Wednesday, March 18, 2020

යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව

මේ විද්‍යාවෙන් අපේ පැරැණ්නන් මොනාද කලේ? නෑ එහෙම නෙමේ... මේ විද්‍යාවෙන් මොනවද ඔවුන් නොකළේ? මං එක කතාවක් කියන්නම් මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධ... නමුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

රාවණට ඥාති වන රාක්ෂ ගෝත‍්‍රික කාන්තාවක මැණික්දෙන තපෝ වනයක තපස් රැුක්කාය. ඇය චිත‍්‍රා නම් වූවාය. විශ‍්‍රවස් මුණියේ ඥාති සොයුරු සන්තාප රකුසා චිත‍්‍රාවන්ගේ පියා විය. අනාගත වක්තෘවරියක් ලෙස චිත‍්‍රා ප‍්‍රකටව සිටියාය. එනම් අනාගතය කීමෙහි දක්ෂතාව චිත‍්‍රාවන්ට තිබිණි. එබැවින් රාවණ අධිරාජයා ඉඳහට චිත‍්‍රා හමු වී අනාගත කාලය පිළිබඳ නොයෙක් උපදෙස්, අනුශාසනා ලබාගන්නට අමතක නොකළේය.

රාවණගේ බල කේන්ද්‍රස්ථානය වූ සීගිරියේ සිට මැණික්දෙනට රාවණ රජතුමා යන්නේ අසුපිටිනි.

දවසක් එසේ යන විට චිත‍්‍රා කුමරිය අට්ටික්කා ගසක් මුල බවුන් වඩමින් උන්නාය. රාවණ රජතුමා ඇයට පලතුරු වට්ටියක් පිළිගන්වා ඈ සමඟ කතා කළේය. දීර්ඝ භාවනාවක් නිමා කර ඇය සැහැල්ලූ මනසකින් සිටීම රාවණ රජතුමාගේ සන්තෝෂයට හේතු විය.

‘‘ඔබ විවේකයෙන් නේද?’’ රාවණයෝ චිත‍්‍රාවන්ගෙන් ඇසූහ.

‘‘එසේය මහ රජ’’ චිත‍්‍රාවන් පිළිතුරු දුන්නාය. මැණික්දෙන තපෝ වනය පීරා ඇසෙනුයේ සියොතුන්ගේ කිචි බීචි හඬත්, කැලේ සරන සතුන්ගේ ගෝර හඬකුත් පමණි.

මහරජ ඔබ මෙහි පැමිණියේ කිසියම්  ගැටලූවක් විසඳා ගන්නට විය හැකියි. මට නම් දැනෙන්නේ එසේය චිත‍්‍රාවන් රාවණට ඉඩ දුන්නාය.

‘‘එසේය චිත‍්‍රාවනි, මට ඇතුළතත් කරදර සිත්තැවුල් බොහෝය. පිටත් කරදර සිත් තැවුල් බොහෝය. මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්නට මට වුවමනා වී තිබේ.

රාවණ රජතුමා එසේ කියන විටම රතුවන් කෑරලෙක් අමිහිරි හඬක් නගමින් දෙදෙනා අසලින් පියාසර කළේය. මේ දසුන මහ වනයට
නුපුරුදු දර්ශනයක් නොවේ. නමුත් කෑරලා එතැනින් යාම ගැන රාවණ රජුට දැඩි කෝපයක් හටගත්තේය.

‘‘මහ රජ ඔය ගිය පක්ෂියා කවුදැයි හඳුනනවාද?’’ චිත‍්‍රාවන් රාවණගෙන් විමසුවාය.

‘‘චිත‍්‍රාවනි ඒ රතු කෑරලෙක් නොවැ’’

‘‘නැත මහ රජ ඒ ගිියේ චෞදරී. ඔහු රාමගේ පිළේ ඔත්තුකරුවෙක්. ඔබතුමාගේ ගමන් පිළිබඳ තොරතුරු ගැනීමට චෞදරී ඔහුගේ ඔත්තු සපයන්නකු ලෙස පත්කර තියෙනවා’’ චිත‍්‍රාවන්
කියාගෙන ගියාය.

රාවණ යුගයේ රාවණ රජතුමාටත්, රාම කුමරුටත් පක්ෂව බොහෝ ඔත්තු සපයන්නෝ සිටියහ. මේ අය මන්ත‍්‍ර ශාස්ත‍්‍ර බලයෙන් පක්ෂීන්ගේ සතුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස්ගෙන මොවුන් කියන කරන දෑ නිරීක්ෂණය කළහ. රාම කුමරුට චෞදරී මෙන් රාවණට මරිච් රාක්ෂයා මේ ආකාරයට සත්ව වෙස් ගෙන රාමගේ තොරතුරු සැපයූවෙකි.

