Wednesday, March 18, 2020

සූර්‍ය නමස්කාරය

සිංහලයා එහෙමත් නැත්තං හෙළයා කියන්නෙ කෘතගුණ සලකපු ජාතියක්. බටහිර රටවල් කියනවා අපි ඉර හදට, ගස්ගල්වලට වැදපු ජාතියක්, අපි ඉන්නේ ප්‍රාග් ඓතිහාසික යුගේ කියලා. නෑ... මං කියනවා අපි නෙමේ ඒ පර සුද්දයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉන්නෙ... අපි දෙවියන්ටවත් නොදෙවෙනි ජාතියක්... එහෙම අපි පරිසරයට වැන්දේ ඇයි? අපිට කන්න බොන්න ඉන්න හිටින්න දෙන හින්දා අපි ඒ පරිසරයට කෘතගුණ සැලකුවා. පර සුද්දා මේවා දැනගෙන තමා අපිව නිගරුවට ලක් කරන්න ඔයවගේ කතා කියන්නෙ. ඒ නිසා මං කියනවා අපිව අම්මගෙ බඩෙන් එලියට ආපු දවසෙ ඉදලා අපිව උහුලගෙන ඉන්න අපේ දෙවෙනි අම්මට ඒ කියන්නේ මේ මහපොළොවට වැන්දට පව් නෑ, ඒ දෙවෙනි අම්මට කෙල ගහන්න එපා... , අපිට කන්න කෑම, වගා කරන්න වැස්ස සහ අනෙක් සියලුම ශක්තිවල මූලාශ්‍රය වන සූර්‍යයාට වැන්දට පව් නෑ ... එදා හෙළයා දවස ආරම්භ කලේ සූර්‍ය නමස්කාරය කරලා. ඔවුන් මහ විශාල දැගැබ් තැනුවා, තාමත් කාටත් හදාගන්න බැරි මහ වැව් තැනුවා... මේ නිකන් කලේ නෑ... මේවට අවශ්‍ය සියලුම ශක්තිය සැපයුවේ සූර්‍යයායි...☀️


නමුත් එක දෙයක් තියෙනවා... එදා මහ යෝධයින් හිටියා මේ ජාතියේ. නමුත් කෝ අද මහා යෝධයෝ? කෝ ඒ වැව් තනපු ශක්තිය? මේවා එක පාර නැති කරපු දෙයක් නෙමේ පොඩ්ඩ පොඩ්ඩ විස පොවලා නැති කරපු දෙයක්... බලන්න ඔබේ වම් අතේ ඇති ඉන්ජක්ශන් සලකුණක්. ජීවිත කාලෙටම මේ පැල්ලම යවන්න බෑ...එහෙනම් කොච්චර ලොකු බලයක් ඇතිද මේකේ? ත්‍රිත්ව එන්නත... ලෙඩ තුනක් හොද කරනවා හැබැයි තව ලෙඩ ගනනාවක් අනාගතේ හැදෙන්න, අපේ ජාතියේ බල බිදෙන්න, දීන ජාතියක් කරන්න කරපු මේ පර වැඩේ කොහොමද? මේක ඉපදුනු ගමන්ම ගහන්නෙ ඇයි? එහෙම ගහන්න හේතුව මොකක්ද? පොඩ්ඩක් හිතලා බලන්නකො ඔබම...

හොදයි නැවතත් මාතෘකාවට ආවොත්,
දවසම හොද ප්‍රාණවත් භාවයකින් වැඩකරන්න තමන්ගෙ ශක්තිය වර්ධනය කරගන්න කරන්න පුලුවන් දේවල් ටිකක් මං කියන්නම්. නමුත් ප්‍රථමයෙන්ම නිර්මාංශී විය යුතුයි. මස් මාංශ අනුභවය කරලා රාවණ ශක්තිය ඇගට ගන්න බෑ...

