අංගම් කලාවේ සාමාන්‍ය හා දරුණු ආයුධ
අතීතයෙ යුද්ධවලදී කඩු, දුනු ඊතල, කෙටේරි විතරක් භාවිතා කලා කියලද ඔබ හිතන්නෙ? මේක කියෙව්වාම තේරෙයි. කොච්චර දරුණු ආයුධ අපේ රටේ තියෙනවද කියලා. අංගම්පොර කලාවේ ප‍්‍රධාන ආයුධ වර්ග 5 ක් සඳහන් වේ. ඒවා නම්,
1. වක් ආයුධ
2. වක‍්‍ර ආයුධ
3. දික් ආයුධ
4. මොට්ට ආයුධ
5. කුංච ආයුධ
මේකත් හොඳට මතක තියාගන්න මේ ආයුධ හදන විදි තවමත් ජීවමානයි...( දුනු ඊතල, කඩු නොවේ. )
ඉස්සෙල්ලම පොඩියට පටන් ගමු.
දුනු ඊතල
දුන්නේ නියමාකාර හැඩය මාළුවෙකුගෙ පිටේ හැඩය ගත්තේය. මූලිකවම දුන්න අර්ධ කවාකාරව නවා කෙළවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්ටක් හෝ මැලියම් මිශ්‍රිත වරපට හෙවත් දුනුදිය සවි කිරීමට ලෝහ මුද්දක් එකතු කරන ලදී. අතීතයේ දුන්න මෙම හැඩය ගැණුනි. එසේම මහනුවර යුගයේදී ඊතලයට ඇවිලෙන ගිනිකවන ලද කරුංකා ගෙඩි එකතු කර තිබේ. ඒ සතුරන්ගේ වෙඩි බෙහෙත් පුපුරුවා හැරීම සඳහායි. මෙය සාමාන්‍යය දුන්නයි. ඒ කියන්නෙ අසාමාන්‍ය දුනුත් තියෙන්න එපැයි... ඔව් තිබ්බා. රාවණ සමයේ දුන්න... ඒක ඉස්සරහට බලාපොරොත්තු වන්න.
කඩුව
එකල භාවිතා වූ ප්‍රධානම ආයුධය කඩුව වූ අතර එතෙක් මෙතෙක් මේ මහ පොළොව මත පහළ වූ බලවත්ම කඩුව මහා රාවණයන්ගේ චන්ද්‍රහාස අසිපතයි. කඩු ශිල්පය එදා ලක තුළ විශාලවශයෙන් ව්‍යාප්තව පැවති නිසා කඩුවට සටන් වලදී ප‍්‍රධාන තැනක් හිමි විය. විවිධ නම්වලින් යුත් නානාවිධ කඩු විශාල සංඛ්‍යාවක් තිබුණ සඳහන්වේ.
කඩු සටන් ක‍්‍රම ඉලංගම් සටන් වලදී 110 ක් පමණද වැඩ වර්ග ලෙස බෙදා දැක්වීමේදී කඩු වර්ග 28 පමණ ද දැකිය හැක. මෙහි දී තනි කඩුව,කඩු දෙක,හා කඩු හතරේ හරඹය සුවිශේෂ වේ. මනා නිපුණත්වයක් සහිත කඩු සටන්කරුවෙක් හට එකවර විශාල ප‍්‍රමාණයක් හා තනිව සටන් කිරීමේ හැකියාව පවතී. කඩු හා පොලූ සටන් වලදී හිටි පිනුම්,බඩ පිනුම් හා පසු පසට ගසන පිනුම් සේම කරණම් ද භාවිත වේ.
ජනප‍්‍රවාදයට අනුව රජ සමයේ සිටි ශූර අංගම් කරුවන් සතුරාගේ හිසට ඉහළින් කරණම් ගසමින් සතුරා මරා දමා ඇත.
වේලායුධය
ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ එතුන කඩුව හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධය, මෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇඟ වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අඟලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි.
වේලායුධයේත්,තනි පටිය,පටි තුන,පටි හය ලෙස ප‍්‍රභේද පවතී. දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළඟට පැමිණිමට නොහැකි වේ. වේලායුධය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමිනි. එය නිවැරදිව හැසිරවීමට නොහැකි වුවහොත් තමාටම තුවාල සිදු වීමට පුලුවන්.
