මෙන්න සාක්ෂි,
සදත් සඟරාවේ එක් තැනක මෙහෙම සඳහන් වෙනවා.
"රවුලා මැරී රම් රද..."
රාමායණයේ තියෙන්නෙ රාවණයන්ව රාමචන්ද්‍ර විසින් මරනවා කියලා? ඒත් සිදත් සඟරාවේ තියෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් අදහසක්... ඔබ විශ්වාස කරන්නෙ මොකක්ද ?
"තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු"
සැළලිහිණියේ 92වන කවිය... කවුද එතකොට මේකේ එන රවුළු? තුන් ලොවම තමාට නතු කරගත් එක රජෙක්ව විතරයි අපි තාම දන්නෙ... ඒ නිසා අපිට අකමැත්තෙන් හරි විශ්වාස කරන්න වෙනවා මේ කියන රවුළු මෙලොව දැන් වන තෙක් පහළ වූ අවසාන රාවණයන් බව...
*"ජානකීහරණය"* අහලා නැතුවත් ඇති සමහරවිට ... ඒත් තොරතුරු හොයද්දි වැදගත්වෙන මූලාශ්‍රයක් මං ඒකෙන් පොඩි කොටසක් උපුටලා ගන්නම්,
"දියැ සදා සරයක් - වෙත රවුළා රියෙක හුන්"
7. “මුල් සර මුදව තෙපි - නැතොත් මේ පිළි ගනුව”යි කියමින් රවුළු හළ සර - වැටුණේ රමිඳු අබියස
8. ආදි පුරිසා රම් - වෙස් දැරු නැසීමෙහි වන් පවිනැදි සේ රවුළු සර - රසතලැ වණි හරස්වී
9. සැදි විදු රන’බරණ - යුගත මේ වන් රවුළා පතුරා දස මුවෙන් ගොස - පිරැවි නුබ සර වැස්සෙන්
10. බිඳී සර පහරින් - හුණු තුරු ලියැති වන ඒ දිස්වි ලෙසින් වනයක් - හෙලා ලූ මහ නදියක්
11. මහ සමුදුරැ මතු ද - රම් දිනනු වස් රවුළා නුබ ගැබ ද හේ බැඳියේ - සර’තුරු නැති ව පතුරා
12. රවුළු විදි සර මෙන් - දෙගුණයක් වණි ඔහු වෙත කළ දේ සත් දනන් හට - පල දේ එයට වැඩියෙන්
13. මහ ගොස නඟා හෙත - සර රැස සෙට පුරිස්හුගෙ රැක ගත ළ තම රකුසා - ඇදුමෙන් ම නිති දුනු දිය
14. පළමු සරයෙන් විදි - රම් සතුරු ගත සිඳුණේ වෙයින’දිසි ඔහු සර ගති - දත යුතු විය’නුමැනුමෙන්
15. වැටුනෙ ද අහස් ගඟ - රුවින් සර රැස පැතිරෙන නැත ජයසිරිය ගමනට - සැදිණි ද හෙයක් සරයෙන්
16. නඟන රුදු හඬ මේ - සර රැස සතුරු රකුසුගෙ වළහමින් හිරු රැස් ඔහු - නස්නට නැඟිණි දෝ නුබ
17. වළහන දිනිඳු රැස් - කළ මහ දැලක් සරයෙන් ගැනුමට සඳෙහි හෝනා - මිග විසිරැවි ද නුබ ගැබ
18. මේ කුළු තැන ම හැම - හෙළති ද දහර අයමය සිතමින් දිරිය නට හේ - මුළා වූයේ සටනෙහි
19. දෙදෙනහු රම් රවුළු - මහ බා ටැම්හි නුබ තෙක් බැඳි සර වියන රැකියේ - සකල සෙන් හිරු කිරණින්
20. හැර සර රම් සතුරු - බා සිඳ හෙළන උරයෙන් හැම විට ම දුනු ගති හෙන - අන’තක් පහළ එ තැනින්
21. ඉක්බිති රකුස්පති - සසල කෙස් රොද ඩහ වැකි දුල නළලතෙහි රද පුත් - පහළේ තිහිණි හීයෙන්
