Thursday, March 19, 2020

කේන්දරේ ?

අද මං කතා කරන්න යන්නෙ අපි හැමෝගෙම ජීවිත වෙනස් කරපු, ජීවිත වෙනස් කරන දෙයක් ගැන ඒ තමා කේන්දරේ. කේන්දරේ හරිද, වැරදිද?


දැන් ජෝතිශ්‍යවේදීන් පාවිච්චි කරන විදිහට නම් සම්පූර්ණ වැරදියි. ඇයි ඒ, ඒගොල්ලො කේන්දර හදන්නෙ උපදින ආසන්න වෙලාවයි, ඒ වෙලාවෙ අහසෙ තියෙන තරු රටාව අනුව. පලවෙනි දේ උපදින වෙලා කවුරුත්(හෙදියන් හෝ අවථාවේ සිටින අය) හරියටම ගනින්නෙ නෑ, සමහර විට ඔරලෝසු වැරදි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උපදින වෙලාව වරදිනව, අනිත් දේ තරු රටාව. තරුරටාවක් හැදෙන්න එකල ලග එහෙමත් නැත්තන් එකම තලයේ පිහිටන තරු වලින් නෙවේ. ඒවා අතර දුර වෙනස් වගේම ඒ එක එක තරු සමග පෘථිවියට තියෙන දුරත් එකිනෙකට වෙනස්. ඒ එක තරුවක් ආලෝක වර්ශ 100,000 ඈතින් තියෙන කොට තව තරුවක් ආලෝක වර්ශ 1,000,000 ක් ඈතින් වෙන්න පුලුවන්. එතකොට ඒවායින් නිකුත්වන ආලෝකය පෘථිවියට එන්න ගතවන කාලය වෙනස්, ඒ කියන්නෙ ආ.ව. 100,000 ඈතින් තියෙන තරුව දිහා දැන් බැලුවොත් අපිට පේන්නෙ මීට අවුරුදු 100,000 කට කලින් තිබ්බ තරුව, ආ.ව. 1,000,000 ඈතින් ඇති තරුව දිහා දැන් බැලුවොත් පේන්නෙ මීට අවුරුදු 1,000,000 කට කලින් තිබ්බ තරුව. එතකොට අපි උපදින වෙලාවෙ ඔය කියන තරු රටාව තියා එක තරුවක් වත් නෑ. ඔය තරු මේ වෙනකොට පුපුරලාද දන්නෙත් නෑ. ඉතින් අපි කොහොමද තරු රටාවක් බලල කේන්දර හදන්නෙ,

⭐දැන් බලයි කේන්දර හරියන්නෙ කොහොමද කියල, ඉස්සෙල්ලම අහනව කේන්දරේට කියන හැමදේම හරිද? අහම්බෙන් හරියන්න පුලුවන්, ජෝතිශ්‍යවේදීන් හදාගත්තු චාට් එකක් තියෙනව. හරියට චක්කරේ වගේ. මේ වෙලාවට මේ ලග්නෙට මෙහෙම වෙනෝ, අරහම වෙනෝ කියලා. නැකත් බලන්න නම් එන කෙනා එන දිශාව, නැකත අවශ්‍ය හේතුවට අනුව චාට් එකක් තියේ. ඒ කවුරුත් මේව ගැන කියන්නෙ නෑ. සමහර විට ඒව හරියනව. ඒ හරියන්න හේතුව ඒ අයගෙ සාස්තරේ නම් නෙවේ. සාස්තරේ අහන මිනිස්සුන්ගෙ විශ්වාසය. ජෝතිශ්‍යවේදියෝ යමක් කිව්වම මිනිස්සු ඒක භක්තියෙන් විශ්වාස කරනව, වත් පිලිවෙත් කරනව, අපි කවුරුත් දන්නව හිත අදිශ්ඨාන පස්සෙ එලවනව, ඒවට ලගින් හරි දෙයක් උනොත් අන්න සාස්තරේ හරි වෙනව. අන්න ඒ විදිහට කේන්දර ඇත්ත වෙන්නෙ.

එතකොට ඉස්සර කාලෙ ඉදන්ම එන මේ ජෝතිශ්‍ය වැරදිද? ජෝතිශ්‍ය වැරදි නෑ, වර්ථමානයේ වෙන විදිහයි වැරදි, හරියටම කෙනෙක් ගැන අනාවැකි කියන්න නම් අපේ රුධිර ගණය හා උපදින වෙලාව මිලිතප්පරයට අවශ්‍ය වෙනව. ඇයි රුධිර ගණය? මොකද මේ ලේවල තියෙනව හිමොග්ලොබින්(හීම් යකඩ හා ග්ලොබියුලීන්), ඒවායෙ යකඩ යම් ප්‍රතිශතයක් අඩංගුයි, මේ විශ්වයම පවතින්නෙ ගුරුත්වාකර්ෂණය මත. යකඩ කියන්නෙ ගුරුත්වාකර්ෂණයට ඍජුවම බලපාන දෙයක්නේ.

දැන් බලයි ඇයි මං මේ කතාව මේ ගෲප් එකට දැම්මෙ කියල, මේක රාවණට අදාල නෑනෙ කියල. නෑ, රාවණටත් අදාලයි මේක. හරි විදිහට අනාවැකි කියන්න උපදින වෙලාව මිලිතප්පරේටයි රුධිර ගණයයි තිබ්බටත් මදි. ඒකට ඒකාග්‍ර කරත්තු සිතක්, ධ්‍යාන ලබාපු මනසක් තියෙන්න ඕනෙ. රාවණ උපදින බව පුලස්ථි ඍෂි අනාවැකි පල කලේ අන්න එහෙමයි, පුල පුලාම යක්ඛ රාජ ලේ හා මුනි ලේ එකතු කරල රාවණ බිහිකරන්න ඕනෙ කියල කියන්නෙ රාවණ පරපුරම විශ්වය සමඟ සම්බන්දතා පවත්වපු නිසාත් මුනිවරු මනස දියුණු කර ඉහල ආධ්‍යාත්මික තල වලට ගිය අයත් නිසයි. පුලස්ථි ඍෂිගෙ අන්න ඒ ජෝතිශ්‍යට අනුව තම එදා රාවණ බිහිවෙන්නෙ. අද සමහර ජෝතිශ්‍යවේදියො කියනව රාවණ අවදි කිරීමට අර යාගය, මේ ස්ත්‍රෝත්‍රය, අහවල පූජාවල් කරන්න ඕනෙ කියල. නෑ රාවණ අවදි කරන්න ඕනෙ නම් සිංහලයො වශයෙන් කරන්න ඕනෙ මිත්‍යාව අතහැරල, වැරදි වැඩ, අනවශ්‍ය නොගැලපෙන වැඩ වලින් මිදිල, පරාර්ථකාමී, සංවර ජාතියක් විදිහට අපේ දේ රැක ගෙන ඒව දියුණු කරගෙන අන් අයට ආදර්ශයක් විදිහට නැගී සිටියොත් විතරයි.

No comments:

Post a Comment