Tuesday, March 24, 2020

පිටසක්වල




විශ්වය කියන්නේ අපිට කියන්න බැරි තරම් විශාල අවකාශයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ විශ්වයේ අපි තනිවෙලා නෑ කියලා මං වගකීමෙන් කියනවා. නමුත්, මතක තියාගන්න ඕනම දේක හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකක් තියෙනවා. ඒවගේ හොඳ සක්වල ජීවීනුත් ඉන්නවා නරක සක්වල ජීවීනුත් ඉන්නවා. අපි මේවයින් හොඳ නරක තේරුම් කරගෙන ඔවුන් සමඟ ගණුදෙනු කළ යුතුයි.



මං මාතෘකාවට යන්නම්කො... ඉස්සෙල්ලම දැනගන්න මේ විශ්වයේ සක්වල ජීවීන් ප්‍රධාන වර්ග 5ක් ඉන්නවා. එනම්, ප්ලේඩියන්ස්, ඇල්ෆා සෙන්චෝරියන්, ඇක්ටෝරියන්ස්, ලයිරන්ස් සහ හෙලෝසියන්ස් වෙයි. ඇල්ෆා සෙන්චෝරියන් ගත්තොත් මෙයාලා අයිති වෙන්නෙ අර මං කිව්ව ගණුදෙනු කරන්න හොඳ නැති නපුරු කාණ්ඩයට. මෙයාලා ගොඩක් ව්‍යාප්තවෙලා ඉන්නෙ සාගර පත්ලේ. ඒ වගේම ඔවුන්ගේ තාක්ෂණය අපිට වඩා ගොඩක් දියුණුයි. ඔවුන් ගැන හොඳ අදහසක් ගන්න නම් පැසිපික් රිම් චිත්‍රපටය බලන්න.


තවත් ජීවීන් කොට්ටාසයක් වන්නේ ප්ලේඩියන්ස්වරුයි. ඔබ පිටසක්වල සමඟ සබදතා පැවැත්වුවහොත් එය ප්ලේඩියන්ස්වරු සමඟ පමණක් බව සිහි තබා ගන්න. මොකද මොවුන් තමා මං අර කිව්ව හොඳ ජීවීන් කොට්ටාසය. මොවුන් මිනිසාගෙ හැඩරුවට සමාන අතර මිනිසාට වඩා බුද්ධිමත් ජීවින් වර්ගයකි. මොවුන් සිටින්නෙ ටයිගෙටා නම් තාරකා රාශිය (පෘථිවියට ආලෝක වර්ෂ 400ක් පමණ එපිටින්) තුළ ඇති ඒරා නම් ග්‍රහලොවේය. එය ඔවුන්ගේ නිජ බිමයි. මේ ඒරා නම් ග්‍රහලොව වියළි ග්‍රහලොවක් වන අතර, එහි ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෝවුන්ව නෝර්ඩියැක් සක්වල ජීවීන් ලෙසද හඳුන්වනවා. මෙම ප්ලේඩියන්ස්වරුන්ට විශ්වයේ ඕනෑම තැනක ජීවත් වීමට හැකියාව තිබෙනවා. එසේම මොවුන්ට විවිධ වූ කාල අවකාශ තුළද ජීවත් විය හැකියි. එසේම මොවුන් මානසික ශක්‍තියෙන් ඉතා ඉහළ ස්ථානයක සිටින නිසා මොවුන් මානසික ශක්තිය හඹා යෑමට රුචිකත්වයක් දක්වනවා. මොවුන් මිනිසුන් සමඟ සිටිමින් මිනිසුන්ගේ යහපත උදේසා කටයුතු කරන කාරුණික ජීවීන් කොට්ටාසයක්. ඒ වගේම තමයි මොවුන්ගේ සිත් ඉතා පිරිසිදු හැඟීම්වලින් පිරී තියෙනවා. ආදරය, කරුණාව, ප්‍රීතීය සහ සමකාමී බවින් මොවුන් සමෘද්ධිමත් වන අතර රන්වන් කෙස් කළඹක් සහ කඩවසම් පෙනුමකට හිමිකම් කියනවා. මොවුන් පිටතින් මිනිසුන්ට සමාන බවක් දැක්වුවත් අභ්‍යන්තරයෙන් හාත්පසින්ම මොවුන් මිනිසාට වඩා වෙනස්... මොවුන්ගේ පෙනහළු දාරිතාවය මිනිසාට වඩා ඉහලයි. ඒ ඔක්සිජන් කාර්‍යක්ෂමව ගෙන යාම පිණිසයි. මොවුන්ගේ රුධිරයේද තඹ අඩංගුවී තිබෙනවා. ඇස් අභ්‍යන්තර ඇසිපියන් වලින් ආරක්ෂා කරන අතර මොවුන්ට පාරජම්බුල කිරණ දැකිය හැකිය. මොළය බොහෝ සෙයින් මිනිස් මොළයට සමානය. මොළයේ අස්ථි ඉතා ඝනකම්ය. මොවුන්ගේ මොළයට ටෙලිපති සහ ටෙලිකෙනටික් කුසලතාවයන් තියෙනවා. පිරිමි ජීවීන් මීටර 2ක් උස අතර ගැහැණු ජීවීන් මීටර 1.7ක් උසයි. මොවුන්ට දහඩිය දමන්නෙ නැත. මොවුන්ගේ ශරීරය විසින්ම තෙතමනය උරාගනු ලබනවා. එසේම හෘදය මිනිත්තුවකට 242වතාවක් ස්ඵන්දනය වනවා. රුධිර පීඩනය ඉතා අධිකයි. සෛලවල biconvex ආකාරයක් ගනී.


