Wednesday, March 18, 2020

ඈත අතීතය හරහා - Part 4

සුමාලී මහා රජු



සුමාලි රජුගෙ නම අහලා තිබ්බට වැඩි දෙයක් දන්නෙ නෑනෙ? මං කියන්නම් පොඩි දේවල් ටිකක්.

සුමාලි රජු යනු දේවයානියගෙ* දරුවන් තිදෙනා අතරින් එක් ආයෙකි. මහින්දපුර නොහොත් වැඩිහිටිකන්ද එම රජුගෙ පාලන මධ්‍යස්ථානයයි. රාවණ රජුගේ මවගේ පියා වන්නෙ සුමාලී මහ රජුය. ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමඟ කතිර කුමරු එවීය. ඔහු විසින් සුමාලී රජු පරාජය කර ජයන්ත කුමරු ආපසු යවා කතිරගම අත්පත් කරගෙන එය පාලනය කළේය. මේ කන්දේ කුමරු (කඳ කුමරු) කතරගම මහසෙන් ලෙස හැඳින්වෙයි.


දේවයානි නොහොත් මන්දාත රැජිණිය


රාවණගෙ මව් පාර්ශවයේ පියාගෙ මවයි. බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගෙ පියායි. විෂ්ණු දෙවියන් වාමන අවතාරයෙන් පැමිණ උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට හමුදාවක් හෝ යුධ ශිල්පය හෝ යුධ අවි නොවීය. මින් සංවේගයට පත් දේවයානි කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තිදෙනෙකු ලද්දීය. ඔවුන් මාලී, සුමාලී හා මාල්‍යවන්ත ලෙස හැඳින්වේ. ඔවුන්ට යුධ ශිල්පය හා ගුවනින් ගොස් පහරදීම(බෝම්බ දැමීම) ඇය පුහුණු කළාය. පත්තිනි හා කාලි ලෙස ද දේවයානි හඳුනාගැනීම සිදුවේ. පියාවන ශක්‍ර විසින් ඇත! ඇත! ඇත! ලෙස තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වා ගත් ස්ථානය ඇතෑන්ස් (මෙය ග්‍රීසියෙ නොව වයඹදිග ඉන්දියාවේ පිහිටා ඇත.) ලෙස හැඳින්වේ.

No comments:

Post a Comment