ කලාව - Part 6

රාම රාවණ යුද්ධය (රාමායණය)



ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ බිහිසුණුම යුද්ධය ලෙස හැඳින්වෙන්නෙ රාම රාවණ මහා යුද්ධයයි.(නමුත් රාමායණයට අනුව) ඕනෙම කතාවක් ලස්සන වෙන්නෙ වීරයට වඩා දුෂ්ටයා ප්‍රභල වුණාම. මේක වාල්මිකී කියන ඍෂිවරයා ලස්සනට අදුරගෙන ලස්සන බොරුවක් ගෙතුවා. අද ඉන්දියාවේ මිනිස්සුන්ගෙ මහා කාව්‍ය කියලා හදුන්වන්නෙත් මේ රාමායණය. වාල්මිකීගෙ දුක හිතෙන විහිලුව නම් මෙසේය. (ඇත්ත කතාව මීළඟ ලිපියෙන් )

බාල කාණ්ඩය


නමින් රාමචන්ද්‍ර නම් තැනැත්තා ඉන්දියාවේ අයෝධ්‍යා නුවර දශරථ රජුගෙ වැඩිමල් පුත්‍රයාය. ඔහුට ලක්ෂ්මන සහ තවත් සහෝදරයින් දෙදෙනෙක් සිටී. ධනුර් විද්‍යාවේ සහ තවත් විද්‍යාවන්වල කෙළ පැමිණුන කෙනෙක් ලෙස රාමචන්ද්‍රයන් පරසිඳුය. කතාව රාමයන්ගෙ බල මහිමය පෙන්වමින් යන අතරේ ඔහු විශ්වමිත්‍ර නම් මුනිවරයා සමඟ ජනක රජුගේ මිථිලා නම් නුවරට පැමිණෙනවා. ජනක රජුගේ භාරයේ ශිව දෙවියන් විසින් දුන් දුන්නක් තියෙනවා. එය ඔසවන්නට සමත් කෙනෙකුට තම දියණිය වන සීතා දේවිය සරණපාවා දෙනු ලබනවා. ඉතිං කාටවත් මේක ඔසවන්න තියා හොල්ලන්නවත් බැරි වෙනවා. එය රාමයන් විසින් තනි අතින් ඔසවා දුනුදිය අදිනවා. මේ නිසා සතුටු වූනු ජනක රජු රාමයන්ට සීතා දේවීන් සරණ පාවා දෙනවා.


අයෝධ්‍යා කාණ්ඩය


මේ අතරේ දශරථ රජු ‍රාමයන්ට රාජ්‍ය භාර දෙන්න තීරණය කරනවා. නමුත් මාලිගයේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. එහි සිටිනවා මන්ථරා නම් කූට ස්ත්‍රී දාසියක්. මෙම දාසිය අයත් වන්නෙ "කෛ කෙයි" නම් වූ රජුගේ දෙවැනි රැජිණියටයි. එම රැජිණියගේ පුත්‍රයා වන්නෙ "භරත" කුමාරයායි. මන්ථරා නම් දාසිය බිසවගේ සිත වෙනස් කරනවා භරත කුමරුව රජ කරවීමට. එයට මන්ථරා උපායක් යොදනවා. එනම්, රජු අතීතයේදී කෛකෙයි බිසවට වර 2 දෙනු ලබනවා. (රජුගේ ජීවිතය දෙවරක් ගලවා ගැනීම නිසා) එකකින් රජකම භරත රජුට ලබාදෙන ලෙසටත් අනෙකින් රාමචන්ද්‍රයන්ව තුදුස් වසක් වන වාසයට යවන ලෙසත්‍ ය. මෙය කෛකෙයි රජුට ඉදිරිපත් කරන අතර රජු ශෝකයෙන් හඩා වැටෙනවා. (ඉන්දියාවේ බලවත් රජෙක් පුත් වියෝවක් ගැන ඇසූ සැනින් අඩා වැටෙනවා.😂) කොහොමහරි රාමචන්ද්‍රයන් වන වාසයට යද්දි සීතා දේවිය සහ ලක්ෂ්මනයන්ද ඔහු සමඟ පැමිණෙනවා. ඔවුන්ගේ දුරස්වීම නිසා නරපති දශරථයන් මිය යනවා.


