Wednesday, March 18, 2020

අසිරිමත් කුණ්ඩලීනීය

විශ්වයේ පවතින බලවත්ම ශක්තිය එහෙමත් නැත්තම් කෙනෙක්ට අමරණීය වෙන්න පුලුවන් එකම ක්‍රමවේදය ගැන පුංචිම පුංචි දෙයක් කියලා දෙන්නයි යන්නෙ මං... මං අමරණීය කිව්වේ මැරෙන්නෙ නැතුව ඉන්නවට නෙමෙ අවු. 5000ක් , 10000ක් ජීවත් වෙන එකට ලෙඩ රෝග නැතුව...

හැබැයි මතක තියා ගන්න මොනා කරන්නත් ඉස්සෙල්ල අපි නිංර්මාංශි සහ අධ්‍යාත්මික කෙනෙක් විය යුතුමයි

හොදයි, මොකක්ද මේ කුණ්ඩලීනීය ? 

මේ ශක්තිය අපි හැම කෙනෙක්ගෙම කොදුනාරටියේ තියෙන දෙයක්... මේක තියෙන්නෙ අපේ කොන්දේ යටම නයෙක් දරණ ගැහිලා ඉන්නවා වගේ. කුණ්ඩලීනී කියන්නෙ සංස්කෘත භාෂාවෙන් නයාට කියන තවත් නමක්. මෙහෙමයි, අපේ කොන්දේ තියෙනවා චක්‍ර කියලා දෙයක්... මේ චක්‍ර 7ක් තියෙනවා අපේ කොන්දේ යට ඉදන් උඩට. මේවට නියමිත පාට 7කුත් තියෙනවා. මේ පාට වැදගත් වෙනවා කුණ්ඩලීනීය අවධි කරද්දි. කුණ්ඩලීනීය අවදිකරන්න යට ඉදන් මේ චක්‍ර එකින් එක අවධි කරන්න ඕනෙ. මං නම් කුණ්ඩලීනීය අවධි කරපු කෙනෙක් නෙමේ. මං අහලා තියෙන විදියට කියන්නම්. කුණ්ඩලීනීය අවධි වෙද්දි ශරීරයේ වෙව්ලීමක් ඇති වෙනවලු.
හොදයි අපි ඊළඟට අදුර ගමු මේ චක්‍ර මොනවාද කියලා.


මූලාධාර චක්‍රය 


කොදු ඇටපෙළ පාමුල ඇති මෙම චක්‍රයට අදාල පාට වන්නෙ රතු පැහැයයි. තුන්කල් දැකීම හා අධිමානසික ශක්තීන් මෙම චක්‍රය අවධි කිරීමෙන් කළ හැකිය. ජීව ශක්තිය මේ තුළ සැගවී ඇති ඇතර ඉඩා නාඩිය, පිංගා නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සදු යන ශක්තීන් එකවර අවධි කල හැක්කෙ මේ නාඩිය හරහාය.

ස්වාධිෂ්ඨාන චක්‍රය 


ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රියවල මුල පිහිටා ඇති මෙම චක්‍රයට අයත් වන්නෙ තැඹිලි පැහැයයි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් මනා සිහියකින් යුතුව සිදුකරන සංසර්ගයන් හරහා ද මෙම චක්‍රය අවධිවන අතර සියලු චක්‍ර බල ගැන්වීමද සිදුවේ. ලිංගික ශක්ති මේ තුළ රදා පවතින අතර මෙම චක්‍ර අවධි කිරීමෙන් භෞතික ආශාවන්ගෙන් නිදහස් විය හැක.

මණිපුර/මණිපුරක චක්‍රය 


නාභියට අගලක් යටින් පිහිටා ඇති මෙම චක්‍රයට අයත් වන්නෙ කහ පැහැයයි. ආහාර නිසි ලෙස පාලනය කිරීම මේ හරහා හැකිවන අතර මෙම චක්‍රය අවධි කිරීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීමටද හැකියාව ලැබේ.

අනාහාත චක්‍රය 


හදවත තුළ පිහිටා ඇති මෙම චක්‍රයට අයත් වන්නෙ කොළ පැහැයයි. ශරීරයේ වායෝ ගුණ පාලනය කරන්නේද මේ හරහාය. මෙම චක්‍රය බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටත්, සියුම් ශබ්ද ඇසීමටත්, අදෘශ්‍යමාන ආත්මයන් දැකීමත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමටත් හැකිවේ.

විශුද්ධි චක්‍රය 


උගුරු ඇටයට පහළින් ඇති වල තුල පිහිටා ඇති මෙම චක්‍රයට අයත් වන්නෙ නිල් පැහැයයි. බිය සහ දුක පාලනය වන්නෙ මේ හරහාය. මෙය බලගැන්වීමෙන් තම අදහස් අන් අය අතර ප්‍රචලිත වන අතර නිරුත්සාහිකව සත්‍ය පැවසීමේ හැකියාව උදාවේ.