රතු කෑරලා පියාසර කළා පමණි. ඌ පසු පස දැවැන්ත උකුස්සකු වේගයෙන් පියාසර කළේය. බැලූ බැල්මට රතු කෑරලාට ප‍්‍රහාරයක් එල්ල කිරීමට උකුස්සා යන හැඩකි.

රාවණ රජතුමා උකුසු වෙස් ගත් චරිතය හඳුනා ගත්තේය.

මෑණියනි, ඔබගේ ප‍්‍රකාශය නිවැරදිය. අර රතු කෑරලා පසුපස යන උකුස්සා මගේ රාජ සභාවේ චාර රාක්ෂයාය. ඔහු මට සිටින දක්ෂ චර පුරුෂයෙකිි. චාර රාක්ෂයා පුහුණුව ලබා සිටින්නේ මේඝනාද කුමරුගෙන්. ඔහු මට සිටින අතිදක්ෂ ඔත්තුකරුවාය. ඔහුට මේ ලෝකයේ පමණක් නොව අඟහරු ලෝකයේ පවා ඔත්තු කීමෙහි හැකියාව ඇත

රාවණ පැවසුවේය

රජතුමනි, ඔබ මේ ලොව දීර්ඝ කලක් ජීවත් වන්නට මහ බඹුගෙන් අවසර ගත් එකම පුරුෂයාය. ඔබට කැරළි ගසන්නට රාම කුමරු සමඟ දැවැන්ත හමුදාවක් සූදානම් වී ඇත. මහ රජ මදුරුවකු, මැස්සකු වැනි පුංචි සතකුට වුව විශාල සත්වයකු නැසීමෙහි ශක්තිය තිබෙයි. එහෙත් කවර සටනකටත් පෙර ඔබට දිගු විවේකයක් අවශ්‍යව ඇත. දැන් එයට කාලය ළංව ඇත. චිත‍්‍රාවන් පැවසුවාය.

ඇය එසේ කීවේ රාවණ රජු අනාගතයේ සිිටින දිගු නිද්‍රාව පිළිබඳවය. එය රාමගේ විෂ හීය නිසා සිදු වූ බව පෙර ඔබට සඳහන් කර ඇත. මේ කාරණය මූලිකම රාවණගේ කන තැබුවේ චිත‍්‍රා නම් තාපසවරියයි.

එබැවින් රාම - රාවණ සටන ආරම්භයේදීම රාවණ රජතුමා තමන්ට මෙවැනි ඉරණමක් ළඟා වන බව දැන හුන්නේය. රාවණට විෂ හීය වැඳීම අහම්බකින් සිදු වුවත් එය රාවණගේ දෛවයට උරුමවූවක් විය. එම විස හීයෙන් මිදීමට රාවණට නොහැකි බව චිත‍්‍රාවන් ප‍්‍රකාශ කළාය.

රාවණට විවේක කාලය බව දැන ගන්නට තවත් ලකුණක් තිබිණි. ඒ රාවණගේ ගෙළ පැළඳි සුරයයි. එම සුරයේ තෙල් අඩු වැඩි වීම මත රජුගේ විවේක කාලය තීරණය වේ. චිත‍්‍රාවන්ගේ ඇස රාවණගේ ගෙළෙහි වූ සුරය වෙත ඇදුනාය.

එහි තියෙන තෛලය අවසානයටම අඩු වී තිබිණි.

රජතුමනි. සෑම අතින්ම පෙනෙන්නේ ඔබට විවේකය ළං වී ඇති බවකි. ඔබ වසර දහස් ගාණක විවේකයට සූදානම් වන්න. ඔබව අවදි කරවන්නට තාපසයකු වඩිනු ඇත. මේ අප හමුවන අවසන් අවස්ථාවයි.

චිත‍්‍රාවන් කඳුලින් බරව ප‍්‍රකාශ කළාය. රාවණ රජතුමා චිත‍්‍රාවන්ට සමුදී සීගිරි මාලිගාව කරා එළැඹියේය.

එදා මේ චිත‍්‍රා තාපසවරිය අවුරුදු දහස් ගාණක් අතීතයත්, අවුරුදු දහස් ගාණක අනාගතයත් දැක තොරතුරු කිව හැකි විශිෂ්ට ඥාන ප‍්‍රගුණ කළ තැනැත්තියක් වූවාය. රාවණ යුගයේ මෙවැනි විශිෂ්ට තාපස මුණිවරු සහ  තාපස මුණිවරියන් සුවිසල් කැලෑබදව වාසය කළහ. උග‍්‍ර තපස් රකිමින් ලෝකයේ අවුරුදු දහස් ගණන් අතීතය අනාගතය දකිමින් බොහෝ කාරණා ඔවුහු ප‍්‍රකාශ කොට ඇත්තාහ.ඒවා අපේ මුඛ පරම්පරාගතව ඇතැම් විට පැමිණේ. ජනප‍්‍රවාද ගතවත්, සමහර තැනෙක පුස්කොල පොත්වලද ලියා තිබේ.

