විමාන වර්ග 4ක් තිබ්බා කියලා හොයාගෙන තියෙනවා. එනම්,
ශකුන විමාන
ශකුන ලෙස හදුන්වන්නේ පක්ෂියායි. එනම් මෙම විමාන වර්ගය කුරුල්ලෙකුගෙ හැඩය ගත් විමානයකි. මෙම විමානය වේගය අඩු කරගැනීමට තටු විදහා ගන්නා අතර වේගය වැඩි කර ගැනීමට තටු හකුලා ගනී. රාවණ රජුගෙ දඩුමොණරය නිර්මාණ කර ඇත්තේ ද මේ ආකාරයට වන අතර එකල ගුවන් හමුදාවට දඩුමොණරවලින් සමන්විත දඩුමොණර හමුදාවක්ද තිබූ බව කියවේ. මෙයට බොහෝ දුරට සමාන කුඩා ගුවන් යානා ආකෘතියක් ඊජිප්තුවෙන් හමු විය. එය ලී වලින් තනා ඇති අතර 'SAKARA BIRD' ලෙස හදුන්වයි.
ත්‍රිපුර විමාන
ත්‍රිපුර විමානය තට්ටු 3කින් සමන්විතය. පලමු තට්ටුවට ගොඩබිමින් ගමන්කළ හැකි අතර එක් පැත්තකට රෝද 10ක් බැගින් පැති දෙකක රෝද ඇත, එනම් වම් පැත්තේ රෝද 10 බැගින් සහ දකුණු පැත්තේ රෝද 10 බැගින් ඇත. එනම් සම්පුර්ණ රෝද 20ක් ඇත. දෙවෙනි තට්ටුවට වතුරෙන් ගමන් කළ හැක. වතුර උඩින් මෙන්ම සබ්මැරීනයක් ලෙස වතුර යටින්ද ගමන් කළ හැක. තෙවැනි තට්ටුව නිසා මෙය විමානයක් එහෙමත් නැත්තම් අහස් යාත්‍රාවක් බවට පත් වේ. එනම් තෙවැනි තට්ටුවට අහසින් ගමන් කළ හැක. මෙහිදි බොහෝ මගින් සංඛ්‍යාවකට ගමන් කළ හැක. ඇන්ඩීස්, කාෂ්මීර සහ කොකේසස් කදු මුදුන්වලට හෙළයා මිනිසුන් අරන් ගිහිල්ලා ජනාවාස බිහිකළේ මෙම විමාන මගින් බවයි මා සිතන්නේ.
සුන්දර විමාන
මෙම විමානයට වෘත්තාකාර හැඩයක් තියෙන්නෙ. ඒ වගේම ඒ කාලේ සහ දැනටත් මේ විශ්වයේ අහස්යානා භාවිතා කලෙ අපි විතරක් නෙමේ. මේ විශ්වයේ තියෙනවා වෙනත් බඹතල, එම බඹතලවලින් අපේ රටට එන අපි හදුනානොගත් ජීවීන් අපේ රට ගැන පරීක්ෂණ කරනවා. කීර්ති අමරසේකර නම් චායාරූප ශිල්පියාගෙ කැමරාවේ සටහන් වෙනවා එක්තරා චායාරූපයක්... පිටසක්වල යානයක්. මෙම පිට සක්වල යානාවල වේගය අපේ දැනුමට ගෝචර නොවන්නක්. ඒ නිසා චායාරූපය අරන් ඊළග තත්. දශමයේදි එය අතුරුදහන් වුණා. නමුත් මා කියන්න බලාපොරොත්තු වෙන්නෙ මේ වගේම යානයක් ආවා 2005 දී ගාල්ලට ඒකත් මේ කියන සුන්දර විමාන වර්ගයට අයත් එකක්. ලෝකයේ බොහෝ ප්‍රදේශවල පියාඹන පීරිසි ලෙස දැක ඇත්තේ මෙම විමානයි. එයින් පෙනී යන්නෙ එම දියුණු තාක්ෂණය අදටත් ජීවමාන බවයි.
