Wednesday, March 18, 2020

හෙළයේ යුධ කලාව - Part 7

මහා රාවණයන්ගේ යුධ බලය


මං මේ ලිපියෙන් ගේන්න හිටියේ රාම රාවණ යුද්ධයේදි ඇත්තටම වුණු දේ... ඒත් මං හිතුවා කුතුහලය අවුස්සන්නත් එක්ක, රාවණයන්ගේ යුධ ශක්තිය පෙන්වන්න... එහෙනම් බලමු ඒ මොනාද කියලා.

මහා රාවණයන්ගේ දසවිද ඥානයන්ගෙන් 1ක් වන්නේ යුධ ශිල්පයයි. රාවණ දවස ලාංකේශ නම් ඍෂිගෙ ශ්‍රී මුණි නම් පියතුමාගෙන් තමා න්‍යෂ්ටික අවි ආරම්භ වෙන්නෙ. "නස්සක විචූරණය" පොතේ මේ බව ලිඛිතව සඳහන්. න්‍යෂ්ටික ශක්තිය යනු පරමාණුවක න්‍යෂ්ටියක් තුළ සිදුවන ප්‍රතික්‍රියාව ලෙස ඓතිහාසික පොත්වල දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා. බටහිරින් ඒ මතය අද පිළිගෙන තියෙනවා. අපි බලමු එකින් එක සවිස්තරව...

යුරේනියම්


මේක සුද්දා හොයාගත්ත දෙයක් කියලනෙ හැමෝම හිතන්නේ... නෑ, මේක හෙළ නිපැයුමක්... මේකට සාක්ෂි තියෙනවා. සුද්දා වැද්දා කාලේ ලියැවුණු වර්ගපූර්ණිකාවේ මේව හදන විදියත් එක්ක සවිස්තරව සඳහන් වෙනවා. මේකට නම හැදුණු විදිය ගත්තොත්,

යුර=යුගය
ඒනියම්=අන්දරය
යුග අන්දරය :> යුගයක අඳුර(යුරේනියම්)


න්‍යෂ්ටික අවියක ප්‍රධානම අන්තර්ගතය වන්නේ යුරේනියම් සහ ප්‍රෝටෝනියම් ය. එය එදත්, අදත් , හෙටත් එහෙම්මය.


මිසයිල


නිර්මාතෘ = අසුර නම් ඍෂිවරයා
වැඩි දියුණුව = රාවණ රජු

වෛමාන ශාස්ත්‍රයට අනුව නම සෑදුණු අයුරු
මි = මිනිසුන්
සෛලයක = සංහාරයට ලක් කරනවා
ඒ අනුව මිනිසුන් සංහාරයට ලක් කරන උපකරණය මිසයිලයයි.
රාවණ යුගයේ මිසයිල වර්ග 11ක් තිබී ඇති අතර ඉන් එකක් නම්...,


ගමදූප මිසයිලය


නමෙන්ම තේරෙනවා ඇති මේක නිර්මාණය කරන්නෙ මිනිසාගේ බහිස්‍රාවී ද්‍රව්‍යවලින්. මෙය පුපුරායාමෙන් පරිසරයට අංශු මාත්‍රයක හානියක් නොවන අතර මිනිසාට පමණක් හානි වේ. (විහිලුවක් කියලත් හිතෙයි) අද මිසයිලයක් ගැහුවොත්? ගහක් ගලක් හොයන්නවත් නැති වෙනවා. ඒත් එදා පහර දුන්නෙ අදාළ කාරණයට විතරයි. කොහොමද තාක්ෂණය...


බෝම්බය


බෝ = බොහෝ
ම්බය = බය වන
යක්ෂ භාෂාවෙන් මෙය "බොම්බච්චක" ලෙස හඳුන්වයි.
අර්ථය = බොහෝ බියවන සුළුවීම්

රාවණ දවස බෝම්බ 24ක් තිබී ඇත.
අපේ පුස්කොළපොත්වල ඇති දැනුම අනුව කුස්සියේ ඇති ද්‍රව්‍ය හොඳටම ප්‍රමාණවත් බෝම්බයක් සාදන්න. ප්‍රභල බෝම්බ සඳහා වැලි මරදාන වැනි ප්‍රදේශ වලිනුත් වෙඩිබෙහෙත් සඳහා අළුහුණුත් යොදාගෙන ඇත.

ආටිලරි


අර්ථය = ආක්‍රමණිකයන් ටිකක් කිරීම
අතීත වචනය = අටික්කලිරිය
ඔබ දන්නවාද "ආටිගල" නම් දැන් සිටින පරම්පරාවට ආටිලරිවලට ඍජු අයිතියක් ඇති බව. වාසගමේ හෝ පෙළපත් නාමයේ ආටිගල ලෙස සඳහන්ව ඇත්නම් ඔබේ මුතුන්මිත්තන් රාවණයන්ට ආටිලරි නිෂ්පාදනය කරදුන් ශ්‍රේෂ්ඨ යුධ ආයුධ නිර්මාණ කරුවන්‍ ය. මොකද රාවණයන් යම් යුධ අවියක් භාර ගනීද එය සුවිශේෂී විය යුතුය. මෙය දිඹුලාගල සෙල්ලිපියෙන් තහවුරු වේ.