ආරණ්‍ය කාණ්ඩය


මේ යන අතර මඟදි ඔවුන්ට හමුවෙනවා මහා බලවත් අගස් මුනිවරයාව. ඔහු රාමයන්ට ලබා දෙනවා " *විශ්ව කර්මයා* " විසින් සාදනු ලැබූ දුන්නක්(අපේ අරක්කුවලින් අපිටම ගහනවා🤭) සහ "බ්‍රහ්මදත්ත" නම් බලවත් හීයක් සහ "අක්ෂය" නම් හීසැර අඩු නොවන හී කොපුවක්. ඔවුන් පංචවඩී වනයේ නිවසක් තනාගන්නවා. කොහොමහරි ඔහොම ඉද්දි වනයට එනවා සුපර්ණිකා නම් රාවණයන්ගෙ සහෝදරිය. පොතේ විදියට🤭 ඔවුන් රාමයන්ගේ සහ ලක්ෂ්මනගේ රූපයට වශීවී විවාහ යෝජනාවක් කරනවා. නමුත් ඔවුන් දෙදෙනා ඇයව විහිලුවට ලක් කරනවා. මේ නිසා ඇය සීතාව ගිල දැමීමට පනිනවා. (රාමායණයේ සියලු ලංකාපුර වැසියන් හදුන්වා තිබෙන්නෙ රාක්ෂයන් ලෙසයි) එවිට රාමයන් හා ලක්ෂ්මන එක්ව සුපර්නඛාගෙ නාසය සහ කන් කපා දමනවා. ඇය ලේ පෙරාගෙන පැන යනවා. ඇය යන්නෙ ඛර සහ දූෂණ යන රකුස් සේන්පතිවරුන් ලඟට. ඔවුන් විශාල සේනාවක් රැගෙන රාමා සමඟ යුද්ධයට පැමිණෙනවා. රාමා තනිව සියලු රකුසන් මරා දමනවා. සුපර්ණිකා පැනයනවා. රාවණයන්ට මෙය දන්වනවා. රාවණයන් රාමා සමඟ යුද්ධ කිරීමට ලෑස්ති වෙනවා. නමුත් විභීෂණ මෙය නවත්වනවා. රාමා සමඟ සටන් කලොත් නිසැකව රාවණයන්ට මිය යන්නට සිදුවන බව පවසනවා. රාමයන් රවටා සීතා දේවිය පැහැර ගන්නට උපාය යොදනවා. මේ නිසා රාවණ මාරිචි නම් රකුසා හමුවෙන්නට යනවා. මාරිචි රන් පැහැ මුවෙක්ගෙ වේශයක් මවා ගන්නවා. සීතා රාමයන් ඌ අල්ලා දෙන ලෙස ඇවටිලි කරනවා. ලක්ෂ්මනවත් උපායකින් රවටනවා. රාවණයන් මුනිවරයෙක්ගේ වේශයෙන් ගොස් සීතා අල්ලාගෙන පුෂ්පක රථයේ නැගී ලංකාපුරයට එනවා. සීතාහරණය නිසා රාමයන් නොනවත්වාම අඩනවා. 🙂 ඔවුන් සීතා සොයා යද්දි සුග්‍රීව නම් වානර රජ කෙනෙක්. ඔහුගේ සෙන්පති හනුමාන් නම් වීරයෙකි. ඔවුන් එකිනෙකාට අග්නියෙන් පොරොන්දුවක් දෙනවා. (රාමයන්ට සීතා උදව් කරගන්නත්, සුග්‍රීවට බාලී නම් තම නිවුන් සහෝදරයාගෙන් ‍රාජ්‍ය අරගෙන දෙන බවටත්)


