මෑත හෙළ ඉතිහාසයේ අංගම්පොර භාවිතා කළ අවස්ථාවක් වන්නෙ මුල්ලේරියාව සටනයි. පෘතුගීසි හමුදාව සමූලඝාතනය කළ සීතාවක රාජසිංහ රජු පිළිබඳවයි.
අප රටට 1505 දී අහම්බෙන් ගොඩ බට ලොව කෲරතම ආක‍්‍රමණික වර්ගයක් වූ පෘතුගීසීන් මේ දිවයින දරුණු ලෙස ¥ෂණය කරන්නට විය. කතෝලික ආගම පතුරුවමින් ඔවුන්ගේ අසීලාචාර සංස්කෘතිය වපුරන්නට විය. මේ ලොව දරුණුතම ආක‍්‍රමණිකයා පළවා හැරීමට කිසිවෙකුත් සමත් නොවූ එකළ ටිකිරි බණ්ඩාර නම් කුමරෙකු මොලොව එලිය දුටුවේ ය. හෙතෙම යන්තමින් එකොලොස් වස සපිරෙත්ම පරංගින්ට එරෙහිව තම සටන් හැකියාව මෙහෙය වන්නට විය. පැරණි ජන කවියක එය මෙසේ සඳහන් විය.
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුද්ධෙට උපන් කුමරා යයි නමක් ඇතිවුණා
එහි ඉතිරි පද දෙක තවත් අපූරු ය.
මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා
මෙහි සඳහන් මුල්ලේරියාව අප රටේ රණකාමීන්ගේ රණශූරත්වයට ප‍්‍රභලම සාක්ෂිය සපයන ස්ථානය බව අවිවාදිත ය. රාජාවලිය එය අපූරුවට සඳහන් කරයි.
‘‘වික‍්‍රමසිංහ මුදලින් බිඳී ගියසැටි රාජසිංහ රජු දැකලා වමදකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හැ අතුරුගිරි කෝරළය හේවාගම කෝරළය කොරතොට ආරච්චිවරුන් ළ`ගට කැඳවා හෝකන්දර රදාදොළහ හේවයින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්සපොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දරබාගෙන් වීරහස්ති කියන ඇතා කොඩියක් ගතිය. විජයසුන්දරබාගෙ ඓරාවණයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට පැනනැගී මහාසේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාන්න්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනාත් එකට කලබැගෑනිව ප‍්‍රතිකානුන්ගේ තුවක්කුවලට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කාරයොත් ප‍්‍රතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණයුද ගිනිකෙළි කළ කොටන විට දුරුතුමස මිහිදුම් මෙන් වෙඩිදම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේවතුරු කොට ප්රිතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් සසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන කීපදෙනෙකුත් කොටා වැටුණාහ.’’
සීතාවක ආක‍්‍රමණය කිරීමට පැමිණි පරංගීන් 1600ක් එතැනම පතබෑවීමට සීතාවක රාජසිංහයන් හා කොරතොට ආරච්චිවරුන් වූ අප පරපුර ප‍්‍රමුඛ හේවා ඛණ්ඩ 187කට හැකි වූයේ අංගම් ශිල්පයට පිං සිදු වන්නට ය. එ් මහා යුධ ජයග‍්‍රහණය ගෝවේ මහ රජා පවා සලිත කළේ ය. සිංහල සටන් ශිල්පීන් සමඟ සටන් කිරීමට දෙවරක් සිතීමට පෘතුගීසීන්ට සිදු විය. එම විශිෂ්ඨ ජයග‍්‍රහණය අප ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි.
ලැබූ යුධ ජයග්‍රහණය නිසා මහා අංගම් ශිල්පී රාජසිංහයන් එක පිම්මට දුවගෙන විත් කොඩිය සිටවූ තැන අද කොඩිගහවත්ත > කොටිකාවත්ත ලෙස හඳුන්වනු ලැබේ. පසු කළෙක මුල්ලේරියා යුධ ජයග‍්‍රහණය අපෙන් වසන් කිරීමට බි‍්‍රතාන්‍ය පාලන අධිකාරිය එහි මානසික රෝහලක් ඉඳි කළෝ ය. අපට පිස්සක් කොටුව මතකයක් කර රණ බිම කෙමෙන් මතකයෙන් අමතක වී යන්නට විය.
No comments:
Post a Comment