මහා බලි රජු
බාහු බලී ගැන අහලා තිබ්බට මහා බලි ගැන අහලා තිබ්බේ නෑ නේද? 😂 ඉන්දියාව කියන්නෙ හැමවෙලේම අපෙන් දේවල් හොරකන් කරපු අපිට පහළින් හිටපු රටක්.
ප්‍රාලෑ රජුගෙන් පසු ඔහු පුත් වීරචන්න කුමරුට රජවීමට අවස්ථාව තිබුණි. නමුත් දේව අධ්‍යාපනයෙන් ලද උද්දාමය තුළ ඔහු පෙඹුණේ අභියෝගාත්මකව නායකත්වයට ඒමටය. එබැවින් ලෝක ගෝලයේ ලංකාවට ප්‍රතිවිරුද්ධ දේශයට ගිය හේ ‘‘පාතාල රාජ්‍යය’’ (පාද+තලය+යට) බිහි කළේය. මේ නිසා ප්‍රාලෑ මුනුබුරු වූ බලි කුමරු (මහබලි) රාජ්‍යත්වයට පත්විය.
මහා බලි රජු ජීවත් වුණේ මීට අවු. 10000කට කලින් කියලයි හොයාගෙන තියෙන්නෙ...
දේව අධ්‍යාපනයෙන් ලද දැඩි විනයකට අනුව පුහුණු වූ බලි රජු ප්‍රමාණය ඉක්මවා අනුකම්පා සහගත හා මොලොක් හදවතක් ඇත්තකු විය. දේව අධ්‍යාපනය තුළින් ඔහු පාලනය පිළිබඳ ප්‍රවීනතාවයක් ලබා තිබුණි. රාජ්‍යයක් කෙතරම් විශාල වුවද සංස්කෘතික ලක්ෂණ සමානවන්නා වූ අති මහත් පිරිස දක්වා එය ඒකීය බව ඔහුගේ දර්ශනය විය. නමුත් කුඩා කුඩා ඒකක වෙන වෙනම පාලනය විය යුතුය.
එම කුඩා ඒකකයේ සීමාවල් දක්වා තිබුණි. එනම් එකිනෙකා දන්නා හඳුනන ප්‍රදේශයක් එම ඒකකය වීමය. ගම (ග්‍රාම) සංකල්පය එය විය. ගෝත්‍රික ලක්ෂණ වෙනුවට මෙකල ආහාර අවශ්‍යතා නිපදවා ගැනීම සිදුවීම නිසා එම නිෂ්පාදනය තුළ හා පරිභෝජනය තුළ එකිනෙකා දන්නා හඳුනන ප්‍රදේශය කුඩා ඒකකයේ සීමාව හා ප්‍රමාණය වුණි. පසු කලෙක ‘‘ගම් සබා’’ සංකල්පය බිහිවුණේ මේ මතයි.
ඉතිහාසය උගන්වන ඇදුරන් මහාවංශයේ එන ‘‘පණ්ඩුකාභය රජු ලංකාව පුරාම ග්‍රාම සීමා නියම කිරීම’’ යන පාඨය වරදවා ගෙන පණ්ඩුකාභය රජු විසින් ගම් සභා ක්‍රමය ඇති කෙරුණ බව ඉගැන්වීම හුදු කරුණු වරදවා ගැනීමක් පමණි. පුරාණ ග්‍රන්ථවලට අනුව ගම්සබා ඇතිකෙරුණේ බලි රජු විසිනි. මේ වනාහී සකස්කළ යුතු වරදකි.
සම්ප්‍රදායික ප්‍රවීණ බලි ඇදුරකු වන ජේ.ඊ. සේදරමන් මහතාගේ සොයා ගැනීම පරිදි ‘‘බලි යාගය’’ ලොවට බිහිකරන ලද්දේ මහබලි රජු විසිනි. සූර්යයාගේ රශ්මිය ග්‍රහ තාරකාවන්ට වැදී පරාවර්තනය වීමේදී පෘථිවියට එම කිරණ ලැබෙන ආකාරයට අනුව ගස්වැල්වලට, සතුන්ට හා මිනිසුන්ටද බලපායි. අයහපත් කිරණ වලින් ලැබෙන නරක ප්‍රතිඵල වළක්වා ගැනීමට රූප නෙලා යන්ත්‍ර ඇඳ, ස්තෝත්‍ර කියා, බෙරවයා නැටුම් පවත්වා, සුවඳ දුම් අල්ලා පවත්වන පූජාවන් ‘‘බලිය’’ ලෙස හැඳින්වේ. ඉන් අදහස් වන්නේ අහස් සතර නොහොත් ජ්‍යොතිෂ්‍යය පිළිබඳ බලි රජු හොඳින් දැන සිටි බවය. දේව අධ්‍යාපනය තුළින් ලද අහස් සතර දැනුම ඔහු තම පර් ෙය්ෂණ මගින් දියුණු කරගන්නට ඇත.