22. රැඳි දෙබැම’තර සර - දැති රන්වන් නළල රම් රුවෙහි මෙහෙසුරු පිඟු පෑ - නළලතෙහි සිරි ඉසිලි
23. සිඳි කෙණෙහි රම් රිපු - හිස’ඩක් බිණු නිගා බස බෙණෙමින් ඉතිරි අඩ එහි - පහළ විය අන් සිරසක්
24. ලක් වැ සර පහරට - වෑහෙන රිහිරි මුව යුත් කිරුළු සුන් හිස් දුටුවේ - රවුළා ලද මුවින් ඒ
25. වන් සරෙන් නොකඩ වැ - සිඳී හුණු හිස් රැස ඇති රියැ හිඳ රවුළු කළ යුද - දුලබ මහිමෙකි මනු ලොව
26. සර හඬින් දෙසවන් - බිහිරි කළ එ සටන දෙස බැලුමුදු නොහැකි වී සපු - වෙතෙන ගුරුළිඳු දෙස මෙන්
27. මාතලි රවුළු නිල දන්වා එවූ පුරඳර සරයක් වෙසෙස් කවදය - බිඳියැකි රම’තැ තැබියේ
28. නල ගිනි දෙවියනුදු - තුටු කළ පගලියෙන් සැදි සර නිල අසන මෙන් රම් - සවනැසුරු කෙළෙ ඇදුමෙහි
29. නැඟූ හඬ බිහිසුණු - රම් සර වන් දෙබා මැද මැරි වැටුණේ රවුළා - නඟමින් එයට වැඩි හඬ
30. රකුස්පති මරු නිල - බිඳ ලු රමිඳු සර ඒ රස තල වැදිණි බියෙනෙව් - නැසු තිලෝ හිමි රවුළා
31. පෙළුනෙව් සරෙන් ඒ - නිහඬ මිහිකත වෙවු ලූ පෙරැළී හෙන සෙ රිපු යස - මල් වැසි වැටිණි රමිඳුට
කෘශෝදරී රණ බීමට යෑම
32. ‘මෙළේ හිමි රිපු කළ - වින නුදුටුදැ’යි පා මුල වැටුණ ද මෙවුල කිසොදරී - ගියෝ වෙත ඒ රණ බිම
33. මළැයිඳුරුජිත් පිතු - නිහඬ වැ පහළ ළය’තින් මය දූ ගත නොබිඳුණේ - සොව හෝ කොව නිසා වෙද
34. සීතා පැහැර ගත් - ඉක්බිති වෑයමෙන් වුව නොලද වැළැඳුම් රවුළිඳු - එ බිසෝ ලැබූ සැණෙකින්
35. පිය විරහ ගිනි ළෙහි - දවතැයි නිසැක ව ම මැය සිතා මෙන් දෙනුවන් ඇය - කඳුලින් තෙමී නොකඩව
36. නැත ද පණ හිමි ගතැ - රැඳි රදස් සර මුව තුළ දුකෙකැයි සල අතින් ඕ - පිස ලූ කඳුළු හෙළමින්
37. පළ කළ සිය අදර - හිමි නිතර සිප ගනිමින් මය දූ නුවන් කඳුළෙන් - ඉටු කෙළේ දියැඳිලි කම්
38. හිමි හට පෙර දවස - පියඹ මුවැ පියතම වූ යට’දර සොවින් විපතෙහි - වෙවුලී එ දින වියැළී
39. යුග පියොවුරන් රන් - කුඹු වන් මිතුරු හිමි ඕ කඳුළෙන’වසන් සැනැහුම - කළෝ ගියෙනොහු සුර පුර
40. දැවෙන හද සොවගින් - මුව කැලුම් නට මය දූ බැගෑ දෙනුවන් නන් දෙස - හෙළමින් මෙ සේ වැළැපුණු
41. සතුන’දිත මස් ලොබ - සල’ත් පා තුට දනැවුව වැනසේ යළිදු එය ඔහු - ‘මළැ’යි යන සිත සමග ම
42. කලුනතර රවුළිඳු - අනෙකක් නොවු මා සම නැති වුව එ තැන දැන් මම - වැන්දඹුවක නොවෙම්වා
43. මෙ යුද ම පමණි හිමි - සැලැකුමෙහි ලා සෙට තැන සටනෙහි දිවි සමග තම - යසස නොහරිති සත් දන