එබැවින් අපේ රට ගැන, ලෝකය ගැන දේශිය තාපසවරුන් කී අනාවැකි අසත්‍යය යැයි දැකිය නොහැක. ඒ බොහෝ ඒවායේ සත්‍යය සැඟව තිබේ.
මහා ආධ්‍යත්මික බලයෙන් හෙබි තාපස කියමන් සොයන්නට වෙහෙසෙන විශාල පිරිසක් ජන සමාජයේ ජීවත් වේ. රාවණ යුගයේ අපූරු අනාවැකි සහ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගොඩ ගත හොත් එය ලාංකීය ජන සමාජයෙහි තවත් විප්ලවයක් අපූරු පර්යේෂණයක් වනු ඇත.

වෙස්වළා ගැනීම, අතුරුදහන් වීම, විවිධ දේ මැවීම, ග‍්‍රහ ලෝකවලට පවා ගොස් තොරතුරු සොයා පැමිණීම රාවණ යුගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රවලට සුළු දෙයකි. මෙවැනි දේ සෙවීමට උත්සාහ කළොත් ඒවා යම් ලෙසකට ඉස්මතු කළ හැකිය. එබැවින් අපි  මේ සාහිත්‍ය කතාවෙන් ඔබ්බට යමු...... රාවණ රජුට නෑකමැති තැන්..... සූදානමින්....

මේක මේ කතා මාලාවේ පළවෙනි කොටස, මේකෙදි මං එක මන්ත්‍රයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා, ඉස්සරහට තව දේවල් කියලා දෙන්නම්...


එහෙත් ඔහු සූර්ය වන්දනය කළ අයෙකි. පුරාණ පුස්කොළ පොත්වල රාවණා රජු සූර්යයාට නමස්කාර කළ මන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සඳහන් වෙයි. ඒ අනුව යමින් සූර්ය වන්දනාව රාවණා රජ සමයේ පටන් මුල්බැස පැවති අංගයකි. විජයගෙන් පසු ලංකාවේ රජ සමයන්හි පවා සූර්ය වන්දනාව තිබී ඇත.

රාවණා රජතුමා පිදුරුතලාගල, මහකුඩුගල කන්දේදී දීර්ඝ සිහිමුර්ජාවෙන් අවදි වූ පසු මුලින්ම කළේ පුරුදු සිරිත් කීපයකි. එතුමා නැගෙනහිර දෙසින් හිරු දෙස බලා වැඳගෙන සූර්ය නමස්කාරය කළේය. තුන් විටක් පහත මන්ත‍්‍රය කියමින් සිය ගෞරවය සූර්යයාට පිදීය. ඒ රහස් මන්ත‍්‍රය අපි අද ඔබට ලබාදෙමු.
සූර්යයා යනු අපි ජීවත්කරන මහා ශක්තියයි. පරිසරය, ගහකොළ, සතා සීපාවා ජීවත් කරන බලගතු ශක්තියයි. සූර්ය දෙවි නැමදීම මගින් නොපෙනෙන, බලගතු ශක්තියක් අපට ළඟාවේ. දරුවන්, මාපියන් නමදින්නේ ඇයි... එවැනිම වූ ආශීර්වාදයක් උපන්දා සිටම සූර්යයාගෙන් අපට ලැබේ. හුදෙක් අප ජීවත්කරවීම ඇත්තේ සූර්යයා සතුවය. රාවණා රජතුමා සූර්ය නමස්කාරය කරන්නට ඇත්තේ ඒ වූ මහා ශක්ති කඳම්බය හා සූර්ය දෙවි බලවත්භාවය නිසාය.