බලි රජු ගැන කතා කිහිපයක් තියෙනවා...
බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා , දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු විශ්නු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා.
විශ්ණු පුරාණයේ සහ භග්‍යවත පුරාණයේ සදහන්ව ඇත්තේ බලිනම් අසුර රජ පැරදවීමට වාමන විශ්ණු දෙවියන්ගේ අවතාරයක් පැමිණි බවය. බලි තුන් ලෝකයම අත්පත් කර ගැනීමට සටන් වැදුන අතර හෙතෙම පරාජයට පත් කරන වාමනයන් බලිව පරාජයට පත් කර පාතාල ලොකයට පලවාහැරි බවත්ය.
මේක තවත් කතාවක්,
ඉතා අනුකම්පාසහගත හා උණුවන හදවතක් ඇති බලි රජුගෙන් පලිගැනීමට විෂ්ණු දෙවැනි වරට ඉදිරිපත් වූයේ තම පස් වැනි අවතාරය වන වාමනක (අඟුටුමිට්ටා) අවතාරයෙන් ඒමෙනි. ඉතා අසරණ වේශයෙන් ආ අඟුටුමිට්ටා බලි රජුගෙන් වර දෙකක් ඉල්ලා ලබාගති. තුන් වැනි වරය ඉල්ලූයේ රජුගේ හිස මත පය තැබීමටය. බගවත පුරාණයේ දැක්වෙන පරිදි මෙම අවස්ථාවේදී එකල වූ ශක්‍ර හා ඔහුගේ දියණිය වූ දේවයානි නොහොත් මන්දාතද බලි රජු සමග සිටියහ. ශක්‍ර කෑගසා කීවේ අඟුටුමිට්ටාගේ තුන් වැනි ඉල්ලීම නොපිළිගන්නා ලෙසය. නමුත් අනුකම්පා කළ රජු අඟුටුමිට්ටා සැනසීම සඳහා හිසට පය තැබීමට ඉඩදුණි. හිසට පය තැබීමෙන් අඟුටුමිට්ටාට සිදුවන යහපතක් නැති අතර රජුට ඉන් සිදුවන නින්දාව ගැන සලකා ශක්‍ර ඊට විරුද්ධ විය.
හිසට පය තැබූ වහාම අඟුටුමිට්ටාගේ අසරණ ස්වභාවය පහවී ගොස් ඒකාධිපති මැරවර ස්වරූපයක් ආදේශවිය. රජු තමාට යටත් වූ බැවින් තමා සමග යා යුතු බවට නියෝග කළේය. එසේ නැතහොත් දේව අධ්‍යාපනය ලත් චාරිත්‍ර දන්නා අයෙකු නොවන බවද ප්‍රකාශ කළේය. සටන් කර අඟුටුමිට්ටා මැඩ පවත්වා රජු නවත්වා ගැනීමට තරම් හමුදා සෙබළුන් හෝ ආරක්ෂකයෝ නොවූහ. මේ ගැන වඩාත් කම්පාවට පත්වූයේ ශක්‍ර පියා සමග සිටිමින් සිද්ධිය සියැසින් දුටු දේවයානීය සටන් කිරීම මගින් අනෙකා මැඩලීමේ ක්‍රමයක් නොතිබීම නිසා මෙය සිදුවූ බැවින් සටන් කිරීම හා විරුද්ධවාදීන් මැඩලීම තමා උගැන්විය යුතු බවට දේවයානී තදින් සිතට ගත්තාය. ඒ අනුව තීරණයක්ද ගත්තාය.
එසේ සිතාගත් ඇය උත්තම දරුවන් ලැබීමේ මාර්ගය වූ මුණිවරයකු සමග එකතුවී දරුවන් තිදෙනකු ලැබුවාය. මාලි, සුමාලි හා මාල්‍යවන්ත නමින්ද, තාරක සුරගුප්ත හා සිංහමුඛ ලෙස මෙම කුමරුන් තිදෙනා හැඳින්වේ. අජමුඛී නමැති දුවක්ද ලද අතර ‘‘අජමුඛ’’ වර්ගයේ ගුවන් යානාවක් ඇය සතුව තිබීම ඊට හේතුවය.
