Sunday, March 22, 2020

හෙළ තාක්ෂණය - Part 1


හැඳින්වීම


හෙළයාගේ තාක්ෂණය අදටත් ලොවට සොයාගන්න බැරි බොහෝ අභිරහස් ඉතුරු කරලා කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින් තියෙන්නෙ. හෙළ තාක්ෂණයේ බොහෝ දේ මේ වෙනකොටත් බටහිර රටවල්වලින් හාර හාර හොයනවා මේ මොහොත වෙනකොටත්. මේ අසිරිමත් තාක්ෂණය ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් මං කියන්නම් ඒ තාක්ෂණයට උදාහරණ කිහිපයක්.


එකක් තමා බ්ලැක්නයිට් කියලා නාසා ආයතනය හඳුන්වන චන්ද්‍රිකාව. මේකට ළං වෙන්න තාම අද තියෙන තාක්ෂණයට බැරි වෙලා තියෙනවා. මොකද මේක තියෙන්නෙ වේරම්භ වාතයේ. අද තියෙන යානාවලට වේරම්භ වාතයේ ගමන් කරන්න බෑ. මොකක්ද මේ වේරම්භ වාතය? වේරම්භ වාතය කියන්නෙ අඩි 36000ත් 40000ත් අතර ඇති වායුගෝලය. මේ වායුගෝලීය කොටසේ එක් පැත්තකට සමාන්‍ය වායුගෝලයේ මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර අනෙක් අතට(විරුද්ධ දිශාවට) ගමන් කළ හැක්කෙ සමාන්‍ය වායුගෝලයේ මෙන් අඩක වේගයකින් පමණි. මේක එදා හෙළයා හොඳින් අවබෝධ කරගෙන තිබුණා.

තව උදාහරණයක් තමා සීගිරිය. සීගිරිය කියන්නෙ කෙටි හැඳින්වීමක් කරලා ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙමෙයි. කෙටියෙන් මෙහෙම කියන්නම්. අලංකාර බාහිර මාළිගයකිනුත්, තට්ටු 7ක අභ්‍යන්තර මාළිගයකිනුත් , විශ්මිත ජල නිර්මාණවලිනුත් සපිරුණු ස්ථානයක් තමයි සීගිරිය ලෙස හැඳින්වෙන්නෙ.


තව එක උදාහරණයක් මං දක්වන්නම්. ඒ තමා කෘතිම වැසි ඇති කිරීම. මේක විහිලුවක් නෙමෙයි. පහුගිය දවස්වල කතාවකුත් ගියානෙ හෙළවෙදැදුරු අනෝජ් ද සිල්වා මහතා වැසි වස්සලා ඇමරිකාව යට කරන්න යනවා කියලා. ඒක මාධ්‍ය ආයතනයකින් ගොතපු බොරුවක්. නමුත් සියල්ලම නෙමෙයි. එහෙම වැසි වස්සන්න පුලුවන්. යට කරන්න තරම් නෙමෙයි, කෘෂිකර්යට අවශ්‍ය තරම්. මේකත් එක්තරා වූ හෙළ තාක්ෂණයක්...


මීට අමතරව අකුණු සන්නායක, දහනයට ඔක්සිජන් අවශ්‍ය බව, මිනිසාට සෑදෙන ලෙඩ රෝගවලට අනාගතයේ සෑදෙන්න තිබෙන ලෙඩ රෝගවලට බෙහෙත් ඖෂධ, සූර්‍ය ශක්තියෙන් මිනිසෙකු ශක්තිමත් කරන ආකාරය, නිල ශාස්ත්‍රය, සූර්‍ය ශක්තිය භාවිතා කර එක් කන්නයකින් පමණක් මුළු රටටම පුරා අවුරුද්දක් බත සැපයිය හැකි තාක්ෂණයක් මේ රටේ තිබුණා.


බටහිර රටවල්වල තාක්ෂණය පදනම් වෙලා තියෙන්නෙ පෙනෙන භෞතිකය සහ පෙනෙන රසායනිකය ආශ්‍රයෙන් පමණයි. නමුත් හෙළ විද්‍යාව පදනම් වී තිබෙන්නෙ පෙනෙන භෞතිකය සහ නොපෙනෙන භෞතිකය, පෙනෙන රසායනිකය සහ නොපෙනෙන රසායනිකය ආශ්‍රයෙනි. හෙළ විද්‍යාව බටහිර විද්‍යාවට වඩා දියුණු වන්නට ප්‍රධාන හේතුවක් ලෙස මෙය පෙන්වා දිය හැක. බටහිර රටවල් නොපිළිගන්නා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව, ශබ්ද විද්‍යාව වැනි නොපෙනෙ භෞතිකය සහ නොපෙනෙන රසායනිකය මත පදනම් වූ විද්‍යාවන් බොහෝමයක් හෙළ දේව අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉගැන්වීම් කරනු ලැබුවා.


මං මේ ලිපි පෙලෙන් හෙළ තාක්ෂණයන් සුළු වශයෙන් කියලා දෙනවා. එදිනෙදා ජීවිතයේදී භාවිතා කළ හැකි ඒවා. නමුත් එයින් එහාට ඔබ යායුතුයි. එම තාක්ෂණයන් භාවිතා කරලා අලුත් දේවල් ඔබ නිෂ්පාදනය කළ යුතුයි. මේ තාක්ෂණය ඔබට ලබා දෙන්නෙ ඒ අරමුණ මත පමණි. නමුත් සියල්ලම ලබා දෙන්නෙ නෑ කියන එකත් කියන්න කැමති. ඒ වගේම මේ ලිපිය ලියන මොහොත වෙනකොට මං හිතලා නෑ මේ ලිපි පෙළ දාන්නෙ කවදා කොයි වෙලේටද කියලා. ඒකත් ළඟදීම ගේන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්...

1 comment:

  1. ravana gana mula idn danagnda
    https://youtu.be/C_Ub0tRjIDk
    danma subscribe krala thiyanada

    ReplyDelete