ඇහුවාම නම් ලස්සනයි නේ...😂 හැබැයි හදන්න නම් එච්චර ලේසි නෑ...🙁 අනික යක්කුන්ගෙන් වැඩගන්න දන්න ගුරුන්නාන්සේලා 10 දෙනෙක්වත් නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ...
තාමත් ලංකාවේ මේ රාජ තරාංගනිය ඇත්තටම හදනවා ලු...
විකුණන්නත් තියෙනවා ලක්ෂ ගණන්වලට
ඒත් ඒවයි නම් බල තියෙනවද දන්නෙ නෑ... මොකද ඔය වගේ වැඩ කරන්නෙ මිනිස්සු ජීවත් වෙන්න සල්ලි හොයාගන්නනේ... ඒත් මේක ඇත්තටම හදපු ගුරුන්නාන්සේලා සල්ලි කීයක් දුන්නත් මේවා විකුණන්නේ නෑ... හැබැයි නිසි පුද්ගලයෙක් ආවොත් නොදී ඉන්නෙත් නෑ ...
පරථමයෙන්ම කාන්තාවන්ගේ කටහඩ නොඇසෙන නුග ගසක් සොයා ගත යුතුය.
නුග ගහ වටේ ලිප් 5ක් බැදේ. ප්‍රධාන ලිපට අමතරව තවත් ආරක්ෂක ලිප් 4ක් බැදේ. මේ සියලු දේ සිදුවන්නේ අවටින් මල් යහන් මාලාවක ජීවමක් යන අතර තුරයි. එයට රන්තැඹිලි තෙල්, අබතෙල්, සදුන් තෙල් සහ කුරුදුතෙල්වලින් තමා මේකට පහන් දැල්වෙන්නේ...
මේ සියල්ල සිද්ධ වෙන්නෙ නැකැත් 7කට අනුවයි...
පළමු නැකත වන්නෙ ඖෂධ නෙළීමයි.
නියමිත නැකැත් වේලාවන්ට අනුව බෙහෙත් ඖෂධ නෙළාගත යුතුය. මෙහිදි සමහර බෙහෙත් නෙළාගත යුත්තේ මනුෂ්‍ය අතක නොගෑවීය. එනම් යකෙක් බැදගෙන වැඩගැනීමට දක්ෂ ගුරෙක් සිටිය යුතුය. ඔබට මතක ඇති මං මේ කතාව පටන් ගද්දිත් කිව්ව දේ... "අනික යක්කුන්ගෙන් වැඩගන්න දන්න"
තේරෙනවා ඇතිනෙ බරපතලකම පළවෙනි නැකතෙන්ම... මේක ලේසි පහසු දෙයක් නෙමේ.
දෙවන නැකත වන්නෙ ඖෂධ කෙටීමයි.
කාලහෝරා 11කට අනුව මෙම කාර්යය සිදුකරයි. 7වෙනි කාලහෝරාවේ ඖෂධ කෙටීමට ඇත්තේ අමනුෂ්‍ය බලවේගයක් යොදවලා... ඒ කියන්නෙ වෙදදුරාට වංගෙඩිය සහ මෝල් ගහ අල්ලන්න බෑ...
තන්වන නැකත ලිප තැබීමයි
ප්‍රධාන තෙල් මුට්ටියට හතර වටෙන් තව තෙල් මුට්ටි 4ක් තැබිය යුතුයි. (රාජතරංගනියේ පරිවාර තෛල රාජයෝ) ඒ තෛලයන් තමා යක්ෂ භූත තෛලය, තෙයියක්ඛ තෛලය, යක්ෂ දූවිලිය, අංගම් රාජ තෛලය යන තෛලයන්... තව දෙයක් මේ මුට්ටිය ලිප තියන්න ඕනි නැකතකට අනුව. ලිප ගිනි තියපු නැකත හරිනම් ලිප ගිනි තියපු වෙදාට මදන මෝහිනී දිෂ්ටිය ඇගට එනවා. ඒ කියන්නෙ පිස්සු හැදෙනවා ඒක තමා මං කිව්වෙ ඉස්සෙල්ල මේකට ගුරුන්නාන්සේලා මඩුල්ලක් ඕනි කියලා ඒ කියන්නෙ 10ක්වත් ඕනි. ඒ වගේම තෙල් මුට්ටිය ලිපෙන් බාන්න කලින් මේ ගුරාව සනීප කරගත යුතුය. එසේ නොහැකිවුනොත් තෙලෙ බල නැතිවේ.
හතරවෙනි නැකත වන්නේ තෙලට කල්ක යෙදීමයි. මෙම කල්ක තෙලට යෙදිය යුත්තේ ඒවාට නියමිත දිශාවල සිටයි. අවශ්‍ය දිශාවල සිට කල්ක යෙදිය නොහැක.
මළග නැකත වන්නෙ දේවතා බන්ධනය හිර කිරීමයි. මෙම තෙල හිදින විට වටපිටාවේ හත්පොට ආරක්ෂාවක් දානවා. ඒ කියන්නෙ සංඝයා වහන්සේලා, මෙහෙනින් වහන්සේලා, උපාසක උපාසිකාවන්, ඇදුරුතුමන්ලා හතරවටින් විවිධ පිරිත් හා යන්ත්‍ර , මන්ත්‍ර , තන්ත්‍රවලින් යොදන ආරක්ෂාවක්. මේසේ ආරක්ෂාවක් දාන්නෙ ඇයි ? එහෙම කරන්නෙ වටපිටාවේ ඉන්න විවිධ බලවේග මේ තෙල හිදින කාර්යයට බාදා කරන නිසා... ඒ කියන්නෙ විවිධ භූත, ප්‍රේත හා යක්ෂ බලවේගයන් මේ තෙල බොන්න හදනවා සුවද නිසා, එහෙමත් නැත්තන් පෙරලනවා.
ඊළඟ නැකත වන්නෙ දිෂ්ටි බන්ධනය හිර කිරීමයි. මෙය ඇදුරාගෙ ජීවිතය පරදුවට තබා සිද්ධකරන කාර්යයකි. මෙම ජීවම් දිෂ්ටිය තියන විට ගන්න සියලුම පිළිම වහ්න්සේලා රත්තරං විය යුතුය. මොකද රත්තරංවලට විශ්වශක්තිය ඇදගැනීමට හැකියාව ඇති නිසා.
කෙටියෙන් කිව්වොත් ඔන්න ඕක තමා මේ රාජ තරංගනිය හිදින විදිය...
මේ රාජ තරගනිය කිරි සුවදට හුරු සුවදක්ලු තියෙන්නෙ. එතකොට මේක අදුර ගන්නත් තව විදි තියෙනවා. ඒ තමා අඹදල්ලට හුරු, රතට හුරු, කොළට හුරු පාටක්ලු තියෙන්නෙ. මේ සුරය වතුරට දැම්මාම මේක හිටින පැත්තක් තියෙනවා. ඒ වගේම අතට ගත්තාම නැටවෙනවා. තවත් කිව්වොත් දෙඹර කූඩයක් ලගට ලං කලොත් දෙඹරු ඇවිත් වහන්න ඕනි.
No comments:
Post a Comment