Sunday, March 22, 2020

හෙළයේ යුධ කලාව - Part 6

රාම රාවණ යුද්ධය (රාමායණය)



ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ බිහිසුණුම යුද්ධය ලෙස හැඳින්වෙන්නෙ රාම රාවණ මහා යුද්ධයයි.(නමුත් රාමායණයට අනුව) ඕනෙම කතාවක් ලස්සන වෙන්නෙ වීරයට වඩා දුෂ්ටයා ප්‍රභල වුණාම. මේක වාල්මිකී කියන ඍෂිවරයා ලස්සනට අදුරගෙන ලස්සන බොරුවක් ගෙතුවා. අද ඉන්දියාවේ මිනිස්සුන්ගෙ මහා කාව්‍ය කියලා හදුන්වන්නෙත් මේ රාමායණය. වාල්මිකීගෙ දුක හිතෙන විහිලුව නම් මෙසේය. (ඇත්ත කතාව මීළඟ ලිපියෙන් )

බාල කාණ්ඩය


නමින් රාමචන්ද්‍ර නම් තැනැත්තා ඉන්දියාවේ අයෝධ්‍යා නුවර දශරථ රජුගෙ වැඩිමල් පුත්‍රයාය. ඔහුට ලක්ෂ්මන සහ තවත් සහෝදරයින් දෙදෙනෙක් සිටී. ධනුර් විද්‍යාවේ සහ තවත් විද්‍යාවන්වල කෙළ පැමිණුන කෙනෙක් ලෙස රාමචන්ද්‍රයන් පරසිඳුය. කතාව රාමයන්ගෙ බල මහිමය පෙන්වමින් යන අතරේ ඔහු විශ්වමිත්‍ර නම් මුනිවරයා සමඟ ජනක රජුගේ මිථිලා නම් නුවරට පැමිණෙනවා. ජනක රජුගේ භාරයේ ශිව දෙවියන් විසින් දුන් දුන්නක් තියෙනවා. එය ඔසවන්නට සමත් කෙනෙකුට තම දියණිය වන සීතා දේවිය සරණපාවා දෙනු ලබනවා. ඉතිං කාටවත් මේක ඔසවන්න තියා හොල්ලන්නවත් බැරි වෙනවා. එය රාමයන් විසින් තනි අතින් ඔසවා දුනුදිය අදිනවා. මේ නිසා සතුටු වූනු ජනක රජු රාමයන්ට සීතා දේවීන් සරණ පාවා දෙනවා.


අයෝධ්‍යා කාණ්ඩය


මේ අතරේ දශරථ රජු ‍රාමයන්ට රාජ්‍ය භාර දෙන්න තීරණය කරනවා. නමුත් මාලිගයේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. එහි සිටිනවා මන්ථරා නම් කූට ස්ත්‍රී දාසියක්. මෙම දාසිය අයත් වන්නෙ "කෛ කෙයි" නම් වූ රජුගේ දෙවැනි රැජිණියටයි. එම රැජිණියගේ පුත්‍රයා වන්නෙ "භරත" කුමාරයායි. මන්ථරා නම් දාසිය බිසවගේ සිත වෙනස් කරනවා භරත කුමරුව රජ කරවීමට. එයට මන්ථරා උපායක් යොදනවා. එනම්, රජු අතීතයේදී කෛකෙයි බිසවට වර 2 දෙනු ලබනවා. (රජුගේ ජීවිතය දෙවරක් ගලවා ගැනීම නිසා) එකකින් රජකම භරත රජුට ලබාදෙන ලෙසටත් අනෙකින් රාමචන්ද්‍රයන්ව තුදුස් වසක් වන වාසයට යවන ලෙසත්‍ ය. මෙය කෛකෙයි රජුට ඉදිරිපත් කරන අතර රජු ශෝකයෙන් හඩා වැටෙනවා. (ඉන්දියාවේ බලවත් රජෙක් පුත් වියෝවක් ගැන ඇසූ සැනින් අඩා වැටෙනවා.😂) කොහොමහරි රාමචන්ද්‍රයන් වන වාසයට යද්දි සීතා දේවිය සහ ලක්ෂ්මනයන්ද ඔහු සමඟ පැමිණෙනවා. ඔවුන්ගේ දුරස්වීම නිසා නරපති දශරථයන් මිය යනවා.