*‘‘ ඕම් ප‍්‍රකාශ ශක්ති සහිත ශ්‍රී*
*මහර්තණ්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නමඃ*
*තර්පයාමී නමඃ*
*ඕම් මිත‍්‍රාය නමඃ*
*ඕම් රවයේ නමඃ*
*ඕම් සූර්යාය නමඃ*
*ඕම් භානවේ නමඃ*
*ඕම් ගහාය නමඃ*
*ඕම් භූෂ්නේ නමඃ*
*ඕම් භිරණ්‍ය ගර්පයාය නමඃ*
*ඕම් මරීසාය නමඃ*
*ඕම් ආදිත්‍යාය නමඃ*
*ඕම් සාවිත්‍රේ නමඃ*
*ඕම් අර්ඝාය නමඃ*
*ඕම් භක්ෂකරාය නමඃ*
*මහත් ධියුක්තිකරාය විමහී*
*තන්නෝ ආදිත්‍ය ප‍්‍රචෝදයත්’’*

සූර්ය වන්දනාව කළ රාවණ රජතුමා ඉන්පසු තමන්ගේ සේනාධිපතිවරුන් සොයන්නට විය. ඔවුහු දක්ෂ සටන්කාමීහුය. පෞරෂවත්හුය. රාවණ රජුගේ යක්ෂ සේනාධිපතිවරු 21ක් සිටි අතර මේ සියලූ දෙනා දැන් මළවුන් අතරය. රාවණගේ පුත‍්‍රයා වන ඉන්ද්‍රජිත් එක සේනාධිපතියෙකි. ඔහු අමාවක දිනවල ‘සහශ‍්‍රගත’ යානයේ නැගී සතුරු බිමට එනවිට අඟහරු ග‍්‍රහ ලොවෙහි ජීවින් පවා භීතියෙන් මුසපත්ව ඇත. ඒ තරම් ඉන්ද්‍රජිත් බලවත්ය.

රාම රාවණට පහර ගහන්නට අඟහරු ග‍්‍රහලොවින් උදවු ගත්තත් රාවණ අන්‍ය කිසිම සහායක් යුද්ධයට නොපැතීය. රාවණාගේ සහායට ලොව රටවල් යුද සේනා එවීමට ඉදිරිපත් විය. එහෙත් රාවණට රාමා පරාජය කිරීම සඳහා අතුරු සේනා අවශ්‍ය නොවීය.  රාවණට සිදුවූයේ සටනේදී සුළු අත් වැරදීමක් පමණි. එහි ප‍්‍රථිඵල වූයේ රාමා විෂ හීයක් රාවණ වෙත එවීමය. එය රාවණගේ දීර්ඝ සිහිමුර්ජාවට හේ්තුවිය. රජුගේ මරණින් පසු සටන ඉදිරියට සිදු නොවිණ.
සිහිසුන් රාවණව රැගෙන යක්ෂ සෙන්පතියෝ පිදුරුතලාගල මහකුඩුගලට ගෙන ගියහ. එහි රාවණ මාලිගයේ රජු සැතපවූහ.

රාවණගේ හමුදාවේ ප‍්‍රධාන සෙන්පතියා පුත‍්‍ර ඉන්ද්‍රජිත් වේ.


යළි නැගිටි රාවණ රජු මේ සෙන්පතියන් ඒකරාශී කර ගැනීමට මන්ත‍්‍ර මිමිණූහ. විවිධ මන්ත‍්‍ර හරහා පිරිස රැස්වන බලය රාවණට තිබේ. සෙන්පතියන් කැඳවූයේ ඒ මන්ත‍්‍ර වලිනි. මළවුන් අතර සිටි සෙන්පතියන්ගේ භූත ආත්ම 21ක් රාවණ සොයා මහකුඩුගලට පැමිණියහ. මෙසේ ඒකරාශි කළ භූත ආත්ම නැවත හතේ කණ්ඩායම් තුනකට බෙදුවේය.

පෙර ලිපිවල ලියූ විභූති යක්ෂයා මේ සෙන්පතින් අතර නැත. ඔහු රාවණා සිහි මුර්ජාවෙන් සිටි සමයේ මහකුඩුගලදී ආරක්ෂා කළ අයෙකි. නමුත් අතිශය බලසම්පන්න දැනටත් රාවණ සමග සිටින සහායකයෙකි.

‘මරිචි’ යනු රාවණ, සෙන්පතින් අතර තවත් ප‍්‍රබලයෙකි. ඔහු රාවණගේ සහෝදරියකගේ පුතෙකි. නෑ කමට ‘බෑනා’ වෙයි. මරිචි වාසය කළේ බෑන සමනොළය. රාවණගේ බෑනා පදිංචිව සිටි නිසා එය ‘බෑන සමනොළ” වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි. සීතාව රැගෙන ඒමට රාවණ ගිය වෙලේද මරිචි, රාවණ හා ගොස් ඇත.

දැන් රාවණ රජුගේ ආරක්‍ෂක සේනාව වන්නේ මළවුන් අතර සිට පැමිණි සේනාධිපති භූත ආත්ම 21ය.

පටන් ගැන්මට ඇතිනෙ එකක්... ඉතුරුවා පස්සෙ කියලා දෙන්නම්... නැවත හමුවෙමු.

No comments:

Post a Comment