ටිකක් දිගයි වෙලාව අරන් කියවලා බලන්න...
නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය.
පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ.
මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ. මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය.
සෝමක , සෞන්දලික සහ මෞර්ත්වික යනුවෙන් 3න් ආකාරයකට අයත් ලෝහ වර්ග විවිධ වශයෙන් මිශ්‍ර කර වර්ග 16ක ලෝහ නිෂ්පාදනය වේ. විමානය සෑදීමට උපකාර කරගන්නේ ඒ ලෝහයන් ය. මේ ලෝහ 16ම උෂ්ණය උෂ්ණය උරාගන්නා වූ සහ උෂ්ණයට ඔරොත්තු දෙන ලෝහ වේ.
- උෂ්ණාම්බර
- උෂ්ණපා
- උෂ්ණහාන
- රාජාම්ලත්‍රිත්
- වීරහා
- පංචාග්ණ
- අග්නිත්‍රිත්
- භාරාහණ
- ශීතාහණ
- ගරලග්න
- අම්ලභාණ
- විෂම්බාර
- විශාල්‍යක්‍රිත්
- විජමිත්‍ර
- වාතමිත්‍ර
- අග්නිභාර යනු මේ වර්ග 16යි.
පෘථිවි අභ්‍යන්තරයේ ඇති 7 වැනි පාෂාණ තට්ටුව තුළ ඇති 3 වැනි නිධිවල 'සෝම' වර්ගයේ ලෝහ ඇත. උෂ්ණය උරාගන්නා ලෝහ වර්ග 3ක් මේ නිධිවල ඇත. මේවා බීජ ලෝහ ලෙස හැදින්වේ.
සෞමක කණ්ඩායමට අයත් ලෝහ වර්ග වන්නේ සෞම, සෞම්‍යක, සෞන්ද්‍රාස්‍ය, සෝම, පංචාණණ, ප්‍රාණන, ශංඛ සහ කපිල වේ.
සූර්‍ය බලය ක්‍රියාත්මකව භූත 71 සහ රුචික බල 160 දැක්වීමට 'රා' ශබ්දය පාවිච්චි වේ. හිරු සහ තාරකා බල සංකේතවත් වීමට 'සුන්ද්‍රා' ශබ්දය යෙදේ. 'ම' සහ 'හ' ශබ්දවලින් තාරකා ශක්ති 101 සහ භාද බලශක්ති 109 සංකේතවත් කෙරේ.
සෞන්දල ලෝහවල 'සා' යන්නෙන් 11 වැනි ශක්තිය 'දණ්ඩා සංකේතවත් වේ. 110 වැනි කාශ්‍යප බලය 'අවි' යන්නෙන් සංකේතවත් වේ. අන්වී 700 ශක්තිය සහ හිරුගේ 100 වැනි ද්වාරමුඛී ශක්තිය එකතු වූ විට 'ම' යන්නෙන් සංකේතවත් වේ. හිරුගේ කන්ඨක ශක්ති 49 සහ තාරකා ශක්ති 25 එකතුව 'ද' යන්නෙන් සංකේතවත් වේ. සඳෙහි 364ක් උජ්වාලා සහ කාල ශක්ති 'ල' යන්නෙන් සංකේතවත් වේ. ස+අවි+ම+ද+ල එකතු වී 'සවුම්දලික' ලෝහයන්හි සංයුතය ඇති වේ.
තුන්වැනිව මෞර්ත්වික ලෝහ ශක්තියද සෑදි ඇති ආකාරය මීට සමානය. කුර්ම ශක්ති පාතීව 1300 ශක්තිය 'අවි' ශබ්දයෙන් සංකේතවත් ය. මාර්තණ්ඩ ශක්ති ලාඝව 260 ශක්තිය 'ර' ශබ්දයෙන් සංකේතවත් ය. භූත ශක්ති මාර්චූලි 37 ශක්තිය 'ත' ශබ්දයෙන් සංකේතවත් ය. තාරකා ශක්ති රූෂ්මක 1063 'ව' ශබ්දයෙන් සංකේතවත් වේ. අර්ක ශක්ති වරුණ 113 ශක්තිය 'ඉ' ශබ්දයෙන් මූර්තිමත් ය. සෝම ශක්තිය ඍජුක 8009 සහ පුෂ්නිකා 1012 ශක්තිය 'ක' ශබ්දයෙන් මූර්තිමත් ය. මෙසේම ම+අවි+ර+ත+ව+ඉ+ක එකතු වී 'මෞර්තවික' ලෝහ වර්ගය නිර්මිත වේ.