ගුවන් යානා හා මිසයෙල් පවා තිබී යුද සටන් කිරීමේ පුරුද්ද හෙළ අසුර අධිරාජ්‍යයේ නොවීය. හැමදෙනාටම අවශ්‍ය සියලු දේ තිබීම නිසා සටන්කර ගැනීමක් අවශ්‍යව නොතිබුණි. සංස්කෘතික අධිරාජ්‍යයක් නිසා සතුරන්ගෙන් රට ආරක්ෂා කර ගැන්ම ගැන නොසිතුවේ සතුරන් නැති නිසාය. නමුත් දැන් සතුරන් හා සටන් කිරීමත් ඔවුන් පලවා හැරීමත් පුහුණු කිරීම අවශ්‍ය වුණි.
කිකිළිය පහුරුගා දී තම පැටවුනට කෑම අහුලා කෑමට පුරුදු කළාසේ දේවයානියද තම දරුවන්ට යුද්ධය පුහුණු කළ බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය. මහාමාර්ග නොතිබුණු මෙකල යුද්ධය සිදුවූයේ අහස්යානා මගිනි. පුරයන්ද වූයේ ඈතින් ඈතින්ය. බෝම්බ දැමීම පහරදීමේ එකම මාධ්‍යය විය. හින්දු ජනප්‍රවාදයේ එන පරිදි දේවයාගේ පියාවූ ශක්‍ර විසින් ඇත ඇත ඇත යනුවෙන් තුන්වරක් කියා තම දියණිය තවත් ඉදිරියට යාම නවතා ලන ලදී. එසේ ඇය නැවතුණු ස්ථානය ඇතැන්ස් බව ජනප්‍රවාදයයි. මේ ග්‍රීසියේ ඇතැන්ස් නොව පන්ජාබයේ පැවති ඇතැන්ස් නම් ස්ථානයකි. ග්‍රීසියේ ඇතැන්ස් යන ඇතීනා දෙවඟන සිටිතැනයි.
*හෙළ ප්‍රවාදය*
නමුත් බලි පිළිබද හෙළ ප්‍රවාදය වන්නේ බලි යනු අසුර ගෝත්‍රයට අයත් හෙළ රජෙක් බවය. ආර්යන්ගේ ආක්‍රමනයත් සමග හැකිලී ගිය ඉංදු හෙළයේ ප්‍රෙද්ශයන් ආර්ය ග්‍රහණයෙන් මුදවා ගැනීමට සාර්ථකව සටන් මෙහෙය වූ පුද්ගලයෙක් ලෙසය. මෙසේ පැරණි හෙලයින්ගේ ආධාරයද ලබමින් ආර්යන් පරාජයට පත්කරමින් උතුරු ඉංදු හෙළයේ ආර්‍යයාගමනයට හා ඔවුන් ගේ වහවන් වූ ද්‍රාවිඩයන් සමග සටන්වැදි මෙහුගේ හෙළ සේනා මුලදී ආර්‍යයන් භීතියට පත් කරමින් සටන් වැදි නමුත් වාමනගේ ආගමනයත් සමග ආර්‍යාවෘතය හා බ්‍රහ්මාවෘතය අතරහැර විද්‍යා කදුවැටියෙන් දකුණටත්, ලංකාවටත් පසුබැසීමට සිදුවූ බවත්ය.
*බාලි දූපත*
උතුරු ඉංදු හෙළය අහිමිවීමත් සමග නැගෙන හිර දෙසට අවධානය යොමුකළ බලි රජ ඉන්දුනීසියාවේ කොටසක් අල්ලා ගත්තේය. විශේෂයෙන් බාලි දූපත් ආශීතව ජනපද කරනය කළ නිසා එම දූපත් බාලි රජුගේ නාමයෙන් හැදින්වීමට යෙදින.
බලිතොවිල්
බලි නම් යාග විශේෂය මෙම රජතුමන්ගේ සමයේ ආරම්භවූ බව පුරාවෘතවල සදහන්ය. මෙම රජුගේ රුවට සමාන රූපක් අඹා යාග තොවිලය සිදුකරන අතර මෙම සම්ප්‍රදාය හෙළ යක් දහමට එකතුවූයේ මෙතුමාගේ සමයේ බව කියැවේ. නවග්‍රහයන්ගෙන් සිදුවෙන්නාවූ අපල උපද්‍රව වලට පිළියමක් ලෙස මෙම බලියාග සිදුකරනු ලැබේ.
කොහොම වුණත් විශ්ණුවත් පරාද කරන්න පුලුවන් රජෙක් මේ පොළොවේ පහළ වුණා අවු.5000 කට පස්සෙ. ඔහු නමින් රවුලා හෙවත් දැන් වන තෙක් පහළ වූ අවසාන රාවණවරයා...
No comments:
Post a Comment