කෂ්කින්ධ්‍යා කාණ්ඩය


මෙම කාණ්ඩය ආරම්භයේදීම රාමා බාලී නම් වානරයව මරණ අතර සුග්‍රීවගේ අනු දැනුම ඇතිව වානර හමුදාව සීතා කුමරිය සොයා යනවා. ඔවුන් අවසානයේ නවතින්නෙ සමුද්‍රයක් ආසන්නයෙන්. මෙහිදී හනුමාන් නම් සෙන්පති ඉදිරිපත්වී සමුද්‍රය තරණය කර ලංකාපුරයට ගොඩ බහිනවා. ඔහු ලංකාපුරය වර්ණනා කල අකාරය අපූරුවට එහි සඳහන් වෙනවා. ඔහු සීතා දේවිය සොයා යනවා. අශෝක වනයෙන් ඔහුට සීතාවන් හමුවෙනවා. ඔහු රාවණ මාලිගයට ගොස් විශාල කලබලයක් ඇති කරනවා. එම කලබලය මැඩ පවත්වන්න සමත් වෙන්නෙ මේඝනාධයන් පමණි. ඔහු හනුමන්ව අල්ලා රාජ සභාවට ඉදිරිපත් කරනවා. රාවණයන් ඔහුව මරන්න තීරණය කලත් විභීෂණ ඉදිරිපත්ව එය වලකනවා. පසු හනුමන්ගේ නැට්ට ගිනි තබන්න අණ කරනවා. ඔහු උපක්‍රමයකින් මුලු ලංකාපුරයම එම ගින්නෙන් දවනවා. පසුව නැවතත් ඉන්දියාවට ගොස් සිදුවූ සියල්ලරාමයන්ට පවසනවා. රාම විශ්වකර්මයාගෙ පුත් ලෙස රාමායණයේ හදුන්වන වදුරු සෙනෙවියාට කතා කර ලංකාවට පාලමක් බඳින ලෙස අණ කරනවා. ඔහු පාලම අපූරුවට ගොඩනගන බව සදහන්. ලංකාවට රාම ආවත් ඔහු සමඟ සටන් කරන්න රාවණට විභීෂණ ඉඩ දෙන්නෙ නෑ. එම නිසා කේන්ති ගන්නා රාවණ ඔහුව රාජ්‍යයෙන් නෙරපනවා. විභීෂණ රාමයන්ට එකතු වනවා. රාම ඔහුව මරන්න සැරසුනත් හනුමාන් එය නවතනවා. ඔහු ලංකාපුරයට ආ වෙලෙ ඔහුව බේරාගත්තෙ විභීෂණ බව හනුමාන් පවසනවා.

ලංකා කාණ්ඩය


රාවණ ඔවුන් සමඟ යුධ කිරීම සඳහා විවිධ රාක්ෂයන් එවනවා නමුත් සියල්ලන් පරාජය වෙනවා. මක් නිසාද යත් විභීෂණ එම රාක්ෂයන්ගේ සියලුම දුර්වලකම් රාමයන්ට පවසනවා. කෙසේවෙතත් ඔවුන් නවතන්න රාවණයන්ට හැකි වෙන්නෙ නෑ. එම නිසා රාවණයන් පසුබට නොවී යුධ පිටියට යනවා. ලක්ෂ්මන වානර නායකයින් ඇතුළු කිහිප දෙනෙකුට දැඩි ලෙස පහර දී ‍යුද්ධය දින කිහිපයකට නවත්තන්න රාවණයන්ට හැකිවන බව එහි සඳහන්. නමුත් රාම නොවේ නවතින්නෙ. එම නිසා රාවණයන් විසින් මේඝනාධයන් යුධ පිටියට යවනවා. ඔහු වලාකුළු තුළ සැගවී සේනාවට පහර දෙනවා. එයින් රාම, ලක්ෂ්මන, සුග්‍රීව, අංගද සහ ජම්බුවාන් නායකයින් ඇතුළු අසංඛ්‍ය වූ වදුරන් ප්‍රමාණයක් මැරී වැටෙනවා.(විභීෂණ සහ හනුමාන් ඇතුලු කිහිප දෙනෙක් පමණක් ඉතුරු වෙනවා) ඔහු සටන එයින් දවස් කිහිපයකට මැඩ පවත්වනවා. මේහිදි වදුරු නායකයෙක් වූ ජම්බුවාන් පහර කෑ සිටියත් හනුමාන්ට හිරු උදාවන්නට ප්‍රථම හිමාලයෙන් සංජීවනී පැළය ගෙන ආවහොත් සියළුම දෙනා සුවපත් කරගත හැකි බව ඔහු මරණයත් සමඟ සටන් කරන අතරේ කියනවා. ඒ අනුව හනුමාන් එම පැළෑටිය ගෙනවිත් සියල්ලන්ටම ප්‍රාණය ලබා දෙනවා. නැවත සේනා සංවිධානය කරන රාමයන් මේඝනාධයන් මරන්න උපායක් යොදනවා. විභීෂණගේ උදව් ඇතිව ඔහු ලක්ෂ්මනට සේනාවක් සපයා දී මේඝනාධ 'අග්නිහෝම' යාගය පවත්වමින් සිටින විටදී ඔහුට පසුපසින් ප්‍රහාර එල්ල කරනවා. ඔහු පූජා භාණ්ඩවලින් ගසා ලක්ෂ්මන සිහිනැති කළද නැවත නැගි සිටින ලක්ෂ්මන මේඝනාධයන්ගේ හිස කඳින් වෙන් කරනවා. පසුව විභීෂණ ලවා උපක්‍රමයකින් මංදෝදරියගෙන් රාවණව මැරිය හැකි ඊසැරය රාමා ලබාගන්නවා. එය රාවණගෙ නාභියට එල්ල කර ඔහුව මරා දමන බව රාමායණයේ සදහන්‍.


