අන්තරීක්ෂ ශක්තිය
හොඳයි මොකක්ද මේ අමුතු ශක්තිය? නෑ නෑ අමුතු දෙයක් නෙමෙයි මේ කියන්නෙ විශ්ව ශක්තිය ගැන. සිංහලෙන් කිව්වොත් cosmic power එක ගැන. මේ අන්තරීක්ෂ කියන වචනය සංස්කෘත භාෂාවෙන් බිඳී එන්නක්. එනම් න'අන්තලික්කේන කියන වචනයයි. හොඳයි මොකක්ද මේ ශක්තිය? මෙහෙමයි මේක විශ්වීය පරිසරයේ ගැබ් වී තිබෙන ශක්තියක්. මේක අපිට ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍යයි. නමුත් මේ ශක්තිය සෘජුවම අපේ ශරීරයට ලබා ගන්න බෑ. ආහාරවලින් හෝ නින්දෙන් තමා මේ ශක්තිය මිනිස් ශරීරයට ලැබෙන්නෙ. වැඩියෙන් ලබාගැනීමටනම් භාවනාව, යෝගී ක්‍රම වැනි විවිධ ක්‍රම භාවිතා කෙරේ. මෙම විශ්ව ශක්තියෙන් අසීමිත ලෙස ප්‍රයෝජන ගත් පුද්ගලයා වන්නෙ මහා රාවණ රජුයි. මේ අන්තරීක්ෂ ශක්තිය ඍජුවම අවශෝෂණය කරගත හැකි ජීවියා වන්නෙ ශාක ජීවියායි. අන්තරීක්ෂ ශක්තිය ගැන වර්ගපූර්ණිකාවේ දීර්ඝ ලෙස විස්තර කර තිබේ. තවද තිලක් කන්දේගම මහතා පවසන ආකාරයට,
ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ *ලෝකවිදු* සම්මා සම්බුදු රජාණන්වහන්සේ ය.(අවිවාදාත්මකයි) මෙම ශක්තීන් පිළිබඳව විශාලම දැනුම් සම්භාරයක් තිබී ඇත්තේ බුදුන් වහන්සේටය. කෙසේදයත් බුද්ධත්වයට පත්වීමද සිදුවන්නේ යම්කිසි විද්‍යාවකට අනුවය. එනම්, බුද්ධත්වයට පත්වන්නට අවශ්‍ය ශක්තියද විශ්වයෙන් ලබා ගත යුතුය. එම නිසා අන්තරීක්ෂ ශක්තිය අවශෝෂණය කරගැනීමට නම් අනිවාර්යයෙන් ශාක ජීවියෙක්ද අත්‍යාවශ්‍ය වේ.
මනසට අධිපති චන්ද්‍රයාගෙන් නිකුත්වන ධාලිස්ස කිරණය වැඩිම බල සහිත වේලාව වන පසලොස්වක දිනට බ්‍රහ්ම මූර්තිය හෙවත් හිරුගේ සංසුන්ම වේලාව සමඟ එකතු වුනොත්...
අන්න ඒ වෙලාවට ශාක ජීවියා ආසන්නයේ සිටින මනසින් උසස් ජීවියා(මිනිසා) අනිවාර්යයෙන් *සම්මාසම්බුද්ධත්වයට* පත් වෙනවා.
පේනවනෙ මෙන්න විද්‍යාව... ගවේෂණය කරන්න පැති... ඒත් ඉතිං මෙහෙම කිව්වා කියලා හිතන්න එපා හැමකෙනාටම සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න පුලුවන් කියලා. එහෙම නෙමේ ඒ විෂය ගොඩක් දියුණුයි. මට කියන්න අවශ්‍ය වුණේ අන්තරීක්ෂ ශක්තිය භාවිතා කරන්න පුළුවන් බලවත්ම ආකාරය ගැනයි.
හරි ඒ කතාව දැනට ඇති මොකද අපේ මාතෘකාව ඒක නෙමේනෙ. අන්තරීක්ෂ ශක්තිය අපිට ප්‍රායෝගිකවත් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න පුලුවන්. වැඩි කතා නැතුව මං යන්නම් කෙළින්ම මාතෘකාවට...
අන්තරීක්ෂ ශක්තිය එකතු කර ගන්න පුලුවන් ප්‍රධානම ආකාරය තමයි පිරමීඩය. එහෙමත් නැත්තං චෛත්‍ය... මේ අන්තරීක්ෂ ශක්තිය පිරමීඩයක් මැදට මධ්‍යගත කරලා එම එකතු වෙන අන්තරීක්ෂ ශක්තියෙන් බොහෝ දේවල් කළ හැකියි. මං කියලා දෙන්නම් ඒ මොකක්ද , කොහොමද ඒක කරන්නෙ කියලා... අපි ඒක බලලා වැඩි විස්තර කතා කරමු.