ඉහත සඳහන් කල පරිදි ලෝහ තෝරාගැනීම කරන්නෙ සූර්‍යයාගේ, පරිවාර ග්‍රහයන්ගේ තාරකාවල සහ අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහතාරකාවන්ගේ බල ශක්තීන් පෘථිවි ගෝලයේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගත දැයි දැනගැනීමෙන් පසුවය. අනාන්තාවකාශයේ ගමන් කරන විට විවිධ රශ්මීන්ට සහ උණුසුම් තත්ත්වයන්ට, සුළං සහ වාරැළි ගැටීම්වලට, වසවිස ස්ථරවලට , ධූම පටලයන්ට ඔරොත්තු දීමේ ශක්තිය විමාන මගින් ලබාගන්නෙ මෙබඳු ශක්ති අධ්‍යනයකින් පසු තෝරාගත් ලෝහවලින් යානය සෑදෙන බැවිනි. පස් සහ වෙනත් විවිධ පාෂාණ කොටස් මිශ්‍ර අපිරිසිදු ස්වරූපයෙන් හාරාගත් ලෝහ වර්ග උණුකර සුද්ධකර ගැනීමට අවශ්‍යය.
*ලෝහ උණු කිරීම.*
සෞමක - මෙම ලෝහය කට පළල් භාජනයක පුරවා පැඟිරි, දෙහි, එඬරු, සියඹලා, ජම්බු ආදී යුෂයන් මිශ්‍රකර දවසේ උෂ්ණත්වය මෙන් (90°f හෝ 28 °c) 27 ගුණයක උෂ්ණත්වයෙන් (2430°f හෝ 756°c) උණුකරගත යුතුය. මෙසේ උණුකරගත් ලෝහය තෙල් වර්ග 8ක් සමග සහ ඉන් අනතුරුව අම්ල සමග උණුකර වත් කෙරේ. ඉන් අනතුරුව ඉවතට ගෙන පිසදාගත් උණුකර වත් කරගත් ලෝහය වර්ග 5ක තෙල්වලින් , වර්ග 4ක අම්ලවලින් උණුකර නැවත වත් කරනු ලැබේ.
අනතුරුව කංසා ඇට , කංසා කොළ, එඬරු, කුංජර කරන්ජා නොහොත් ඉන්දියානු වෙරළබඩ තෙල් , ප්‍රාණ කෂාර , විරංචි, කංචුකි, කූර අම්ල, පරප්තා, ගුණ්ඨිකා, ජටාමාංස, සුදු වැටකොළු(විදාරංගනී) සහ මත්ස්‍ය ඇස්වලින් (මත්ස්‍යාක්ශි) 2430°f හෝ 756°c උෂ්ණත්වයෙන් උණුකර වත්කරනු ලැබේ.
සෞන්දල - සිලින්ඩරාකාර භාජනයක දමා අම්ල වර්ග 6න් හා තෙල් වර්ග 7න් උණුකර වත්කර ගත යුතුය. මෙහි පිරිසිදු කිරීම අම්ල 6කින්, තෙල් වර්ග 7කින් උණුකර වත්කරගත යුතුය.
ඉඟුරු, අරත්ත(රතු ඉඟුරු), මිදියුෂ, රාටා, ආජය, උල්ඛන තෙල්, ඇන්කෝලා, මූෂ්ති, ශාන්ක, බල්ලාඨක, කාකෝල, විරංචි අම්ල, කඩල, නිෂ්පාව, සර්ෂපා(අබ), ආධක සහ තිරිඟු සමඟ ඉහත උෂ්ණත්වයෙන්ම උණුකර වත් කර ගත යුතුය.
මෞර්ත්වික - ඉහත සඳහන් සෞමක හා සෞන්දල මෙන්ම පිරිසිදු කර ෂිවාරි තෙල්, කුඩුපා අම්ල සහ විෂම්බාරී සම් සමග නැවත උණුකර වත් කල යුතුය.
විමාන සඳහා ලෝහ උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. එක් වර්ගයකට 76ක් වන වර්ග 7ක උඳුන් 532 ඇත. මින් 7 වැනි කාණ්ඩයේ අංක 9 වන ඉදිබු(කුර්ම ව්‍යාසිනිකා) උඳුන අන් සියල්ලටම වඩා පිළිගැනෙන බව පිලිගැනීම. මේ සඳහා සුළං පිඹිනයන් (Blowers) වර්ග 532ද ඇත. උඳුන් සෑදීමට ගන්නේ ගස්වල පොතු, සතුන්ගේ හම්වර්ග, කිරිවල ඇති ක්‍රීම්, රෙදි, සේද, කපු, පුවක් මුල් ආදී දීර්ඝ වට්ටෝරුවකි.
