Wednesday, March 18, 2020

හෙළයේ යුධ කලාව - Part 1

හැදින්වීම


කලාව කිව්වාම මතක් වෙන්නෙ මොනවද? සංගීත කලාව, නර්තන කලාව, චිත්‍ර කලාව වගේ ඒවා නේද? ඒ විතරක් නෙමේ... හෙළයා යුද්ධ කලෙත් කලාවකට... ෆිල්ම්වල වගේ යුද්ධ වුනෙත් නෑ අපේ රටේ... ඊට වඩා දරුණුවටයි වුණේ , පරිසරයට කිසිම හානියක් නොවෙන්නයි යුද්ධ සිද්ධ වුණේ... මතකයිනෙ අපි ඉරට , හඳට, ගහට, කොලට වැන්ඳා... වැන්ඳේ කෘත ගුණ සලකන්න... ඒ වගේම තමා පරිසරයට කිසිම හානියක් කලෙත් නෑ... ඒ වගේම මේකෙදි හෙළිදරව් කරන්නම් රාම රාවණ යුද්ධයේදි මොකද උනේ කියලත්...


යුද්ධයක් කරද්දි පේන්නෙ කඩු දුනු වලින් දෙපිරිසක් ගහමරා ගන්නවා විතරයි. නෑ ඒක නෙමේ යුද්ධය කියන්නෙ. ඒ දෙපිරිස ගහගන්න අතරෙදි තුවාල වුණු අයට බෙහෙත් කරන්න වෛද්‍යවරු ඉන්නවා. පිටිපසින් තමා දරුණුම ආයුධත් වැඩ කරන්නෙ.

අපි යුද්ධකරද්දි යොදාගත්තේ ලෝකේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුම සටන් කලාව; අංගම්පොර , මීට සමාන සටන් කලාවන් ආක්‍රමණිකයන් විසින්ද භාවිතා කළා. උදාහරණයක් කිව්වොත් අසල්වැසි ඉන්දියාවේ අඩිමුර කියන සටන් කලාව... ඒකත් හොද සටන් කලාවක් උනත් අංගම්පොර තරම් දියුණු නෑ. ඒකනෙ යුද්ධයකින් පරාජය කළ නොහැකි රටක් බවට මේක පත් වුණේ.

 දැන් මිනිස්සුන්ට මීටර 10ක් දිව්වත් හති වැටෙනවා. ඒත් ඉස්සර මිනිස්සු පැය ගණන් යුද්ධකළා එක දිගට. මේවට තිබ්බා බෙහෙත්. ඒ වගේම මිනිස්සුන්ගෙ ශක්තිය ගැනත් තේරෙනවනෙ ඒකෙන්.

 යධ කලාවෙ එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතමයා වන්නෙ මහා රාවණයන් වේ. ඔහුගේ හමුදා බලය අති විශිෂ්ඨ එකකි. අපි අහලා තිබ්බට ඇත්,අස්, රිය, පාබල කියලා, එහෙම පොඩි හමුදාවක් නෙමේ රාවණයන්ට තිබුනේ. ඒ ගැන පසුව කතා කරමු.

 දෙව් බඹුන් පවා පාලනය කළ ශ්‍රේෂ්ඨයාගෙ ඇදවැටීම සිද්ධ වෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නෙ රාම ආවට පස්සෙ කියලයි. එය ඉන්දියාව හැමදාම වගේ කරපු, ඔවුන් අපිට වඩා ශ්‍රේෂ්ඨයි යන මතය ගොඩනගන්න කරපු බොහෝ දේවල් මනඃකල්පිත කතාවක් විතරයි. ඒක නෙමෙ ඇත්ත. ඇත්ත වෙනම කතාවක්...

No comments:

Post a Comment