ආරණ්‍ය කාණ්ඩය


මේ යන අතර මඟදි ඔවුන්ට හමුවෙනවා මහා බලවත් අගස් මුනිවරයාව. ඔහු රාමයන්ට ලබා දෙනවා " *විශ්ව කර්මයා* " විසින් සාදනු ලැබූ දුන්නක්(අපේ අරක්කුවලින් අපිටම ගහනවා🤭) සහ "බ්‍රහ්මදත්ත" නම් බලවත් හීයක් සහ "අක්ෂය" නම් හීසැර අඩු නොවන හී කොපුවක්. ඔවුන් පංචවඩී වනයේ නිවසක් තනාගන්නවා. කොහොමහරි ඔහොම ඉද්දි වනයට එනවා සුපර්ණිකා නම් රාවණයන්ගෙ සහෝදරිය. පොතේ විදියට🤭 ඔවුන් රාමයන්ගේ සහ ලක්ෂ්මනගේ රූපයට වශීවී විවාහ යෝජනාවක් කරනවා. නමුත් ඔවුන් දෙදෙනා ඇයව විහිලුවට ලක් කරනවා. මේ නිසා ඇය සීතාව ගිල දැමීමට පනිනවා. (රාමායණයේ සියලු ලංකාපුර වැසියන් හදුන්වා තිබෙන්නෙ රාක්ෂයන් ලෙසයි) එවිට රාමයන් හා ලක්ෂ්මන එක්ව සුපර්නඛාගෙ නාසය සහ කන් කපා දමනවා. ඇය ලේ පෙරාගෙන පැන යනවා. ඇය යන්නෙ ඛර සහ දූෂණ යන රකුස් සේන්පතිවරුන් ලඟට. ඔවුන් විශාල සේනාවක් රැගෙන රාමා සමඟ යුද්ධයට පැමිණෙනවා. රාමා තනිව සියලු රකුසන් මරා දමනවා. සුපර්ණිකා පැනයනවා. රාවණයන්ට මෙය දන්වනවා. රාවණයන් රාමා සමඟ යුද්ධ කිරීමට ලෑස්ති වෙනවා. නමුත් විභීෂණ මෙය නවත්වනවා. රාමා සමඟ සටන් කලොත් නිසැකව රාවණයන්ට මිය යන්නට සිදුවන බව පවසනවා. රාමයන් රවටා සීතා දේවිය පැහැර ගන්නට උපාය යොදනවා. මේ නිසා රාවණ මාරිචි නම් රකුසා හමුවෙන්නට යනවා. මාරිචි රන් පැහැ මුවෙක්ගෙ වේශයක් මවා ගන්නවා. සීතා රාමයන් ඌ අල්ලා දෙන ලෙස ඇවටිලි කරනවා. ලක්ෂ්මනවත් උපායකින් රවටනවා. රාවණයන් මුනිවරයෙක්ගේ වේශයෙන් ගොස් සීතා අල්ලාගෙන පුෂ්පක රථයේ නැගී ලංකාපුරයට එනවා. සීතාහරණය නිසා රාමයන් නොනවත්වාම අඩනවා. 🙂 ඔවුන් සීතා සොයා යද්දි සුග්‍රීව නම් වානර රජ කෙනෙක්. ඔහුගේ සෙන්පති හනුමාන් නම් වීරයෙකි. ඔවුන් එකිනෙකාට අග්නියෙන් පොරොන්දුවක් දෙනවා. (රාමයන්ට සීතා උදව් කරගන්නත්, සුග්‍රීවට බාලී නම් තම නිවුන් සහෝදරයාගෙන් ‍රාජ්‍ය අරගෙන දෙන බවටත්)


කෂ්කින්ධ්‍යා කාණ්ඩය


මෙම කාණ්ඩය ආරම්භයේදීම රාමා බාලී නම් වානරයව මරණ අතර සුග්‍රීවගේ අනු දැනුම ඇතිව වානර හමුදාව සීතා කුමරිය සොයා යනවා. ඔවුන් අවසානයේ නවතින්නෙ සමුද්‍රයක් ආසන්නයෙන්. මෙහිදී හනුමාන් නම් සෙන්පති ඉදිරිපත්වී සමුද්‍රය තරණය කර ලංකාපුරයට ගොඩ බහිනවා. ඔහු ලංකාපුරය වර්ණනා කල අකාරය අපූරුවට එහි සඳහන් වෙනවා. ඔහු සීතා දේවිය සොයා යනවා. අශෝක වනයෙන් ඔහුට සීතාවන් හමුවෙනවා. ඔහු රාවණ මාලිගයට ගොස් විශාල කලබලයක් ඇති කරනවා. එම කලබලය මැඩ පවත්වන්න සමත් වෙන්නෙ මේඝනාධයන් පමණි. ඔහු හනුමන්ව අල්ලා රාජ සභාවට ඉදිරිපත් කරනවා. රාවණයන් ඔහුව මරන්න තීරණය කලත් විභීෂණ ඉදිරිපත්ව එය වලකනවා. පසු හනුමන්ගේ නැට්ට ගිනි තබන්න අණ කරනවා. ඔහු උපක්‍රමයකින් මුලු ලංකාපුරයම එම ගින්නෙන් දවනවා. පසුව නැවතත් ඉන්දියාවට ගොස් සිදුවූ සියල්ලරාමයන්ට පවසනවා. රාම විශ්වකර්මයාගෙ පුත් ලෙස රාමායණයේ හදුන්වන වදුරු සෙනෙවියාට කතා කර ලංකාවට පාලමක් බඳින ලෙස අණ කරනවා. ඔහු පාලම අපූරුවට ගොඩනගන බව සදහන්. ලංකාවට රාම ආවත් ඔහු සමඟ සටන් කරන්න රාවණට විභීෂණ ඉඩ දෙන්නෙ නෑ. එම නිසා කේන්ති ගන්නා රාවණ ඔහුව රාජ්‍යයෙන් නෙරපනවා. විභීෂණ රාමයන්ට එකතු වනවා. රාම ඔහුව මරන්න සැරසුනත් හනුමාන් එය නවතනවා. ඔහු ලංකාපුරයට ආ වෙලෙ ඔහුව බේරාගත්තෙ විභීෂණ බව හනුමාන් පවසනවා.