උත්තර කාණ්ඩය


මෙහි ඇත්තේ සීතාව අග්නි පරීක්ෂණයකට ලක් කිරීම, වනවාසයට යැවීම සහ රාමගෙ පුත් ලව සහ කුසගෙ උප්පත්තිය, ලව සහ කුස නැවත අයෝධ්‍යාවේ යුව රජ කරන තෙක්‍ ය. මෙහි අවසානයේ රාම සීතාගෙ පතිවත සැක කිරීම නිසා සීතා කන්දකින් පැන සිය දිවි නසාගත්තත් රාමායණයේ ඇත්තේ පෘථිවි මාතාව විසින් ඇයව තමාගෙ භාරයට ගත් බවයි. (දෙකම එකයි🤭) ඒ ශෝකයෙන් රාමද ගඟට පැන සියදිවි නසාගත්තත් එය වාල්මිකී විසින් සඟවයි.

Friday, March 20, 2020

හෙළයේ යුධ කලාව - Part 9


රාම රාවණ යුද්ධය (සත්‍ය)



*ඔන්න එහෙනම් බලන් හිටපු සත්‍ය...*
මහා වංශේ බොරුවක් නෙමේ... දැන් හිතයි රාවණ ඉතිහාසය බොරු කියලා මම කියනවද කියලා. නෑ නෑ එහෙම නෙමේ මං ඉස්සෙල්ලම කියපු එක තව පොඩ්ඩක් වෙනස් කරන්නම් මෙහෙම, මහා වංශේ බොහෝ දේවල් බොරු නෙමේ. සුද්දා ඉරලා විසික් කරපු මහා වංශේ 40 වෙනි පරිච්ඡේදය හෙවත් 'රාවණ යුගය' ගැනයි මේ කතාව...
රාවණ මිත්‍යාවක් බවට පත් කළ 1912 දී ලියවෙන කොඞ්රිංටන්ගේ ලංකා ඉතිහාසයත්, විජයගෙන් එපිටට අඩියක් තබන්නට බිය ලාංකේය පුරාවිද්‍යාවත් ගැන යළි ප්‍රශ්න කළ යුතුය. හෙළයන් සැවොම එකට එක්විය යුතු කාලය පැමිණ ඇත. රාවණ වසර පැමිණ ඇත...


උපුටාගැනීම© ::--



"රාම-රාවණ යුද්ධය අභ්‍යන්තර බල අරගලයක පුපුරායෑමක් ලෙසින් අපට තේරුම්ගත හැකි සාධක බොහොමයක් දැකගත හැකිවෙයි. එහි දී පෙන්වා දිය හැකි මුල්ම සාධකය වනුයේ පුලස්ති පරපුර හා වශිෂ්ඨ පරපුර මුල්කරගනිමින් මෙම සටන පැවතීමයි. පුලස්ති යනු වශිෂ්ඨ සෘෂිගේ සොහොයුරායි.



