මේක ටිකක් දිග කතාවක්. ඒනිසා මං තීරණය කලා මේක කොටස් කිහිපයකින් ගේන්න. හොදයි අපි බහිමු කෙලින්ම කතාවට,
ඉස්සෙල්ලම බලමු අතීතයේ ගුවන් යානා තිබ්බද? නැද්ද? තිබ්බනම් ඒකට තියෙන සාක්ෂි මොනාද කියලා...
අපිට හම්බෙන මුල්ම සාක්ෂිය තමා වාල්මිකි ඍෂි ලියපු රාමායණය, එකේ රාවණ රජු සීතා කුමරියව අරන් එන්නෙ දඩුමොණරෙන් එහෙමත් නැත්තං හැමෝම දන්න පුෂ්පක විමානයෙන්. ඒ වගේම ඔබ අහලා ඇති අදටත් භාවිතා වන 'ගමන් බිමන්' කියන යුගල පදය... මේකේ ගමන් කියන්නෙ ගොඩ බිම් ආශ්‍රිතව සිදු වූ ප්‍රවාහනයට එතකොට බිමන් කියලා කිව්වේ අහසින් කරපු ප්‍රවාහනයට, මෙච්චර කාලයක් මේක කටින් කට ආවේ නිකන් නෙමේ... පොඩ්ඩක් හිතලා බලන්න...
ලොව අහස් යානා වර්ග 3ක් වූ බව ඇමරිකන් මානව විද්‍යාඥයන්ගෙ මතයයි. විමාන, ඇස්ට්‍රා සහ වෛලික්ස් යනු එම වර්ග 3යි. හෙළ බසින් 'විමන' යන්න සංස්කෘත භාෂාවෙන් විමාන හෝ වෛමාන වේ. ඇස්ට්‍රා යන වචනය 1967දී චන්දිගාර් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ආස්තර නොහොත් අහස්+තර යන්නයි. වෛලික්ස් යනු ප්ලේටෝ නම් ග්‍රීක පඩිවරයා තම 'සිටි ඔෆ් ඇට්ලැන්ටිස්' නම් ග්‍රන්ථයේ 'විමාන' යන පදය ග්‍රීක බසට සරිලන ආකාරයට සාදාගෙන භාවිතා කළ වචනයයි. එනම් ඇස්ට්‍රා, වෛලික්ස් සහ වෛමාන යනු විමානවලට කියු විවිධ නම් ය.
විමාන බැස්වූ ප්‍රසිද්ධ ස්ථාන දෙකක් තමා වාරියපොල(වාතයෙන් යන රිය නැවැත්වූ ස්ථානය) කියන්නෙ. ලංකාවේ වාරියපොලවල් 2ක් තියෙනවා. එකක් තමා කුරුණෑගල තියෙන එක අනික මාතලේ. මීට අමතරව බදුල්ල, මොණරාගල, මාතර, රත්නපුර, කුරුණෑගල හා කළුතර දිස්ත්‍රික්කවල ගුවන් යානා බැස්වූ ස්ථාන තිබේ. ත්‍රිකුණාමලයේ පෙද්‍රිස් කොටුව යනු ගුවන් යානා නැංවු බැස්වූ තැනකි.
එතකොට බැබිලෝනියාවට ගුවනින් ගිය සිංහ දේශයේ සිංහ මිනිසුන් කවුද? ලෝකයේ මොන ජාතියටද සිංහයන් මෙන් තේජසක් තිබුණේ?
ඊජිප්තුවේ තියෙනවා එක්තරා චිත්‍රයක් එහෙමත් නැත්තං කැටයමක් එකේ තියෙනවා නූතන BLACK HAWK, ZEPPELIN, GLIDER යන ගුවන් යානා වලට බොහෝ දුරට මේවා සමානයි. රයිට් සහෝදරයෝ ඉපදෙන්න හිතලවත් නැති කාලේ ඒවා ගැන මේ කියන්නෙ... මේවා ඔප්පු කලොත් මොකද වෙන්නෙ?😆
කොකේසස්, අන්දීස්, කෛලාශය සහ කාශ්මීර වැනි ඉතා උස් කදු මුදුන්වල ජනාවාස බිහිකලේ හෙළයින්... මේවට පයින් යන්න බෑ... ලං වෙන්නවත් බෑ... කොහොමද මේවට ගියේ? අනිවාර්යයෙන් ගුවන් යානයකින් විය යුතුමයි.
දකුණු ඇමරිකාවේ තියෙනවා රටක්... ඒ කාලේ හැදින්වූයේ පාතාලය කියලා. මේක ඒ කාලේ පාලනය කලේ වීරචන කියන සිංහල කුමාරයා. ඒ කාලේ මෙහි සිට මෙලොව සහ මෙලොව සිට වෙනත් ග්‍රහලෝකවලට අහස් යානා ගමන් කල බව කියවෙනවා.
අහස් යානාවල හිමිකරුවන් අපි කියන්න තව සාක්ෂි නම් තියෙනවා ඕනේ තරම් ඒත් මං කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙමෙයි. මං මේක කලේ මේ ලිපියට පොඩි ආරම්භයක් ගන්න විතරයි. තාම මං විමාන ගැන මුකුත්ම කිව්වෙ නෑ... හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනෙ😂... ඒකත් ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් දැනට නවතින්නම්.
No comments:
Post a Comment