ලංකා කාණ්ඩය


රාවණ ඔවුන් සමඟ යුධ කිරීම සඳහා විවිධ රාක්ෂයන් එවනවා නමුත් සියල්ලන් පරාජය වෙනවා. මක් නිසාද යත් විභීෂණ එම රාක්ෂයන්ගේ සියලුම දුර්වලකම් රාමයන්ට පවසනවා. කෙසේවෙතත් ඔවුන් නවතන්න රාවණයන්ට හැකි වෙන්නෙ නෑ. එම නිසා රාවණයන් පසුබට නොවී යුධ පිටියට යනවා. ලක්ෂ්මන වානර නායකයින් ඇතුළු කිහිප දෙනෙකුට දැඩි ලෙස පහර දී ‍යුද්ධය දින කිහිපයකට නවත්තන්න රාවණයන්ට හැකිවන බව එහි සඳහන්. නමුත් රාම නොවේ නවතින්නෙ. එම නිසා රාවණයන් විසින් මේඝනාධයන් යුධ පිටියට යවනවා. ඔහු වලාකුළු තුළ සැගවී සේනාවට පහර දෙනවා. එයින් රාම, ලක්ෂ්මන, සුග්‍රීව, අංගද සහ ජම්බුවාන් නායකයින් ඇතුළු අසංඛ්‍ය වූ වදුරන් ප්‍රමාණයක් මැරී වැටෙනවා.(විභීෂණ සහ හනුමාන් ඇතුලු කිහිප දෙනෙක් පමණක් ඉතුරු වෙනවා) ඔහු සටන එයින් දවස් කිහිපයකට මැඩ පවත්වනවා. මේහිදි වදුරු නායකයෙක් වූ ජම්බුවාන් පහර කෑ සිටියත් හනුමාන්ට හිරු උදාවන්නට ප්‍රථම හිමාලයෙන් සංජීවනී පැළය ගෙන ආවහොත් සියළුම දෙනා සුවපත් කරගත හැකි බව ඔහු මරණයත් සමඟ සටන් කරන අතරේ කියනවා. ඒ අනුව හනුමාන් එම පැළෑටිය ගෙනවිත් සියල්ලන්ටම ප්‍රාණය ලබා දෙනවා. නැවත සේනා සංවිධානය කරන රාමයන් මේඝනාධයන් මරන්න උපායක් යොදනවා. විභීෂණගේ උදව් ඇතිව ඔහු ලක්ෂ්මනට සේනාවක් සපයා දී මේඝනාධ 'අග්නිහෝම' යාගය පවත්වමින් සිටින විටදී ඔහුට පසුපසින් ප්‍රහාර එල්ල කරනවා. ඔහු පූජා භාණ්ඩවලින් ගසා ලක්ෂ්මන සිහිනැති කළද නැවත නැගි සිටින ලක්ෂ්මන මේඝනාධයන්ගේ හිස කඳින් වෙන් කරනවා. පසුව විභීෂණ ලවා උපක්‍රමයකින් මංදෝදරියගෙන් රාවණව මැරිය හැකි ඊසැරය රාමා ලබාගන්නවා. එය රාවණගෙ නාභියට එල්ල කර ඔහුව මරා දමන බව රාමායණයේ සදහන්‍.


උත්තර කාණ්ඩය


මෙහි ඇත්තේ සීතාව අග්නි පරීක්ෂණයකට ලක් කිරීම, වනවාසයට යැවීම සහ රාමගෙ පුත් ලව සහ කුසගෙ උප්පත්තිය, ලව සහ කුස නැවත අයෝධ්‍යාවේ යුව රජ කරන තෙක්‍ ය. මෙහි අවසානයේ රාම සීතාගෙ පතිවත සැක කිරීම නිසා සීතා කන්දකින් පැන සිය දිවි නසාගත්තත් රාමායණයේ ඇත්තේ පෘථිවි මාතාව විසින් ඇයව තමාගෙ භාරයට ගත් බවයි. (දෙකම එකයි🤭) ඒ ශෝකයෙන් රාමද ගඟට පැන සියදිවි නසාගත්තත් එය වාල්මිකී විසින් සඟවයි.

No comments:

Post a Comment