මල්ටි බැරල්


අද මල්ටි බැරලයකින් ගහන්න පුලුවන් උපරිම 40යි. ඒත් රාවණ කාලයේ "ද්‍රම්කා" නම් මල්ටි බැරලයෙන් කොටස් 96ක ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන්.


දැන් කියන්න යන්නෙ ඉතිහාසයේ අපි වරද්දගත්ත තවත් තැනක් ගැන. ඒක අද නිවැරදි විය යුතුයි. ඒ තමා කාල තුවක්කු,


කාළ තුවක්කු


වර්තමානයේ කාලතුවක්කු කියන්නෙත් ආටිලරි විශේෂයකටම තමා. ඒත් අතීතයේ කාල තුවක්කු කිව්වේ අතීතයටත් , අනාගතයටත් ප්‍රහාර එල්ල කළ හැකි යුධ උපකරණයකටයි. හොඳට බලන්න හැමදේකටම නම දාලා තියෙන්නෙ ඒ දේට බැඳුණු මොකක්හරි දෙයක් නිසා. ඒත් කාල තුවක්කු? දියුණුයි කියන තාක්ෂණයෙන් තවමත් කාලය හරහා ප්‍රහාර එල්ල කරන්න පුලුවන් ආයුධයක් හදන්න බැරි වුණා.



රාවණ යුධ ශක්තිය ගැන කතාකරද්දි මේඝනාධ අඟහරුවල ඉඳන් පෘථිවියේ රාවණ ආක්‍රමණිකයන්ට පහර එල්ල කරලා තියෙනවා. ඇමරිකාව අද අඟහරුවල පරීක්ෂණ කරනවා. මෙච්චරකල් මතුපිට පීරලා හොයලා දැන් පොළොව යටට හාරගෙන් යනවා. හොඳින් මතක තියාගන්න මේ හොයන්නේ අඟහරු මත ජීවය නෙමෙයි රාවණ යුධ ගබඩාවනුයි හොයන්නේ. මේ වෙලාවෙත් රෝවරයක් පොළොව හාරන ගමන් ඉන්නේ. හිතන්න වෙන චක්‍රාවාට, ග්‍රහලෝක, උපග්‍රහයින් නැද්ද? රාවණ යුධ බලය ගන්නයි මේ සැලසුම...


සෙල්ලම් නෙමෙයි න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරද්දි රාවණයන් එහි ප්‍රභේද 11ක් ගැන "පූරනිකා" නම් පුස්කොළ පොතේ සඳහන් කරලා තියෙනවා. නමුත් සුද්දා 2ක් හොයාගෙන ඉවරයි. ඒත් තාම එතනමයි. අද අපි කොහෙද?


හොඳයි කලින් ලිපියකදී මං කිව්වනෙ රාවණ සමයේ දුන්න ගැන කියනවා කියලා. එළි වෙන ජාමේ ඇවිල්ලා සෙල්ලම් පටන් අරන් තියෙන්නෙ...

🏹 දනු ඊතල

එකල ඊතලවලට වායු පීඩකයක් සවිකරලා තිබුණා ගුවනේ පාවීම සඳහා විශේෂයෙන්. එකල ඊතලයක් පොදු වහරෙන් ගත්තොත් 84km ක් දුර විදින්න පුලුවන්. හිතන්න ලංකාවයි ඉන්දියාවයි පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙන්නෙ 42km ක් තරම් දුරකින්. නමුත් ඉන්දියාව අපිට පියවි ඇහැට පේනවද ? එතකොට 84km ක් යන හීය බලාගන්නෙ කොහොමද? ඊටත් වඩා එච්චර දුර ඉඳන් විදින්නෙ අහවල් එකකටද? පේන්නෙවත් නැති දේකට කොහොමද විදින්නෙ? හැමදේම තාක්ෂණය භාවිතයෙන් වුණේ... මං කතා කරන්නෙ ත්‍රිකෝණමිතිය හොයාගත්තු පයිතගරස් ඉපදෙන්න හිතලවත් නැති කාලයක් ගැන.(අමතක වුණොත් එහෙම😂) නමුත් යක්කයාගෙ ඉලක්කය කවදාවත් වැරදුණේ නෑ.

වර්තමානයට ආසන්න යටත් විජිත කාලයේදී ලංකාවට ආපු රොබට් නොක්ස් එදා ඊතලවල ප්‍රමාණය කියලා තියෙනවා එදා හෙළදිව පොතේ. නොක්ස් දුටු ඊතල...
ඊතලයේ උල අඩියක් පමණ දිග බවත් රිට අඩි 4-5 ක් දිග බවත් පවසනවා. මේවා ඇසින් දුටු සාක්ෂි... ඒ කාලෙ මිනිසෙක් අඩි 6යි අඟල් ක් පමණ උසයි. ඊතලය අඩි 6ක් උසයි. ඒත් දැන් මිනිස්සු කොච්චර උස යනවද?
01වෙනි කොටස අවසානයි.

No comments:

Post a Comment