මීට අමතරව ඉන්න ජීවීන් තමා ඇක්ටෝරියන්ස් , හෙලෝසියන්ස් , ලයිරන්ස් කිය්න්නෙ. ඊටත් අමතරව (ප්‍රධාන කාණ්ඩ 5ට අමතරව) ඇර්ක්ටූරියන්ස්, ඇල්ටයිරියන්ස්, ඇම්පිබියන්ස්, එල්ස්, ඇන්ටාක්ටිකන්, ඇට්ලන්ස්, අශ්තාර් කොමාන්ඩ්, බර්නේරියන්ස්, බරෝවර්ස්, සීටියන්ස්, චැමෝලියෝන්, ඩල්ස්, ඩුවෝර්ෆ්ස්, එවා බෝර්ග්ස්, ගිස්සාන්, ග්‍රීන්ස්, ග්‍රෙයිල්ස්, ඉගුආ-නොයිඩ්ස්, අයිකෙල්ස්, ජැනෝසියන්, කොරෙන්ඩියන්, මාර්ටින්ස් සහ මිබ්ස් කියන්නෙ. මේ දැන් කිව්ව ජීවීන් බොහෝමයක් පෘථිවියෙත් ජීවත් වූ බව සොයාගෙන තිබෙනවා.



හොඳයි කවුරුත් දන්නවා ඇති රාවණ රජු පිටසක්වල ලෝක 10ක් යටත් කරගත්ත එක ගැන. ඒත් කොහොමද එහෙම අලෝක වර්ෂ ගානක් ගෙවාගෙන ගමනක් යන්නෙ? ඔබ දන්නවත් ඇති අපි අභ්‍යාවකාශය හරහා ගමනක් ගියොත් ආලෝකවර්ෂ ගානක වේගයකින් අපි වයසට යන එක නවතිනවා එහෙමත් නැත්තං අපි ඒ යන ගමන කාලය හරහා යාමක් වගේ. තව පැහැදිලි කලොත් මෙහෙමයි , හිතන්න ඔබ අවුරුදු 15දී වේගවත් යානයක නැගලා පෘථිවියෙන් පිටත් වෙනවා. ඔබ අවුරුද්දක කාලයක් මෙහෙම ගිහින් ආයෙ පෘථිවියට ආවොත්, ඔබ අවු.15දී ඔබේම වයසේ හිටපු යාලුවෙක්ට වයස දැන් 25ක් 30ක් වෙන්න පුලුවන්. නමුත් ඔබට තවම අවුරුදු 16යි. හිතන්න මේක අභ්‍යාවකාශය හරහා යාමෙන් සිද්ධ වෙන්න පුලුවන් දෙයක්. එතකොට රාවණයන් කොහොමද විශ්වය තරණය කළේ? එහෙම කළේ තරු දොරටු හරහා. මෙම තරු දොරටුවකින් ඇතුළු වී විශ්වයේ ඕනෑම තැනකින් මතු වෙන්න පුලුවන්. අපි බලමු මොකක්ද මේ තරු දොරටු කියලා හරියටම...



තරු දොරටුවක් කියන්නෙ විශ්වය සමග කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ගයක්. තරු දොරටුවෙන් විශ්වය එක්ක සම්බන්ධ වෙන්න ආකාර දෙකක් තියෙනවා. එනම්,



  1. තරුදොරටුව ඉදිරිපිට ධ්‍යානගත වෙමින් වින්න්‍යානය තුලින් සම්බන්ධ වීම.
  2. භෞතික ශරීරය රැගෙන විශ්වය හරහා ගමන් කිරීම.


