Wednesday, March 18, 2020

විමාන - Part 3

විමානයක් නිපද වීම සහ ගමන් කරවීම


මේ ලිපිය කියෙව්වාම ඔබට තේරෙයි, හෙළ ගුවන්‍ යානය කෙතරම් ප්‍රභල එකක්ද , ඒ වගේ ආයුධ තියෙද්දි ලෝකපාලනය කිරීමට හැකියාව තිබීම ඉතා සමාන්‍ය දෙයක් බවත්... වැඩි කතා නැතුව වැඩේට බහිමු.

විමානයක් නිපද වූයේ ගුරුකුළයක සිසුන් විසිනි. එම විමානය පැදවූයේද එම සිසුන්මය. විමානය පදවන්නා 'දූතක' ලෙස හැදින්වූ අතර මෙම දූතක දැනගත යුතු රහස් 32ක් තිබුණි. එම රහස් 32 හොදින් ප්‍රගුණ කල අයෙක් දූතක ලෙස හැදින්වුණි.
එම රහස් වන්නෙ,

01. *මන්ත්‍ර* :- හෛරවී, වේගිනි, චින්නමස්ත, සිද්ධාම්බර, ගුතිකා, භුවනේස්වර යනාදි විවිධ මන්ත්‍ර වර්ග ඇත. එම භුවනේස්වර මන්ත්‍ර ජපකර 'සිද්ධි' කර නොකැඩෙන, නොබිදෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි හා විනාශ කල නොහැකි යානයක් සෑදිය යුතුය. එසේම විමානය නොපෙනී යාමට, විරූප කර දැක්වීමට ද මන්ත්‍ර බලය අවශ්‍ය වේ. මේක මං මීට කලිනුත් කියලා ඇති, ඇමරිකාව හදලා තියෙනවා දඩුමොණරය නමුත් මේකට අහසින් යන්න බෑ ... මොකද යන්ත්‍රය තිබ්බට මදිනේ, ඒකට ඕනේ මන්ත්‍ර‍යත් අනිවාර්යයෙන් තියෙන්න ඕනි. මේ නිසා ඔවුන් මංත්‍ර ඉංග්‍රීයට පරිවර්තනය කරගෙන මේක ගුවන්ගත කරන්න උත්සාහ කරනවා... ඒත් ඒක කළ නොහැක්කක් ඔවුන්ට. හෙළ බසින් ලියැවුණු මංත්‍ර උච්චාරණය කරන්න පුලුවන් හෙළයෙක්ටම විතරයි. ඒකයි මේ භාෂාවේ වැදගත්කම.

02. තන්ත්‍ර :- මහාමායා, ෂම්බාර වැනි තාන්ත්‍රික ක්‍රම භාවිතා කර විමානය බල ගැන්වීමයි.

03. ක්‍රීටක :- විවිධ වර්ගවල මෝස්තර දමමින් විශ්වකර්‍ම, ඡායාපරුස, මනු, මය ආදී ප්‍රවීණයන්ගෙ ක්‍රම විධි දැනගෙන සිටිය යුතුය.

04. අන්තරාල :- වායු තල වෙන්වන විට , සුළං වැල් එකිනෙක ගැටෙන විටදි, වෙනත් යානයක ගැටෙන්නට යන විටදී යානය නතර කර ගැනීමට හෝ එම අන්තරාය වළක්වා ගැනීමට දැනගෙන සිටිය යුතුය.

05. ගූඪ :- වායුගෝලයේ 8 වෙනි ස්තරයේ(මේ පිළිබඳව වැඩි තොරතුරු ඉදිරි කොටස්වලදී කියා දෙනු ලැබේ.) යාස, ව්‍යාස, ප්‍රයාස වැනි අන්තරාදායක බල මග හැරගැනීමට දැනගත යුතුය. එසේම සූර්‍යයා ගේ ආලෝකයේ ඇති අදුරු අන්තර්ගතයන් අවශෝෂණය කරගෙන විමානය නොපෙනීමට සැලැස්වීමට දැනගත යුතුය.

06. දෘශ්‍ය :- විශ්වකාරිය දර්පණ තලයේ ආධාරයෙන් විදුලි සහ සුළං බල එකිනෙක ගටා විපරිත වී පෙනෙන මායා විමානයක් මැවීමට හැකි වීම.

07. අදෘශ්‍ය :- වායුගෝලයේ විවිධ චලනවලින් බලාභවිකරණ ශක්තිය පෙරා ඇදගෙන ශ්වේත ආවරණයක් මවා ගැනීම මගින් විමානය නොපෙනෙන්නට සැලස්වීම.

08. පරෝක්ෂ :- සතුරු වාහනය අක්‍රිය කරවීමේ ක්‍රමය දත යුතුය. ශක්තියාකර්ෂණ දර්පණ මගින් සතුරු විමානයට එල්ල කරන ශක්ති මගින් මෙය කළ හැක.

09. අපරෝක්ෂ :- ශක්ති තන්ත්‍ර අනුව ආලෝකයේ අඩංගු රෝහිණී රැස් දහරාව ඉදිරිපස ඇති යානයට එල්ල කල විට යානයේ ඇතුලත පෙනෙන්නට පටන් ගනී.

10. සංකෝච(හැකිලීම) :- යානය තම සියලුම අංගෝපාංග විදහාගෙන ගමන් කරන විට අනතුරක් ඉදිරියේ ඇතිබව හැගී ගියොත් 7 වෙනි වහරුව(ස්විචය) ඔබා විහිදී ඇති අංගෝපාංග විගස හකුලාගත හැක.

