මෙම ශිව තාණ්ඩවය මතක තබා ගැනීමට හෝ කියවීමට ලේසි දෙයක් නොවේ. මෙය දිනපතා කියවීමෙන් අඩුමතරමේ මෙය වාදනය කිරීමෙන් ශිව දෙවියන්ගෙ බලය ලැබෙන බව කියවේ.
ශිව තාණ්ඩවය රචනා කර ඇත්තෙ සිව්පද ශ්ලෝකවලින්. සෑම ශ්ලෝකයකටම පද 4ක් තිබෙනවා. සෑම පදයකම මාත්‍රා 16ක් තිබෙනවා. ඒ 16 පිහිටන්නේ ලඝු - ගුරු - ලඝු - ගුරු ලෙස මාරුවෙන් මාරුවට ලඝු ගුරු අකුරු පිහිටීමෙන්... එම නිසා මෙම නිර්මාණය කාව්‍ය සාහිත්‍ය ඥානය, භාෂා ඥානය සහ ඝන ගැලපීම් පිළිබඳව සම්පූර්ණ දැනීමක් ඇති පුද්ගලයෙකුට මිසක් සාමාන්‍ය අයෙකුට කල හැකි දෙයක් නොවේ මෙය. පද ගැලපීමේදී අනුප්‍රාසය, ශබ්දානුකරණය, අනුනාදය භාවිතා කිරීමෙන් මුහුදේ රැල්ල ගසන ආකාරයට ශබ්දය ඇතිවන ලෙස මෙම තාණ්ඩවය නිර්මාණය කරලා තියෙනවා.
මෙම තාණ්ඩවය වටා ගෙතුනු එක් කතාවක් තියෙනවා රාමායණයේ උත්තර කාණ්ඩයේ. එනම්,
කුවේර සමග සටනින් ආලකමන්දාව ජයගැනීමෙන් පසු තම රාජ්‍ය බලය තවත් වැඩි කරගැනීමට රාවණා කටයුතු කරා. මහා රාවණා රජු දිනක් තමන්ගේ පුෂ්පක විමානයට නැගිලා ලොව වටා සංචාරය කලා. තමන් සතු වූ අධික බලය නිසා බාධක මග හැර යාම වෙනුවට තම මාර්ගයේ ඇති සියලු දේට ඉවත් වීමට අණ කලා. මහා රාවණයන්ගෙ අණ අනුව සියලු දේ ඉවත් වුනත් ශිව දෙවියන් වැඩසිටි කෛලාශ කූටය ඉවත් වුණේ නෑ. රාවණ තමන්ගේ අත් දෙක පොළොව තුළට යවලා පොළොව දෙකඩ කරලා කෛලාශ කූටය ඉවත් කිරීමට සැරසුනා. රාවණගේ ක්‍රියාවෙන් කෝපයට පත්වුන ශිව දෙවියන් තම පයෙහි මහපට ඇගිල්ලෙන් පමණක් තද කර කෛලාශය බිම පිහිටෙව්වා. රාවණයන් සෙලවෙන්නට නොහැකි ලෙස හිර වුණා. එමනිසා ශිව දෙවියන් ප්‍රසාදයට පත් කර සමාව ලබා ගැනීම සදහා රාවණ රජු ශිව තාණ්ඩවය නිර්මාණය කලා. නමුත් සංගීතය සැපයීමට සංගීත භාණ්ඩ සකසා ගැනීමට කිසිවක් තිබුනේ නෑ. මහා බ්‍රහ්ම වන්දනාවේදි 10 වරක් තමා අතින්ම තමන්ගේ ගෙල සිඳ ගත් රාවණ රජු තමන් වන්දනා කරන ඕනෑම පුද්ගලයෙකු හට ඕනෑම පූජාවක් කල හැකි අතිශය භක්තිමත් පුද්ගලයෙකු නිසා තමන්ගේම අතුනු බහන් කපා හඩ නිපදවන තන්තු විදියට භාවිතා කරලා තිබෙනවා.
මේක තමා රාමායණයේ එන කතාව... ඒත් රාවණ රජු කෛලාශය සොලවන්න ඇත්තේ ශිව දෙවියන්ගෙ අවදානය ලබා ගන්න කියලයි හිතෙන්නෙ. කොහොමින් කොහොමහරි ශිව දෙවියන් සතුටු වෙලා, රාවණයන්ට ලබා දුන්නා චන්ද්‍රහාස අසිපත... ඒ සමඟම "භයංකාර ඝර්ජනාව" සහිත "රාවණ" නාමයෙන් නම් කිරීමත් සිදුකළ බව සදහන්. කෙසේ වෙතත් රාවණ යන නම රාවණයන්ට උපතින්ම හිමි වුන නමක්. මෙහිදි ශිව දෙවියන් රාවණ නාමය තවත් වර්ණනා කලා වෙන්න පුලුවන්...
චන්ද්‍රහාස අසිපත
විශ්වයේ කිසිවෙකුට විනාශකළ නොහැකි බලගතු දිව්‍යමය අසිපතකි. චන්ද්‍ර - හස් යන නම යෙදිලා තියෙන්නෙ සඳේ සිනහව යන අර්ථයෙන්. මේ අසිපත ශිව දෙවියන්ගේ හිසේ පලදින, සිනාසෙන මුහුනක් මෙන් දිස්වන අඩ සඳක හැඩයක් ගන්න නිසා තමා චන්ද්‍රහාස කියලා නම් වෙන්නෙ. ඒ වගේම මෙම දිව්‍යමය අසිපත නිර්මාණය කරන්න චන්ද්‍රකාන්ති පාෂාණ යොදාගැනීමත් මෙ නම යෙදෙන්න හේතුවක්. රාවණ සිහිමුර්ජා වුණාට පස්සේ මෙම දිව්‍යමය අසිපත නැවතත් දිව්‍යලෝකයට අරන් ගිය බවටත් , අතීතයේ ස්ථාන කිහිපයකදී නැවතත් මෙම අසිපත යම් යම් රජවරුන් අත දැරූ බවත් සඳහන්. මේකට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ සක්‍ර දෙවියන් සහ කතරගම දෙවියන්. ඒ අනුව දුටු ගැමුණු , පරාක්‍රමබාහු ඇතුලු රජවරුන් කිහිප දෙනෙකු මෙම අසිපත භාවිතාකර තිබෙනවා. චන්ද්‍රහාස අසිපතට බැදුණු අසීමිත බලය නිසා සහ එයට බැදුණු දේව, යක්ෂ සහ අසුර පිරිවර නිසා එම අසිපත විනාශ කිරීමට හෝ එම අසිපත අත දරන පුද්ගලයා විනාශ කිරීමට හැකි වන්නේ නෑ.
ravana gana mula idn danagnda
ReplyDeletehttps://youtu.be/C_Ub0tRjIDk
danma subscribe krala thiyanada