මෙම ක්‍රම 2ටම සම්බන්ධ විය හැකි තරු දොරටු සිංහලේ රට තුළ තවමත් පවතිනවා. ලොව වැඩිම තරු දොරටු සංඛ්‍යාවක් ඇත්තේ අපේ මාතෘ භූමිය තුළයි. මාතලේ ඇති තරු දොරටුව, සීගිරියේ ඇති තරු දොරටුව, උණවටුනේ ඇති තරු දොරටුව, ඌවේ ඇති තරු දොරටුව හා රන්මසු උයනේ ඇති තරු දොරටුව මෙය තහවුරු කරයි. මෙයි බොහෝමයක් තනා ඇත්තෙ භෞතික ශරීරය යාම්ඊම් කළහැකි ලෙසයි. මෙම අත්දැකීම ලබා ගැනීමට අවශ්‍ය නම් අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයට දකුණු පසින් ඇති රන්මසු උයනේ තවමත් සක්‍රිය මට්ටමේ ඇති තරු දොරටුවක් දැක ගත හැක. එකවර 5 දෙනෙකුට විශ්වය හරහා සම්බන්ධ විය හැකි බව මෙම දොරටුව දොරටුව ඉදිරිපස ඇති ආසන 5 සනාථ කරයි. මෙම ආසන 5, මහා රාවණ රජු, ඵුලස්ති රිශිවරයා, විශ්‍රව මුණිතුමා, මේඝනාද සහ කාලනේමි භාවිතා කළ බව කියවේ.



මෙම තරු දොරටු සක්‍රිය බව දැනගන්නෙ කොහොමද ?



අදටත් රන්මසු උයනේ තරුදොරටුව අසලට ගිය විට එම පරිසරයේ වෙනස්කම් කිහිපයක් දැකිය හැක. එනම්, එම පරිසරයේ ගස්කොළන්වල කොළ අනිත් ගස්වල කොළවලට වඩා සාපේක්ෂව කුඩාය. එසේම ඔබ පාවහන් ගලවා මෙයට ඇතුළු වුවහොත් එම පොළවේ උණුසුම අනෙක් ස්ථානවල උණුසුමට වඩා වෙනස් බව දැනේ. තවද EMF උපකරණය මේ බව සනාථ කරයි. EMF යනු අප අවට ඇති පෘථිවි විද්‍යුත් ක්ෂේත්‍රය මැනීමට ඇති උපකරණයකි. EMF උපකරණය අනුරාධපුරයේ රන්මසු උයනේ ඇති සක්වල චක්‍රය හෙවත් තරු දොරටුව අසලට ගෙන ගිය විට අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරනවා.


සැලකිය යුතුයි :- ඔබට නිදහසේ චිත්තඒකාග්‍රතාව ඇතිකරගත හැකිනම් අදටත් විශ්වයේ බොහෝ ශබ්ද එතැනදී(රන්මසු උයනේ තරු දොරටුව අසලදී) ශ්‍රවණය කළ හැක. නමුත් නිවැරදි කරුණු, දැනුමක් නොමැතිව පිටසක්වල සම්බන්ධතා පැවැත්වීමට යාම කිසිසේත්ම නොකළ යුතුය.



මං කලිනුත් කිව්වා රාවණ ලෝක දහසයක් යටත් කරගත් බව... මං මේ කියන්න යන්නෙ *යුද්ධයක්* ගැන. රාවණයන් සහ පිටසක්වලයන් අතර වුණු...

"ආයුබෝවන්...
ආආආයු..බෝ..වන්.. පුලස්ථි... ඍෂි.. තුමනි.."

"ඔබ එවූ සංඥා අපැහැදිලියි..."

"සං..ග්‍රා...මයකට.. සූසූ..දානම්..වන්..න"

"සංග්‍රාමයක්...? කා සමඟද..?"

"ඇ..ල්..ෆා.. සෙන්.. චූරිය...න්.. වරු... සමඟ..."