ප්‍රථමයෙන්ම ඔබ ඝනකම කඩදාසිවලින් පිරමීඩයක් සාදාගත යුතුයි. මෙම පිරමීඩය ස්වර්ණමය අනුපාතයට(GOLDEN RATIO) අනුව සකස් කළ හොත් ඔබට උපරිම ප්‍රයෝජන මෙම ක්‍රමයෙන් ලබා ගත හැකිය.(දිගටම කියවන් යන්න තව ටිකකින් කියන්නම් ස්වර්ණමය අනුපාතය කියන්නෙ මොකක්ද කියලා) සාදාගත් පිරමීඩය මැද , එම පිරමීඩයේ උස 1/3ක් වන පරිදි විවිධ තබන්න. එනම්, රේසර් තලයක් තැබුවහොත් එය ඉබේ මුවහත් වේ. එළකිරි නරක් නොවේ. පොල්කිරි ඉබේ පොල් තෙල් බවට පත්වේ. ප්‍රතිඵල උපරිම කරවන මිනුම හෙවත් ස්වර්ණමය අනුපාතය වන්නේ, පිරමීඩයේ මැද උස මෙන් 1.47ක් බැගින් වන පරිදි පිරමීඩයේ ඇළදාර 4ත් , 1.57ක් වනපරිදි වූ පිරමීඩ පතුලේ දාරවල දිගත්වූ පිරමීඩ හැඩයයි. ත්‍රිකෝණ හතර වෙන වෙනම ගෙන බැලු විට එකී ත්‍රිකෝණයේ උස පාදස්ථයෙන් හරි අඩක් ගෙන බෙදූ විට 1.618කට ආසන්න බවද පෙනෙනු ඇත. ස්වර්ණමය අනුපාතය යනු මෙයයි.
පෘථිවියේ අරය හා සඳේ අරය ගෙන එය ස්වර්ණමය අනුපාතයට සකසා ගීසාහි පිරමීඩය සිංහ දේශයේ සිට පැමිණි සිංහ මිනිසුන් විසින් සකසා ඇත.
මෙය ගැලීලියෝ ගැලීලි මෑත ඉතිහාසයේදී මිනිසෙකුගේ ශරීරය උදාහරණයට ගෙන ඔප්පු කර ඇත. එනම්, මිනිසෙකුගේ උස ඔහුගේ නාභියේ සිට පාදාන්තයට ඇති උසෙන් බෙදූ විටත්, නාභියේ සිට පාදාන්තයට ඇති උස කේෂාන්තයේ සිට නාභියට ඇති උසෙන් බෙදූ විට ලැබෙන බව ගැලීලියෝ පවසා ඇත.
ආකලන ශ්‍රේණියක (0,1,1,2,3,5,8,13,21,34,55,89,...) ඉහළ පද ඉහළ පද ඕනෑම එකක් ඊට කලින් පදයෙන් බෙදූ විටද ආසන්නව මෙම ස්වර්ණමය අනුපාතය(1.618) ලැබේ. දැනට ප්‍රසිද්ධ හා වැඩිම ආදායම් ලබන සමාගම්වල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ මෙම ආකලන ශ්‍රේණියේ ස්වර්ණමය අනුපාතයට අනුවය. (උදා:- APPLE, TOYOTA, ...)
මෙම ස්වර්ණමය අනුපාතය යොදාගන්නා තවත් අවස්ථාවක් වන්නේ රථ වාහන නිපදවීමේදීය.(මෝටරථයේ සිට ගුවන් යානා දක්වා) ගුවන් යානයක් නිපදවීමේදී යානය නිපදවන ද්‍රව්‍ය වායු ප්‍රතිරෝධය දැරිය හැකි තරම් ශක්තිමත් සේම බරින් ද අඩු විය යුතුය.
මං පොඩි උදාහරණ ටිකක් අරන් පෙන්නුවේ ස්වර්ණමය අනුපාතය ගැන... ඒ වගේම මං කියලා දුන්න පරීක්ෂණයත් වැදගත් ආකාරයට ප්‍රයෝජනයට ගන්න. එය තව තවත් වැඩි දියුණු කරන්න. එතනින් නවතින්න එපා. අන්තරීක්ෂ ශක්තිය කියන්නෙ ඔබ නිකමටවත් හිතන්නෙ නැති තරම් බොහොම බලවත් දෙයක්... එකෙන් රාවණයන් තරම් ප්‍රයෝජන ගත් තවත් අයෙකු නැති තරම්. අලුත් දෙයක් හිතන්න අලුත් දෙයක් කරන්න. මේ ඔබව හෙළයට අවශ්‍යම කාලයයි...
No comments:
Post a Comment