Wednesday, March 18, 2020

ලංකාවේ සිටි විශේෂ සත්ත්වයන් හා අර්ධ මානවයන්

ගවරා 


ගවරා යනු හරකෙක්ගෙ හැඩයගත් අතීත ලංකාවේ සිටි එක් විශේෂ සත්වයෙක් ය. අර්ධමානවයෙක් ලෙස ද සැලකිය හැක. මහා රාවණ රජු මිසරයට ගිය අවස්ථාවේ කිරිත දිවයිනට සංචාරයක යෙදුණා. මෙහි රජු වූයේ මිනොස් නැමැත්තෙකි. මේ රජුට හිටියා මිනටෝරා කියලා ගවරෙක්. මේ ගවරට ගරසියෙන් ගෙන ආ සිරකරුවන් බිලි පූජා වශයෙන් දුන්නලු. ඒ මිනොස් රජුට අජරාමර වෙන්න ඕනි උනු නිසා. ඉතිං රාවණ රජු මේ රටට ගිහිපු වෙලාවේ මේක දැකලා හිනාවෙලා ඒ රජුට කිව්වලු ඔබ අවසර දෙනවනම් මං ඔබේ ගවරව පරාද කරලා පෙන්නන්නම් කියලා. ඉතිං කොහොමහරි අවසරේ ලැබුනලු. රාවණ රජුට ආයුධ දුන්නත් ඒවා බාර ගත්තේ නෑ ඒ කියන්නෙ රාවණයන් පිටියට ගියේ නිරායුධව. රාවණ රජු වෙත නාස් කුහර දෙකෙන් පිඹිමින් පැමිණි ගවරාගෙන් එක කරණමක් ගසා පහසුවෙන් පැන ගත්තා. පසුව මිනටෝරාගෙ අං දෙකෙන් අඹරා ගවරාව අකර්මණ්‍ය කලා. සටනින් පසුව මිනොස් රජුට මහා රාවණයන් විසින් අජරාමර වීමේ රහස් කියා දුන්නා. මෙය අරිසෙන් අහුබුදු ශූරින් යටගිය වංශය කෘතියෙ රාවණ දිග් විජය යටතේ ඇති ගවර පොරයෙහි සදහන් වන්නෙ මෙසෙයි.


කරණමින් ගවරා
පිටට පැනගත් ඉදුරා
රාවණ හෙළිසුරා
අගින් ගෙලලීය අඹරා


මීට අමතරව ලංකාවේ ඇති ගවරවෙල, ගවරහෙළ, ගවරවිල, ගවරගිරිය ගම් වලින් කියවෙන්නෙ කුමක්ද?

මකරා 


 මකරා මිත්‍යාවක්ද? නෑ! මකරා කියන්නෙ මීට අවුරුදු 5000කට පෙර වගේම වර්තමානයේත් ජීවත්වෙන සතෙක්! පැරැණ්නන් කියන විදියට මකරා කියන්නෙ සතුන් කිහිපයකගෙ එකතුවක්... ඔටුවෙකුගෙ හිසක්, හාවන්ගෙ ඇස්, මුව අං, උරග ගෙල, ඉදිඹු උදරය, රාජාලි පා, වවුල් පියාපත් ව්‍යාඝ්‍ර අත්ල, කාක කන්, මත්ස්‍ය කොරපොතුවලින් මකරා සෑදි තිබේ. සිගිරිය රකින ආත්මිකව සිටින මකරසෙන්පතිතුමාට ඒ නම ආවේ කොහොමද කියලා හිතුවද? චීනේ වැසියන් කියන විදියට ඔවුන් පැවත එන්නෙ මකරුන්ගෙන්. මේක දැක්කාම මතක් වෙන්නෙ මොකක්ද ? මහාවංශෙ මුල... සිංහෙයෙක්ගෙන් සිංහලයා පැවතෙනව කියන එක සහ චාල්ස් ඩාවින්ගෙ පරිණාමවාදයේ කියන වදුරන්ගෙන් පැවත එන කතාව... ඒ වගේම අවසානයට දෙයක් කියන්න ඕනි ඒ තමා තාමත් මකරු ඉන්නවා මේ ලෝකේ... විශේෂයෙන් චීනේ...


සංහයා 


මේක දැක්කාම හිතෙනවා ඇති සිංහයා කියන්නෙ විශේෂ සතෙක්ද කියලා... ඔව්! සිංහයා කියන්නෙ විශේෂ සතෙක්. අතීතයේ ලංකාවේ හිටපු සතෙක්. පොඩි කාලේ අම්මලා කියනවා දරුවට පුතේ සිංහයා තමා කැලේ රජා කියලා... සිංහයා දකින්නවත් නැති මේ සිංහ දේශයේ ඒ වගේ දෙයක් කියවුණේ නිකන් නෙමෙ. අම්මලාට කියන්න තිබ්බනෙ පුතේ අලියා තමා කැලේ රජා කියලා... නෑ !! මොකද අතීතයේ මේ සිංහලේ රාජ්‍යයේ සිංහයෝ හිටියා. මිනිස් ක්‍රියාකාරකම් නිසා වදවුනා. ඒත් එක දෙයක් හෙළිකරන්න කැමති අපේ සිංහ භූමියේ කාටවත් ලගා වෙන්න බැරි තැන්වල තාමත් සිංහයෝ තමන්ගෙ ගාම්භීර හඩ ගුවනට මුසු කරන වග.

