අංගම්පොර
ආක්‍රමණිකයන්ට පන්න පන්න ගහන්න, සමූල ඝාතනය කරන්න, සේනාවක් වට කරන් ඉන්න එක් අයෙක්ව පමණක් මරා දමන්න, ද්‍රවිඩයන්ට, ඉංග්‍රිසින්ට, ලන්දේසීන්ට, හා වෙනත් ආක්‍රමණිකයන්ට උන් හිටිතැන් අමතක වෙන්න පහර දීපු කලාවක් තිබ්බා. අංගම්පොර නම් ආත්මාරක්ෂක සටන් කලාවේ ඉතිහාසය අවුරුදු 30000කට වඩා ඈත අතීතයකට දිව යනවා. ඉන්දියානුවන් කියන විදියට ලොව ප්‍රභලම සටන් ශෛලිය තියෙන්නෙ ඔවුන්ට. නම් වෙන්නෙ අඩිමුර කියලා. ඔවුන් කියන විදියට ලෝකයෙ දැනට බිහිවී තිබෙන සියලුම සටන් කලාවන්ගෙ ආරම්භය සිද්ධ වෙන්නෙ එම කලාවෙන්. තව කියවෙනවා ඉන්දියාවේ බෝධිධර්මා නම් පුද්ගලයෙක් පිළිබඳව. ඔහු ඉතාමත් ප්‍රභල සටන් කලාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගැන චිත්‍රපටයක් නිශ්පාදනය වුණා ඉන්දියාවේ 7 aum arivu කියලා. හරි, අපි බලමු කවුද මේ බෝධි ධර්මා කියන්නෙ කියලා. ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුවක් විසින් කුංෆූ නම් සටන්කලාව බිහි කරලා ෂැවොලින් (Shoaling) ආරාමය ගොඩනැගූ බව ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට, අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මා නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේ යැයි සඳහන්වේ. ඒ කියන්නෙ බෝධි ධර්මා ලංකාවේ අයෙක් වීමට ඉඩකඩ තියෙන්න පුලුවන් වන අතරම ඔහු කුංෆු කලාව බිහිකලේද ලංකාවේ රැගෙන ගිය අංගම් ශාස්ත්‍රය උපයෝගී කරගෙන බව පිළිගැනීමට පුළුවන.
ඉන්දියාවේ අඩිමුර ගත්තත්, චීනයේ කුංෆු ගත්තත් ඒ කිසිවක නැති විශේෂ දෙයක් තියෙනවා අංගම්ශාස්ත්‍රයේ. ඒ තමා මායාව, එහෙමත් නැත්තං මායා අංගම්. අංගම්පොර සටන් කලාව ප්‍රධාන කොටස් 3කට බෙදනවා.
💪අංගම්
🤺 ඉලංගම්
🦁 මායා අංගම්
අංගම් කියන්නෙ ඇගෙන් සටන් කරන ආකාරය වගේම ඉලංගම් කියන්නෙ නිල ශාස්ත්‍රය සහ අවිආයුධ ආශ්‍රයෙන් කරන සටන්වලට. අංගම්ශාස්ත්‍රයේ ප්‍රධාන නිල 108ක් ගැන කියවෙන අතර ඒවාට ප්‍රහාර එල්ල කිරීමෙන් සිහිවිසඥ වීම, මානසික ආබාධ ඇතිවීම, අංශභාගය සේම මරණයද ගෙන දුණි.
මායා අංගම් ගත්තොත් එයද අනු කොටස් දෙකකට බෙදනු ලැබේ. එනම්,
🐉කාලම්
🧟 පල්ලි
මෙම කාලම් සහ පිල්ලි හෙවත් මායා අංගම බොහෝ වශයෙන් යොදාගත්තේ යුද්ධ කිරීම සදහායි. බඹර සේනා, නාග සේනා සහ වෙනත් සත්ත්ව සේනා යුද්ධයට කැඳවීම, සම්බන්ධ කරගැනීම සඳහා මෙම ක්‍රමය යොදාගනී. මෙය භාවිතා නොකරන්නට පරාක්‍රමබාහු , දුටු ගැමුණු , වළගම්බා ආදී රජවරුන් අදටත් පරාජිතයෝ වේ. ඒකෙන් පේනවනෙ කොච්චර බලයක් මායා අංගම් කොටසට තියෙනවද කියලා. ඒත් ඔය පොඩ්ඩයි. රාවණ රජු මායා අංගම් පාවිච්චි කරපු විදිය....
නෑ නෑ ඒවා පස්සෙ, මොකද හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටනෙ😈.
No comments:
Post a Comment