අනෙක් කාරණාව වනුයේ තම පරපුරට සිදුවන විනාශය තම සෘෂි නුවණින් අවබෝධ කරගන්නා පුලස්ති සෘෂි සකලවිධ ඥානය වේදග‍්‍රන්ථ ලෙස ලියා තැබීමයි. අනෙක් කාරණාව වනුයේ මෙම යුද්ධය පසුපස පවුලේ බල අරගලයක් පැවති බවට හොඳම සාධකය වන්නේ විශුවස් මුණිවරයාට හා ඉලදේවිට දාව උපන් වෛශ‍්‍රවණ ගෙන් (කුවේර* රාවණ බලය පැහැර ගැනීමයි. රාවණ යනු විශුවස් මුණි හා පුෂ්පොත්කටාට දාව උපන් දරුවාය. විභීෂණ යනු විශුවස් මුණි හා මාලනීට දාව උපන් දරුවාය. කුවේරගෙන් රාවණ බලය පැහැරගත්තා සේම, රාවණගෙන් රාජ්‍යය ලබාගැනීමට විභීෂණට අවශ්‍ය වන්නට ඇත.



මෙම තත්ත්වයම අයෝධ්‍යාවේද සිදුවන අතර දශරථට හා කෞශල්‍යට දාව උපදින රාමට හිමි සිහසුන දශරථට හා කෛකසිටට දාව උපදින භාරතට ලබාදීමට සිදුවන්නේ එබැවිනි. රාම-විභීෂණ එක්වීම පොදු සතුරකුට එරෙහි එක්වීමකි. මෙහිදී වැදගත් වන කරුණු රැසක් ඇත. රාමව අයෝධ්‍යාවෙන් පිට කිරීමට හේතු වනුයේ රාමායණයේ පෙන්වා දෙන හේතුවට වඩා වෙනස් වූ හේතුවෙක් මත බව එය හොඳින් අධ්‍යයනය කරන්නකුට පෙනී යයි. අයෝධ්‍යාව යනු එකල හෙළ අසුර අධිරාජ්‍යයට අයත් වූ රටක් බවට ඇති හොඳම සාක්ෂිය එහි පාලකයාගේ උපදෙස් දෙන්නා නැතහොත් දේවයන් තනන්නන්ගේ ප‍්‍රධානියා ලෙස පුලස්ති ඍෂිගේ අයියා වූ වශිෂ්ඨ ඍෂිවරයා කටයුතු කිරීමයි.රාමට රජකම නොදී රටින් පිටුවහල් කිරීමට හේතු වන්නේ අසුර අධිරාජ්‍ය විරෝධියකු ලෙස ඔහු කටයුතු කිරීමයි.



රාවණ මහා රජුගේ නියමය දශරථ රජු ක‍්‍රියාත්මක කළ ආකාරය හොදින්ම අවබෝධ කරගත හැකිවෙයි. අනෙක් කාරණාව වනුයේ රාම යුද්ධයට පෙර බලය ලබාගැනීමේ උපක‍්‍රමයක් ලෙස සීතාව භාවිත කළ බව පෙනීයාමයි. එනම් කුඹුරක අතහැර දැමූ රාවණගේ දියණිය වූ සොහෙළිව දරුකමට හදාගත්තේ මිථිලාවේ රාජ්‍ය පාලනය කළ ජනක නම් රජුය. හදාගත් දරුවාව රාම විවාහ කරගනිද්දී ජනක රජුගේම දියණිය වූ උර්මිලාව ලක්ෂ්මන් විවාහ කරගනු ලබයි.