බෝදිලිමා 


බෝදිලිමා කිව්වාම අද නම් මතක් වෙන්නෙ කටුසු වර්ගයක්😂... නෑ!! බෝදිලිමා කියන්නෙ අර්ධමානවයෙක් !!! බොදිලිමා පිලිබදව ගම්වල තියෙනවා එක මිත්‍යා මතයක්... ඒ තමා ... එක ගමක සිටියා ගැබ් ගත් කාන්තාවක්. මේ කාන්තාව තම ස්වාමි පුරුෂයා සමග රණ්ඩුවක් ඇති කරගත්තා. මෙහිදි ස්වාමියා තම බිරිදගෙ බඩට පයින් ගැහුවා. එම කාන්තාව විසිවි ගොස් බිත්තියේ ඔලුව වැදි තම අවසන් හුස්ම වාතලයට එක් කලා. නමුත් මිය යන මොහොතේ තිබූ දරු සෙනෙහස නිසා තම ස්වාමියා සමග වෛරයෙනුයි ඇය මිය ගියේ... පසුව ඊලග ආත්මයේ බෝදිලිමා වී ඉපදී තමාට හසුවන පිරිමි සියල්ලන්ම මරා දැමුවාලු. මෙය හුදෙක් කතාවක් පමණකි. එනම් සත්‍ය මෙය නොවේ. බෝදිලිමා යනු රාවණ සේනාවේ සිටි අඩක් ස්ත්‍රියකගේත් අඩක් පිඹුරෙකුගේත් හැඩය ගත් අර්ධමානවයෙකි. රාවණ හමුදාවේ සිටියෙ මෙම අර්ධමානවයා පමණක් නොවේ... බෝදිලිමන් යනු එක කාණ්ඩයක් පමණි. ඔවුන්ව යොදාගනු ලැබුවේ යුධ පිටියේදි සතුරන් බිය ගැන්වීමටත් ඔවුන්ට පහරදී උදරය ඉරා මරා දැමීමටත් ය.

නිත්තෑවා


නිත්තෑවා හෙවත් නිට්ටෑවා යනු තවත් අර්ධමානවයෙකි. ඌන්ගේ ස්වරූප දෙකක් පවතී. එනම් ලොම් සහිත සහ ලොම් රහිත ලෙසයි. ලොම් සහිත නිත්තෑවා ඉතාමත් දරුණු වන අතර ලොම් රහිත නිත්තෑවා දරුණු අයෙකු නොවේ. මොවුන් අතීතයේ කෑලෑවලට වී ජනාවාස තානාගෙන ජීවත් විය. නමුත් වන විනාසය හා ස්වභාවික විපත් නිසා මොවුන්ට කැලයේ ඇති කෑම අහිමි වුවහොත් ඔවුන් මිනිස් ගම්මානවලට පැන ඔවුන්ගේ ආහාර පැහැරගෙන ගිහිහ. මෙසේ කරදර කිරීම නිසා මීට අවු. 500කට පෙර මිනිසුන් එකතු වී නිත්තෑවන් බොහෝ සංඛ්‍යාවක් ගල් ගුහාවකට දමා වසා දමන ලදි. මෙයින් පණ බෙරා ගත් අතලොස්සක් අදටත් ලංකාවේ ජීවත් වෙමින් නැවතත් තම පරපුර බිහිකරමින් සිටි... කෙසේ වෙතත් නිත්තෑවා යනු විශ්වාසය තැබිය නොහැකි සතෙකි.


කෙසේ වෙතත් තවත් අර්ධනවයන් බෝහෝමයක් මේ මිහිතලයේ සැගවී අදටත් වාසය කරයි. දියකිදුරන් ගැන ඔබ අසා ඇති ඔබට මතකද 2002 සුනාමි වෙලාවේදි වෙරළට ගසාගෙන ආ කාන්තා අර්ධයක් හා මාලුවෙකුගෙ අර්ධයක් ඇති අමුතු සත්ත්වයා... සිතා බලන්න...

ධනු රාශියේ සිටින අර්ධයක් මිනිස් හා අර්ධයක් අශ්වයෙක්ගෙ හැඩය ගත් අමුතුජීවියා කවුද? සිතන්න...

ඉතා බලවත් අර්ධමානවයන් තවමත් මේ මිහිතලය මත ජීවමානව සිටී. එසේම සිංහයන් මේ භූමිය තුල ජීවත් වේ. මකරුන් සැගවී ජීවත් වේ. යම් දවසක ලක් අහසේ මකරෙකු පියාඹනු දුටුවොත් එදිනට අපේ ඉතිහාසය අලුතෙන් ලියවෙනු නොඅනුමානයි.

No comments:

Post a Comment