Wednesday, March 25, 2020

හෙළ තාක්ෂණය - Part 3



ප්‍රාණයාම



ප්‍රාණයාම කියන්නෙ කෙටියෙන් කිව්වොත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමයට කුණ්ඩලීනීය පවා අවධි කරවීමේ ශක්තියක් ගැබ්වී පවතිනවා. අප අවට පරිසරයේ විශ්ව ශක්තියෙ එක් එක් ආකාර තියෙනවා. ඒ කියන්නෙ ගස්වැල්වල තියෙනවා එක ශක්ති ආකාරයක්. ග්‍රහලෝකවල තියෙනවා තව ආකාරයක්. අවකාශයේ තියෙනවා තව ආකාරයක්. ඒ වගේම මේ වායුගෝලයෙත් විශ්ව ශක්තිය ගබඩා වෙලා තියෙනවා. අපි ගන්න හුස්මත් සමඟ එම විශ්ව ශක්තිය අපේ තුළට ඇතුල් වෙනවා. මේක තමා ප්‍රාණ ශක්තිය කියන්නෙ. ඒ වගේම අපේ ඇග ඇතුලෙත් ශක්තියක් තියෙනවා. ඒක අපේ ශරීරයේ තියෙන චක්‍රවල ගබඩා වෙලා තියෙන්නෙ. ඒකට තමා කුණ්ඩලීනී ශක්තිය කියන්නෙ. මේ ශක්තිය ගැන දැනටමත් දන්නවා ඇතිනෙ ඒ නිසා වැඩි වැල්වටාරම් නැතුව කතාවට යමු... අපේ ශරීරයේ සුශුම්නාව තුළිනුත් ඊට දෙපසිනුත් ශක්ති රැහැන් 2ක් පවතිනවා. සුශුම්නාව තුළින් යන ශක්ති කදම්භය සුශුම්නා නාඩිය ලෙසත්, වමෙන් තියෙන ශක්ති කදම්භය ඉඩා නාඩිය ලෙසත් දකුණෙන් තියෙන ශක්ති කදම්භය පිංගල නාඩිය ලෙසත් හැඳින්වේ. මෙම ඉඩා සහ පිංගල නාඩි කොදුනාරටිය දිගේ හිස දක්වා ගොස් වම දකුණ මාරු වී නාස්පුඩුවලින් එළියට එනවා. මෙම ඉඩා නාඩිය චන්ද්‍ර නාඩි ලෙසද හඳුන්වන අතර එයින් සෞම්‍ය ගුණ සහ ශීත ස්වභවයන්ට සම්බන්ධයි. ඒ වගේම පිංගල නාඩිය තේජස් ගුණ සහ උණුසුමට සම්බන්ධයි.



ප්‍රාණ ශක්තිය ශරීරයට ඇතුළු වෙන රිද්මය පාලනය කර අපිට අපේ ඇගේ තියෙන ශක්තීන් අවධිකරගන්න පුලුවන්. ඒ සඳහා හුස්ම පාලන අභ්‍යාස භාවිතා කරනවා. මෙන්න මේ හුස්ම පාලන ක්‍රම වේදයට තමයි ප්‍රාණයාමය කියන්නෙ. හුස්ම ගන්නෙ නැතුව හිටියොත් මැරෙයිද? නෑ එහෙම වෙන්නෙ නෑ. හුස්ම හිරවුණොත් තමයි මැරෙන්නෙ. හුස්ම ගන්නේ නැතුව ඉදලා අපිට අපේ ඇඟ ඇතුලේ ශක්තියක් ගබඩා කරගන්න පුලුවන්. ඒක කුණ්ඩලීනීය අවධි කරන්නට යොදාගන්න පුලුවන් විදිත් තියෙනවා... කොහොමහරි මට කියන්න ඕනෙ වුණේ මේ හුස්ම පාලනයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. මං කලින් දැම්ම පිටසක්වල ජීවීන් පිළිබඳ ලිපිය මතකද? ඒකෙදි මට දෙයක් කියන්න අමතක වුණා ඒ තමා ඔවුන්ගේ ආයුකාලය ඉතා වැඩි. හුස්ම පාලනය කරලා තමා ඔවුන් ඒක කරන්නෙත්. ඒ කියන්නෙ මෙහෙමයි ඔබ දන්නවා ඉබ්බගෙ ආයු කාලය ඉතා අධිකයි, ඒ වගේම හාවෙක් ගත්තොත් ඌගෙ ආයු කාලය අල්පයි. ඒ ඇයි? මොකද ඉබ්බා හුස්ම ගන්නෙ හෙමින්, හාවා හුස්ම වේගයෙන් ගන්නවා. අන්න ඒ හේතුව නිසා තමාඒ දේ වෙන්නෙ. අපිට මේ හුස්ම පාලනය කරලා නිරෝගිමත් වීම, දීර්ඝායුෂ ලැබීම සහ විවිධ අධිමානසික ශක්තීන්ට ලඟා වෙන්න පුලුවන්.