අඩි 10ක් පළල ඇති උඳුනෙහි මැද, ලෝහය උණුකරන අතර වටේ ස්ථාන 5කට සුළං පිඹිනයන් සවිකළ යුතු අතර උඳුන දෙපස උණු වූ ලෝහ එකතු කරගැනීමට ඉඩකඩ සලසා තිබිය යුතුය. උඳුන දෙපස දර දැමීම සඳහා ඉඩකඩ තිබිය යුතුය. උඳුන් වර්ග 532 සඳහාම සුළං පිඹිනයන්ද 532ක් ම ඇත. මේවා පන්ති 8කට බෙදේ. මින් 8 වැනි පන්තියේ අංක 16 දරණ කුර්ම වර්ගයේ උඳුනකට ඉතාම ගැලපෙන උඳුන ලෙස සැලකේ. ඒ පිඹිනය සකස් කරන්නෙ මෙසේය,
අවශ්‍ය ගස්වල පොතුවර්ග , හම්වර්ග, එළකිරි සාරය, රෙදි, පුවක් ගසේ පොතු, ත්‍රිනේත්‍රා, ෂන්දිර, සුරන්ජි, සේද කපු, ෂෙනිරා, මුන්ජාකර සහ ජූට් කෙඳි වස්ත්‍ර උපයෝගි කරගෙන මේ හුළං පිඹින සකසනු ලැබේ. ඒවා වර්ග 605කි. මේවාට අවශ්‍ය සවිකිරීම් ලීවලින් හෝ තඹවලින් සිදු කෙරේ.
රාජ ලෝහයට රත්තරං පාට ලබාදෙන අයුරු
ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස් 18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්‍රය (නැට්‍රොන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්‍ය වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්‍රමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්‍රණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්‍රව්‍ය ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති.
කොහොමහරි මේ රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් හදපු කෘත්‍රිම ලෝහයක්.
විමාන ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය.
විමානය ක්‍රියාත්මක වීම සඳහා ශක්තීන් 7ක් ක්‍රියාත්මක විය යුතුය. මෙම ශක්ති උපදවන්නේ මෝටර් මගිනි. ඉන් නිපදවෙන ශක්තිය රැහැන් යොදා ක්‍රියාකාරීත්ව කොටස (එන්ජිම) වෙත ගමන් කරවනු ලැබේ. හැම මෝටරයක්ම ඊට ආවේණික ශක්තිය උපදවයි. ශක්ති ප්‍රශාවත නමැති යන්ත්‍රය විමානය ගමන් කිරීමටද. අපතර්පන යන්ත්‍රය විසින් සතුරු යානයක ශක්තිය ලොප් කිරීමද, අම්පුසා යන්ත්‍රයෙන් සූර්ය ශක්තිය උරාගැනීමද ආදී ලෙස මෙම ශක්ති 7 විස්තර කළ හැක.
ශක්තිය උපදවන මූලයන්ද 7කි. ඒ ගින්දර, පො ෙළාව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය හා අවකාශ මගිනි. ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද (මන්ත්‍ර) මගිනි. “ර” අක්ෂරය සූර්ය ශක්ති 12, “ස” අක්ෂරය සතුරු බල උරාගැනීමද, “ත” අක්ෂරය මූල ශක්තිය ස්පර්ෂ කිරීමද ආදී ලෙස එම හත විස්තර වේ. මෙම ශබ්ද මන්ත්‍ර ලෙසට සංග්‍රහ කර ප්‍රයෝජනයට ගනු ලැබේ.
විමානය සෑදීම
බිම් තට්ටුව ආයත චතුරස්‍රාකාර හෝ රවුම් හෝ තොටිල්ල ආකාරයට රාජලෝහ තහඩුවලින් සැකසිය යුතුය. ජීත නම් මෙහි බර, විමානයෙන් 1/100ක් විය යුතුමය. එහි පළල හැම විටම උසෙන් අඩක් විය යුතුමය. බිම් තට්ටුවේ මැද ස්ථානයේ කුඹල සහිත කුඹ ගස ඉස්කුරුප්පු ඇණවලින් සන්ධි කල යුතුය.
ස්තම්භ නොහොත් කුඹගස සෑදිය යුත්තේ 'භාතකාස්‍ය' ලෝහයෙන් පමණි. සුවර්වල කොටස් 8ක්, ලඝු-ශ්වින්ක නොහොත් සැහැල්ලු බෙලෙක්(zinc) කොටස් 16ක්, ලඝු බම්භාරී කොටස් 18ක් හා තඹ කොටස් 100ක් ගෙන එකට දමා කුර්ම ව්‍යාසිනික උඳුනක තබා , මහෝමි මයිනහම් (පිඹිනයන්) මගින් අංක 307 උෂ්ණයට උණුකරගත් විට භාතකාස්‍ය ලෝහය සෑදේ.
ජීත:- දිගින් සහ පළලින් අඩි 56ක් ජීත සෑදිය යුතුය. ආවරණයේ උසම මට්ටම අඩි 80ක් විය යුතු අතර උතුරු සහ දකුණුපැති අඩි 70ක් වියයුතුය.
No comments:
Post a Comment