මෙහි දී අයෝධ්‍යාවේ සිහසුන උරුම රාජ කුමාරයාට හදාගත් දියණියක විවාහ කරදීම පසුපස තිබෙන්නේ කුමක්ද? දුවව පෙන්වා බලය ලබාගැනීමේ උපක‍්‍රමයයි. රාවණ ශොහෙලිව (සීතාව) යළි ලංකාවට රැගෙන එන්නේ රාමගේ එම උපක‍්‍රමය අසාර්ථක වූ පසු ඇයව කැලයේ අතරමං කරදැමීමෙන් අනතුරුවය. මෙයම රාම-රාවණ යුද්ධයෙන් පසුව ද රාම සිදු කළේය. එනම් දරු දෙදෙනා සමඟම සීතාව වනයේ අතරමං කර දැමීමයි. ඒ උපක‍්‍රමයක් උදෙසා සිදු කරගත් විවාහයේ අවශ්‍යතාවක් තවදුරටත් ඔහුට නොවීමයි. එසේම වානර නම් ගෝත‍්‍රික පරපුරක සහය මිස අයෝධ්‍යාවේ හමුදා සහය යුද්ධය උදෙසා රාමට හිමි නොවුණි. මෙහිදී මතුවන ගැටලූවක් වනුයේ රාවණ පරපුරෙන් එන ප‍්‍රබල ආයුධයක් වූ ‘බ‍්‍රහ්මස්ත‍්‍රය’ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බවට පුලස්ති ඍෂි නියම කර තිබීමයි. පරපුරට ද්‍රෝහි වන්නකුට පරපුරේ ප‍්‍රබලම ආයුධයක උරුමය ලබාදීමට පරපුර ගොඩනැඟූ ඍෂි කෙනෙක් තීරණය කරයි ද යන්න දෙවරක් සිතිය යුත්තකි. එසේ නම් විය හැක්කේ කුමක්ද?



සතුරා අතර සිට සතුරාට පහරදීම ද? එහිදී මිය ගිය විභීෂණ දේවත්වයට පත්වීද? අප දන්නා පරිදි දේවත්වයට පත්වූයේ වීරයන් ලෙස මිය ගිය හෙළයන් මිස ජාතිය පාවා දුන් ද්‍රෝහීන් නොවන්නේය. රාවණ මිය ගියේ නැත. ඔහු අමරණීයත්වය ලබාගත්තෙකි. එදා ඔහු මිය නොගිය බැවින් එකල්හි රාවණ ශක්තියක් බවට පත්වූවා මිස දෙවි කෙනකු බවට පත්නොවුණි.



අවසන් සටනේදී සිදු වූයේ කුමක්ද මහා රාවණ සතුව පැවැති ‘මෙත්තස්ත‍්‍රය’ නම් රහස් ආයුධය පාවිච්චි කිරීමයි. ‘මෙත්තස්ත‍්‍රය’ යනු අධිසංඛ්‍යාත තරංග නිකුත් වන අත රඳවාගත හැකි කුඩා ප‍්‍රමාණයේ උපකරණයකි. එයින් නිකුත් වන අධිසංඛ්‍යාත තරංග ම`ගින් අවට සිටි සියල්ලෝ තම වසඟයට පත්කරගත හැකිය. රාවණ සේනාවට එරෙහිව විභීෂණ විසින් භාවිත කිරීමට උත්සහ දැරූ බ‍්‍රහ්මස්ත‍්‍රය අවසානයේ රාම හමුදාවට එරෙහිව භාවිත කිරීමට සිදු වූයේ එබැවිනි.



රාම හමුදාව පමණක් නොව රාම-ලක්‍ෂමන් ද මහා රාවණ මෙත්තස්ත‍්‍රය හමුවේ පරාජයට පත්විය. මහා රාවණ රජු හමුවේ දණින්වැටී පරාජයභාරගැනීමට ඔවුනට සිදුවූහ."



*මහාවංශයේ ඉරා විසිකළ 40 වෙනි පරිච්ඡේදය නිමි.*



තුන් ලොව කැළඹූ යුද්ධයක් ජයගත් වීරයන් දෙදෙනකු තම රටට ආ සැණින් සිය දිවිනසාගන්නට හේතුවක් නැත. ජනතාව හමුවේ පරාජයේ අවමානය දරා ගත නොහැකි වූ කල නම් එවැන්නක් සිදු කරගත හැකිය.
අයෝධ්‍යාවේ සිහසුනේ තබා රටේ රජු ලෙසින් සැලකූ මිරිවැඩිසඟල රාමගේ නොව ජයග‍්‍රාහී මහා රාවණයන්ගේ මිණිවැඩි සඟලයි. දැන් ඔබට තේරෙනවා ඇති විභීෂණ දේවත්වයට පත් වෙන්නේ රට බේරලා වීරයෙක් ලෙස මැරෙන නිසා ඔහු දේවත්වයට පත් වෙනවා. නමුත් රාවණ ? ඔහු දේවත්වයට පත් වෙන්නෙ නැත්තෙ ඇයි? මොකද එතුමන්ගේ රාජකාරිය තවම ඉවර නෑ. *රාවණ ජීවමානයි කියලා හිතන්න පුලුවන් අපිට කැමතිනම්...*


