Wednesday, March 18, 2020

හෙළයේ යුධ කලාව - Part 4

අංගම් කලාවේ ගුරුකුළ



අංගම් ශාස්ත්‍රය ඉගැන්වීම දුරාතීතයේ ඉදන්ම බාර වෙලා තිබුණේ ගුරුකුළ 2කට. එනම්,


  • සුදලිය
  • මරුවල්ලිය


කියන ගුරුකුළ 2ටයි. මීට අමතරව තවත් ගුරුකුළ බිහිවී තියෙනවා. නමුත් ප්‍රසිද්ධම සහ ප්‍රධාන ලෙසම ඉගැන්වීම කළේ සුදලිය හා මරුවල්ලිය කියන පරම්පරා දෙකයි. ඊට අමතරව බිහිවූ ප්‍රසිද්ධ ගුරුකුළයක් වන්නෙ කොරතොට ගුරුකුළයයි. මෙම ගුරුකුළය මුල්ලේරියාව සටන දිනාදීම සඳහා රාජසිංහ රජුට උදව් කළ අතර. සීතාවක රාජසිංහයන් මෙම ගුරුකුළයෙන් අංගම් කලාවේ කෙළ පැමිණුන අයෙකි. මේ ගිරුකුළ එකින් එක ගැන වෙන වෙනම කිව්වොත්,


සදලිය ගුරුකුළය


සුදලිය යනුවෙන් අද භාවිතා වන සුදාලිය නම් නුවර යුගයේ පැවති අංගම්පොර සටන් පරම්පරාවක් ලෙස හඳුන්වන අතර ඊට වඩා ඉතිහාසයකට හිමිකම් කීමටද හැකිය. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී මරුවල්ලිය කුමාරිහාමී සමඟ ඌරා ළිඳේ සටනකට ගිය පනික්කිරාල කෙනෙකු සිටි සටන් පරම්පරාවකි. එච්. සී. පී. බෙල්ට අනුව එම වාර්තාව ලිය සමය වන විටත් මෙම පරම්පරාව වියැකී ගොස් තිබුණ ලු. මෙම ගුරුකුළ රාජ අනුග්‍රහයෙන් තනතුරු තාන්න මාන්න බොහෝමයක් හිමි විය. එනම් , සුදලිය මොහන්දිරම්, සුදලිය මොහොට්ටාල, සුදලිය කංකානම්, සුදලිය ආරච්චි ලෙසයි. එසේම උඩරට රජු විසින් නින්දගම්, බල ප්‍රදේශද ප්‍රධානය කෙරුණි. ඉන් කිහිපයක් වන්නේ , හාරිස්පත්තුව , සිදුරුවාන, උඩුනුවර , යටිනුවර යි.


මරුවල්ලිය ගුරුකුළය


මරුවල්ලිය නමින් අදට භාවිතා වන මාරලිය නම් නුවර යුගයේ ඉපැරණි අංගම්පොර පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ප්‍රසිද්ධියට පත් මරුවල්ලිය කුමාරිහාමි නොහොත් ගලගොඩ කුමාරිහාමී නොහොත් ගලගොඩ දිසාපතිනිය නම් සටන් කාරියකගේ වෘතාන්තයක් හා සම්බන්ධ වේ. ඇයු පිරිමි වේශයෙන් ගොස් රජු ඉදිරියේ ඌරා ළිඳේ [අවසානය බලන්න] සටනක් කොට සුදලිය පරම්පරාවට අයත් පනික්කිරාළ කෙනෙකු මැරූ බව ඉතිහාසයේ කියවේ. මෙම පරම්පරාවේ අන්තිම මූලාශ්‍රය හමුවන්නේ 1818 කැරැල්ලේදී හමුවන ගලගොඩ දිසාව නම් දක්ෂ කඩු සටන් කරුවෙකුගෙනි. මරුවල්ලිය ගුරුකුළයටද තනතුරු තාන්න මාන්න උඩරට රජු විසින් ලබා දුණි. එනම්, මරුවල්ලිය මුහන්දිරම්, මරුවල්ලිය මොහොට්ටාල, මරුවල්ලිය කංකානම් හා මරුවල්ලිය ආරච්චි වේ. ඔවුන්ට රජු විසින් ලබා දුන් නින්දගම් හා බල ප්‍රදේශ වන්නේ, උඩපළාත, දෙල්තොට හා රත්මලේ වේ.


කොරතොට ගුරුකුළය


රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට


සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි. ග්‍රාම නාමය පවා නිර්මාණය වූයේ එලෙසිනි. රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිකරය අතීත රාවණ රජුගේ යුධ බලකොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භා්‍ග්‍යය මේ පරම්පරාවට හිමි වේ. මේ පරම්පරාව අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. ඒ සාක්ෂිද අදටත් ජීවමාන ය.


කොරතොට අංගම් මඩුව


දිවුරුම් මධ්‍යස්ථාන

  • කොරතොට රජමහා විහාරය
  • රන් කඩු පත්තිනි දේවලය
  • නවගමු පත්තිනි දේවාලය
  • කැළණි විහාරය


ආදියඅංගං ශිල්පීන්ගේ ප්‍රධාන දිවිරුම් මධ්‍යස්ථානයන් ය.

අංගං සටන් විරුවෝ


  • කොරතොට කරුප්පු ආරච්චි
  • කොරතොට සෝභිත හිමි
  • මුල්ලේගම සෙනෙවි
  • නවරත්න මැණිකේ


ආදීන්අංගං සටන් පරම්පරාවේ මුතුන් මිත්තන් ය.
අතීතයේ පටන් සටන් පුහුණු කළ කොරතොට ආරච්චිවරුන් 18 දෙනාගෙන් ප්‍රධාන වූ පරම්පරාව මහන්ත ආරච්චි පරම්පරාවයි. මේ පරම්පරාව විසින් අදට ද පුරාතන අංගම් මඩු තුළ අප නිර්මල ශාස්ත්‍රය පුහුණු කරමින් සිටියි.

ඌරා ළිඳ* 


 අංගම්පොර සටන් කලාව මනාව ප්‍රගුණ කළ අයෙක් තමා අනෙකාට වඩා දක්ෂ බව හැඟවීමට අවශ්‍ය යැයි ගුරුවරයාට දන්වා සිටි කළ රියන් 30ක් පමණ දිග, රියන් 7ක් පමණ ගැඹුර ඌරාළිඳ නමැති වළක දෙදෙනා සටන් කළ යුතුය. පහර කෑ විට මෙම වළෙන් පැන යාමට නොහැකි වන බැවින් මරණයෙන් අවසන්වේ . එයින් ජයගන්නා පුද්ගලයාට 'පනික්කි රාල' නම් විශේෂ තනතුරක් හිමි වේ. එනම් පනික්කි රාල යනු එම ගුරුකුළයේ නායකයා වේ.

මෙය හොඳින් දැක්වෙන නාට්‍යයක් වන්නේ, ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 'අකාල සන්ධ්‍යා' නම් ටෙලි සිතුවමයි. ලංකාවේ අංගම් කලාව පිළිබඳව නව ප්‍රබෝධයක් මෙම ටෙලි සිතුවමෙන් බිහි වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය.

අකාල සන්ධ්‍යා :- https://www.youtube.com/playlist?list=PLRI4QJUWeLRlbsFL_pnSt-LQY-Khzg4Lf

No comments:

Post a Comment