11. විස්තීරණ :- මධ්‍ය වායු මණ්ඩලයේ පළමු හා තුන්වෙනි කොටස්වලදී විමානයක අංග හොදින් වටේට විහිදී තිබිය යුතුය. 11 වෙනි වහරුවෙන් මෙය කළ හැක.

12. විරූපකරණය :- විවිධ වර්ණ , දුම් වලා නංවා වේග 132කින් ඒවා කළඹා භයානක බිය දනවන විමානයක ස්වරූපයක් එය දකින අයට පෙනෙන්නට සැලැස්වීම.

13. රූපාන්තර :- විමානය සිංහයෙකු, කොටියෙකු, සර්පයෙකු, කන්දක්, ගඟක් ආදි ලෙස විවිධාකාරයෙන් පෙන්වීම.

14. සුරූප :- ආභරණ හා මල්මාලා දරන දෙවඟනක් ලෙසට විමානය පෙන්වීම.

15. ජ්‍යෝතීර්භාව :- ගුහා ගර්භ දර්පණ භාවිතා කර උදෑසන හිරු මඩල ලෙස විමානය පෙනෙන්නට සැලැස්වීම.

16. තමෝමායා :- යානයේ වයඹ දෙස තමෝ යන්ත්‍රයෙන් පූර්ණ ඝනාන්දකාරය මැවීම.

17. පුලය :- යානයේ කුඹගස මුදුනේ ඇති නාළයෙන් හාත්පස ඇති සියලු දේ විනාශ වන අයුරින් වායුධාරා විදීම.

18. විමුක්ත :- විෂකුඩු විද සිහිමුර්ජා කිරීම.

19. මහාශබ්ද විමෝෂණ :- මිනිසුන් බයෙන් මුසපත්කළ හැකි අයුරෙන් ශබ්ද නැවිංවීමට හැකි වීම.

20. ලන්ඝාණ :- අන්තරාදායක අවස්ථාවක් හමුවට පැමිණි විට එයින් මිදී යානය සුරක්ෂිත කරගැනීමට හැකිවීම.

21. සර්ප ගමන :- සර්පයෙකු දඟර ගසමින් යන ආකාරයට(සිග්සැග් ක්‍රමයට) ගමන්කර ප්‍රහාරවලින් බේරීමට හැකිවීම.

22. චාපල :- වායුගෝලීය කම්පන තරංග වෘත්ත 4087 මට්ටමට නංවා සතුරුයානය සෙලවීම.

23. රූපාකර්ෂණ :- යානය තුළ ඇති රූපාකර්ෂණ දර්පණ(රූපවාහිනි) භාවිතයෙන් සතුරු යානය ඇතුලත සිදුවන දේ දැනගැනීම.

24. සර්වතෝමුක්ත :- විමානය ඉදිරියට සතුරු යානයක් එන විට විමානය හැම පැත්තටම හැරෙන්නට සලස්වා කැරකෙන්නට සැලැස්වීම.

25. තාරා :- විමානය තාරකාවක් ලෙස පෙනෙන්නට සැලැස්වීම.

26. පරශබ්ද ගාහක :- සතුරු යානය ඇතුලත සිදුවන දේ ඇසීමට හැකිවීම.

27. ක්‍රියාග්‍රාහණ :- පොළොවේ සිදුවන දේ දැකගැනීමට සැලැස්වීම.

28. දික්ප්‍රදර්ශන :- විමානයෙ ඇති දිශාම්පති යන්ත්‍රය භාවිතයෙන් සතුරු යානය එන දිශාව දැනගැනීම(රේඛා ක්‍රමය) සහ වේගය මැනගැනීම.

29. ආකාශාකාර :- විමානයක් නොමැතිව ආකාශය පමණක් පෙනෙන්නට සැලැස්වීම.

30. ජලදරූප :- විමානය වලාකුළක් සේ පේනෙන්නට සැලැස්වීම.

31. ස්තබ්දක :- සතුරු යානයේ අය සිහි නැති කිරීම.

32. කර්ෂණ :- උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිවන්නට කරකවා අලෝකධාරා (ලේසර්) එල්ලකර සතුරු යානය පිලිස්සීම.


☣️ මේවාට අමතරව තවත් දියුණු තාක්ෂණයන් විමානය සඳහා භාවිතා විය. එනම්,

විමානය ඇතුලත රසදිය මිශ්‍ර කරපු ප්ලාස්මයක් භාවිතා කරලා තියෙනවා... එකෙන් 89%ක් ගුරුත්වාකර්ෂණ පාලනය කරලා තියෙනවා. ඒ කියන්නෙ මං දන්න තරමින් ගුරුත්වාකර්ෂණය හඳටත් වඩා අඩුයි. මේකෙන් යානයක් ගුවන්ගත නොකර තියෙයිද? රසදිය

විදුලියත් උත්පාදනය කරන් තියෙනවා සූර්‍ය ශක්තිය හරහා... යම්කිසි අම්ලයකට පළිඟු හරහා සූර්‍ය ශක්තිය අවශෝෂණය කරවා ඒ හරහා මේ ක්‍රියාව සිදුකර තිබේ.




මේ තියෙන්නෙත් පොඩි පොඩි රහස් ටිකක් විතරයි... සියලුම රහස් එළිකරගෙන ඉතාමත් ඉක්මණින් විමානයක අයිති කරුවෙක් මේ හෙළ භූමිය තුළ පහළ වේවා... යන සිතුවිල්ල ඇතිව හතරවන කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්...

No comments:

Post a Comment