ඔබේ ලොකු ප්‍රශ්නයට මහාවංශයෙන්ම උත්තර හම්බෙන්න ඇති කියලා මං හිතනවා. නමුත් මට ඔබේ දෘෂ්ටිය තව අතකට යොමු කරන්න ඕනෙ. ඒ තමා,



රාම රාවණ යුද්ධය පැවැත්වුණේ ඔබ අහලා තියෙන විදියට නෙමේ. එහෙනම් කොහොමද ?



ඒක වුණේ රටවල් දෙකේ ඉදන් දියුණු අවිආයුධවලින්. ඒ වගේම වානර හමුදාව කියන්නෙත් මිනිස් හමුදාවක්.(මතක ඇතිනෙ කොටි එක්ක යුද්ධ කලා. ඒත් ඒ ඇත්තම කොටි නෙමේනෙ. නමක් දරාගත් මිනිස් හමුදාවක්ම තමා. ඒ වගේම තමා මේ රාමගෙ වඳුරු හමුදාවත්.) අයෝධ්‍යාව හෙවත් රාම රාජ්‍යයට අයිතිව තිබුණා මොහෙන්ජොදාරෝ නගරයයි. එම නගරය විනාශ වී තිබෙන්නෙ පරමාණු යුද්ධයකදී ක්‍රියාත්මක වූ න්‍යෂ්ටික අවියකින් බව විද්‍යාඥයන් ඔප්පු කලා. ඒ වගේම මතක තියාගන්න අවුරුදු 5000කට කලින් රවුළු රාවණ රජු පෘථිවියේදී න්‍යෂ්ටික බෝම්බයක් හෙළපු එකම ස්ථානය වන්නෙත් මොහෙන්ජොදාරෝව බවට සාක්ෂි තියෙනවා කියලා. රාම කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඔහුට තිබුණු එකම අඩුපාඩුව වන්නේ ගුවන්‍ යානා තාක්ෂණයයි. ලංකාවේ සමහර කොටස් ගිලෙන්නට ඇත්තේ මෙම යුද්ධයේ ප්‍රථිපලයක් ලෙස බවටද මත පලවී තිබෙනවා. කෙසේ වෙතත් රාවණ මෙත්තස්ත්‍රය භාවිතා කිරීම නිසා විභීෂණ විසින් බ්‍රහ්මස්ත්‍රය ඔවුන්ටම එරෙහිව භාවිතා කරනවා. එම නිසා රාම රාවණ යුද්ධය රාම හමුදාව පරාද වූ බවට මහාවංශයම සාක්ෂි දරණවා.

Thursday, March 19, 2020

හෙළයේ යුධ කලාව - Part 8


මහා රාවණයන්ගේ යුධ බලය



ඉරට හඳට වැන්ඳත් පව් පිං හදුනන ජාතියක් තමා සිංහලයා කියන්නෙ. මොකද බුදුවරු 27ක්ම ඉපදිලා ඉවරයි රාවණ යුගය වන විට. රාවණ යුධ බලය ගත්තොත් 100ක් 200ක් නෙමේ කෝටි ප්‍රකෝටිගානක් විනාශ කරන්න පුලුවන් අසුර බලකායක් තමා රාවණයන්ට තිබුණේ. කලින් ලිපියේ කතා කලේ රාවණයන්ගෙ න්‍යෂ්ටික ආයුධ ගැනනේ. ඉතිං මේකත් ඒකට ටිකක් සම්බන්ධයි.



රාවණ රජුගේ සියලුම න්‍යෂ්ටික අවි භාරව හිටියේ පද්දුත්තරයෝ කියලා කට්ටියක්. පද්දුත්තරයෝ කියන්නේ සියලුම සටන් වලදී අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරපු කට්ටියක්. කොටින්ම කිව්වොත් යක්කු වගේ කට්ටියක්...
රිටිගල ජයසේනත් මේ පද්දුත්තර පරම්පරාවකට අයිතිව සිටි අයෙක්.