රුක්ම විමාන
මේ ගැන නම් වැඩි විස්තරයක් දන්නෙ නෑ. එත් මේ නම වැටිලා තියෙන්නෙ මේ රනිං සාදලා තිබ්බ නිසා.
මේඝනාධයන්ගේ සහස්ග්‍රැතිය ::- මෙය ඉතා බලවත් යුධෝපකරණයක්. අති විශ්මිත වේගයක් සහ විශ්මිත ආයුධවලින් සමන්විත මෙය අද තිබෙන අති නවීන යුධෝපකරණවලට වඩා ඉතා බලවත්. මේඝනාධයන් දෙවියන් පවා යටත් කරගත්තේ මෙම සහස්ග්‍රැතිය හරහායි. මෙය මේඝනාධයන්ට පහළ වන්නෙ නීලකුම්බල වනයට අධිපති නීලකුම්බීලා දේව මාතාවට සප්තවිධ යාගය පැවැත්වීමෙනුයි.
මහා රාවණයන්ගේ දඩු මොණරය ::- මේ ගැන සදහන් වෙන්නෙ එහෙමත් නැත්තන් අපි මේ ගැන මුලින්ම දැනගන්නෙ රාමායණ කතාවෙන්. මොණරෙකුගෙ හැඩය ගත් යානාවකින් අහසින් ගිහින් සීතා කුමරියව අරන් ආවා කියලයි කියන්නෙ. මේ යානය නිර්මාණය කළේ මයදානයන් හෙවත් විශ්ව කර්මයන් විසිනි. තම දියණිය වූ මංදෝදරී කුමරිව සරණ පාවා ගන්නා අවස්ථාවේ තෑගි ලෙස මයදානයන් දඩුමොණරය මහා රාවණ රජුට පිරිනැමුවා. මේකේ තාක්ෂණය අදටත් අභිරහසක්. නමුත් මේකට ඉන්ධන ලෙස රසදිය කේන්ද්‍රාභිසරණයට ලක් කරලා යොදාගත්තා කියලා හොයන් තියෙනවා. ඇමරිකාව අපේ අරන් ගිහිපු පුස්කොළ පොත් භාවිතා කරලා හැදුවා මීට සමාන ආකෘතියක්. ඒක MERCURY VORTEX ENGINE කියලා හදුන්වනවා දැන්. මේ නොවාඩා කාන්තාරයේ සාර්ථක ලෙස අත් හදා බැලිවා. එම පුස්කොළ පොත්ම භාවිතා කරලා ඔවුන් හදලා තියෙනවා දඩුමොණරය නමුත් මේකට අහසින් යන්න බෑ 😂... මොකද යන්ත්‍රය තිබ්බට මදිනේ, ඒකට ඕනේ මන්ත්‍රයත් අනිවාර්යයෙන් තියෙන්න ඕනි. මේ නිසා ඔවුන් මංත්‍ර ඉංග්‍රීයට පරිවර්තනය කරගෙන මේක ගුවන්ගත කරන්න උත්සාහ කරනවා... ඒත් ඒක කළ නොහැක්කක් ඔවුන්ට. හෙළ බසින් ලියැවුණු මංත්‍ර උච්චාරණය කරන්න පුලුවන් හෙළයෙක්ටම විතරයි. ඒකයි මේ භාෂාවේ වැදගත්කම. මේකෙදි කුණ්ඩලීනීයත් වැදගත් මෙම විමාන පදවන්නාට කිරීමට බොහෝ කාර්‍යයන් තිබෙනවා එයින් සමහර ක්‍රියා කළ හැක්කේ ධ්‍යානයක් ඇති අයෙක්ට පමණි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ දඩුමොණරේ ආයේ හැදුවත් ඒකේ අයිතිය, ගුවනට එක් කිරීමේ හැකියාව තියෙන්නෙ අපිට විතරයි.
නුදුරු අනාගතයේම හෙළ ගුවන් යානා කලාවට නැවත ප්‍රාණය හමු වේවි. අදහස්, යෝජනා සහ චෝදනා, තර්ක හා විතර්ක ඉදිරිපත් කරන්න. තෙවැනි කොටසින් හමුවන බලාපොරොත්තුව ඇතිව නවතින්නම්.
No comments:
Post a Comment