කලා කිරිඤ්ඤය
කලා කිරිඤ්ඤයද වැදගත් ආයුධයකි. කලාකිරිඤ්ඤ එක සහ කලාකිරිඤ්ඤ දෙකේ සටන්හරඹ ද පවතී. කලාකිරිඤ්ඤය සාම්ප‍්‍රදායිකව සාදනු ලබන්නේ මී හරක් අඟක් යොදා ගනිමිනි. කලාකිරිඤ්ඤයෙන් සතුරෙකුට ගැසූ විට බොහෝ විට අස්ථි බිඳුම් වලට ලක්වන අතර පිටතින් ඇතිවන තැලීම් සුව වුවද මී හරක් අඟ ඇති විෂ නිසා ඇතුළතින් පහර දෙනු ලැබූ ස්ථානය වණ වන බව කියවේ.
_මෙතැන් සිට තිබෙන ආයුධ සතුරාට ගෙන ආවේ මරණය පමණි._
(සාදන සැටි තවමත් ජීවමානයි)
හෙඬපවුර
ලෝහ වර්ග 5ක් එකතු කර සාදා ඇත. ජ්‍යෝතිශ විද්‍යාවට අනුව ක්‍රියාත්මක කළ යුතු ආයුධයකි. ජ්‍යොතිෂයට අනුව යුද්ධ කරන්නත් මේ ආයුධයන් එක හේතුවක් වුණා. මෙම හෙඬපවුර තුළ වායුව ගබඩා කරලා තියෙනවා. මෙම ආයුධය අත් දෙකට අරන් හුළං මාරුවෙන දිශාව බලලා සතුරා දෙසට ඝට්ටනය කල යුතුයි. එවිට සතුරාගේ ලය පුපුරන තරම් ප්‍රභල වායු පීඩනයක් හටගන්නවා. මෙය භාවිතා කරද්දි සුළං දිශාව හදුනාගන්න එක ඉතා වැදගත් මොකද පොඩ්ඩ වැරදුනොත් ඉස්සෙල්ලම මැරෙන්නෙ පාවිච්චි කරන්නා නිසා.
චක්‍රාක්ඛ
දාලරියා(දැනටත් ඉන්නවා. ඇත්ත නම හෙළිකර නැත. මෙහි ඇත්තේ යක්ක භාෂාවේදී භාවිතා කල නමයි.) නම් සත්ත්වයාගෙන් විෂ අරන් හදන චක්‍ර ආයුධයකි. මෙයත් සුළං දිශාවට අනුව පාවිච්චි කරන ආයුධයකි. ඇගේ ගැවුනත් ඇති, එතැන් පටන් මුලු ශරීරයම කුණු වෙලා මැරෙනවා.
වස්තික්වත
බොහෝ විෂ සහිත මකුළු විශේෂයන්ගෙ විෂ නිසි ආකාරයකට එකතු කරලා රත් කරලා සේනාවක් එන ඉදිරියට දමනවා. ටික වේලාවකින් සේනාව මන්මත් වෙනවා.
යක්භාර
යක් භාෂාවෙන් හදුන්වන කොගෝනයා නම් නාග විශේෂයේ විෂ රැගෙන සාදන ආයුධයකි. මෙයින් ප්‍රහාර එල්ල කළහොත් අති දක්ෂ වෙදෙක්ට හැරෙන්න වෙන වෙදෙක්ට හොඳ කරන්න අමාරුයි. මොකද මේකෙන් පහර දුන්නාම පේන්නෙ නිලවලට පහර දීලා වගේ. ඒ නිසා ගොඩක් වෙදැදුරන් ප්‍රතිකාර කරන්නෙ නිලවලට පහරදීම් වලට.
මරුගාසන
මෙයද ජ්‍යෝතිශ විද්‍යාවට අනුව ක්‍රියා කල යුතු වන ආයුධයකි. යුද්ධයකදී වෙලාව බලලා හරි වෙලාවට මෙයින් ප්‍රහාර එල්ල කලොත් සතුරාට හිමි වන්නෙ මරණය පමණයි. මෙයින් අහසට හී වර්ෂාවක් යවනවා. නමුත් හී නැවත පැමිණෙනවා වෙනුවට ආයේ පොළොවට එන්නෙ මරණීය අම්ල වර්ෂාවක්...
No comments:
Post a Comment