ඔව් ඔබ දන්නවාද රාවණයන් ඔවුන් සමඟ යුද්ධ කළා ඒ වගේම ජය ගත්තා. ම්ලේච්ඡ ඇල්ෆා සෙන්චෝරියන්වරුන්ගේ තාක්ෂණය අද අපිට හිතාගන්නත් බෑ. ඔවුන්ගේ ආයුකාලයත් ඉතා අධිකයි. නමුත් රාවණයන්ගේ තාක්ෂණයද ඔවුන්ට නොදෙවෙනි නෑ. ඔවුන් සමඟ යුද්ධ කර ජය ගත්තේ ඒ නිසයි. මෙවැනි යුද්ධයක් ඉදිරියටත් එන බව අනාවැකි කරුවන් සහ බොහෝ පිරිස් පවසනවා. එය සිද්ධ වීමට ඇත්තේ 2021-2023 අතර කාල පරාසයේයි. පෘථිවියද මෙයට ඍජුවම බලපැම් කරනවා. අනුනාකිවරුන්ගේ ආගමනයද සිද්ධවන්නේ මේ තුළින්... කවුද මේ අනුනාකින්...? ඔවුන් තමා මේ පෘථිවිය මත ජීවත් වූ ආදිතම පිටසක්වලයන්... ඔවුන් සෑදී තිබෙන්නෙ මිනිස් ජාන සහ පිටසක්වල ජාන මිශ්‍රවීමෙන්... එතරම් දියුණු තාක්ෂණයක් ආදී මිනිසාට එක්වරම ලැබුණේ මොවුන් නිසා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. අනුනාකින් ගැන කතාවෙද්දි තවත් අවධානය යොමුවූ දෙයක් තමා ඉලුමිනාටිවරු කියන්නෙ. මේ ළඟදිත් මෙයට බලාපන දේවල් සමහරක් සිද්ද වුණා, කතා වුණා. එතකොට කවුද මේ ඉලුමිනාටින්...? ඉලුමිනාටි යන්නෙන් ඉංග්‍රීසි බසින් අර්ථවත් වන්නෙ Enlightened යන්නයි. එයට අනුව සාමාන්‍ය මිනිසාට වඩා ශක්තියෙන් වැඩි, බුද්ධියෙන් හා මානසික බලය අතරින් ඉහළ සිටින්නන් ඉලුමිනාටිවරු ලෙස හැදින්වේ. නමුත් මානසික බලයෙන් ඉහළ සිටියට මොවුන් අවිහිංසාවාදීන් නොවේ. මානසික බලයෙන් ඉහළ කොටස් යහපත් සේම අයහපත් අයද සිටිනවා. මනස දියුණු කලොත් ඒක හොඳට වගේම නරකටත් යොදාගන්න පුලුවන්. උදාහරණ ලෙස බලවත් මිනිසාට හානිකරන දරුණු පිටසක්වලයන් සිටී. උරගරූපී සහ අළුපැහැති සක්වල ජීවීන් මෙම දරුණු ඉලුමිනාටින්ට උදාහරණ වේ.

මෙම ඉලුමිනාටින්ට එරෙහිව ප්ලේඩියන්ස්වරු සටන් කර තියෙනවා. එසේම ඔවුන් මිනිසුන් ශිෂ්ටාචාර ගත කරලා තියෙනවා. මෙතෙක් වෙලා හැදින්වූ අනුනාකිවරුන්ද මොවුන්ගෙන් පැවැතෙන්නන් විය හැක. මොකද මොවුන් මිනිසාට බොහෝ සෙයින් සමාන නිසා මිනිසුන් සමඟ එක්වී තම වර්ගයා බෝ කිරීමට හැකියාවක් තිබිය හැක.


මොවුන්ගේ තාක්ෂණයන්ද ලබාගෙන රාවණයන් එම තාක්ෂණයන්හීද කෙළ පැමිණියා. කුඩාකාලයේම කුණ්ඩලීනීයේද කෙළ පැමිණි එතුමන්, මහා බ්‍රහ්මයා, විෂ්ණු සහ ශිව යටත් කළ එතුමන්ට පිටසක්වල සමඟ සටන් කරන එක මහදෙයක් නෙමෙයි. මෙහෙම එකකුත් තියෙනවා. පිටසක්වල වැනි දියුණු ජීවීන් සමඟද යුද්ධ කල මෙතුමා රාමා වැනි නිට්ටෑවෙක් සමඟ සටන් කරන්නෙ කුමටද? එය වාල්මිකී ගෙතූ කතාවක් පමණක්ද? ඒ ගැනත් හිතන්න කියන ගමන් කියන්න ඕනේ, උබත් අනිවාර්යයෙන් පැවතෙන්නෙ අන්න ඒ දසිස් රාවණ ලෙයින්. සිව්හෙළේම එක්සත් කළ, විශ්වයම තම අණසකට යටත් කරගත් ඒ රාවණ පරම්පරාවට උඹ හිමිකම් කියනවා... ඇයි? මොකද උඹ ඒ යටගියාව හොයන එකෙක්... සිංහලයට බනිද්දි උඹේ ලේ කකියනවා නේද අන්න ඒකයි මං කියන්නෙ උඹත් රාවණ පරම්පරාවේ කියලා. මේ මං කිව්වේ විශ්ව ගවේශණයේ මූලධර්මවලිනුත් අංශු මාත්‍රයක් පමණයි... ඉතුරු හැංගුණු රහස් සෙවීම ඔබට ද භාරයි...

No comments:

Post a Comment