මං කියලා දෙන්නම් මේ ප්‍රාණයාමය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් විදියක්. ඊට කලින් කියන්න ඕනේ මේ ප්‍රාණයාම කරන්න ඕනේ කාලයක් තියෙනවා. ඒ තමයි අළුයම සිට දහවල් 11 දක්වා සහ සවස 4 සිට සවස 7 දක්වා වූ කාලය තුළයි. ඒ වගේම මේ ප්‍රාණයාම සිද්ධ කරන්න කලින් හොඳට පිරිසිදු වෙලා ඉන්න ඕනෙ. වැසිකිළි කැසිකිළි යාම් කරලා ඉන්න ඕනේ. හරි එතනින් පස්සෙ අපි යමු කාරණාවට...




දුර සිටින රෝගියෙක් ප්‍රාණයාම ශක්තියෙන් සුව කිරීම.


මෙහෙමයි, මං කිව්වා ප්‍රාණයාම කියන්නෙ හුස්ම පාලන අභ්‍යාසයක්. ඒකට තියෙනවා ක්‍රම වේදයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ අභ්‍යාසය කරන්න ඕනේ අනුපාතයකට අනුව. තව දුරටත් පැහැදිලි කළොත් අපි අභ්‍යාසය බෙදනවා කොටස් 3කට. ඒ තමයි හුස්ම ගැනීම(ආශ්වාසය), හුස්ම රඳවා ගැනීම සහ හුස්ම පිටකිරීම(ප්‍රාශ්වාසය). මේ තුන සිද්ධ වෙන්න ඕනේ 1:4:2 අනුපාතයට. ඉස්සෙල්ලම තත්පර 5කින් අපි හුස්ම උඩට ගන්නවා. තත්පර 20ක් ඒ හුස්ම පපුවේ තියන් ඉන්නවා. තත්පර 10ක් ඇතුළත තමා මේ හුස්ම පිට කරන්න ඕනේ. අනුපාතයට සමාන වෙන්නෙ එහෙමයි.(1:4:2 = 5:20:10) මේක තමා මූලධර්මය. නමුත් ඒක වෙන්න ඕනේ මේ විදියට...



ඉස්සෙල්ලම නාස්පුඩු 2න්ම තත්. 5ක් හුස්ම අරන් තත්. 20ක් ඒක පපුව ඇතුලේ තියාගෙන තත්. 10ක් ඇතුළේ පිට කරන්න ඕනේ. ඊටපස්සෙ දකුණු නාස් පුඩුව වහන්න. වම් නාස්පුඩුවෙන් එම කාර්‍යයම නැවත කරන්න. ඊළඟට වම් නාස්පුඩුව වහලා දකුණෙන් ඒක කරනවා. එහෙම්ම දකුණු නස් පුඩුවෙන් තත්.5ක් අරන් තත්.20ක් තියාගෙන තත්.10කින් ඒක *වම් නාස්පුඩුවෙන්* පිට කරනවා. එතනින්ම ඒ කියන්නෙ වම් නාස්පුඩුවෙන් තත්.5ක් අරගෙන තත්. 20ක් තියාගෙන *දකුණු නාස්පුඩුවෙන්* තත්.10ක් පිටකරනවා. ඔන්න ඕක එක වටයක්. මේක පුලුවන් තරම් වටගානක් කරන්න ඕනේ. එක පාර කරන්න බෑ ඉතිං, කරලා කරලා පුරුදු වෙන්න ඕනේ.
දැන්, රෝගියාව කලින් දැනුවත් කරලා වේලාවක් යොදාගන්න ඕනේ. ඔහුට කියන්න පහනක් පත්තු කරලා මෙහෙම හිතන්න කියලා... "අහවල් පුද්ගලයා(ප්‍රාණයාමය කරන්නාගෙ නම) සිද්ධ කරන යෝගයේ බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවවේවා. ඔහු තුළ ගැබ්වන ශක්තිය මා තුළට පැමිණේවා..." . එච්චරයි. කරලම බලන්නකො ප්‍රතිඵලය. මේක කරන්න බය වෙන්න එපා කරලා බලන්න. ඔබ හොඳින් මෙය පුහුණු වුවොත් නොදැනීම ඔබ තුළ කුණ්ඩලීනීය පවා අවධි වේවී...



ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරුවෙයි. මොකද ඔවුන්ට මේක ඔප්පු කරන්න පෙනෙන සාධක එපැයි.(බටහිර විද්‍යාවට අනුව) නමුත් අන්න එයාලා මතක තියාගන්න මේක අයිති වෙන්නෙ හෙළයන්ගේ විද්‍යාවේ නොපෙනන භෞතිකයට කියලා. දැනුමෙන් පිරිපුන් හෙළයක් නැවත මේ සිංහලේ භූමය තුළ බිහි වේවා...

No comments:

Post a Comment