44. සුරිඳුනි මනින් පෙර - කළ නිගා සිතැ නොතබා වඳින ඔබ පා පිරිහුණු - මොහු මුදනු මැන යමගෙන්
45. දෙවිඳුනි තිලෝපති - සල’දර දල නෙතැති බිඟු මුව පියුම් රැස සිඳුණේ - සැතින’නඟ ඔබ යාගෙට
46. එම්බල කුවෙර දන - හෙයින් සිතැ වෙර බැඳුන ද විපත් වත නෑ සියනට - සහයට එති නැණැතියෝ
47. බඹ ඔබ පිතාමහ - වෙති මොහු ජඩය හරි තෝ නුදුටු ද පිණිස ගුරු පුද - හිස් රැස මිණි සෙ විසුරනු
48. ලෝ පල් සුරන් මේ - බැගෑ වදනින් නොසැලෙත බෙණෙති දන ‘දෙවියෝ නම් - හුදු නම් මතෙක් පමණැ’යි
49. සියුමැලි තොල් කොපුල් - යුත් එ ලඳ ලතු තිලකය මකා ලී නෙත් කඳුළින් - යෙහෙළියක සෙ සිරිත් දත්
50. කරත මිනියට නිසි - සකර විදි දන වේ දත් ගෙන ගියහ ඇය නෑ දන - දිය සනහනුව බලයෙන්
51. “දිවි අග ගිනි උදක - දෙසකර තිර පැවතුමැති අප දෙදෙන සිරිතෙහි දැඩි - සේ බැඳිණැ”යි හඬෙක් වී
52. වෙළී ගිනි දලින’ත් - වකුටු ව හා නැමී හිස් තුබුණ ද පවන බිය පත් - නොදවා ඔහු මනා සේ
රම් කුමරු රජ සබයට පිවිසීම
53. මායා රූපි ඒ - පෙරපුරිස් විබිසණ හට පවරා රජය පිවිසිණි - රද සබ නිසසරන් හා
54. සෙන් ළ බැඳි කුමුදට - හිත කලා පිරි මෙහෙසුරු හා බැඳි මුත් මුවෙන් රහු - රවුළු රම් සඳ නැමඳූ
සීතා සිය නිදොස් බව පළ කිරීම
55. රද දූ වඩා පෙම් - සමග තෙදළෑ පිරිවර ගියා හිමි බැහැ දක්නට - හුන් රකුස්පති පහයෙහි
56. සල කඳුළු නෙත් යුත් - පඬු පෑ වරල රදසින් එ ලඳ ගත සොවැ හිමි සිත - ගිල්වුව තුට ද දැනැවි
57. නිගැනුම් බියෙන් දන - රම් නෙත් ගනිත් පෙරළා මනැති ලඳ බිණු මෙ ලෙසින් - කොවින් පැකිළෙන වදනින්
58. පරවෙණි සෙ නෙත් බිඟු - හෙළුව පියුමට මේ ගත වැනසෙදොබ කිත් කිම මේ - වෙනස් පැවතුම විරුවනි.
59. නොබිඳි සිරිතැති ඔබ - මුව දැක වට සෙ මනෙතින් හෙළන පමණට කඳුළක් - කිම ළෙහි නොවුණෙ කුළුණක්
60. පෙළෙමින් කලක් දළ දුකින් - පැහැය ද වෙනස් වී තපසින් නොයෙක් සිටි දැමී - සීතා කුමරි ඒ නිකැලැල් නූන යහ ගුණෙන් - මදයෙන් මිදී හුන් රමිඳුට’නොනැමූ හිස මරුට - වුව බස් බිණූ මේ"
මේකෙත් ගොඩක් තැන්වල රවුලා කියන වචනේ පේනවා ඇති... ඇයි ඒ කතුවරු රාවණ කියන නාමය වෙනුවට රවුලා යන නාමය යොදාගත්තේ? මොකද ඔවුන් දැනගෙන හිටියා රාවණ කියන්නෙ තනතුරු නාමයක් බවත්, රවුලා යනු අවසාන රාවණවරයා බවත්...
ඉතිං ඔබටත් කැමති නිගමනේකට එන්න පුලුවන් ... රාවණ යනු පුද්ගල නාමයක්ද? තනතුරු නාමයක්ද? හිතලා බලන්න...
No comments:
Post a Comment