ආඥා චක්‍රය 


නළල්තලය මැද නොහොත් දෙබැම අතර පිහිටා ඇති මෙයට අයත් වන්නේ ඉන්ඩිගෝ වර්ණයයි. *තෙවැනි ඇස* ලෙස හදුන්වන්නේද මෙයයි. මෙම චක්‍රය අවධි කිරීමෙන් ඊට පහළින් ඇති චක්‍ර 5ම පාලනය අතට ගත හැකිය. තෙවැනි ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලු විෂයන් දැනගැනීමේ හැකියාව, වෙනත් පිටසක්වල ලෝක ගැන දැනුම, ජීවාරම්භය හා අන් අයගේ කර්මය තේරුම්ගෙන ඊට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මෙම චක්‍රය අවධි කිරීමෙන් කළ හැක. එමනිසා මෙම චක්‍රය කර්මයේ නිවස්නය ලෙස හදුන්වයි.

සහස්‍රා චක්‍රය 


මොළය තුළ පිහිටා ඇතයි කීවත් හිසට ඉහළින් ඇති මෙම චක්‍රයට අදාළ වර්ණය වන්නෙ දම් පැහැයයි. මෙම චක්‍රය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත් විය හැකි බවත්, සිරුර වයසට යාම පාලනය කිරීමේ හැකියාවත් ලැබේ.


කුණ්ඩලීනීයෙන් මොනාද කරන්න පුලුවන් ?

නොපෙනී යාම , අහසින් යාම , කාලය හරහා යාම , කැමති රූපයක් මවා ගත හැකිවීම , ශරීරය ඉතා විශාල කරගැනීම, කැමති තැනකින් අතුරුදහන් වී තව තැනකින් මතු වීමේ හැකියාව, තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්මයන් දැකීම යනු මෙයින් කළහැකි දේවල් ඉතා ස්වල්පයකි.

මීට අමතරව කුණ්ඩලීනීය අවධි කරගන්න පටන් ගන්න පුලුවන් විදියක් මං කියලා දෙන්නම්. මේක තෙවෙනි ඇස හෙවත් ආඥා චක්‍රය අවධි කිරීමේ භාවනාවක්... (හොදින් මතක තියාගන්න මේක මගේ ක්‍රමයක් නෙමෙ මේක උපුටාගැනීමක්... නමුත් නිවැරදි ක්‍රමයක්)

මේකෙදි මුලින්ම කරන්න ඕනි. කකුල් දෙක හරස් කරන් කොන්ද කෙලින් තියන් ඉදගන්න ඕනෙ. හුස්මට හිත යොමු කරන් ටික වෙලාවක් ඉන්න. දැන් ඔබේ නාස්පුඩුවලින් නෙමෙයි ඔබේ දෙබැම මැදින් හුස්ම යනවා, එනවා කියලා හිතන්න. ටික වෙලාවක් කරන් යද්දි ඔයාට සංසාර පුරුද්දක් තියෙනවනම් නළල මැද පුපුරුගහන්න වගෙ දැනේවි. ඒකට බය වෙන්නෙ නැතුව දිගටම කරන් යන්න. මෙහෙම කරන් යද්දි ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා. ඒක නවත්තන්න යන්න එපා ඒක වෙන්න දෙන්න. මෙහෙම වෙන්නෙ දරණ ගැහිලා තියෙන කුණ්ඩලීනීය සුසුම්නා නාඩිය දිගෙ ඉහළට එන විටයි. මේ පැද්දීම ගොඩක් වැඩිනම් සිතින් අණ කරන්න පැද්දීමනැවතෙන්න කියලා. දැන් දිගටම නළල මැද බලාගෙන ඉන්න (ඇස් පියන්). මෙහෙම ඉද්දි ඔබට පෙනෙයි, ඔහොම ඉද්දි ඔයාට පොඩි පොඩි එළිවගේ පෙනෙයි... සමහක් වළාකුළු වගේ, ගිනි පුපුරුවගේ හෝ පීත්ත පටිවගේ. දිගටම බලාගෙන ඉන්න නළල මැදදිහා. එතකොට ඔයාට නිල් පාට එහෙමත් නැත්තං හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට ආලෝකයක් පෙනෙයි. ඒ කියන්නේ මේ ආඥා චක්‍රයේ පාට. දැන් මේකේ එළිය ටික ටික වැඩි වෙලා ඇසක් වගේ පෙනේවි. මේක තමා තෙවෙනි ඇස කියන්නෙ.

ඒ වගේම මෙන්න මේකත් තරයේ සිහි තබාගන්න.


දැඩි අවවාදයයි : මේ කුණ්ඩලීනීයෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නෙ විශ්ව ශක්තිය පාවිච්චි කරනවා කියන එක. ඒ කියන්නෙ විශ්වයට ණය කාරයෙක් වෙනවා. ඒ නිසා මේක හොද දේවල්වලට විතරක් යොදාගන්න ඕනෙ. ඒ කියන්නෙ රටේ, බුද්ධාගමේ යහපතට යොදාගන්න ඕනෙ. පෞද්ගලික ආශාවලට, අයහපත් දේට යොදා ගත්තොත් ඒකේ වන්දිය ඔබට ගෙවන්නම වෙනවා අනිවාර්යයෙන්


මං මේ කියලා දුන්නේ කුණ්ඩලීනීය කියන ශක්තිය ගැන වැලිකැටයක් තරම් දෙයක්. මේක ගැන තව ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ පංච භූත වශී, නාඩි ශුද්ධිය වගේ දේවල්. කාලය ආවෝත්... ඒ දේවල් බලමු පස්සේ.


No comments:

Post a Comment