ගුවන් ධාවන පථ
ඔබ දන්නවා ඇති අහසේ පොළොවේ වගේ පාරවල් නෑ කියලා. අහසේ පාරවල් තියෙනවා ඒත් ඒවා පෙන්නෙ නෑ අපිට. අවුරුදු 5000කට කලින්... බටහිර ජාතින් වැද්දෝ කාලේ තමා අපි ඒවා හොයාගත්තේ... මේ තියෙන්නෙ අපේ ගුවන් පථ ගැන දිගහැරෙන ලිපියයි.
අහසේ ගුවන් ධාවන කලාප 5ක් ඇත. එනම්,
01. රේඛාපථ
02. මණ්ඩල
03. කක්ෂ්‍ය
04. ශක්ති සහ
05. කේන්ද්‍රයි.
මෙම ආකාශ ස්ථර 5 ඇතුලත ගුවන් මාර්ග 519, 800ක් තිබු බවත් එයින් ලෝක 7කට ගමන්කළ හැකි බවත් සඳහන් වෙනවා. එම ලෝක හත ලෙස හැදින්වෙන්නෙ භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහාලෝක, ජනාලෝක, තපෝලෝක හා සත්‍යාලෝකයි. මේ බව වෛමානික ශාස්ත්‍රයේ සදහන් වෙනවා. කොහොම වුනත් විමානයකින් අභ්‍යාවකාශ තරණය වුවද සිදු කළ හැකි බව සදහන් වෙනවා. වාල්මිකී ගණිතයට අනුව ,
- රේඛාපථ ස්ථරයේ ගුවන් මාර්ග 7, 030, 080ක් ද,
- මණ්ඩල ස්ථරයේ ගුවන් මාර්ග 200, 800, 200ක් ද,
- කක්ෂ්‍ය ස්ථරයේ ගුවන් මාර්ග 20, 900, 300ක් ද,
- කේන්ද්‍ර ස්ථරයේ ගුවන් මාර්ග 3, 008, 200ක් ද ඇත.
එසේම මෙම ගුවන් ස්ථරවලට ගැලපෙන ලෙසට විමාන ද නිපදවා තිබෙනවා. ඒ වගේම ඉහත සදහන් ලෝකවලට යාමට ද විශේෂිත ගුවන් පථ භාවිතා කර තියෙනවා.
- රේඛාපථ කලාපයේ 1-4 කොටස් භූලෝක විමානවලට ගමන් කිරීමට සුදුසුය.
- මණ්ඩල කලාපයේ 3-5 යන කොටස් භුවර්ලෝක, සුවර්ලෝක හා මහාලෝක යන විමානවලට ගමන් කිරීමට සුදුසුය
- කක්ෂ්‍ය කලාපයේ 2-5 යන කොටස්වල ජනාලෝක විමානවලට සුදුසුය.
- ශක්ති කලාපයේ 1-6 යන කොටස්වල තපෝලෝක විමානවලට ගමන් කිරීම සුදුසුය.
- කේන්ද්‍ර කලාපයේ 3-11 කොටස් බ්‍රහ්මලෝක විමානවලට ගමන් කිරීමට සුදුසුය.(ඔබට ඇති මීට පෙර ලිපියේ මං සඳහන් කලා යාස, ව්‍යාස සහ ප්‍රයාස යන අන්තරාදායක බල ගැන)
මං හිතනවා ටිකක් හරි තේරෙන්න ඇති කියලා.😂 වැඩිය හිතන්න යන්න එපා... මොකද ගුවන්මාර්ගයක් සාමාන්‍ය මිනිසෙක්ට ඕනේ නෑනෙ ඒක ඕනේ ගුවන් නියමුවෙක්ට. එහෙම කෙනෙක් වෙන්න ඉන්නවනම් ඒ ගැන තව හොයලා ඉගෙන ගත්තට කමක් නෑ ඉතිං... අපිට මේ වගේ දියුණු තාක්ෂණයක් තිබ්බා කියලා හොදින් මතක තියාගන්න... පස් වැනි කොටසින් හමුවෙමු.
No comments:
Post a Comment