ටිකක් නුහුරු නමක් නේ😂 හැබැයි හොදට දන්න ගහක්... මේ ශාකය බිහිවෙන්නෙ මිනිසා බිහිවෙන්න අවු. මිලියන 30කට පෙර , තාමත් මේ මොකක්ද කියලා තේරුනේ නැත්තං මං කියන්නම් මොකක්ද කියලා... මං මේ කියන්නෙ කංසා ගැන, හුරු නමින් කිව්වොත් #ගංජා .
මුලින්ම මං මේක කියන්න ඕනි😂 කලබල වෙලා ගොන් හරක් වගේ වැඩකරන්න ඕනි නෑනෙ... මං මේ කියන්නෙ බෙහෙතක් ගැන දැන් ඒක අහසට යන්න පාවිච්චි කලාට 😑😏 සම හරක් මේක කියවලා මං ගංජා ගහන්න කිව්වා කියලා නැට්ට ගිනි අරන් වගේ කියවන්නෙ නැති වෙන්න කලින් කිව්වේ...😒 ඕනම දෙයක් ඕනාවට වඩා ඕනම නෑ කියලා එකක් අහලා තියෙනවනෙ නේ😂 ඉතිං මං හිතනවා ප්‍රයෝජනයක් ගනී කියලා මෙකෙන්👇
කංසා ශාකය කියන්නෙ මිනිස්සුන්ගේ උත්තේජන ශක්තිය වැඩිකරන ශාකයක්. උත්තේජන ශක්තිය කිව්වට මේකෙන් උත්තේජනය කරන්නෙ මිනිසාගෙ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය...
මොකක්ද මේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය කියන්නෙ..? විශ්වයෙ ආරම්භය සිද්ධ වුනේ මීට වසර බිලියන 13.7කට කලින්. පස්සෙ හෙමින් හෙමින් මන්දාකිණි, සෞරග්‍රහ මණ්ඩල බිහි වුනා. ඊට පස්සෙ තම ග්‍රහලෝකවල ජීවය බිහි වුණේ. ජීවයේ රසායනික පදනම තමා DNA කියන්නෙ. ක්‍රම ක්‍රමයෙන් DNA සහිත ඒක සෛලික ජීවින් පරිණාමය වී සංකීර්ණ බහු සෛලික ජීවින් බිහි වෙන්නෙ. මෙම සංකීර්ණ සතුන්ගේ *ශාරිරික යහපාලනය ස්ථාවරව පවත්වා ගන්න* බිහිවෙනවා ජෛව රසායනික පද්ධතියක්. ඒක වර්තමාන විද්‍යාඥයන් එය හදුන්වන්නෙ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ලෙස. එතකොට එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය සක්‍රිය කරන්නෙ මොලයෙන් නිපදවෙන ආනන්දමයිඩ් සහ විරෝධ්මයින් කියන හෝමෝන දෙකෙන්.
මෙම පද්ධතිය ක්‍රියාත්මක වන විට, මනස ඒක්‍රාග්‍ර වෙනවා, මකුණන් උකුණන් දුරු කරයි, මලබද්ධය දුර්වල වේ, මෛථූන ශ්‍රාවයන්ගේ නිෂ්පාදනය වැඩි වේ, ඥානය වර්ධනය කරයි, ප්‍රතිශක්තිය වැඩිවෙන නිසා රෝගාබාධවලට ගොදුරුවීම අඩු වෙනවා, අමතක කිරීම පහසුයි, මනසට අනන්දය ලැබෙනවා. ශරීර ක්‍රියා යහපත්ව පවත්වා ගනී.
හරි ඔන්න ඕක තමා සරලව වෙන්නෙ. කොහොමද කොහෙද කංසා ශාකය බිහිවුනේ? කංසා ශාකය බිහිවුනේ මධ්‍යම ආසියාවේ අල්තායි කදුවැටියෙ. මේරූ ගැහැණු කංසා ශාකවල කරටිවලින් පැන නගින ගැහැනු මල්වටා ඇති මනිපත්‍ර සහ පත්‍රවලින් මැලියම් වර්ගයක් ශ්‍රාවය වෙයි. එහි රසායන 500ක් ඇති අතර කංසා ශාකයට ආවේණික රසායන 80ක් ඇත. විද්‍යාඥයන් ඒවා කාණ්ඩ 8කට බෙදා ඇත.
එයින් ටෙට්‍රාහයිඩ්‍රෝකැනබිනොයිඩ සහ කැනබිඩයෝල්වලට සතුන්ගෙ සිරුර තුළ ඇති එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය සක්‍රිය කලහැක. එම රසායන දෙකෙන් මොළයෙන් නිපදවෙන ආනන්දමයිඩ් සහ විරෝධ්මයින්වලින් කරන කාර්‍ය්යම කල හැකියී. කංසා ඇටවල පිෂ්ටය, ප්‍රෝටීන, මේද බහුලය. ඕමේගා 3 සහ 6 ෆැටි ඇසිඩ් වර්ග මිනිසාට අවශ්‍ය පරිදිම 1 : 3 අනුපාතයෙන් පවතී
No comments:
Post a Comment