Wednesday, March 18, 2020

මක්කම ගැන ඇත්ත කතාව

වර්ගපූර්ණිකාවට අනුව,


බුදුන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩියේ ලලාටදේශයෙනි. ලලාටදේශය යන නමද සෑදුණේ අහඹුවකින් නොවේ. ලලාට යනු නළල් තලයයි. නළල්තලය පොළොවේ ස්පර්ශ කර වන්දනාමාන කළ පුවතක් කියවේ. ලලාටදේශයේ නැව් තොටුපල වන්නෙ මක්කමයි . බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර පළමුවන උතුම් පාද ස්පර්ශය තැබුවේ මෙම මක්කම නම් ස්ථානයෙයි. මේ හේතුවෙන් ජනයා එම ප්‍රදේශයට වැදුම් පිදුම් සිදු කර තිබේ. (බුදුන්වහන්සේගේ සිරි පතුලේ ස්පර්ශය හේතුවෙනි.)

මෙම ලලාටදේශය යනු වර්තමානයේ මන්නාරම් ප්‍රදේශයයි. ඔබට මතක ද ආදම්ගේ පාලම? ආදම්ගේ කන්ද? මේවා සමාන වුණේ අහඹුවකින් නොවේ. මතක තියාගන්න මේ තැන් දෙකේම තිබ්බේ බුදුන්වහන්සේගේ උතුම් සිරිපතුල් වේ.

තවත් දෙයක් කියන්නම්. ආදම්ගේ උයන... අහලා තියෙනවද? ආදම්ගේ උයනේ තමා ආදම්ගේ කන්දත් තියෙන්නෙත්. *එතකොට කවුද මේ ආදම්?* ආදම් යනු ආදිතමයයි. තවත් ලෙසකට ආදම් යන්නෙහි තේරුම සූර්‍ය වංශික යන්නයි. හොඳින් මතක තියාගන්න. රාවණ යන්නෙහි තේරුමද සූර්‍ය වංශික යන්නයි. මුස්ලිමානුවන්ට අනුව ආදම් ජීවත් වී තිබෙන්නෙ මීට වසර 5000කට පෙරයි. ඉතිං මං කියන්න ඕනෙද රාවණ ජීවත් වුණේ වසර කීයකට කලින්ද කියලා ආයෙමත්? රාවණ ජීවත් වූ රටක් තියෙනවා. නමුත් ආදම් ජීවත් වූ රටක් නෑ. ඒ නිසා අපිට අකමැත්තෙන් හරි තීරණය කරන්න වෙනවා මේ කියන ආදම් වෙන කවුරුත් නෙමේ මහා රාවණ රජු කියලා.

කෙසේවෙතත් මක්කම මැදපෙරදිගට ගෙන ගිය එක තවමත් රහසක්. මට හිතෙන විදියට මුස්ලිමානුවන් ශ්‍රී පාදයට යන එකත් හොඳ වැඩක් නම් නෙමේ. ඒකත් ඒ රටකට ගෙනගියොත්... ???

No comments:

Post a Comment