හොදයි ඉස්සෙල්ලම ප්‍රාණයාම සදහා යොමුවෙන්න ඕනි... මෙහෙමයි ඒක කරන්නෙ,
භාවනාවට වාඩිවන ආකාරයට දරණ ගසාගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න. ඉන්පසුව හොදින් නළල මැදට එන්න හුස්ම 5 පාරක් ගන්න. ඉන්පසුව මං මේ කියන සියල්ල 5 වරක් බැගින් සිදුකරන්න. වම් නාස් කුහරෙන් පමණක් හුස්ම ගන්න. පසුව දකුණු නාස්කුහරයෙන් පමණක් හුස්ම ගන්න, ඉන්පසු වමෙන් හුස්ම ඇතුල්ට ගෙන දකුණෙන් හුස්ම පිට කරන්න. දකුණෙන් හුස්ම ගෙන වමෙන් පිට කරන්න. පසුව වමෙන්ගෙන නැවතත් දකුණෙන් පිටකරන්න එතැන්සිට දකුණෙන් හුස්මගෙන වමෙන් පිටකරන්න , මෙසේ මාරුවෙන් මාරුවට මේ සියල්ල සිද්ධ කරන්න.

මෙය අපේ ඇගේ ශක්තිය වර්ධනය කරන ආකාරයක් සහ ආයුෂ වැඩි කරන ආකාරයක්. හුස්ම පාලනයෙන් අපට වැඩි කාලයක් නිරෝගිමත්ව ජීවත් විය හැකියි. උදාහරණයක් කිව්වොත් හාවෙක් වේගෙන් හුස්ම ගන්නවා. ඒ වගේම ඉබ්බෙක් හුස්ම ගන්නෙ ඉතා හෙමින්. මේ නිසා හාවගෙ ආයුකාලය අල්ප වන අතර ඉබ්බාගෙ ආයුකාලය ඉතා දීර්ඝ වේ.

හොදයි මීළගට අපිට යොමුවෙන්න පුලුවන් අපේ ප්‍රධාන මාතෘකාවට... ඒ කියන්නෙ සූර්‍ය නමස්කාරයට☀️🙏 මේක කරන ආකාරය රූප සටහනේ පෙන්වලා තියෙනවා... ඒ වගේම මේක කරද්දි මතක තියාගන්න මෙන්න මේ දේවල් පමණක් සිතන්න. "ලෝකාරම්භයට, පැවැත්මට සහ අවසානයට හේතු වන්නෙ මේ සූර්‍යයායි, ලෝකාරම්භයේ සිට මේ වන තෙක් පහළවූ බුදුවරුන්ගේ දර්ශන මේ සූර්‍යයා තුළ පවතී. එමනිසා මම මේ සූර්‍යයාට නමස්කාර කරමි." තව දෙයක් හොදින් මතක තියාගන්න. මේක කරද්දි හිතන්න එපා අමුතු ශක්තියක් ලබා ගන්න මං මේක කරන්නෙ, මට ශක්තිය දෙන්න කියලා ඉල්ලන්න එපා කොයිවෙලේකවත්, ඒක නිෂ්ඵල කාර්‍යයක්. හොදයි, මං මේ කියපු දේවල් හොදින් සිහියේ තබාගෙන මේක දවස් 108ක් කරලා බලන්න වෙනසක් නැද්ද කියලා. අඩුම තරමේ දවස් 54ක් කරලා බලන්න, වෙනසක් නැද්ද කියලා. මං මේක කරලා බලලා තියෙනවා. දැනට මේක ඔය මං කියපු විදියට කරන් යන්න. තව සංකීර්ණ දේවල් තියෙනවා මේකේ(මංත්‍ර භාවිතයන්, ඒ වගේම හතරවරිගේ සිහිකරලා වදින්න මේවා පටන්ගන්න කලින්, තව සංකීර්ණ කරුණු තිබේ...) . ඒවත් පස්සෙ කියලා දෙන්නම්...
අවසානයේ අපේ දෙවෙනි අම්මටත් වදින්න තුන් පාරක්වත්...

මෙහෙම කරලා දවස පටන් අරන් බලන්න වෙනසක් නැද්ද කියලා... මාව විශ්වාස කරන්න එපා කරලා බලන්න...

No comments:

Post a Comment