පද්දුත්තරයන් යනු රුධිරය පානය කර ජීවත් වන්නට පුහුණු කරන ලද පිරිසකි. එය මෙසේය,



ඔවුන්ගේ මනසට බලවත් ධ්‍යානයකින් බලපෑම් එල්ල කර මෝහනයට පත්කර වැනි යමක් කර සතුරාගෙ රුධිරය පානය කරමින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව මොළයට සංඥා මගින් ඇතුල්කිරීමෙනි. රජුගේ බට පිරිසේ එක් ම්ලේච්ඡ ප්‍රහාරක බට සේනාංකයක් ලෙස ක්‍රියාකර ඇත. මනසට ලබා දුන් දෙය මතම යැපී අමානුෂික ලෙස යුධ ක්‍රියාදාමයන්වල යෙදී රට රැකීම සිදු කලේ රාවණ රජුගේ විධානවලට අනුවය. ඔවුන් තනිකරම "මරණවා" යන චේතනාවෙන් සිටි පිරිසකි. ඔවුන් යුද්ධෙට යනවානම් කරන්නෙ මරණ එකම පමණි. එයින් එහා දෙයක් ඔවුන් සිතුවේ නැත. සුනුවිසුණු කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණයි.



මේ පද්දුත්තරයෝ කියන්නේ වර්තමාන කමාන්ඩෝ සහ SFT එක වගේ කළ නොහැක්කක් නොමැත කියලා ඕනෙම දෙයක් කරන පිරිසක්. වර්තමාන හමුදාව ගත්තේ පොඩි උදාහරණයකට විතරයි මොකද පද්දුත්තරයෝ කියන්නෙ ඊටවඩා දරුණු ජීවීන් කොට්ටාසයක්...



(රාවණයන්ට අයත් ත්‍රිවිධ හමුදාවේම ගුවන් සටන්කාමීන්, බිම් සටන්කාමීන් සහ ජලකර සටන් කාමීන් හා ඒ සියල්ලන්ගේම එකතුවක් වූ සටන් කාමීන් , ම්ලෙච්ඡ අසුර සේනාංක අතරින් පද්දුත්තරයෝ නමින් සිටින්නේ එක් සේනාංකයක් බවත් මෙවැනි " ම්ලේච්ඡ " සේනාංක බොහෝමයක් හා ම්ලේච්ඡ නොවන සේනාංක බෝහෝමයක් රාවණයන් සතුව තිබී ඇත. )




මෙහෙම ම්ලේච්ඡත්වය ගැන කතා කරද්දි හිතෙයි රාවණ යුගය කියන්නෙ ම්ලේච්ඡ යුගයක් කියලා. නෑ.. ඒත් යුද්ධයක් කරද්දි එම උපක්‍රම අත්‍යාවශ්‍යයි.
හිතන්න රාවණයින් පිටසක්වළ ලෝක 10ක් යටත් කළා... ඔබට පිටසක්වල තාක්ෂණය මොනවගේද කියලාවත් හිතාගන්න පුලුවන්ද? ඇල්ෆා සෙන්චෝරියන් , ප්ලේඩියන්ස් , ලයිරන්ස් තව කවුරු කවුරු ඉන්න ඇතිද? ඔවුන්ගේ තාක්ෂණය කොච්චර දියුණු වෙන්න ඇතිද? ඒවා නවත්තන්න ඊටවඩා යුධ බලයක් තියෙන්න ඕනෙ නේද? ඒකට කියන්නෙ ම්ලේච්ඡත්වය නෙමේ යුධ උපක්‍රම කියලා. එහෙම නැතුව රාවණ කියන්නෙ අයහපත් අයෙක් නොවේ...


රාමාත් එසේ මෙසේ අයෙක් නෙමේ රාවණයන්ට අභියෝග කරන්න ඌටත් විශාල යුධ බලයක් තිබිය යුතුයි. සූක්ෂම යුධ උපක්‍රම තිබිය යුතුයි. නමුත් *රාවණට වඩා* නම් නෑ හොඳේ. ඇත්තටම වුණ දේ එහෙනම් බලමුකෝ අපි ඊළඟ ලිපියෙන්...