විමානයක් යනු දැන් තියෙන ගුවන් යානයකට වඩා බොහෝ බලවත් දෙයක්. මේකේ කොටස් බොහෝමයක් තිබ්බා. බොහොමයක් කිව්වට කොටස් 31යි. ඒ කොටස් තිස් එක හදුවන්න තමා අද බලාපොරොත්තු වෙන්නෙ.
01. විශ්වක්‍රියා දර්පණ නැමැති පිටත ඇති දේ නරඹන කණ්නාඩි
02. ශක්තියාකර්ෂණ නැමැති ශක්ති ආකර්ෂණ කණ්නාඩි
03. විමාන වහල මත ඇති පරිවේශ යාන්ත්‍රන පද්ධති
04. හත්වැනි බන්දු කීලයේදි හකුලන අංගෝප සම්බාර යන්ත්‍රය
05. එකොළොස් වැනි කොටසේ මැද ඇති විස්ත්‍රිත ක්‍රියා නැමැති විවෘත කිරීමේ යන්ත්‍රය
06. විරූප දර්පණය නැමැති යානය විකෘති කර පෙන්වන දර්පණය
07. විමානය මුදුනේ ඇති(ශිරෝභාගයේ) පද්මචර්කමුඛ
08. විමාන කරෙහි ඇති කුන්තිනී ශක්ති යන්ත්‍රය
09. මැද දකුණෙහි ඇති පුෂ්පිනි සහ පින්ජුලා කණ්නාඩි
10. ඉදිරියේ වම්පස ඇති නාල පංචක නොහොත් නළ පහ
11. විමානයේ මැද ඉදිරිපස ඇති ගුහාගර්භ කණ්නාඩි
12. ඉදිරියේ වයඹ පැත්තේ ඇති තමෝ යන්ත්‍රය
13. වමේ මැද ඇති පංචස්කන්ධවාත නළ
14. රෞද්‍ර කණ්නාඩි (රෞද්‍ර පෙනුමක් ලබා දෙයි)
15. විමානයේ පතුලේ මැද ඇති පංචවාතස්කන්ධ කීලක
16. ඉදිරියේ සහ දකුණේ ඇති ශක්ති ස්ථාන
17. විමානයෙහි ඇති ශබ්ද කේන්ද්‍ර මුඛ
18. ඊසාන දිග ඇති වියුද්වාදශක යන්ත්‍රය
19. විමානයේ මූලයේ ඇති ප්‍රාණකුණ්ඩල මධ්‍යස්ථානය
20. විමානයේ මූලයේ ඇති ශක්තිඋද්ගම මධ්‍යස්ථානය
21. විමානධාරයේ පසෙක ඇති ශීරකීලකය
22. මධ්‍යයේ ඇති ශක්තිපන්ජරය
23. විමානයේ ශිර්ෂයේ පිහිටි ශීර කීලකය
24. විමානයේ දෙවුර මත පිහිටි ශබ්දාකර්ෂක යන්ත්‍ර(ශබ්ද ඇදගැනීමේ)
25. පතුලේ මැද පිහිටා ඇති පාතප්‍රසාරණය
26. ඉදිරිපස වමේ ඇති දිසාම්පති යන්ත්‍රය
27. වහලයේ මැද පිහිටි පටිකාභරකය
28. විමානය මුදුනේ ඇති සූර්‍ය බලය ආකර්ෂණාකරණය
29. සන්ධිනාල මුඛයේ පිහිටි විෂ වායු නිපදවන අපස්මාරය
30. පතුලේ ඇති ස්ථම්භක යන්ත්‍රය
31. විමානයේ නාභියේ පිහිටි විශ්වානාර නාභිය
මෙම කොටස් 31 යටතේ වැදගත්ම කොටස් 7 වන්නේ දර්පණතල නොහොත් ප්‍රධාන කණ්ණාඩි 7යි.
1. විශ්වකාර්ය දර්පණය (ගුවන් නියමුවා අසල ඇති කරකැවෙන අසුනක සවිකළ හාත්පස පෙනෙනා දර්පණය. (උකුසු ඇටකටු කොටසක්, රසදිය කොටස් 5ක්, මුතු ඇට කුඩු කොටස් 8ක් ආදී වර්ග 14 අමුද්‍රව්‍ය අවශ්‍යයි.)
2. ශක්තියාකර්පණ දර්පණය - (සූර්යාලෝකය, සුළං හා ගින්දර නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල 122 ඇති අතර එම අන්තරායන් මෙම දර්පණය මගින් ඇදගන ආරක්ෂාව සලසයි.)
3. විරූප දර්ශන (සතුරු යානයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරන විට භයංකර විරූප දර්ශනයක් මැවීමට මින් හැක. විරූප දර්ශන 27කි. ගින්දර, ජලය, සුළං, වලසා, කොටියා, සිංහයා, දැවැන්ත කුරුල්ලන් ආදියයි)
4. කුත්තිනී දර්පණය - පහළ වායුගෝලයේ ජීවය ආරක්ෂා කර දෙන ස්වභාවික ක්‍රම ඇත. ඉහළ අහසේ හා අභ්‍යාවකාශයේ භූත, ලේ, මේද, මාංශ, ඇට, සම හා බුද්ධිය රෝගී කරවීම සිදුවේ. කුත්තිනී දර්පනයෙන් ඒ සියල්ල ආරක්ෂා කරයි.
5. පින්ජුලා දර්පණය - සූර්ය ශක්තියේ ඇති එකිනෙක ගැටෙන විරූඪ බලවේග පින්ජුලා නම් වේ. ඉන් ඇසේ කළු ඉංගිරියාවට බලපා අන්ධ කරයි. මෙම දර්පණයෙන් ඊට ආරක්ෂාව සලසයි.
6. ගුහා ගර්භ දර්පණය - සුළංවල රශ්මිවල ඇති එකිනෙක අතර ඇතිවෙන විදුලිය බල ගැටීම මගින් යානය තුළ සිටින අය ශක්තියෙන් පිරිහෙළා අක්‍රීයකර දමයි. මෙම දර්පණයෙන් එම ශක්තීන් ඊට එකතුකර පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
7. රෞදි දර්පණය - සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)
ටිකක් තේරෙන ගතිය අඩුයිනෙ... මාත් ඕකෙන් ටිකකින් කෙරෙන කාර්‍යයන් විතරයි දන්නේ... මේක මට හම්බුනේ ආචාර්ය සූරිය ගුණසේකරයන්ගෙ පොතක තිබිලා... හැමදේම වැදගත්... කිසිම දෙයක් වැදගත් නෑ කියලා අහක දාන්න හොද නෑ ඒ නිසයි මේකත් මං කියලා දෙන්න හිතුවේ. හයවන දිග හැරුමෙන් හමුවෙමු.
No comments:
Post a Comment